පඤ්චරථසතසුත්තං
5. 4. 6.
5. 4. 6.
පඤ්චරථසතසුත්තං
පඤ්චරථසත සූත්‍රය
332. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දෙවදත්තස්ස භන්තෙ, අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයතී”ති.
332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි.
මා භික්ඛවෙ, දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකං පිහයිත්ථ. යාවකීවඤ්ච භික්ඛවෙ, දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානි යෙව භික්ඛවෙ, දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
මහණෙනි, දෙව්දත්ගේ ලාභ සත්කාර කීර්තිප්‍රශංසා කැමති නො වවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය හවස දෙව්දත්හට උවටැනට යන්නේ ද, තලි පන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි, (ඒතාක්) දෙව්දත්ගේ කුසල් දහම්හි පිරිහීම ම කැමති විය යුතු යි. වැඩීම නො කැමති විය යුතු යි.
සෙය්යථාපි භික්ඛවෙ, චණ්ඩස්ස කුක්කුරස්ස නාසාය පිත්තං භින්දෙය්යුං, එවං හි සො භික්ඛවෙ, කුක්කුරො භිය්යොසොමත්තාය චණ්ඩතරො අස්ස. එවමෙව භික්ඛවෙ, යාවකීවඤ්ච දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානි යෙව භික්ඛවෙ, දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
මහණෙනි, යම් සේ සැඩ බල්ලකුගේ නැහැයෙහි (නැහැසිදුරෙහි) පිත (වලස් හෝ සැඩමසු පිත) බිඳින්නාහු (සුණුකොට බහන්නාහු) ද, මහණෙනි, මෙයින් ඒ බල්ලා අතිශයින් ම සැඩ වන්නේ ය. මහණෙනි, එසෙයින් ම අජාසත් කුමාර තෙමේ රිය පන්සියකින් උදේ සවස දෙව්දත්හට උවටැනට යම් තාක් යන්නේ ද, තලිපන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි එයින් දෙව්දත්හුගේ කුසල් දහම් පිරිහීම කැමති විය යුතු. වැඩීම නො කැමති විය යුතු.
එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.