යෙදුමෙන් කියවන්න

අත‍්තවධසුත‍්තං

5. 4. 5.

5. 4. 5.

අත‍්තවධසුත‍්තං

අත්තවධ සූත්‍රය

331. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ අචිරපක‍්කන‍්තෙ දෙවදත‍්තෙ. තත්‍ර ඛො භගවා දෙවදත‍්තං ආරබ‍්භ භික‍්ඛූ ආමන‍්තෙසි: අත‍්තවධාය භික‍්ඛවෙ, දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේ ම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, කදලී අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික‍්ඛවෙ, අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම්සේ කෙසෙල්ගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, වෙළු අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික‍්ඛවෙ, අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම් සේ හුණගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, නළො අත‍්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික‍්ඛවෙ, අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම් සේ බටගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙ, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, අස‍්සතරී අත‍්තවධාය ගබ‍්භං ගණ‍්හාති, පරාභවාය ගබ‍්භං ගණ‍්හාති, එවමෙව ඛො භික‍්ඛවෙ, අත‍්තවධාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත‍්තස‍්ස ලාභසක‍්කාරසිලොකො උදපාදි.

මහණෙනි, යම් සේ අශ්වතරිය (වෙළඹකුස කොටළුවකුට දාව උපන්නී) තමන් නැසීම පිණිස ගැබ් ගණී ද, විනාශය පිණිස ගැප් ගණී ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ- එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති. ඉදමවොච භගවා, ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැළි මෙය ද වදාළ සේක:

ඵලං වෙ කදලිං හන‍්ති ඵලං වෙළුං ඵලං නළං,සක‍්කාරො කාපුරිසං හන‍්ති ගබ‍්භො අස‍්සතරිං යථාති.

ඵලය ඒකාන්තයෙන් කෙසෙල්ගස නසයි. ඵලය හුණගස (නසයි). ඵලය බටගස (නසයි). ගැබ අශ්වතරිය (නසයි). එමෙන් සත්කාරය නින්‍දිතපුරුෂයා නස යි.