යෙදුමෙන් කියවන්න

ගූථකූපසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 2. 1.

7. 2. 1.

ගූථකූපසුත‍්තං

ගුථකූප සූත්‍රය

372. රාජගහෙ–

372. රජගහනුවර–

ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං පුරිසං ගූථකූපෙ සසීසකං නිමුග‍්ගං -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ පාරදාරිකො අහොසි -පෙ- එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක හිස සහිත ව ගිලුනු පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම පරඹුන් සෙවුනෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.

7. 2. 2.

7. 2. 2.

ගූථඛාදිසුත‍්තං

ගූථඛාදි සූත්‍රය

373. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං පුරිසං ගූථකූපෙ නිමුග‍්ගං උභොහි හත්‍ථෙහි ගූථං ඛාදන‍්තං -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ දුට‍්ඨබ්‍රාහ‍්මණො අහොසි. සො කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ භික‍්ඛුසංඝං භත‍්තෙන නිමන‍්තෙත්‍වා දොණියො ගූථස‍්ස පූරාපෙත්‍වා කාලං ආරොචාපෙත්‍වා එතදවොච: අතො භොන‍්තො, යාවදත්‍ථං භුඤ‍්ජන‍්තු චෙව හරන‍්තු චාති -පෙ- එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

373. මහණෙනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක ගිලුනු දෑතින් අසූචි කන පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම දුෂ්ට බමුණෙක් විය. හෙතෙමේ කසුප් බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසූචියෙන් ඔරු පුරවා කල් දන්වා “පින්වත්නි, මෙයින් ඇති තාක් අනුභව කෙරෙත්වා හැර ගෙණ ද යෙත්වා” යි මෙය කීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.

7. 2. 3.

7. 2. 3.

නිච‍්ඡවිත්‍ථිසුත‍්තං

නිච්ඡවිත්‍ථි සූත්‍රය

374. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං නිච‍්ඡවිං ඉත්‍ථිං වෙහාසං ගච‍්ඡන‍්තිං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සා සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, ඉත්‍ථි ඉමස‍්මිං යෙව රාජගහෙ අතිචාරිනී අහොසි -පෙ- එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

374. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සිවිය නැති ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම වේශ්‍යාවක් වූවා ය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.

7. 2. 4.

7. 2. 4.

මඞ‍්ගුලිත්‍ථිසුත‍්තං

මඞ්ගුලිත්‍ථි සූත්‍රය

375. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං ඉත්‍ථිං දුග‍්ගන්‍ධං මඞ‍්ගුලිං වෙහාසං ගච‍්ඡන‍්තිං. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සා සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, ඉත්‍ථි ඉමස‍්මිං යෙව රාජගහෙ ඉක‍්ඛණිකා අහොසි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

375. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ දුගඳ පිළිකුල් කට යුතු ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම යක්දැස්සක් (යක්දෙහිකම් කරන්නියක්) වූවා ය ... මහජනයා මිසදිටු ගැන් වූ ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.

7. 2. 5.

7. 2. 5.

ඔකිලිනීසුත‍්තං

ඔකලිනී සූත්‍රය

376. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං ඉත්‍ථිං උප‍්පක‍්කං ඔකිලිනිං ඔකිරිණිං වෙහාසං ගච‍්ඡන‍්තිං. සා සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසා භික‍්ඛවෙ, ඉත්‍ථී කාලිඞ‍්ගස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසී අහොසි. සා ඉස‍්සාපකතා සපත‍්තිං අඞ‍්ගාරකටාහෙන ඔකිරි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

376. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ගින්නෙන් පැසුනු සිරුර ඇති ඩහ වැගිරෙන ගිනි අඟුරින් හාත්පස ගැවසුනු ස්ත්‍රියක දිටිමි. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ කලිඟුරජුගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ ඊර්‍ෂ්‍යායෙන් මඬනා ලද්දී සැතිරිය (=සැමියාගේ අන් බිරිය) මත අඟුරුකබලක් හළාලීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.

7. 2. 6.

7. 2. 6.

අසීසකසුත‍්තං

අසීසක සූත්‍රය

377. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං අසීසකං කබන්‍ධං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස උරෙ අක‍්ඛීනි චෙව හොන‍්ති මුඛඤ‍්ච. තමෙනං ගිජ‍්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙන‍්ති, විරාජෙන‍්ති. සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික‍්ඛවෙ, සත‍්තො ඉමස‍්මිං යෙව රාජගහෙ හාරිතො නාම චොරඝාතකො අහොසි -පෙ- එවරූපං අත‍්තභාවපටිලාභං පටිසංවෙදයතීති.

377. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිස නැති සිරුරක් (=කවන්‍ධයක්) දිටිමි. එහි ලයෙහි ඇස් ද, මුව ද වෙයි. ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මෙය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. හේ ද බැගෑ හඬ කෙරෙයි. ... [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම හාරිත නම් චෝරඝාතයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

7. 2. 7.

7. 2. 7.

භික‍්ඛුසුත‍්තං

භික්ඛු සූත්‍රය

378. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං භික‍්ඛුං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්ස සඞ‍්ඝාටිපි ආදිත‍්තා සම‍්පජ‍්ජලිතා සජොතිභූතා, පත‍්තොපි ආදිත‍්තො සම‍්පජ‍්ජලිතො සජොතිභූතො, කායබන්‍ධනම‍්පි ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං, කායොපි ආදිත‍්තො සම‍්පජ‍්ජලිතො සජොතිභූතො, සො සුදං අට‍්ටස‍්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසො භික‍්ඛවෙ, භික‍්ඛු කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ පාපභික‍්ඛු අහොසි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

378. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිත ය. පාත්‍රය ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිතය, කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්ත ය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. හෙතෙමේ ද බැගෑ හඬ කෙරෙයි. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මහණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මහණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

7. 2. 8.

7. 2. 8.

භික‍්ඛුණීසුත‍්තං

භික්ඛුණී සූත්‍රය

379. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං භික‍්ඛුං වෙහාසං ගච‍්ඡන‍්තිං. තස‍්සා සඞ‍්ඝාටිපි ආදිත‍්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසා භික‍්ඛවෙ, භික‍්ඛුනී කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ පාපභික‍්ඛුනී අහොසි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

379. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මෙහෙණක දිටිමි. ඇගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මෙහෙණ තොමෝ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මෙහෙණක් වූවාය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.

7. 2. 9.

7. 2. 9.

සික‍්ඛමානාසුත‍්තං

සික්ඛමානා සූත්‍රය

380. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සික‍්ඛමානං වෙහාසං ගච‍්ඡන‍්තිං. තස‍්සා සඞ‍්ඝාටිපි ආදිත‍්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසා භික‍්ඛවෙ, සික‍්ඛමානා කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ පාපසික‍්ඛමානා අහොසි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

380. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සික්ඛමානාවක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්ත ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සික්ඛමානාව කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පවිටු සික්ඛමානාවක් වූවා ය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි. වදාළ සේක.

7. 2. 10.

7. 2. 10.

සාමණෙරසුත‍්තං

සාමණේර සූත්‍රය

381. ඉධාහං ආවුසො, ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තො අද‍්දසං සාමණෙරං වෙහාසං ගච‍්ඡන‍්තං. තස‍්සා සඞ‍්ඝාටිපි ආදිත‍්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසො භික‍්ඛවෙ, සාමණෙරො කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාවචනෙ පාපසාමණෙරො අහොසි -පෙ- එවරූපං අත‍්තභාව පටිලාභං පටිසංවෙදයතීති.

381. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හෙරණකු දිටිමි. ඔහුගේ සඟළ ද ආදීප්ත ය. … ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ හෙරණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු හෙරණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.