යෙදුමෙන් කියවන්න

දෙවදහ සුත‍්තං

1. 1. 1. 2.

1. 1. 1. 2.

දෙවදහ සුත‍්තං

දේවදහ සූත්‍රය

2. එවං මෙ සුතං: එකං සමයං භගවා සක‍්කෙසු විහරති දෙවදහං නාම සක්‍යානං නිගමො.

2. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩ වසන සේක.

අථ ඛො සම‍්බහුලා පච‍්ඡාභූමගමිකා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉච‍්ඡාම මයං භන‍්තෙ, පච‍්ඡාභූමං ජනපදං ගන‍්තුං. පච‍්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප‍්පෙතුන‍්ති.

එ කල්හි අපරදිග දනව්වට යනු කැමති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, අපි අපරදිග දනව්වට යන්නටත්, අපරදිග දනව්වෙහි වාසය කිරීමටත් කැමැත්තෙමු” යි.

අපලොකිතො පන වො භික‍්ඛවෙ, සාරිපුත‍්තොති? ‘න ඛො නො භන‍්තෙ, අපලොකිතො ආයස‍්මා සාරිපුත‍්තො’ති. අපලොකෙථ භික‍්ඛවෙ, සාරිපුත‍්තං. පණ‍්ඩිතො භික‍්ඛූ අනුග‍්ගාහකො සබ්‍රහ‍්මචාරීනන‍්ති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං.

මහණෙනි, තොප විසින් සැරියුත් පුළුවුස්නා ලද්දේ දැ යි. වහන්ස, අප විසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො පුළුවුස්නා ලදහ යි. මහණෙනි, සැරියුත් පුළුවුසිවු. මහණෙනි, සැරියුත් පණ්ඩිතයෙක, සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නේ වෙයි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො භගවතො අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං එළගලගුම‍්බෙ නිසින‍්නො හොති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොචුං: “ඉච‍්ඡාම මයං ආවුසො සාරිපුත‍්ත, පච‍්ඡාභූමං ජනපදං ගන‍්තුං, පච‍්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප‍්පෙතුන‍්ති. අපලොකිතො නො සත්‍ථා”ති.

එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තුවර ලැහැබෙක වැඩහුන්නාහු වෙති. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අපි පසුළුදිග දනව්වට යන්නටත්, පසුළුදිග දනව්වෙහි වසන්නටත් කැමැත්තෙමු. අප විසින් ශාස්තෲන් වහන්සේ පුළුවුස්නා ලදහ” තෙල කීහ.

සන‍්ති හාවුසො, නානාවෙරජ‍්ජගතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිතාරො ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි, ගහපතිපණ‍්ඩිතාපි, සමණපණ‍්ඩිතාපි. පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා: ‘කිංවාදී පනායස‍්මන‍්තානං සත්‍ථා කිමක‍්ඛායීති? කච‍්චි වො ආයස‍්මන‍්තානං ධම‍්මා සුස‍්සුතා සුග‍්ගහිතා සුමනසිකතා සූපධාරිතා සුප‍්පටිවිද‍්ධා පඤ‍්ඤාය, යථා බ්‍යාකරමානායස‍්මන‍්තො වුත‍්තවාදිනො චෙව භගවතො අස‍්සථ න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍යාථ, ධම‍්මස‍්ස චානුධම‍්මං ව්‍යාකරෙය්‍යාථ. න ච කොචි සහධම‍්මිකො වාදානුවාදො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍යාති?

ඇවැත්නි, අන්රජයකට ගිය මහණහු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත්තාහු ම ය. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කුමන ලබ්ධි ඇත්තේද, කුමක් (අවවාද විසින්) කියන්නේ’ දැ යි, විමසන්නෝය. යම් සේ ප්‍රකාශ කරන්නා වූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝත් වන්නහු නම්, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නින්‍දා කරන්නහු නම්, දහමටද අනු දහමක් පවසන්නහු නම්, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ නම් - කීම, ආයුෂ්මත් තොප විසින් (එසේ) දහම් මැනැවින් අසන ලද ද, සකසා උගන්නා ලද ද, මනා කොට මෙනෙහි කරන ලද ද, මැනැවින් සලකා බලන ලද ද, නුවණින් මනා කොට අවබෝධ කරන ලද දැ යි.

“දූරතොපි ඛො මයං, ආවුසො, ආගච‍්ඡෙය්‍යාම ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථමඤ‍්ඤාතුං. සාධු වතායස‍්මන‍්තං යෙ ව සාරිපුත‍්තං පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො”ති.

“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ සමීපයෙහි තෙල භාෂිතයෙහි අරුත් දැන ගන්නට දුර සිට වුවත් එන්නෙමු. මැනැවි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ම තෙල වචනයෙහි අරුත වැටහේවා” යි.

තෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

ඇවැත්නි, එසේනම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්වන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ මෙය වදාළහ:

සන‍්ති හාවුසො, නානාවෙරජ‍්ජගතං භික‍්ඛුං පඤ‍්හං පුච‍්ඡිතාරො ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි ගහපතිපණ‍්ඩිතාපි සමණපණ‍්ඩිතාපි. පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා: “කිංවාදී පනායස‍්මන‍්තානං සත්‍ථා කිමක‍්ඛායී”ති.

ඇවැත්නි, අන්‍යදේශගත මහණහුගෙන් පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් (අවවාද වසයෙන්) කියන්නේ දැ” යි, විමසන්නෝ මැ යි.

එවං පුට‍්ඨා තුම‍්හෙ ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ: ‘ඡන්‍දරාගවිනයක‍්ඛායී ඛො නො ආවුසො, සත්‍ථා’ති.

ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.

එවං බ්‍යාකතෙපි ඛො ආවුසො, අස‍්සුයෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡිතාරො ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි ගහපතිපණ‍්ඩිතාපි සමණපණ‍්ඩිතාපි. පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා: “කිස‍්මිං පනායස‍්මන‍්තානං ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා”ති.

ඇවැත්නි, මෙසේ පැවසූ කල්හිද මතුයෙහි දු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිමෙක්හි ඡන්‍දරාග නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.

එවං පුට‍්ඨා තුම‍්හෙ ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ: “රූපෙ ඛො ආවුසො, ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, වෙදනාය ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, සඤ‍්ඤාය ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, විඤ‍්ඤාණෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා”ති.

ඇවැත්නි, මෙසේ පුළුස්නා ලද තෙපි “ඇවැත්නි, (අපගේ) ශාස්තෲන් වහන්සේ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.

එවං බ්‍යාකතෙපි ඛො ආවුසො, අස‍්සුයෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡිතාරො ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි ගහපතිපණ‍්ඩිතාපි සමණපණ‍්ඩිතාපි. පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා: කිං “පනායස‍්මන‍්තානං ආදීනවං දිස‍්වා රූපෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, වෙදනාය ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, සඤ‍්ඤාය ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, විඤ‍්ඤාණෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථාති”

ඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිනම් දෝෂයක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.

එවං පුට‍්ඨා තුම‍්හෙ ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ: “රූපෙ ඛො ආවුසො , අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතතණ‍්හස‍්ස තස‍්ස රූපස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා, වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස තෙසං සඞ‍්ඛාරානං විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. විඤ‍්ඤාණෙ අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස තස‍්ස විඤ‍්ඤාණස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. ඉදං ඛො නො ආවුසො, ආදීනවං දිස‍්වා රූපෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා”ති.

ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ ප්‍රකාශ කරවු: ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති නො පහ වූ ඡන්‍ද ඇති නො පහ වූ ප්‍රේම ඇති නො පහ වූ පිපාසා ඇති නො පහ වූ පරිදාහ ඇති නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ රූපය පෙරැළීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි නො පැහු වූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පිපාසා ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහු වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. විඥානයෙහි නො පැහූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පවස් ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ මේ දෝෂය දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. වේදනාවෙහි … සංඥාවෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි.

එවං බ්‍යාකතෙපි ඛො ආවුසො, අස‍්සුයෙව උත‍්තරිං පඤ‍්හං පුච‍්ඡිතාරො ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි ගහපතිපණ‍්ඩිතාපි සමණපණ‍්ඩිතාපි. පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා: “කිම‍්පනායස‍්මන‍්තානං ආනිසංසං දිස‍්වා රූපෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා”ති.

ඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැයැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් අනුසසක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ”යි විමසන්නමෝ මැයි.

එවං පුට‍්ඨා තුම‍්හෙ ආවුසො, එවං බ්‍යාකරෙය්‍යාථ: රූපෙ ඛො ආවුසො, විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස තස‍්ස රූපස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා නූප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. වෙදනාය විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස තස‍්සා වෙදනාය විපරිණාමඤ‍්ඤථාභාවා නූප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස තෙසං සඞ‍්ඛාරානං විපරිණාමඤ‍්ඤථාභාවා නූප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. විඤ‍්ඤාණෙ විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස තස‍්ස විඤ‍්ඤාණස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා නුප‍්පජ‍්ජන‍්ති

ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසවු: “ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ රූපයෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. වේදනායෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ වේදනායෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. සංඥායෙහි … සංස්කාරයන්හි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ සංස්කාරයන්ගේ පරිණාමන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. විඥානයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.”

සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. ඉදං ඛො නො ආවුසො ආනිසංසං දිස‍්වා රූපෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, වෙදනාය ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා, සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ ඡන්‍දරාගවිනයක‍්ඛායී සත්‍ථා”ති.

ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ මේ අනුසස් දැකැ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෘන් වහන්සේ වේදනායෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ යි.

අකුසලෙ චාවුසො, ධම‍්මෙ උපසම‍්පජ‍්ජ විහරතො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ සුඛො විහාරො අභවිස‍්ස අවිඝාතො අනුපායාසො අපරිළාහො කායස‍්ස ච භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා, නයිදං භගවා අකුසලානං ධම‍්මානං පහානං වණ‍්ණෙය්‍ය. යස‍්මා ච ඛො ආවුසො, අකුසලෙ ධම‍්මෙ උපසම‍්පජ‍්ජ විහරතො දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛො විහාරො සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස‍්ස ච භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා, තස‍්මා භගවා අකුසලානං ධම‍්මානං පහානං වණ‍්ණෙති.

ඇවැත්නි, අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පසස්නා සේක.

කුසලෙ චාවුසො, ධම‍්මෙ උපසම‍්පජ‍්ජ විහරතො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ දුක‍්ඛො විහාරො අභවිස‍්ස සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස‍්ස ච භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා, නයිදං භගවා කුසලානං ධම‍්මානං උපසම‍්පදං වණ‍්ණෙය්‍ය. යස‍්මා ච ඛො ආවුසො, කුසලෙ ධම‍්මෙ උපසම‍්පජ‍්ජ විහරතො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ සුඛො විහාරො අවිඝාතො අනුපායාසො අපරිළාහො, කායස‍්ස ච භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා, තස‍්මා භගවා කුසලානං ධම‍්මානං උපසම‍්පදං වණ‍්ණෙතීති.

ඇවැත්නි, කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම පසස්නා සේකැ යි.

ඉදමවොචායස‍්මා සාරිපුත‍්තො. අත‍්තමනා තෙ භික‍්ඛූ ආයස‍්මාතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දුන‍්ති.

ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්හ.