යෙදුමෙන් කියවන්න

11. චීවරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

11. චීවරසුත‍්තවණ‍්ණනා

11. චීවර සූත්‍ර වර්ණනාව

එකාදසමෙ දක‍්ඛිණාගිරිස‍්මින‍්ති රාජගහං පරිවාරෙත්‍වා ඨිතස‍්ස ගිරිනො දක‍්ඛිණභාගෙ ජනපදො දක‍්ඛිණාගිරි නාම, තස‍්මිං චාරිකං චරතීති අත්‍ථො. චාරිකා ච නාම දුවිධා හොති තුරිතචාරිකා ච අතුරිතචාරිකා ච. තත්‍ථ යං එකච‍්චො එකං කාසාවං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා පත‍්තචීවරං අංසෙ ලග‍්ගෙත්‍වා ඡත‍්තං ආදාය සරීරතො සෙදෙහි පග‍්ඝරන‍්තෙහි දිවසෙන සත‍්තට‍්ඨයොජනානි ගච‍්ඡති, යං වා පන බුද‍්ධා කිඤ‍්චිදෙව බොධනෙය්‍යසත‍්තං දිස‍්වා යොජනසතම‍්පි යොජනසහස‍්සම‍්පි ඛණෙන ගච‍්ඡන‍්ති, එසා තුරිතචාරිකා නාම. දෙවසිකං පන ගාවුතං අඩ‍්ඪයොජනං තිගාවුතං යොජනන‍්ති එත‍්තකං අද‍්ධානං අජ‍්ජතනාය නිමන‍්තනං අධිවාසයතො ජනසඞ‍්ගහං කරොතො ගමනං, එසා අතුරිතචාරිකා නාම. අයං ඉධ අධිප‍්පෙතා.

එකොළොස්වන සූත්‍රයේ - “දක්ඛිණගිරිස්මිං” රජගහනුවර පිරිවරා සිටි කඳුවලින් දකුණු පැත්තේ වූ ජනපදය “දක්ඛිණගිරි” නම් වේ. එහි චාරිකාවේ හැසිරේ යන අර්ථයි. චාරිකාවේ ප්‍රභේද දෙකකි. තුරිත චාරිකාව හා අතුරිත චාරිකාව යනුවෙනි. එහි යමෙක් එක් කසාවතක් හැඳ, එක් කසාවතක් පොරවාගෙන, පාසිවුරු උරයේ එල්ලාගෙන කුඩය ගෙන සිරුරින් දහඩිය වගුරුවමින් දවසකට යොදුන් හත-අටක් යයි. බුදුවරු කිසියම් හේතු සම්පත් ඇති සත්ත්වයකු දැක යොදුන් සීයක්-දාහක් වුවත් ක්ෂණයකින් යති. එය තුරිත චාරිකාව නම් වේ. දිනපතා සිදුවන පරිදි ගවුවක්, අඩ යොදුනක්, තුන් ගවුවක්, යොදුනක් යනාදී මෙපමණ දුර මාර්ගයක් ගෙවා යන දානයක් සඳහා ආරාධනා කරන ලද්දේ එය ඉවසා, ජනසංග්‍රහ කරමින් වැඩම කිරීම, “අතුරිත චාරිකා” නම් වේ. මේ අතුරිත චාරිකාව මෙහිදී අදහස් කරන ලදී.

නනු ච ථෙරො පඤ‍්චවීසති වස‍්සානි ඡායා විය දසබලස‍්ස පච‍්ඡතො පච‍්ඡතො ගච‍්ඡන‍්තොව අහොසි, “කහං ආනන්‍දො”ති වචනස‍්ස ඔකාසමෙව න අදාසි, සො කිස‍්මිං කාලෙ භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං චාරිකං චරිතුං ඔකාසං ලභතීති? සත්‍ථු පරිනිබ‍්බානසංවච‍්ඡරෙ. පරිනිබ‍්බුතෙ කිර සත්‍ථරි මහාකස‍්සපත්‍ථෙරො සත්‍ථු පරිනිබ‍්බානෙ සන‍්නිපතිතස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසීදිත්‍වා ධම‍්මවිනයසඞ‍්ගායනත්‍ථං පඤ‍්චසතෙ භික‍්ඛූ උච‍්චිනිත්‍වා, “ආවුසො, මයං රාජගහෙ වස‍්සං වසන‍්තා ධම‍්මවිනයං සඞ‍්ගායිස‍්සාම, තුම‍්හෙ පුරෙ වස‍්සූපනායිකාය අත‍්තනො පලිබොධං උච‍්ඡින්‍දිත්‍වා රාජගහෙ සන‍්නිපතථා”ති වත්‍වා අත‍්තනා රාජගහං ගතො. ආනන්‍දත්‍ථෙරොපි භගවතො පත‍්තචීවරං ආදාය මහාජනං සඤ‍්ඤාපෙන‍්තො සාවත්‍ථිං ගන‍්ත්‍වා තතො නික‍්ඛම‍්ම රාජගහං ගච‍්ඡන‍්තො දක‍්ඛිණාගිරිස‍්මිං චාරිකං චරි. තං සන්‍ධායෙතං වුත‍්තං.

තෙරුන් වහන්සේ වසර විසිපහක් බුදුරදුන්ගේ සෙවණැල්ල මෙන් පසුපසින් ගමන් කරන ලද්දාහු නොවෙත් ද? “ආනන්ද කොතැනද?” යන වචනය බුදුමුවින් පිටවීමට අවසරයක් නුදුන්නේමය. උන්වහන්සේ කවර කාලයක භික්ෂු සංඝයා පිරිවරාගෙන මෙසේ චාරිකාවේ යෑමට අවසරයක් ලැබූ සේක් ද? ශාස්තෘන් වහන්සේ පිරිනිවි වසරේදී ම ය. පිරිනිවීමට අනතුරුව මහාකාශ්‍යප තෙරණුවෝ, සම්බුද්ධ පරිනිර්වාණයට වැඩම කළ භික්ෂු මහා සංඝරත්නය මැද වැඩහිඳ ධර්මවිනය සංග්‍රහ කිරීමට පන්සීයක් මහරහත් තෙරවරු තෝරාගෙන, “ඇවැත්නි! අපි රජගහනුවර වස් වසමින් ධර්ම විනය සංගායනා කරන්නෙමු. නුඹවහන්සේලා පෙරවස් විසීමට ඇති තම තමන්ගේ උවදුරු බාධා සිඳ දමා රජගහනුවරට රැස්වව්”යි පවසා තමන් වහන්සේ රජගහ නුවරට වැඩිසේක. ආනන්ද තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන මහජනයාට දැනුම් දෙමින් සැවැත්නුවරට වැඩ, ඉන් රජගහ නුවර බලා වඩින අතරමග දක්ඛිණ ගිරියෙහි චාරිකාවේ හැසිරුණේය. ඒ සඳහා කියන ලදී.

යෙභුය්‍යෙන කුමාරභූතාති යෙ තෙ හීනායාවත‍්තා නාම, තෙ යෙභුය්‍යෙන කුමාරකා දහරා තරුණා එකවස‍්සිකද‍්වෙවස‍්සිකා භික‍්ඛූ චෙව අනුපසම‍්පන‍්නකුමාරකා ච. කස‍්මා පනෙතෙ පබ‍්බජිතා, කස‍්මා හීනායාවත‍්තාති? තෙසං කිර මාතාපිතරො චින‍්තෙසුං – “ආනන්‍දත්‍ථෙරො සත්‍ථු විස‍්සාසිකො අට‍්ඨ වරෙ යාචිත්‍වා උපට‍්ඨහති, ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං සත්‍ථාරං ගහෙත්‍වා ගන‍්තුං සක‍්කොති, අම‍්හාකං දාරකෙ එතස‍්ස සන‍්තිකෙ පබ‍්බාජෙම, සො සත්‍ථාරං ගහෙත්‍වා ආගමිස‍්සති, තස‍්මිං ආගතෙ මයං මහාසක‍්කාරං කාතුං ලභිස‍්සාමා”ති. ඉමිනා තාව කාරණෙන නෙසං ඤාතකා තෙ පබ‍්බාජෙසුං. සත්‍ථරි පන පරිනිබ‍්බුතෙ තෙසං සා පත්‍ථනා උපච‍්ඡින‍්නා, අථ තෙ එකදිවසෙනෙව උප‍්පබ‍්බාජෙසුං.

“යෙභුය්‍යෙන කුමාරභූතා” යනු යම් ඒ පිරිසක් ගිහිබවට ගියාහු ද බොහෝ සෙයින් කුමාරවරු වූ බාල වූ තරුණ වූ ඔවුහුය. එක්වසක් දෙවසක් ඇති භික්ෂූහු මෙන් ම සාමණේරවරු ද මේ පිරිසේ විය. මොවුහු පැවිදිවූයේ ඇයි? ගිහි බවට පැමිණියේ ඇයි? මේ ළදරුවන්ගේ මවුපියවරු, “ආනන්ද තෙරුන් වහන්සේ ශාස්තෘන් වහන්සේට ඉතා විශ්වාසියෙකි. උන්වහන්සේ අටවරයක් ඉල්ලාගෙන උපස්ථාන කරති. තමා කැමති තැන්වලට ශාස්තෘන් වහන්සේ වැඩම කරවීමෙහි සමත්කම් ඇත්තෙකි. අපගේ දරුවන් උන්වහන්සේන්ගේ සමීපයේ පැවිදි කරමු. ආනන්ද හිමියෝ අප ගමට වැඩමවන විට ශාස්තෘන් වහන්සේ සමග ම වැඩමවති. එවිට අපට මහත් වූ සත්කාරයන්ගෙන් බුදුරදුන්ට පූජා පැවැත්වීමට හැකිව්වේ”යැයි සාකච්ඡා කොට තම තම දරුවෝ පැවිදි කළහ. ශාස්තෘන් වහන්සේ පිරිනිවි කල්හි ඔවුන්ගේ අභිලාෂය ද වැනසී ගියේය. එනිසා ඔවුහු එකම දින උපැවිදි වූහ.

යථාභිරන‍්තන‍්ති යථාරුචියා යථාඅජ‍්ඣාසයෙන. තිකභොජනං පඤ‍්ඤත‍්තන‍්ති, ඉදං “ගණභොජනෙ අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තිය”න‍්ති (පාචි· 211). ඉදං සන්‍ධාය වුත‍්තං. තත්‍ථ හි තිණ‍්ණං ජනානං අකප‍්පියනිමන‍්තනං සාදියිත්‍වා එකතො පටිග‍්ගණ‍්හන‍්තානම‍්පි අනාපත‍්ති, තස‍්මා “තිකභොජන”න‍්ති වුත‍්තං.

“යථාභිරත්තං” යනු කැමති සේය. අදහස් අනුවය. “තිකභොජනං පඤ්ඤත්තං” යනු මේ චීවර සමයෙහි හැර ගණභෝජනයෙහි පචිති ඇවත වේ.” යන ශික්ෂාපදය නිසා කියන ලදී. මෙහිදී තුන් ජනයාගේ කැප නොවූ ආරාධනාව ඉවසා, එක්තැන්වම පිළිගන්නා භික්ෂුන්ට ආපත්ති නැත. එනිසා ‘තිකභෝජනය’ යැයි කියන ලදී.

දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහායාති දුස‍්සීලපුග‍්ගලානං නිග‍්ගණ‍්හනත්‍ථං. පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරායාති දුම‍්මඞ‍්කූනං නිග‍්ගහෙනෙව පෙසලානං උපොසථපවාරණා වත‍්තන‍්ති, සමග‍්ගවාසො හොති, අයං තෙසං ඵාසුවිහාරො හොති, ඉමස‍්ස ඵාසුවිහාරස‍්ස අත්‍ථාය. මා පාපිච‍්ඡා පක‍්ඛං නිස‍්සාය සඞ‍්ඝං භින්‍දෙය්‍යුන‍්ති යථා දෙවදත‍්තො සපරිසො කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො පාපිච‍්ඡෙ නිස‍්සාය සඞ‍්ඝං භින්‍දි, එවං අඤ‍්ඤෙපි පාපිච‍්ඡා ගණබන්‍ධෙන කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජමානා ගණං වඩ‍්ඪෙත්‍වා තං පක‍්ඛං නිස‍්සාය මා සඞ‍්ඝං භින්‍දෙය්‍යුන‍්ති, ඉති ඉමිනා කාරණෙන පඤ‍්ඤත‍්තන‍්ති අත්‍ථො. කුලානුද‍්දයතාය චාති භික‍්ඛුසඞ‍්ඝෙ උපොසථපවාරණං කත්‍වා සමග‍්ගවාසං වසන‍්තෙ මනුස‍්සා සලාකභත‍්තාදීනි දත්‍වා සග‍්ගපරායණා භවන‍්ති, ඉති ඉමාය කුලානුද‍්දයතාය ච පඤ‍්ඤත‍්තන‍්ති අත්‍ථො.

“දුම්මකුනං පුග්ගලානං නිග්ගහාය” යනු දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ කිරිමටය. “පෙසලානං භික්ඛූනං ඵසුවිහාරාය” යනු දුස්සීලයන්ට නිග්‍රහ පිණිසත්, ශික්ෂාකාමී තෙරවරුන්ට පොහෝ පවුරුණු පවත්වමින් සමගි වාසයටත් හේතු වේ. මෙය උන්වහන්සේලාගේ පහසු විහරණයයි. මේ පහසු විහරණය සඳහා “මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සංඝං භින්දෙය්‍යුං” යනු යම්සේ දෙව්දත් තෙර පිරිවර සහිතව ගොස් කුලයන්ට දන්වා වළඳන්නාහුය. මේ පාපීන් නිසා සංඝයා බිඳුනේය. මෙලෙස වෙනත් පවිටු ළාමකයන්ගේ සමූහ විසිනුත් කුලයන්ට දන්වා වළඳමින් සමූහය වර්ධනය කර, ඒ පක්‍ෂය නිසා සංඝයා නොබිදේවායි පතයි. “මෙසේ මේ කාරණයෙන් පනවන ලදී” යන අර්ථයි. “කුලානුද්දයතායච” සලාක බත් ආදිය දී දිව්‍යලෝක සාප පිහිට කරගත්තේ වෙති. මෙසේ මොවුන්ට කුලයන් කෙරෙහි කරුණාව හා අනුග්‍රහය ද පණවන ලදී යන අර්ථයි.

සස‍්සඝාතං මඤ‍්ඤෙ චරසීති සස‍්සං ඝාතෙන‍්තො විය ආහිණ‍්ඩසි. කුලූපඝාතං මඤ‍්ඤෙ චරසීති කුලානි උපඝාතෙන‍්තො විය හනන‍්තො විය ආහිණ‍්ඩසි. ඔලුජ‍්ජතීති විසෙසෙන පලුජ‍්ජති භිජ‍්ජති. පලුජ‍්ජන‍්ති ඛො තෙ, ආවුසො, නවප‍්පායාති, ආවුසො, එතෙ තුය‍්හං පායෙන යෙභුය්‍යෙන නවකා එකවස‍්සිකදුවස‍්සිකා දහරා චෙව සාමණෙරා ච පලුජ‍්ජන‍්ති භිජ‍්ජන‍්ති. න වායං කුමාරකො මත‍්තමඤ‍්ඤාසීති අයං කුමාරකො අත‍්තනො පමාණං න ජානාතීති ථෙරං තජ‍්ජෙන‍්තො ආහ.

“සස්සඝාතං මඤ්ඤ චරසි” යනු ශස්‍ය නසන්නවුන් මෙන් ඇවිදිනෙහි යනුයි. “කුලූපසාතං මඤ්ඤ චරසි” යනු කුලයන් නසන්නාක් මෙන්, විනාශ කරන්නාක් මෙන් ඇවිදින්නෙහි යනුයි. “උල්ලුජ්ජති” යනු වැනසෙයි. බිඳෙයි යනුයි. “පලුජ්ජති ඛො තෙ ආවුසො! නවප්පායා” යනු ඇවැත්නි! මේ නුඹගේ බෙහෙවින් නවක වූ වස් එකක්, දෙකක් ඇති බාලවූවෝ මෙන්ම සාමණේරවරු ද වැනසෙති. බිඳෙති යනුයි. “න චායං කුමාරකො මත්තමඤ්ඤාති” යනු මේ කුමාරයා තමාගේ පමණ නොදනී යැයි තෙරුන්ට තර්ජනය කරමින් මෙලෙස වදාළහ.

කුමාරකවාදා න මුච‍්චාමාති කුමාරකවාදතො න මුච‍්චාම. තථා හි පන ත්‍වන‍්ති ඉදමස‍්ස එවං වත‍්තබ‍්බතාය කාරණදස‍්සනත්‍ථං වුත‍්තං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – යස‍්මා ත්‍වං ඉමෙහි නවෙහි භික‍්ඛූහි ඉන්‍ද්‍රියසංවරරහිතෙහි සද‍්ධිං විචරසි, තස‍්මා කුමාරකෙහි සද‍්ධිං විචරන‍්තො කුමාරකොති වත‍්තබ‍්බතං අරහසීති.

“කුමාරකවාදා න මුච්චාම” යනු කුමාරක වාදයෙන් නොමුදමු. “තථාහි පන ත්වං” යනු මෙහි මොහුගේ මේ පැවැත්මෙහි හේතු දැක්වීම සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. “යම් හෙයකින් නුඹවහන්සේ මේ ඉන්ද්‍රිය සංවරයක් නැති නවක භික්ෂූන් සමග හැසිරෙන්නේ නම්, එනිසා ම කුමාරයන් සමග හැසිරෙන කුමාරයෙකැයි පැවසීමට සුදුසු වේ.

අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො සමානොති ඉදං යස‍්මා ථෙරස‍්ස ඉමස‍්මිං සාසනෙ නෙව ආචරියො න උපජ‍්ඣායො පඤ‍්ඤායති, සයං කාසායානි ගහෙත්‍වා නික‍්ඛන‍්තො, තස‍්මා අනත‍්තමනතාය අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බතං ආරොපයමානා ආහ.

“අඤ්ඤතිත්ථිය පුබ්බො සමානො” යනු මේ ආයුෂ්මත් කාශ්‍යප තෙරුන්ට මේ සසුනෙහි ආචාර්යවරයෙක් හෝ උපාධ්‍යායවරයෙක් නොපෙනේ. “තමාම කසාවත් හැඳ පොරවා ගිහිගෙයින් නික්ම යැ”යි නොසතුටු සිත් ඇති ඇය “පෙර අන්‍යතීර්ථක වූ බව ආරෝපණය කරමින් මෙලෙස කීවාය.

සහසාති එත්‍ථ රාගමොහචාරොපි සහසාචාරො, ඉදං පන දොසචාරවසෙන වුත‍්තං. අප‍්පටිසඞ‍්ඛාති අප‍්පච‍්චවෙක‍්ඛිත්‍වා, ඉදානි අත‍්තනො පබ‍්බජ‍්ජං සොධෙන‍්තො යත්‍වාහං, ආවුසොතිආදිමාහ. තත්‍ථ අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසිතුන‍්ති ඨපෙත්‍වා භගවන‍්තං අඤ‍්ඤං මය‍්හං සත්‍ථාති එවං උද‍්දිසිතුං න ජානාමි. සම‍්බාධො ඝරාවාසොතිආදීසු සචෙපි සට‍්ඨිහත්‍ථෙ ඝරෙ යොජනසතන‍්තරෙපි වා ද‍්වෙ ජායම‍්පතිකා වසන‍්ති, තථාපි තෙසං සකිඤ‍්චනසපලිබොධට‍්ඨෙන ඝරාවාසො සම‍්බාධොයෙව. රජාපථොති රාගරජාදීනං උට‍්ඨානට‍්ඨානන‍්ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. “ආගමනපථො”තිපි වත‍්තුං වට‍්ටති. අලග‍්ගනට‍්ඨෙන අබ‍්භොකාසො වියාති අබ‍්භොකාසො. පබ‍්බජිතො හි කූටාගාරරතනමයපාසාදදෙවවිමානාදීසු පිහිතද‍්වාරවාතපානෙසු පටිච‍්ඡන‍්නෙසු වසන‍්තොපි නෙව ලග‍්ගති න සජ‍්ජති න බජ‍්ඣති, තෙන වුත‍්තං “අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා”ති. අපිච සම‍්බාධො ඝරාවාසො කුසලකිරියාය ඔකාසාභාවතො රජාපථො අසංවුතසඞ‍්කාරට‍්ඨානං විය රජානං, කිලෙසරජානං සන‍්නිපාතට‍්ඨානතො, අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා කුසලකිරියාය යථා සුඛං ඔකාසසබ‍්භාවතො.

“සහසා” යනු මෙහි රාග-මෝහ හැසිරීමද වේගවත් හැසිරීමකි. මෙහිදී ද්වේෂ සහගත වේගවත් හැසිරීම අදහස් වේ. “අප්පටි සංඛා” යනු කරුණු සොයා නොබලාය. දැන් තමාගේ පැවිද්ද පිරිසිදු කරන සේක් “යතොහං ආවුසො” යනාදිය දෙසූහ. එහිද - “අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං” යනු භාග්‍යවතුන් වහන්සේ හැර අන් අය මගේ ශාස්තෘ යැයි මෙසේ නියම කිරීමක් කළ බවක් නොදනමි යනුයි. “සම්බාධො පරාවාසො” යනාදියෙහි ඉදින් රියන් හැටක් උසැති ගෙයක යොදුන් සීයක් අතර අඹුසැමි දෙදෙනෙක් වාසය කරති. එනමුත් ඔවුන්ගේ කෙලෙස් හිරිහැර වශයෙන් ගිහිගෙයි වාසය හිරිහැරයක්මය. “රජාපථො” යනු රාගය නම් වූ ශේෂයන්ගේ නැගී සිටීමට ස්ථානයකියි මහා අට්ඨකථාවේ කියන ලදී. “ආගමන පථො” යන පාඨයද සුදුසුය. නොඇලීම් අර්ථයෙන් අභ්‍යවකාශය මෙන් යනු “අබ්භොකාසො” නම් වේ. පැවිද්දෝ කූටාගාර, රන්මය ප්‍රසාද දිව්‍ය විමන්හි වසන ලද දොරකවුලු ඇතුව විසුවත් ඒවායෙහි නො ඇලෙත්මය. නො බැඳේමය. එනිසා “අබ්භොකාසො පබ්බජ්ජා” යනුවෙන් කියන ලදී. තවද “සම්බාධො සරාවාසො” යනු කුසල ක්‍රියාවන්ට අවසරයක් නොමැති බැවිනි. “රජාපථො” යනු නොවැසූ කුණුගොඩක් මෙන් කෙලෙස් දූලීන්ට එක්රැස්වන ස්ථානයක් වූ යනුයි. “අබ්භොකාසො පබ්බජ්ජා” යනු කුසල ක්‍රියාවන්ට සැප කැමති සේ අවසර ඇති බැවිනි.

නයිදං සුකරං…පෙ… පබ‍්බජෙය්‍යන‍්ති එත්‍ථ අයං සඞ‍්ඛෙපකථා – යදෙතං සික‍්ඛත‍්තයබ්‍රහ‍්මචරියං එකම‍්පි දිවසං අඛණ‍්ඩං කත්‍වා චරිමකචිත‍්තං පාපෙතබ‍්බතාය එකන‍්තපරිපුණ‍්ණං චරිතබ‍්බං, එකදිවසම‍්පි ච කිලෙසමලෙන අමලීනං කත්‍වා චරිමකචිත‍්තං පාපෙතබ‍්බතාය එකන‍්තපරිසුද‍්ධං, සඞ‍්ඛලිඛිතං ලිඛිතසඞ‍්ඛසදිසං ධොතසඞ‍්ඛසප‍්පටිභාගං චරිතබ‍්බං, ඉදං න සුකරං අගාරං අජ‍්ඣාවසතා අගාරමජ‍්ඣෙ වසන‍්තෙන එකන‍්තපරිපුණ‍්ණං…පෙ… චරිතුං, යංනූනාහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කසායරසපීතතාය කාසායානි බ්‍රහ‍්මචරියං චරන‍්තානං අනුච‍්ඡවිකානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා පරිදහිත්‍වා අගාරස‍්මා නික‍්ඛමිත්‍වා අනගාරියං පබ‍්බජ‍්ජෙය්‍යන‍්ති. එත්‍ථ ච යස‍්මා අගාරස‍්ස හිතං කසිවණිජ‍්ජාදිකම‍්මං අගාරියන‍්ති වුච‍්චති, තං පබ‍්බජ‍්ජාය නත්‍ථි, තස‍්මා පබ‍්බජ‍්ජා අනගාරියාති ඤාතබ‍්බා, තං අනගාරියං. පබ‍්බජෙය්‍යන‍්ති පටිපජ‍්ජෙය්‍යං.

“නයිදං සුකරං -පෙ- පබ්බජ්ජං” යන මෙහි මේ සංක්‍ෂිප්ත විස්තරයයි. ඉදින් මේ ශික්ෂාත්‍රය බ්‍රහ්මචර්යාව එක්දිනක් නොකඩකර, අවසානයේ වූ සිතට පැමිණවිය යුතු බැවින් “එකන්ත පරිපුණ්ණං” එක් දිනක්වත් කෙලෙස් මලින් නොකිලිටි වී හැසිරිය යුතු බැවින්, අවසානයේ වූ සිතට පැමිණවිය යුතු බැවින්ය. “එකන්ත පරිසුද්ධං සංඛලිඛිතං” යනු ලියන ලද සකක් හා සමාන වූ යනුයි. පිරිසිදු වූ සකක් හා සමානව හැසිරිය යුතුයි. මෙය පහසු දෙයක් නොවේ. “අගාරං අජ්ඣාවසතා” ගිහිගෙහි වසන්නහු විසින්ය. “එකන්ත පරිපුණ්ණං -පෙ- චරිතුං” “යන්නු නාහං කෙසමස්සුං ඔහාරෙත්වා” යනු කසට රසයෙන් කහවත් වූ යනුයි. “කාසායානි” යනු බඹසර හැසිරෙන්නවුන්ට යෝග්‍ය වූ යනුයි. “වත්ථාති පච්ඡාදෙත්වා” වස්ත්‍ර හැඳගෙනයි. “අගාරස්මා” යනු ගිහිගෙයින් නික්මී යනුයි. “අනගාරියං පබ්බජෙය්‍යං”. මෙහිද ගිහිගෙයි වසන්නවුන්ට හිතවූ කෘෂිකර්මාන්ත - වෙළඳාම් ආදිය “අගාරියං” යනුවෙන් ගිහිගෙට අයත් යැයි කියයි. මෙය පැවිද්දන්ට සුදුසු නැත. එනිසා පැවිද්ද “අනගාරික” යැයි කිවයුතුයි. ඒ අනගාරික වූ සසුන්නේ “පබ්බජෙය්‍යං” යනු පැවිදිවීමට පැමිණියේය.

පටපිලොතිකානන‍්ති ජිණ‍්ණපිලොතිකානං තෙරසහත්‍ථොපි හි නවසාටකො දසානං ඡින‍්නකාලතො පට‍්ඨාය පිලොතිකාති වුච‍්චති. ඉති මහාරහානි වත්‍ථානි ඡින්‍දිත්‍වා කතං සඞ‍්ඝාටිං සන්‍ධාය “පටපිලොතිකානං සඞ‍්ඝාටි”න‍්ති වුත‍්තං. අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නොති අඩ‍්ඪයොජනතො පට‍්ඨාය මග‍්ගො අද‍්ධානන‍්ති වුච‍්චති, තං අද‍්ධානමග‍්ගං පටිපන‍්නො, දීඝමග‍්ගං පටිපන‍්නොති අත්‍ථො.

“පට පිලොතීනං” යනු සිඳුණු රෙදිකඩවල්ය. රියන් දහතුනක් වූ අලුත් වස්ත්‍රයක් දහයකට සිඳි අවස්ථාවේ සිට එයට “පිළොතිකා” යැයි කියයි. (රෙදිකඩ යන තේරුමයි) මෙසේ ඉතා වටිනා වස්ත්‍ර ඉරා, මසන ලද දෙපට සිවුර සඳහා “කඩ කපාගත් රෙද්දෙන් මැසූ සඟල සිවුර” යැයි කියන ලදී. “අද්ධානමග්ග පටිපන්නො” යනු අඩයොදුන් මග. දීර්ඝ මාවත. ඒ දිගුමගට පිළිපන්නේ යන අර්ථයි.

ඉදානි යථා එස පබ‍්බජිතො, යථා ච අද‍්ධානමග‍්ගං පටිපන‍්නො, ඉමස‍්සත්‍ථස‍්ස ආවිභාවත්‍ථං අභිනීහාරතො පට‍්ඨාය අනුපුබ‍්බිකථා කථෙතබ‍්බා –

මොහු පැවිදි වූ අයුරුත් දිගුමගට පැමිණි අයුරුත් වටහා ගැනීමට පළමු අභිනීහාර අවස්ථාවේ සිට මේ පිළිවෙල කථාව දතයුතු වේ.

අතීතෙ කිර කප‍්පසතසහස‍්සමත්‍ථකෙ පදුමුත‍්තරො නාම සත්‍ථා උදපාදි, තස‍්මිං හංසවතීනගරං උපනිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ වෙදෙහො නාම කුටුම‍්බිකො අසීතිකොටිධනවිභවො පාතොව සුභොජනං භුඤ‍්ජිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය ගන්‍ධපුප‍්ඵාදීනි ගහෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. තස‍්මිං ඛණෙ සත්‍ථා මහානිසභත්‍ථෙරං නාම තතියසාවකං “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං නිසභො”ති එතදග‍්ගෙ ඨපෙසි. උපාසකො තං සුත්‍වා පසන‍්නො ධම‍්මකථාවසානෙ මහාජනෙ උට‍්ඨාය ගතෙ සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, ස‍්වෙ මය‍්හං භික‍්ඛං අධිවාසෙථා”ති ආහ. මහා ඛො, උපාසක, භික‍්ඛුසඞ‍්ඝොති. කිත‍්තකො භගවාති. අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්සන‍්ති. භන‍්තෙ, එකං සාමණෙරම‍්පි විහාරෙ අසෙසෙත්‍වා භික‍්ඛං අධිවාසෙථාති. සත්‍ථා අධිවාසෙසි. උපාසකො සත්‍ථු අධිවාසනං විදිත්‍වා ගෙහං ගන‍්ත්‍වා මහාදානං සජ‍්ජෙත්‍වා පුනදිවසෙ සත්‍ථු කාලං ආරොචාපෙසි. සත්‍ථා පත‍්තචීවරමාදාය භික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපාසකස‍්ස ඝරං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො දක‍්ඛිණොදකාවසානෙ යාගුභත‍්තාදීනි සම‍්පටිච‍්ඡන‍්තො භත‍්තවිස‍්සග‍්ගං අකාසි. උපාසකොපි සත්‍ථු සන‍්තිකෙ නිසීදි.

අතීතයේ කල්ප ලක්‍ෂ ගණනකට පෙර පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ හංසවතී නුවර ඇසුරුකර කේෂ්ම භූමියක් වූ මිගදායෙහි වැඩවාසය කරන කාලයෙහි වේදේහ නම් අසූ කෙළක් ධනය ඇති සිටුපුතෙක් උදෑසනම රසවත් භෝජන වළඳා, පෝය අටසිල් සමාදන්ව, ගඳමල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුන්ට පුදා වැඳ එකත්පසෙක සිටියේය. එකෙණෙහි ශාස්තෘන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක වූ මහා නිසභ නම් තෙරුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරී භික්ෂුන්ගේ අග්‍රයට නිසභ තෙරහු පත්කරමි”යි අගතනතුරෙහි තැබූ සේක. මෙය දුටු උපාසකතුමා බෙහෙවින් ප්‍රසන්නව ධර්මකථාව අවසන, මහජනයා නැගිට ගිය කල්හි බුදුරජාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි! හෙට මගේ දානය ඉවසා වදාරන මැනවි”යි ආරාධනා කළේය. බුදුපියාණෝ, “උපාසකය! භික්ෂු සංඝයා ඉතා විශාලය”යි වදාළහ. එවිට උපාසකයා “ස්වමීනි! බුදුරජාණන් වහන්ස! කොපමණ ප්‍රමාණයක් වේද?”යි විමසීය. “භික්ෂුහු හැටඅට ලක්ෂයක් පමණ වැඩවෙසෙති.” “ස්වාමීනි! එක් සාමනේර නමක්වත් විහාරයේ ඉතිරි නොකර දානය සඳහා වැඩමවන්න”යි නැවතද ආරාධනා කළේය. බුදුහු එය ඉවසූ බැව් දැන තම ගෙදරට ගොස් මහාදානයක් පිළියෙල කරවා, දෙවැනි දින බුදුරදුන්ට කාලය දැන්වීය. බුදුපියාණන් වහන්සේ පාසිවුරු ගෙන මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව, උපාසකයාගේ නිවසෙහි පැනවූ අසුන්වල වැඩසිටියහ. පරිභෝගය සඳහා දියවත් කිරිම අවසන් වූ කල්හි, කැඳබත් ආදිය පිළිගනුවනුයේ වැළඳවීම කළේය. උපාසකයා ද බුදුපියාණන් සමීපයේ ම හුන්නේය.

තස‍්මිං අන‍්තරෙ මහානිසභත්‍ථෙරො පිණ‍්ඩාය චරන‍්තො තමෙව වීථිං පටිපජ‍්ජි. උපාසකො දිස‍්වා උට‍්ඨාය ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා “පත‍්තං, භන‍්තෙ, නො දෙථා”ති ආහ. ථෙරො පත‍්තං අදාසි. භන‍්තෙ, ඉධෙව පවිසථ, සත්‍ථාපි ගෙහෙ නිසින‍්නොති. න වට‍්ටිස‍්සති උපාසකාති. උපාසකො ථෙරස‍්ස පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා නීහරිත්‍වා අදාසි. තතො ථෙරං අනුගන‍්ත්‍වා නිවත‍්තො සත්‍ථු සන‍්තිකෙ නිසීදිත්‍වා එවමාහ – “භන‍්තෙ, මහානිසභත්‍ථෙරො ‘සත්‍ථා ගෙහෙ නිසින‍්නො’ති වුත‍්තෙපි පවිසිතුං න ඉච‍්ඡි, අත්‍ථි නු ඛො එතස‍්ස තුම‍්හාකං ගුණෙහි අතිරෙකො ගුණො”ති. බුද‍්ධානඤ‍්ච වණ‍්ණමච‍්ඡෙරං නාම නත්‍ථි. අථ සත්‍ථා එවමාහ – “උපාසක, මයං භික‍්ඛං ආගමයමානා ගෙහෙ නිසීදාම, සො භික‍්ඛු න එවං නිසීදිත්‍වා භික‍්ඛං උදික‍්ඛති. මයං ගාමන‍්තසෙනාසනෙ වසාම, සො අරඤ‍්ඤස‍්මිංයෙව වසති. මයං ඡන‍්නෙ වසාම, සො අබ‍්භොකාසම‍්හියෙව වසති. ඉති තස‍්ස අයඤ‍්ච අයඤ‍්ච ගුණො”ති මහාසමුද‍්දං පූරයමානොව කථෙසි.

මේ අතර මහා නිසභ තෙරහු පිඬු පිණිස හැසිරෙන සේක්, ඒ වීථියටම වැඩිසේක. උන්වහන්සේ දුටු උපාසකයා නැගිට ගොස් තෙරුන්ට වැඳ, “ස්වාමීනි! අපට පාත්‍රය දෙනු මැනව”යි කීවේය. තෙරණුවෝ පාත්‍රය දුන්හ. “ස්වාමීනි! මෙහි පිවිසෙන සේක්වා. ශාස්තෘන් වහන්සේ ද මෙහි වැඩ වෙසෙති”යි උපාසකයා පැවසූ කල්හි, “උපාසකය!, එය සුදුසු නොවේ” යැයි තෙරුන්වහන්සේ පැවසූහ. උපාසකයා තෙරුන්ගේ පාත්‍රය පුරවා බැහැරට ගෙනවුත් තෙරුන්ටම පිළිගැන්වීය. නැවත තෙරුන් අනුවම පසුගමන් කර නැවතුණි. නැවතත් බුදුපියාණන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! මහා නිසභ තෙරණුවෝ, “ශාස්තෘන් වහන්සේ ගෙයි වැඩ සිටිති”යි මා පැවසූ කල්හි, ඇතුලට පිවිසීමට අකමැති වූහ. උන්වහන්සේට ඉතා වැඩි ගුණයක් පවතින්නේ ද?”යි ප්‍රශ්න කළේය. බුදුවරු නම් ගුණයන්ගේ මසුරුකම් කරන්නෝ නොවෙති. අනුන් ගුණ නොමකති. බුදුපියාණන් වහන්සේ “උපාසකය! අපි භික්ෂාවේ පැමිණීම බලමින් ගෙයි වෙසෙමු. ඒ නිසභ තෙරහු එසේ නොසිට, භික්ෂාව සොයා ගනියි. අපි ගම් සෙනසුන්හි වසමු. උන්වහන්සේ ආරණ්‍යයෙහිම වෙසෙති. අපි ආවරණය වූ ස්ථානයක ම වසමු. උන්වහන්සේ එළිමහනෙහිම වෙසෙති. මෙලෙස උන්වහන්සේගේ ගුණ ඉතා විශාලය”යැයි ගුණ සමූහය මහමුහුද පුරවන්නාක් මෙන් වදාළහ.

උපාසකො පකතියාපි ජලමානදීපො තෙලෙන ආසිත‍්තො විය සුට‍්ඨුතරං පසන‍්නො හුත්‍වා චින‍්තෙසි – “කිං මය‍්හං අඤ‍්ඤාය සම‍්පත‍්තියා, අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ ධුතවාදානං අග‍්ගභාවත්‍ථාය පත්‍ථනං කරිස‍්සාමී”ති? සො පුනපි සත්‍ථාරං නිමන‍්තෙත්‍වා තෙනෙව නියාමෙන සත‍්ත දිවසානි දානං දත්‍වා සත‍්තමෙ දිවසෙ අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්සස‍්ස තිචීවරානි දත්‍වා සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජිත්‍වා එවමාහ –

ස්වභාවයෙන් දැල්වුණු පහණට තෙල් දැමුවාක් වැනි මේ දේශනාව ඇසූ උපාසකයා ද බෙහෙවින් ප්‍රසන්න වූයේ “මට වෙනත් සැපතකින් කවර ප්‍රයෝජනයක් ද? අනාගතයේ එක් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තනතුර සඳහා ප්‍රාර්ථනා කරන්නෙමි”යි සිතා නැවතද බුදුරදුන්ට ආරාධනා කොට සත්දිනක් ම මහදන් පැවැත්වීය. අවසන් දින හැටඅට ලක්‍ෂයක් භික්ෂූන්ට තුන්සිවුරු පූජාවක් ද පවත්වා, බුදුපියාණන්ට වැඳ,

“යං මෙ, භන‍්තෙ, සත‍්ත දිවසානි දානං දෙන‍්තස‍්ස මෙත‍්තං කායකම‍්මං මෙත‍්තං වචීකම‍්මං මෙත‍්තං මනොකම‍්මං, ඉමිනාහං න අඤ‍්ඤං දෙවසම‍්පත‍්තිං වා සක‍්කමාරබ්‍රහ‍්මසම‍්පත‍්තිං වා පත්‍ථෙමි, ඉදං පන මෙ කම‍්මං අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ මහානිසභත්‍ථෙරෙන පත‍්තට‍්ඨානන‍්තරං පාපුණනත්‍ථාය තෙරසධුතඞ‍්ගධරානං අග‍්ගභාවස‍්ස පච‍්චයො හොතූ”ති.

“ස්වාමීනි! මවිසින් සත්දිනක් මහදන් පැවැත්වූයේ මෙත් සහගත වූය කාය-වාග්-මනෝ කර්ම ඇතිවමය. මේ උතුම් මහා පින්කමෙන් මම දිව්‍ය, ශක්‍ර, බ්‍රහ්මාදී සැපතක් නොපතමි. මේ උතුම් පුණ්‍ය මහිමයේ බලයෙන්, අනාගත බුදුවරයන් වහන්සේ නමකගේ සසුනෙහි නිසභ තෙරුන් මෙන් තෙලෙස් ධුතාංගධාරීන් අතර අගතනතුරට පත්වේවා!යි ප්‍රාර්ථනා කළේය.

සත්‍ථා “මහන‍්තං ඨානං ඉමිනා පත්‍ථිතං, සමිජ‍්ඣිස‍්සති නු ඛො”ති ඔලොකෙන‍්තො සමිජ‍්ඣනභාවං දිස‍්වා ආහ – “මනාපං තෙ ඨානං පත්‍ථිතං, අනාගතෙ සතසහස‍්සකප‍්පමත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස ත්‍වං තතියසාවකො මහාකස‍්සපත්‍ථෙරො නාම භවිස‍්සසී”ති. තං සුත්‍වා උපාසකො “බුද‍්ධානං ද‍්වෙ කථා නාම නත්‍ථී”ති පුනදිවසෙ පත‍්තබ‍්බං විය තං සම‍්පත‍්තිං අමඤ‍්ඤිත්‍ථ. සො යාවතායුකං සීලං රක‍්ඛිත්‍වා තත්‍ථ කාලඞ‍්කතො සග‍්ගෙ නිබ‍්බත‍්ති.

බුදුරජාණනන් වහන්සේද මොහු විසින් මහත් වූ තනතුරක් ප්‍රාර්ථනා කරන ලදී. එය ඉටුවේද? නොවන්ද? විමසා බලන සේක්, එය ඉටුවන බව දුටුසේක. “නුඹ විසින් ඉතා ප්‍රිය වූ තනතුරක් පතන ලදී. අනාගතයේ කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි, ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙති. නුඹ වහන්සේගේ තෙවැනි ශ්‍රාවකයා වූ මහා කාශ්‍යප තෙරුන් නමින් ප්‍රකට වන්නේය” යනුවෙන් පැවසූ බුදුවදන් ඇසූ උපාසකයා, “බුදුවරු ලඟ කථා දෙකක් නම් නැත”යි සිතා දෙවැනි දින සිටම එම තනතුර ලැබුවාක් මෙන් ප්‍රීති වුයේය. ඔහු ආයු කෙළවර දක්වා සීලාදිය රක්ෂාකොට, කළුරිය කිරීමෙන් පසු දෙලොව උපනේය.

තතො පට‍්ඨාය දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තිං අනුභවන‍්තො ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සිම‍්හි සම‍්මාසම‍්බුද‍්ධෙ බන්‍ධුමතීනගරං නිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ දෙවලොකා චවිත්‍වා අඤ‍්ඤතරස‍්මිං පරිජිණ‍්ණෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්මිඤ‍්ච කාලෙ “විපස‍්සී භගවා සත‍්තමෙ සත‍්තමෙ සංවච‍්ඡරෙ ධම‍්මං කථෙතී”ති මහන‍්තං කොලාහලං හොති. සකලජම‍්බුදීපෙ දෙවතා “සත්‍ථා ධම‍්මං කථෙස‍්සතී”ති ආරොචෙන‍්ති, බ්‍රාහ‍්මණො තං සාසනං අස‍්සොසි. තස‍්ස ච නිවාසනසාටකො එකො හොති, තථා බ්‍රාහ‍්මණියා, පාරුපනං පන ද‍්වින‍්නම‍්පි එකමෙව. සකලනගරෙ “එකසාටකබ්‍රාහ‍්මණො”ති පඤ‍්ඤායති. බ්‍රාහ‍්මණානං කෙනචිදෙව කිච‍්චෙන සන‍්නිපාතෙ සති බ්‍රාහ‍්මණිං ගෙහෙ ඨපෙත්‍වා සයං ගච‍්ඡති, බ්‍රාහ‍්මණීනං සන‍්නිපාතෙ සති සයං ගෙහෙ තිට‍්ඨති, බ්‍රාහ‍්මණී තං වත්‍ථං පාරුපිත්‍වා ගච‍්ඡති. තස‍්මිං පන දිවසෙ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණිං ආහ – “භොති, කිං රත‍්තිං ධම‍්මස‍්සවනං සුණිස‍්සසි දිවා”ති? “මයං මාතුගාමජාතිකා නාම රත‍්තිං සොතුං න සක‍්කොම, දිවා සොස‍්සාමී”ති බ්‍රාහ‍්මණං ගෙහෙ ඨපෙත්‍වා වත්‍ථං පාරුපිත්‍වා උපාසිකාහි සද‍්ධිං දිවා ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තෙ නිසින‍්නා ධම‍්මං සුත්‍වා උපාසිකාහියෙව සද‍්ධිං ආගමාසි. අථ බ්‍රාහ‍්මණො බ්‍රාහ‍්මණිං ගෙහෙ ඨපෙත්‍වා වත්‍ථං පාරුපිත්‍වා විහාරං ගතො.

එතැන් සිට දිව්‍ය, මනුෂ්‍ය සැපසම්පත් විඳිමින් සසර සැරිසරන කල්හි, මින් කල්ප අනූඑකකට පෙර පහළ වූ විපස්සී සම්මා සම්බුදුපියාණන් වහන්සේ බන්ධුමතී නුවර නිසා ක්ෂේමභූමියක් වූ මිගදායෙහි වැඩවසන සමයෙහි දෙව්ලොවින් චුතව එක් දුක්පත් බමුණු ගෙදරක උපන්ය. එසමයෙහි බුදුපියාණන් වහන්සේ සත්වැනි වසරෙහි ධර්මදේශනා කරන සේක් මහාකෝළාහලයක් ඇතිවිය. දෙවියෝ මුළු දඹදිවට ම “ශාස්තෘන් වහන්සේ ධර්මදේශනා කරන සේක”යි දැනුම් දෙති. මේ දුක්පත් බමුණාද එපුවත අසා බණ ඇසීමට යාමට කැමති විය. නමුත් ඔහුට හා බැමිණියට හැඳගෙන පිටතට යා හැකි එකම සලුවක් පමණක් ඇත. පොරවාගෙන යෑමටද ඇත්තේ එකම සලුවකි. එනිසා මුලුනුවර මොහු “ඒකසාටක බමුණා” යැයි ප්‍රසිද්ධ විය. බමුණන්ගේ කිසියම් රැස්වීමක්-උත්සවයක් වේනම් බැමිණිය ගෙදර නවතා බමුණා පමණක් ඒ සඳහා යයි. බැමිණියන්ගේ එක්වීමක්-උත්සවයක් ඇතිවූ කල්හි බමුණා ගෙදර නැවතී බැමිණිය පමණක් යයි. මෙදින බණ ඇසීමට යාමට රිසි වූ බමුණා, “පින්වතිය! කිම නුඹ රාත්‍රී බණ ඇසීමට යන්නීද? නැතිනම් දහවල් බණ ඇසීමට යන්නීද?”යි බැමිණියගෙන් විමසුවේය. “අපි ස්ත්‍රීහුය. එනිසා රෑ බණ ඇසීමට යා නොහැක. දවල් ම බණ ඇසීමට යමි”යි බැමිණිය කීවාය. ඇය බමුණා ගෙදර නවතා වස්ත්‍රය හැඳ-පොරවා ගෙන දහවල් බණ ඇසීමට උපාසිකාවන් සමග ගොස් එකත්පසෙක සිට බණ අසා උපාසිකාවන් සමග ම පැමිණියාය. ඉන්පසු බමුණාද බැමිණිය ගෙදර නවතා, වස්ත්‍රය හැඳ පොරවාගෙන විහාරයට ගියේය.

තස‍්මිං ච සමයෙ සත්‍ථා පරිසමජ‍්ඣෙ අලඞ‍්කතධම‍්මාසනෙ සන‍්නිසින‍්නො චිත‍්තබීජනිං ආදාය ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය සිනෙරුං මත්‍ථං කත්‍වා සාගරං නිම‍්මථෙන‍්තො විය ධම‍්මකථං කථෙති. බ්‍රාහ‍්මණස‍්ස පරිසන‍්තෙ නිසින‍්නස‍්ස ධම‍්මං සුණන‍්තස‍්ස පඨමයාමස‍්මිංයෙව සකලසරීරං පූරයමානා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජි. සො පාරුතවත්‍ථං සඞ‍්ඝරිත්‍වා “දසබලස‍්ස දස‍්සාමී”ති චින‍්තෙසි. අථස‍්ස ආදීනවසහස‍්සං දස‍්සයමානං මච‍්ඡෙරං උප‍්පජ‍්ජි, සො “බ්‍රාහ‍්මණියා ච මය‍්හඤ‍්ච එකමෙව වත්‍ථං, අඤ‍්ඤං කිඤ‍්චි පාරුපනං නත්‍ථි, අපාරුපිත්‍වා ච නාම බහි චරිතුං න සක‍්කා”ති සබ‍්බථාපි අදාතුකාමො අහොසි.

එවිට බුදුපියාණන් වහන්සේ පිරිස් මැද අලංකාර වූ ධර්මාසනයක හිඳ, විසිතුරු විජිනිපතක් ගෙන; අහස්ගඟට බස්වන්නාක් මෙන් ද මහමෙර මතට නැගී සාගරය මඩින්නාක් මෙන් ද ධර්මකථාව පවත්වන සේක. පිරිස් කෙළවර හිඳ බණ අසන්නා වූ බමුණාට රාත්‍රී ප්‍රථම යාමයේදී මුළු සිරුරම පිනායමින් පස්වනක් ප්‍රීතිය පහළවිය. ඔහු පොරවාගෙන සිටි වස්ත්‍ර රැගෙන “මෙය බුදුන්ට පුදමි”යි සිතීය. එවිට ඔහුට ආදීනව දහසක් දක්වමින් මසුරුකම පහළවිය. “බැමිණියටත් මටත් ඇත්තේ එකම වස්ත්‍රයකි. අනික් කිසිම පොරවාගෙන යෑමට වස්ත්‍රයක් නැත. මෙය නොමැතිව ගෙයින් පිටව යා නොහැක.” මෙලෙස කල්පනා වූ වහාම දීමේ කැමැත්ත ඉවත් විය.

අථස‍්ස නික‍්ඛන‍්තෙ පඨමයාමෙ මජ‍්ඣිමයාමෙපි තථෙව පීති උප‍්පජ‍්ජි, සො තථෙව ච චින‍්තෙත්‍වා තථෙව අදාතුකාමො අහොසි. අථස‍්ස මජ‍්ඣිමයාමෙ නික‍්ඛන‍්තෙ පච‍්ඡිමයාමෙපි තථෙව පීති උප‍්පජ‍්ජි, සො “තරණං වා හොතු මරණං වා, පච‍්ඡාපි ජානිස‍්සාමී”ති වත්‍ථං සඞ‍්ඝරිත්‍වා සත්‍ථු පාදමූලෙ ඨපෙසි. තතො වාමහත්‍ථං ආභුජිත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන තික‍්ඛත‍්තුං අප‍්ඵොටෙත්‍වා “ජිතං මෙ ජිතං මෙ”ති තයො වාරෙ නදි.

ඔහුට ප්‍රථම යාමය ඉක්මගිය කල්හි මධ්‍යම යාමයෙහිදී ද එවැනිම වූ මහා ප්‍රීතියක් ඇතිවිය. පෙර වස්ත්‍රය පූජාකිරීමේ සිත ඇතිවුවත් නැවතත් පෙරසේ මසුරුකම මතුවිය. මෙලෙස ධර්මශ්‍රවණය කරන ඔහුට පශ්චිම යාමයේදී ද මහත් වූ පස්වනක් ප්‍රීතියක් ඇතිවිය. ඔහු වහා නැගිට “එතෙරවීම හෝ මරණය හෝ වේවා! එය පසුව දැනගනිමි” යි වස්ත්‍රය රැගෙන වහා ගොස් බුදුපියාණන් වහන්සේ පාමුල තැබුවේය. ඉන්පසු වම් අත හකුලා දකුණු අතින් තෙවරක් අපොලසන් දී “මම දිනුවා”යි තෙවරක් ම මහහඬින් කෑගැසීය.

තස‍්මිඤ‍්ච සමයෙ බන්‍ධුමරාජා ධම‍්මාසනස‍්ස පච‍්ඡතො අන‍්තොසාණියං නිසින‍්නො ධම‍්මං සුණාති. රඤ‍්ඤො ච නාම “ජිතං මෙ”ති සද‍්දො අමනාපො හොති. සො පුරිසං පෙසෙසි “ගච‍්ඡ එතං පුච‍්ඡ කිං වදෙසී”ති? සො තෙන ගන‍්ත්‍වා පුච‍්ඡිතො ආහ – “අවසෙසා හත්‍ථියානාදීනි ආරුය‍්හ අසිචම‍්මාදීනි ගහෙත්‍වා පරසෙනං ජිනන‍්ති, න තං අච‍්ඡරියං, අහං පන පච‍්ඡතො ආගච‍්ඡන‍්තස‍්ස කූටගොණස‍්ස මුග‍්ගරෙන සීසං භින්‍දිත්‍වා තං පලාපෙන‍්තො විය මච‍්ඡෙරචිත‍්තං මද‍්දිත්‍වා පාරුතවත්‍ථං දසබලස‍්ස අදාසිං, තං මෙ මච‍්ඡරියං ජිත”න‍්ති ආහ.

මේ වෙලාවෙහි බන්ධුම රජු ධර්මාසනයට පසුපසින් තිරයෙන් පිටුපස හිඳ බණ අසයි. රජතුමාට නම් “මම දිනුවා” යන අනුන්ගේ වදන් අප්‍රියම වේ. ඔහු පුරුෂයෙක් යවා, “යව! කුමක් නිසා මෙසේ ප්‍රීතිවෙත්දැයි මොහුගෙන් අසා දැනගෙන එව”යි කීවේය. ඔහු බමුණා ලඟට ගොස් ප්‍රීතිවීමට හේතු විචාළේය. “වෙනත් පුද්ගලයෝ ඇත් යානාදියකට නැගී කඩු හා පලිහ ආදිය ගෙන සතුරුසේනා ජයගනිති. එය ආශ්චර්යයක් නොවේ. මගේ පසුපසින් දිවඑන්නා වූ කුළු ගොනෙකුට මුගුරකින් පහරදී, හිස බිඳ ඌ පලවා හරින්නාක් මෙන් මසුරු සිත මැඩ පවත්වා පෙර වූ එකම වස්ත්‍රය බුදුරදුන්ට පිදුවෙමි. මම ඒ මසුරු සිත ජයගත්තෙමි”යි බමුණා කීවේ.

පුරිසො ගන‍්ත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා ආහ – “අම‍්හෙ භණෙ දසබලස‍්ස අනුරූපං න ජානිම‍්හා, බ්‍රාහ‍්මණො පන ජානී”ති වත්‍ථයුගම‍්පි පෙසෙසි. තං දිස‍්වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අයං මය‍්හං තුණ‍්හී නිසින‍්නස‍්ස පඨමං කිඤ‍්චි අදත්‍වා සත්‍ථු ගුණෙ කථෙන‍්තස‍්ස අදාසි, සත්‍ථු ගුණෙ පටිච‍්ච උප‍්පන‍්නෙන මය‍්හං කො අත්‍ථො”ති තම‍්පි වත්‍ථයුගං දසබලස‍්සෙව අදාසි. රාජා “කිං බ්‍රාහ‍්මණෙන කත”න‍්ති? පුච‍්ඡිත්‍වා, “තම‍්පි තෙන වත්‍ථයුගං තථාගතස‍්සෙව දින‍්න”න‍්ති සුත්‍වා අඤ‍්ඤානි ද‍්වෙ වත්‍ථයුගානි පෙසෙසි. සො තානිපි අදාසි. රාජා අඤ‍්ඤානිපි චත‍්තාරීති එවං යාව ද‍්වත‍්තිංස වත්‍ථයුගානි පෙසෙසි.

රාජ පුරුෂයා මේ පුවත රජුට දැන්වීය. රජතුමා “කොළ! අප දසබලයන් වහන්සේට සුදුසු වූ දෙය නොදනිමු. බමුණාම එය දනියි” පවසා ඔහු වෙත අගනා වස්ත්‍ර යුගලයක් යැවීය. බමුණා එය දැක මෙසේ සිතීය. “පෙර නිශ්ශබ්දව සිටි මාහට කිසිවක් නුදුන් මොහු දැන් බුදුගුණ පවසත්දී මාහැඟි වස්ත්‍ර යුගලයක් දෙයි. බුදු ගුණ නිසා උපන් මේ පරිත්‍යාගයෙන් මට කවර ප්‍රයෝජනයක්ද?”යි පවසා එම වස්ත්‍ර යුගලයද බුදුරදුන්ට පිදුවේය. රජු බමුණා කල ක්‍රියාව දැන නැවතත් වස්ත්‍ර යුගලක් එවීය. ඔහු එයද බුදුරදුන්ටම පිදුවේය. රජු මෙලෙස තවත් වස්ත්‍ර යුගලක් වශයෙන් වස්ත්‍ර දෙතිස් යුගලක් බමුණා වෙත එවීය.

අථ බ්‍රාහ‍්මණො “ඉදං වඩ‍්ඪෙත්‍වා ගහණං විය හොතී”ති අත‍්තනො අත්‍ථාය එකං බ්‍රාහ‍්මණියා අත්‍ථාය එකන‍්ති ද‍්වෙ වත්‍ථයුගානි ගහෙත්‍වා තිංස යුගානි තථාගතස‍්සෙව අදාසි. තතො පට‍්ඨාය ච සත්‍ථු විස‍්සාසිකො ජාතො.

එවිට බමුණා මෙය වඩ වඩා ගැනීමක් වන්නේ යැයි සිතා තමාටත්, බැමිණියටත් ප්‍රමාණවත් වූ වස්ත්‍ර දෙකක් ගෙන ඉතිරි යුගල තිහම බුදුරදුන්ට පිදුවේ. එතැන් පටන් ශාස්තෘන් වහන්සේ ඉතා විශ්වාස අයෙකු විය.

අථ නං රාජා එකදිවසං සීතසමයෙ සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තං දිස‍්වා සතසහස‍්සග‍්ඝනිකං අත‍්තනො පාරුතං රත‍්තකම‍්බලං දත්‍වා ආහ – “ඉතො පට‍්ඨාය ඉදං පාරුපිත්‍වා ධම‍්මං සුණාහී”ති. සො “කිං මෙ ඉමිනා කම‍්බලෙන ඉමස‍්මිං පූතිකායෙ උපනීතෙනා”ති? චින‍්තෙත්‍වා, අන‍්තොගන්‍ධකුටියං තථාගතමඤ‍්චස‍්ස උපරි විතානං කත්‍වා අගමාසි.

රජු, එක් සීත කාලයක බුදුරදුන් සමීපයේ හිඳිමින් බණ අසන ඔහු දැක ලක්‍ෂයක් අගනා තමා පොරවාගෙන සිටි රතු කම්බිලිය දී, “මෙතැන් පටන් මෙය පොරවාගෙන බණ අසව”යි කීවේය. බමුණා “මේ කුණු ශරීරය, මේ උතුම් වූ කම්බලියෙන් වැසීමෙන් කවර ප්‍රයෝජනයක්ද?” යි සිතා තථාගතයන් වහන්සේගේ ගඳකිළිය ඇතුලෙහි ඇඳමත්තෙහි වියනක් කොට බැඳ පූජා කළේය.

අථ එකදිවසං රාජා පාතොව විහාරං ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියං සත්‍ථු සන‍්තිකෙ නිසීදි. තස‍්මිඤ‍්ච සමයෙ ඡබ‍්බණ‍්ණා බුද‍්ධරස‍්මියො කම‍්බලං පටිහඤ‍්ඤන‍්ති, කම‍්බලො අතිවිය විරොචති. රාජා උද‍්ධං ඔලොකෙන‍්තො සඤ‍්ජානිත්‍වා ආහ – “භන‍්තෙ, අම‍්හාකං එස කම‍්බලො, අම‍්හෙහි එකසාටකබ්‍රාහ‍්මණස‍්ස දින‍්නො”ති. තුම‍්හෙහි, මහාරාජ, බ්‍රාහ‍්මණො පූජිතො, බ්‍රාහ‍්මණෙන අහං පූජිතොති. රාජා “බ්‍රාහ‍්මණො යුත‍්තකං අඤ‍්ඤාසි, න මය”න‍්ති පසීදිත්‍වා යං මනුස‍්සානං උපකාරභූතං, තං සබ‍්බං අට‍්ඨට‍්ඨකං කත්‍වා සබ‍්බට‍්ඨකං නාම දානං දත්‍වා පුරොහිතට‍්ඨානෙ ඨපෙසි. සොපි “අට‍්ඨට‍්ඨකං නාම චතුසට‍්ඨි හොතී”ති චතුසට‍්ඨි සලාකභත‍්තානි උපනිබන්‍ධාපෙත්‍වා යාවජීවං දානං දත්‍වා සීලං රක‍්ඛිත්‍වා තතො චුතො සග‍්ගෙ නිබ‍්බත‍්ති.

දිනක් රජු උදෑසන ම විහාරයට පැමිණ, ගඳකිළියට පිවිස බුදුරජාණන් වහන්සේ සමීපයේ ම හිඳ පිළිසඳර කථාවෙහි නියුතු විය. මේ වේලාවෙහි සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහිද ගොස් කම්බිලියෙහි වදී. කම්බිලිය අතිශයින් බබලයි. රජු උඩ බලා කම්බිලිය හඳුනාගෙන, “ස්වමීනි! මගේ මේ කම්බිලිය මම සාටක බමුණාට දුනෙමි”යි කීවේය. “මහරජ! නුඹ විසින් බමුණා පිදුවේ. බමුණා විසින් මා පුදන ලදී” යි බුදුපියාණෝ දේශනා කළ සේක. රජතුමා “බමුණා විසින් ඉතා සුදුසු වූවක්ම කරන ලදී. අප මෙන් නොවේ” යැයි පැහැදී මිනිසුන්ට උපකාර වන වස්තු සියල්ල, අට, අට බැගින් වනසේ “සබ්බට්ඨක” නම් වූ මහාදානයක් බමුණාට පවත්වා, ඔහු පුරෝහිත තනතුරෙහි තැබුවේය. බමුණාද අට්ඨ අට්ඨක නම් හැටඅටක්ම වේයැයි සළාක බත් හැටඅටක් පිහිටුවා නිති දන්දෙමින් සිල් රැක ආයු කෙළවර ඉන් චුතව දෙව්ලොව උපන්නේය.

පුන තතො චුතො ඉමස‍්මිං කප‍්පෙ කොණාගමනස‍්ස ච භගවතො කස‍්සපදසබලස‍්ස චාති ද‍්වින‍්නං බුද‍්ධානං අන‍්තරෙ බාරාණසියං කුටුම‍්බියඝරෙ නිබ‍්බත‍්තො, සො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං වසන‍්තො එකදිවසං අරඤ‍්ඤෙ ජඞ‍්ඝවිහාරං චරති. තස‍්මිඤ‍්ච සමයෙ පච‍්චෙකබුද‍්ධො නදීතීරෙ චීවරකම‍්මං කරොන‍්තො අනුවාතෙ අප‍්පහොන‍්තෙ සඞ‍්ඝරිත්‍වා ඨපෙතුං ආරද‍්ධො. සො දිස‍්වා, “කස‍්මා, භන‍්තෙ, සඞ‍්ඝරිත්‍වා ඨපෙථා”ති? ආහ. අනුවාතො නප‍්පහොතීති. “ඉමිනා, භන‍්තෙ, කරොථා”ති සාටකං දත්‍වා, “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කෙනචි පරිහානි මා හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි.

නැවත ඉන් චුතව මේ මහා භද්‍ර කල්පයේ කෝණාගමන හා කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ කාලය අතර බරණැස සිටුගෙයක උපන්නේය. වැඩිවිය පැමිණ ගිහිගෙයි වසන ඔහු දිනක් දිවා සුඛවිහරණය සඳහා කැළයේ සක්මන් කරන අවස්ථාවෙහි පසේ බුදුවරයන් වහන්සේ නමක් නදීතෙර හිඳ සිවුරක් මසනු දුටුවේය. පසුපසින් එන සුලඟ නිසා එය මැසීමට නොහැකිව හැකිලීමට සැරසෙනු දුටු සිටුතුමා, “ස්වාමීනි! කවර හෙයින් හකුළා තබන්නේන්ද?”යි විමසූ විට “පසුපසින් එන සුලඟ නිසා සිවුර මැසීම අපහසුයැ”යි පැවසූ සේක. එවිට සිටුතුමා “මෙයින් හොඳ සිවුරක් මසාගන්නා සේක්වා!”යි වටිනා වස්ත්‍රයක් පූජාකර “මාහට උපනුපන් ආත්ම භාවයන්හි කිසිදු පිරිහීමක් නොවේවා!”යි පැතුවේය.

ඝරෙපිස‍්ස භගිනියා සද‍්ධිං භරියාය කලහං කරොන‍්තියා පච‍්චෙකබුද‍්ධො පිණ‍්ඩාය පාවිසි.

දිනක් ඔහු ගෙදර සිටිනවිටදී තම නැගණිය හා බිරිඳ කලහ කරමින් සිටි අවස්ථාවක පසේබුදුපියාණන් වහන්සේ පිඬු සිඟා වැඩි සේක.

අථස‍්ස භගිනී පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා තස‍්ස භරියං සන්‍ධාය “එවරූපං බාලං යොජනසතෙන පරිවජ‍්ජෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙසි.

උන්වහන්සේන්ගේ පාත්‍රය ගත් නැගණිය එය ආහාරවලින් පුරවා පූජාකොට, ඔහුගේ භාර්යාව නිසා “මෙබඳු බාලයන්ගේ ඇසුර යොදුන් සීයකින් දුරු කෙරේවා!”යි ප්‍රාර්ථනා කළාය.

සා ගෙහද‍්වාරෙ ඨිතා තං සුත්‍වා, “ඉමාය දින‍්නං භත‍්තං එස මා භුඤ‍්ජතූ”ති පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතං ඡඩ‍්ඩෙත්‍වා කලලස‍්ස පූරෙත්‍වා අදාසි. ඉතරා දිස‍්වා, “බාලෙ මං තාව අක‍්කොස වා පහර වා. එවරූපස‍්ස පන ද‍්වෙ අසඞ‍්ඛෙය්‍යානි පූරිතපාරමිස‍්ස පත‍්තතො භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලං දාතුං න යුත‍්ත”න‍්ති ආහ. අථස‍්ස භරියාය පටිසඞ‍්ඛානං උප‍්පජ‍්ජි. සා “තිට‍්ඨථ, භන‍්තෙ”ති කලලං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තං ධොවිත්‍වා ගන්‍ධචුණ‍්ණෙන උබ‍්බට‍්ටෙත්‍වා පවරස‍්ස චතුමධුරස‍්ස පූරෙත්‍වා උපරි ආසිත‍්තෙන පදුමගබ‍්භවණ‍්ණෙන සප‍්පිනා විජ‍්ජොතමානං පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා, “යථා අයං පිණ‍්ඩපාතො ඔභාසජාතො, එවං ඔභාසජාතං මෙ සරීරං හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි. පච‍්චෙකබුද‍්ධො අනුමොදිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි.

ඔහුගේ භාර්යාව, ඇගේ ප්‍රාර්ථනාව අසා වහා දිව අවුත්, පාත්‍රය නැවත ගෙන “මෙය නොවළඳන සේක්වා!”යි කියා ආහාර ඉවතලා, පාත්‍රයෙහි මඩ පුරවා දුන්නාය. නැගණිය එය දැක, “එම්බා මෝඩ ස්ත්‍රිය! මා හට අක්‍රෝශ කරව. පහර දෙව. මෙසේ දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරන ලද පාරමීදම් ඇත්තහුගේ පාත්‍රයෙන් බත් ඉවතලා මඩ පුරවා දීම නම් සුදුසු නොවේ”යැයි කීවාය. එවිට ඔහුගේ බිරියට නුවණැස පහළ විය. ඇය “ස්වාමීනි! මදක් සිටින්න”යි පවසා මඩ ඉවතලා, පාත්‍රය සෝදා, සුවඳ කුඩු තවරා, සුවඳදුම් දී, ප්‍රණීත චතුමධුරයන්ගෙන් එය පුරවා, ඒ මත පියුගැබක වර්ණය ඇති ගිතෙල් වත්කර සැදැහැයෙන් පූජා කරන්නේ, පාත්‍රය බුදුරදුන්ගේ හස්තයෙහි තබා “මේ පිණ්ඩපාත ආහාරයේ යම් ආලෝකයක්-ප්‍රභාවක් වේද එබඳු වූම ප්‍රභාවක් මාගේ ශරීරයේද වේවා!”යි පැතුවාය. පසේබුදුරජානෝ පින් අනුමෝදන් කළ සේක් අහසට පැන නැගී වැඩි සේක.

තෙපි ජායම‍්පතිකා යාවතායුකං කුසලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා පුන තතො චවිත්‍වා උපාසකො බාරාණසියං අසීතිකොටිවිභවස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ඉතරා තාදිසස‍්සෙව ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස වුද‍්ධිප‍්පත‍්තස‍්ස තමෙව සෙට‍්ඨිධීතරං ආනයිංසු. තස‍්සා පුබ‍්බෙ අදින‍්නවිපාකස‍්ස තස‍්ස කම‍්මස‍්ස ආනුභාවෙන පතිකුලං පවිට‍්ඨමත‍්තාය උම‍්මාරබ‍්භන‍්තරෙ සකලසරීරං උග‍්ඝාටිතවච‍්චකුටි විය දුග‍්ගන්‍ධං ජාතං. සෙට‍්ඨිකුමාරො “කස‍්සායං ගන්‍ධො”ති පුච‍්ඡිත්‍වා “සෙට‍්ඨිකඤ‍්ඤායා”ති සුත්‍වා “නීහරථ නීහරථා”ති ආභතනියාමෙනෙව කුලඝරං පෙසෙසි.

ඒ අඹුසැමි දෙදෙන ආයු ඇති තෙක් කුසල් දහම් සිදුකර - දෙව්ලොව ඉපිද නැවත ඉන් චුත වූවාහු දෙදෙන ම අසූකෙලක් ධන ඇති බරණැස් සිටු පවුල් දෙකක උපන්හ. වැඩිවිය පැමිණි ඔවුහු දෙදෙන ම මාපිය අනුමැතියෙන් විවාහ විය. ස්ත්‍රියගේ පෙර භවයේ කළ පාපකර්මය මතුවෙමින්, පතිකුලයට පිවිසි කෙණෙහිම ස්වාමියාගේ ගෙදර එළිපත්තෙහි සිට මුලු ගෙදරම විවෘත කළ වැසිකිළිවලක් මෙන් දුගඳින් පිරී ගියේය. “මේ කාගේ ගඳක්ද?”යි අසා “සිටුදුවගේ ගඳකි”යි යන පිළිතුරින් කිපී “වහා මැය ඉවත් කරමු. දුරුකරවු”යි පැවසුවේය. මෙනිසා ඇය විවාහ වී පැමිණි දිනම තම නිවසට යෑමට සිදුවිය.

සා එතෙනෙව නීහාරෙන සත‍්තසු ඨානෙසු පටිනිවත‍්තිතා චින‍්තෙසි – “අහං සත‍්තසු ඨානෙසු පටිනිවත‍්තා. කිං මෙ ජීවිතෙනා”ති? අත‍්තනො ආභරණභණ‍්ඩං භඤ‍්ජාපෙත්‍වා සුවණ‍්ණිට‍්ඨකං කාරෙසි රතනායතං විදත්‍ථිවිත්‍ථතං චතුරඞ‍්ගුලුබ‍්බෙධං. තතො හරිතාලමනොසිලාපිණ‍්ඩං ගහෙත්‍වා අට‍්ඨ උප‍්පලහත්‍ථකෙ ආදාය කස‍්සපදසබලස‍්ස චෙතියකරණට‍්ඨානං ගතා. තස‍්මිඤ‍්ච ඛණෙ එකා ඉට‍්ඨකපන‍්ති පරික‍්ඛිපිත්‍වා ආගච‍්ඡමානා ඝටනිට‍්ඨකාය ඌනා හොති. සෙට‍්ඨිධීතා වඩ‍්ඪකිං ආහ – “ඉමං ඉට‍්ඨකං එත්‍ථ ඨපෙථා”ති. අම‍්ම, භද‍්දකෙ කාලෙ ආගතාසි, සයමෙව ඨපෙහීති. සා ආරුය‍්හ තෙලෙන හරිතාලමනොසිලං යොජෙත්‍වා තෙන බන්‍ධනෙන ඉට‍්ඨකං පතිට‍්ඨපෙත්‍වා උපරි අට‍්ඨහි උප‍්පලහත්‍ථකෙහි පූජං කත්‍වා වන්‍දිත්‍වා, “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කායතො චන්‍දනගන්‍ධො වායතු, මුඛතො උප‍්පලගන්‍ධො”ති පත්‍ථනං කත්‍වා, චෙතියං වන්‍දිත්‍වා, පදක‍්ඛිණං කත්‍වා අගමාසි.

මෙලෙස සත්වරක් ම ඇය සැමියන් විසින් පිටමං කරන ලදී “මම සත් තැනකින්ම පිටමං කරන ලද්දීය. මගේ දිවියෙන් ඇති ප්‍රයෝජනය. කුමක්ද?”යි ආභරණ සියල්ල එක්රැස් කර, රියනක් දික්වූ රියනක් පළල වූ සතර අඟලක් උස්වූ රන් ගඩොලක් කරවූවාය. පසුව එම ගඩොලද රන්සිරියල් පිඬක් ද උපුල්මල් මිටි අටක්ද ගත් අත් ඇත්තේ කසුප් බුදුරදුන්ගේ චෛත්‍ය කරන තැනට පිවිසියාය. එකෙණෙහි එක් ගඩොල් පේලියක් වටකරගෙන එන වඩුවානන්ට එම පේලියෙහි කළයක් පමණ ප්‍රමාණයක අඩුවක් විය. වහා සිටුදුව ඉදිරිපත්ව වඩුවාට මෙසේ කීවාය. “මේ ගඩොල මෙතැන තබන්න” යනුවෙනි. සතුටට පත් වඩුවා “එසේය! නැගණියනි. නුඹ නියම වේලාවට පැමිණියෙහිය. නුඹම ඔය රන්ගඩොල තබව”යි කීවේය. ඇය එතැනට නැගී තෙලින් රත්සිරියල් කුඩු කලවම් කර යෙදූ බදාමයෙන් ගඩොල එම හිස්තැනෙහි තබා ඒ මත උපුල්මල් මිටි අට පුජාකර වැඳගෙන “උපනුපන් ආත්මභාවයෙහි මගේ කයින් සඳුන් සුවඳද මුවින් උපුල්මල් සුවඳ ද හමත්වා!” යි පැතුවාය. එසේ පතා සෑය වැඳ පැදකුණු කර නිවසට ම ගියාය.

අථ තස‍්මිංයෙව ඛණෙ යස‍්ස සෙට‍්ඨිපුත‍්තස‍්ස පඨමං ගෙහං නීතා, තස‍්ස තං ආරබ‍්භ සති උදපාදි. නගරෙපි නක‍්ඛත‍්තං සංඝුට‍්ඨං හොති. සො උපට‍්ඨාකෙ ආහ – “තදා ඉධ ආනීතා සෙට‍්ඨිධීතා අත්‍ථි, කහං සා”ති? “කුලගෙහෙ සාමී”ති. “ආනෙථ නං, නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති. තෙ ගන‍්ත්‍වා, තං වන්‍දිත්‍වා ඨිතා “කිං, තාතා, ආගතත්‍ථා”ති? තාය පුට‍්ඨා තං පවත‍්තිං ආචික‍්ඛිංසු. “තාතා, මයා ආභරණභණ‍්ඩෙන චෙතියං පූජිතං, ආභරණං මෙ නත්‍ථී”ති. තෙ ගන‍්ත්‍වා සෙට‍්ඨිපුත‍්තස‍්ස ආරොචෙසුං. “ආනෙථ නං, පිළන්‍ධනං ලභිස‍්සාමා”ති. තෙ ආනයිංසු. තස‍්සා සහ ඝරප‍්පවෙසෙන සකලගෙහං චන්‍දනගන්‍ධඤ‍්චෙව නීලුප‍්පලගන්‍ධඤ‍්ච වායි.

මේ උතුම් පින්කම කළ කෙණෙහි ම සිටු පුතණුවන්ට තමා සමග විවාහ වී සිටි මැය පිළිබඳව සිහිපත් විය. නගරයේ ද මෙවේලෙහිම නැකැත් කෙළියට දැනුම්දීමක් විය. ඔහු සේවකයන් කැඳවා “මෙහි රැගෙන ආ සිටුදුව වසන්නී කොතැනද?”යි ඇසුවේය. “ස්වස්වාමිපුත්‍රය! ඇය තම නිවසෙහි වසන්නීය”යැයි පැවසූ විට, සිටුපුතා “වහා ඇය කැඳවන්න. ඇයත් සමග නැකැත් ක්‍රීඩා කරන්නෙමු”යි පැවසීය. සේවකයෝ ගොස් සිටුදුවට වැඳ සිටි කල්හි “දරුවනි! කුමක් නිසා පැමිණියේද?” ඇසුවාය. සිටුපුතාගේ කැඳවීම ඇයට දැනුම් දුන් කල්හි, “දරුවනි, මවිසින් සියළු ආභරණ සෑයට පුදන ලදී. මාහට ආභරණ නැත”යි පැවසුවාය. ඇයගේ ප්‍රකාශය සිටුපුතාට දැනුම් දුන් කල්හි, “ඇය කැඳවාගෙන එවු. ආභරණ දෙන්නෙමි”යි පැවසීය. සේවකකාරකාදීහු වහා ගොස් ඇය නැවතත් කැඳවාගෙන ආහ. ඇය එම සිටුගෙදරට පිවිසි කල්හිම මුළු ගෙයම සඳුන් සුවඳින් ද නිලුපුල් සුවඳින් ද පිරී ගියේය.

සෙට‍්ඨිපුත‍්තො තං පුච‍්ඡි – “පඨමං තව සරීරතො දුග‍්ගන්‍ධො වායි, ඉදානි පන තෙ සරීරතො චන්‍දනගන්‍ධො, මුඛතො උප‍්පලගන්‍ධො වායති. කිං එත”න‍්ති? සා ආදිතො පට‍්ඨාය අත‍්තනො කතකම‍්මං ආරොචෙසි. සෙට‍්ඨිපුත‍්තො “නිය්‍යානිකං වත බුද‍්ධානං සාසන”න‍්ති පසීදිත්‍වා යොජනිකං සුවණ‍්ණචෙතියං කම‍්බලකඤ‍්චුකෙන පරික‍්ඛිපිත්‍වා තත්‍ථ තත්‍ථ රථචක‍්කප‍්පමාණෙහි සුවණ‍්ණපදුමෙහි අලඞ‍්කරි. තෙසං ද‍්වාදසහත්‍ථා ඔලම‍්බකා හොන‍්ති.

සිටුපුතා “පෙරදී නුඹගේ සිරුරින් මහා දුගඳක් හැමීය. දැන් නුඹගේ සිරුරින් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්මල් සුවඳ හමයි. මෙයට කරුණු කිම්ද?” යි ඇගෙන් ඇසුවේය. ඇය මුල සිට ම තමා කළ ක්‍රියාව සිටුපුතාට කීවාය. සිටුපුතා “මෙබඳු වූ බුදුසසුන ඒකාන්තයෙන් සසරින් නික්මීම සලසා දෙන්නකි”යි පැහැදී යොදුනක් වූ රන්සෑය කම්බිලි සැට්ටයකින් වටකර ඒ ඒ තැන රිය සකක් පමණ රන් පියුම්වලින් අලංකාර කළේය. එම පියුම්වලින් දොළොසක් අත් එල්බෙයි.

සො තත්‍ථ යාවතායුකං ඨත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො බාරාණසිතො යොජනමත‍්තෙ ඨානෙ අඤ‍්ඤතරස‍්මිං අමච‍්චකුලෙ නිබ‍්බත‍්ති. සෙට‍්ඨිකඤ‍්ඤා දෙවලොකතො චවිත්‍වා රාජකුලෙ ජෙට‍්ඨධීතා හුත්‍වා නිබ‍්බත‍්ති.

ඔහු මෙසේ පින්දහම් කර, ආයු පමණින් පරලොව ගොස් ඉන් චුතවී බරණැස් නුවරින් යොදුනක් පමණ තැන්හි ඇමති පවුලක උපන්නේය. සිටුදුව දෙලොවින් චුතවූවා එනුවරම රජගෙදර වැඩිමහල් දියණිය ලෙස උපන්නීය.

තෙසු වයප‍්පත‍්තෙසු කුමාරස‍්ස වසනගාමෙ නක‍්ඛත‍්තං සංඝුට‍්ඨං, සො මාතරං ආහ – “සාටකං මෙ අම‍්ම දෙහි, නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති. සා ධොතවත්‍ථං නීහරිත්‍වා අදාසි. “අම‍්ම ථූලං ඉද”න‍්ති. අඤ‍්ඤං නීහරිත්‍වා අදාසි, තම‍්පි පටික‍්ඛිපි. අඤ‍්ඤං නීහරිත්‍වා අදාසි, තම‍්පි පටික‍්ඛිපි. අථ නං මාතා ආහ – “තාත, යාදිසෙ ගෙහෙ මයං ජාතා, නත්‍ථි නො ඉතො සුඛුමතරස‍්ස පටිලාභාය පුඤ‍්ඤ”න‍්ති. “ලභනට‍්ඨානං ගච‍්ඡාමි අම‍්මා”ති. “පුත‍්ත අහං අජ‍්ජෙව තුය‍්හං බාරාණසිනගරෙ රජ‍්ජපටිලාභම‍්පි ඉච‍්ඡාමී”ති. සො මාතරං වන්‍දිත්‍වා ආහ – “ගච‍්ඡාමි අම‍්මා”ති. “ගච‍්ඡ, තාතා”ති. එවං කිරස‍්සා චිත‍්තං අහොසි – “කහං ගමිස‍්සති, ඉධ වා එත්‍ථ වා ගෙහෙ නිසීදිස‍්සතී”ති? සො පන පුඤ‍්ඤනියාමෙන නික‍්ඛමිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා උය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ සසීසං පාරුපිත්‍වා නිපජ‍්ජි. සො චා බාරාණසිරඤ‍්ඤො කාලඞ‍්කතස‍්ස සත‍්තමො දිවසො හොති.

ඔවුහු වැඩිවියට පත් කල්හි කුමරා වසන ගමෙහි නැකැත් කෙළියට කල් දැන්වීය. ඔහු තම මවු වෙත ගොස් “අම්මේ! මට සලුවක් දෙන්න. නැකැත් ක්‍රීඩාවෙහි යෙදෙන්නෙමි”යි කීවේය. මව පිරිසිදු වස්ත්‍රයක් දුන්නාය. “අම්මේ! මෙය ගොරෝසු සලුවකි”යි පුතු කීවේය. මව තව වස්ත්‍රයක් දුන්නීය. එයද ප්‍රතිෂ්ප විය. තව සිනිදුම වස්ත්‍රයක් දුන් විටද එයද ප්‍රතික්‍ෂේප විය. මෙවිට මව “දරුව! යම්ගෙයක මා උපන්නී නම් එහි මීට වඩා සිනිඳු වස්ත්‍රයක් ලැබීමට මා පින්කර නැත”යි කීවාය. මවගේ වදන් ඇසූ පුතු, “අම්මේ! එබඳු වස්ත්‍ර ලබන තැනකට යෙමි”යි කියූවිට මෑණියෝ “පුත! නුඹට අද ම බරණැස් නුවර රජකම ලැබේවා’යි මම පතන්නෙමි”යි කීවාය. ඔහු සතුටු සිතින් මවුට වැඳ “මෑණියනි! යමි”යි කියා “පුත! යන්න”යි අවසරය ලබාගෙන, ගෙදරින් පිටවිය. ඔහු “යන්නේ කොතැනද? එහෙ මෙහෙ යම්ද? ගෙදර සිටිම්ද?” ආදී ලෙස විතර්ක කරනුයේ පූර්වකෘත පුණ්‍යබලයේ මෙහෙයවීමෙන් බරණැසටම පැමිණවූයේය. බරණැස් නුවරට ගොස් මගුල් උයනට පිවිස රාජකීය ගල්තලාවෙහි හිස පටන් පොරවාගෙන නිදාගත්තේය. එදින බරණැස් රජු කළුරිය කිරීමෙන් උදාවූ සත්වැනි දිනයයි.

අමච‍්චා රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා රාජඞ‍්ගණෙ නිසීදිත්‍වා මන‍්තයිංසු – “රඤ‍්ඤො එකා ධීතාව අත්‍ථි, පුත‍්තො නත්‍ථි. අරාජකං රජ‍්ජං න තිට‍්ඨති. කො රාජා හොතී”ති මන‍්තෙත්‍වා, “ත්‍වං හොහි, ත්‍වං හොහී”ති. පුරොහිතො ආහ – “බහුං ඔලොකෙතුං න වට‍්ටති, ඵුස‍්සරථං විස‍්සජ‍්ජෙමා”ති. තෙ කුමුදවණ‍්ණෙ චත‍්තාරො සින්‍ධවෙ යොජෙත්‍වා, පඤ‍්චවිධං රාජකකුධභණ‍්ඩං සෙතච‍්ඡත‍්තඤ‍්ච රථස‍්මිංයෙව ඨපෙත්‍වා රථං විස‍්සජ‍්ජෙත්‍වා පච‍්ඡතො තූරියානි පග‍්ගණ‍්හාපෙසුං. රථො පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උය්‍යානාභිමුඛො අහොසි, “පරිචයෙන උය්‍යානාභිමුඛො ගච‍්ඡති, නිවත‍්තෙමා”ති කෙචි ආහංසු. පුරොහිතො “මා නිවත‍්තයිත්‍ථා”ති ආහ. රථො කුමාරං පදක‍්ඛිණං කත්‍වා ආරොහනසජ‍්ජො හුත්‍වා අට‍්ඨාසි. පුරොහිතො පාරුපනකණ‍්ණං අපනෙත්‍වා පාදතලානි ඔලොකෙන‍්තො “තිට‍්ඨතු අයං දීපො, ද‍්විසහස‍්සදීපපරිවාරෙසු චතූසු දීපෙසු එස රජ‍්ජං කාතුං යුත‍්තො”ති වත්‍වා, “පුනපි තූරියානි පග‍්ගණ‍්හාථ පුනපි පග‍්ගණ‍්හාථා”ති තික‍්ඛත‍්තුං තූරියානි පග‍්ගණ‍්හාපෙසි.

ඇමතිවරු රජුගේ ශරීරය ආදාහනය කර - සියලු කටයුතු නිමවා; හිඳ සාකච්ඡා කළහ. “රජුට එක් දුවක්ම සිටී. පුත්තු නැත. රජකු නැති රාජ්‍යය නොපවතී. රජවන්නේ කවුද?” “කිම නුඹද?” “කිම නුඹද?” යනුවෙන් කථාකරන්නා වූ ඇමතිවරුන්ට පෙරවි බමුණා මෙසේ කීවේය. “බොහෝ කොට විමසීමෙන් ප්‍රයෝජනයක් නැත. රාජ රථය පිටත්කර හරිමු”යි යනුවෙනි. සියලු දෙන සුදු සෛන්ධව අසුන් යෙදු පංචවිධ කකුධ භාණ්ඩ-සේසත් ආදියෙන් අලංකෘත රථය සරසා එය තනිවම පිටකර හැර, පසුපසින් සංගීත තූර්යභාණ්ඩ ඔසවාගෙන ගියහ. රථය නැගෙනහිර දොරටුවෙන් පිටත්ව උයන දෙසට හැරුණේය. සෙසු ඇමතිවරු “රථය පුරුදු පරිදිම උයනට යන්නේය. එනිසා එය නවත්වමු”යි කීහ. නමුත් පුරෝහිතයා “නවත්වන්න එපා!”යි කීවේය. රථය උයනට පිවිස කුමරු වටා පැදකුණු කර, ඔහු නංවාගැනීමට සූදානම්ව මෙන් සිටියේය. එතැනට පිවිසි පුරෝහිතතුමා කුමරුගේ පොරවාගෙන සිටි පොරෝනාව ඔසවා, පාතලය බලා, “නවතින්න. මේ දිවයිනද දෙදහසක් දිවයින් පිරිවර කරගත් සතරමහා ද්වීපයටම එකම රජුවීමට මොහු සුදුසුයැ”යි ප්‍රීතියෙන් පවසා, “වහා නැවත තූර්ය භාණ්ඩ නාදකරමු” “නැවත ද නාද කරමු”යි කියා තෙවරක් ම තූර්‍යනාද පැවැත්වීය.

අථ කුමාරො මුඛං විවරිත්‍වා ඔලොකෙත්‍වා, “කෙන කම‍්මෙන ආගතත්‍ථා”ති? ආහ. “දෙව, තුම‍්හාකං රජ‍්ජං පාපුණාතී”ති. “රාජා කහ”න‍්ති. “දෙවත‍්තං ගතො සාමී”ති. “කති දිවසා අතික‍්කන‍්තා”ති? “අජ‍්ජ සත‍්තමො දිවසො”ති. “පුත‍්තො වා ධීතා වා නත්‍ථී”ති. “ධීතා අත්‍ථි දෙව, පුත‍්තො නත්‍ථී”ති. “තෙන හි කරිස‍්සාමි රජ‍්ජ”න‍්ති.

එවිට කුමරු මුව විවෘත කර බලනුයේ “කුමක් නිසා මෙහි ආවේද?”යි පිරිසගෙන් ඇසීය. “දේවයන් වහන්ස! නුඹට රාජ්‍ය පැමිණියේය.” පිරිස කී බස් අසා “නුඹලාගේ රජු කොහි ගියේද?”යි විමසීය. “ස්වාමීනි! දෙව්ලොව ගියේය. “අදට කෙතෙක් දවස් ඉක්ම ගියේද?” “ස්වාමීනි! අද සත්වැනි දවස වේ.” “රජුට පුතෙක් හෝ දුවෙක් හෝ නොසිටියේද?” “දේවයන් වහන්ස! දුවක් පමණක් ඇත. පුතෙකු නැත”යි කී බස් පිළිගෙන “එසේනම් රාජ්‍යය කරමි”යි පැවසුවේය.

තෙ තාවදෙව අභිසෙකමණ‍්ඩපං කත්‍වා රාජධීතරං සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා උය්‍යානං ආනෙත්‍වා කුමාරස‍්ස අභිසෙකං අකංසු.

ඔවුහු එකෙණෙහි ම අභිෂේක මංගල්‍යයක් කරවා, රජදුව සර්ව ආභරණයන්ගෙන් සරසා ගෙනවුත් පාවාදී කුමරු අභිෂේක කළහ.

අථස‍්ස කතාභිසෙකස‍්ස සතසහස‍්සග‍්ඝනිකං වත්‍ථං උපහරිංසු. සො “කිමිදං, තාතා”ති? ආහ. “නිවාසනවත්‍ථං දෙවා”ති. “නනු, තාතා, ථූල”න‍්ති. “මනුස‍්සානං පරිභොගවත්‍ථෙසු ඉතො සුඛුමතරං නත්‍ථි දෙවා”ති. “තුම‍්හාකං රාජා එවරූපං නිවාසෙසී”ති? “ආම, දෙවා”ති. “න මඤ‍්ඤෙ පුඤ‍්ඤවා තුම‍්හාකං රාජා, සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරථ, ලභිස‍්සාම වත්‍ථ”න‍්ති. සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරිංසු. සො උට‍්ඨාය හත්‍ථෙ ධොවිත්‍වා, මුඛං වික‍්ඛාලෙත්‍වා, හත්‍ථෙන උදකං ආදාය, පුරත්‍ථිමදිසාය අබ‍්භුක‍්කිරි, ඝනපථවිං භින්‍දිත්‍වා අට‍්ඨ කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. පුන උදකං ගහෙත්‍වා දක‍්ඛිණං පච‍්ඡිමං උත‍්තරන‍්ති එවං චතස‍්සො දිසා අබ‍්භුක‍්කිරි, සබ‍්බදිසාසු අට‍්ඨ අට‍්ඨ කත්‍වා ද‍්වත‍්තිංස කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. සො එකං දිබ‍්බදුස‍්සං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා “නන්‍දරඤ‍්ඤො විජිතෙ සුත‍්තකන‍්තිකා ඉත්‍ථියො මා සුත‍්තං කන‍්තිංසූති එවං භෙරිං චාරාපෙථා”ති වත්‍වා, ඡත‍්තං උස‍්සාපෙත්‍වා, අලඞ‍්කතපටියත‍්තො හත්‍ථික‍්ඛන්‍ධවරගතො නගරං පවිසිත්‍වා, පාසාදං ආරුය‍්හ මහාසම‍්පත‍්තිං අනුභවි.

කරන ලද අභිෂේකෙ ඇති ඔහුට ලක්ෂයක් අගනා වස්ත්‍ර එළවූහ. ඔහු “දරුව! මේ මොනවාද?” යි ඇසීය. “දේවයන් වහන්ස! හඳින වස්ත්‍රයය.” එවිට රජතුමා “දරුව! මේවා අතිශයින් රළු වේ.”යැයි පැවසූ විට “දේවයන් වහන්ස! මිනිසුන් පරිභෝග කරන වත්‍ර අතර මීට වඩා සිනිඳු වස්ත්‍ර නොමැත”යි සේවකයා කීවේය. “නුඹලාගේ රජතුමා පෙරවූයේ මෙබඳු වස්ත්‍රද?” “එසේය ස්වමීනි!” “නුඹලාගේ රජතුමා පින්වතෙකියි නොසිතමි. රන් කෙණ්ඩියක් ගෙනෙවු. වස්ත්‍ර ලබනෙමි”යි කියූ රජතුමා රන් කෙන්ඩියක් ගෙනැවිත් දුන් කල්හි, එය රැගෙන නැගිට මුව සහ අත්සෝදා පවිත්‍රව, අතින් දියගෙන පෙරදිග දිශාවට ඉස්සේය. එවිට ඝන මහපොළව බිඳගෙන කල්ප වෘක්ෂ අටක් පැන නැංගේය. නැවත දියගෙන දකුණට, බටහිරට, උතුරට යන දිවුදිශාවන්ටම ඉසින ලදී. සියලු දිශාවන්හි අට, අට බැගින් කල්ප වෘක්‍ෂයෝ දෙතිසක් පහළ වූහ. රජු එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ, එකක් පොරවාගෙන, “නන්ද රජුගේ විජිතයේ නූල් කටින ස්ත්‍රීහු නොසිටිත්වා!”යි අණබෙර හසුරුවන දැනුම් දෙවා, සෙස්සත් නංවා අලංකාරව සැරසූ ඇතෙකු පිට නැගී නුවරට පිවිස රජ මාලිගාවට පිවිස මහත් රජසිරි වින්දේය.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ එකදිවසං දෙවී රඤ‍්ඤො සම‍්පත‍්තිං දිස‍්වා, “අහො තපස‍්සී”ති කාරුඤ‍්ඤාකාරං දස‍්සෙසි. “කිමිදං දෙවී”ති? ච පුට‍්ඨා, “අතිමහතී, දෙව, සම‍්පත‍්ති, අතීතෙ බුද‍්ධානං සද‍්දහිත්‍වා කල්‍යාණං අකත්‍ථ, ඉදානි අනාගතස‍්ස පච‍්චයං කුසලං න කරොථා”ති? ආහ. “කස‍්ස දස‍්සාමි? සීලවන‍්තො නත්‍ථී”ති. “අසුඤ‍්ඤො, දෙව, ජම‍්බුදීපො අරහන‍්තෙහි, තුම‍්හෙ දානමෙව සජ‍්ජෙථ, අහං අරහන‍්තෙ ලච‍්ඡාමී”ති ආහ. රාජා පුනදිවසෙ පාචීනද‍්වාරෙ දානං සජ‍්ජාපෙසි. දෙවී පාතොව උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය උපරිපාසාදෙ පුරත්‍ථාභිමුඛා උරෙන නිපජ‍්ජිත්‍වා – “සචෙ එතිස‍්සා දිසාය අරහන‍්තො අත්‍ථි, ආගච‍්ඡන‍්තු අම‍්හාකං භික‍්ඛං ගණ‍්හන‍්තූ”ති ආහ. තස‍්සං දිසායං අරහන‍්තො නාහෙසුං. තං සක‍්කාරං කපණද‍්ධිකයාචකානං අදංසු.

මෙසේ කල්ගතවන විට රජදේවිය, රජුගේ සම්පත් ශ්‍රී විභූතිය දැක “අනේ! තපස්වී කෙනෙකැ”යි කරුණා ඇතිබවක් දැක්වූවාය. “දේවීණි! මේ කිමෙක්ද?” යි ඇසූවිට “දේවයන් වහන්ස! නුඹවහන්සේන්ගේ සම්පත් ඉතා මහත්ය. අතීතයේදී බුදුවරුනට සිත් පහදවා උතුම් පින්කම් නොකළාහුද? දැන් අනාගතය සඳහා පින්දහම් නොකරනෙහිද?”යි කීවාය. එබස් ඇසූ රජු “කාහට දෙමුද? සිල්වතෙක් නැත.” “දේවයන් වහන්ස! මේ ජම්බුද්වීපය රහතුන්ගෙන් ශුන්‍ය නොවේ. එනිසා නුඹවහන්සේ දානය පිළියෙල කරන්න. මම රහතුන්ට ආරාධනා කරමි”යි දේවිය කීවාය. රජු දෙවැනි දින නැගෙනහිර දොර සමීපයේ දන්හලෙහි දානය පිළියෙල කරවීය. දේවිය උදේම නැගිට අටසිල් සමාදන්ව, ප්‍රසාද මතුයෙහි හිඳ පෙරදිග බලාගෙන වැඳහෙව “ඉදින් මේ දිශාවෙහි රහතන් වහන්සේලා වෙත් නම් අපගේ භික්ෂාව පිළිගැනීමට වඩිත්වා!”යි කීවාය. එම දෙස රහතන් වහන්සේලා නොම විසූහ. පිළියෙල කළ දානය දුගී මගී යාචකාදීන්ට පිරිනැමූහ.

පුනදිවසෙ දක‍්ඛිණද‍්වාරෙ දානං සජ‍්ජෙත්‍වා තථෙව අකාසි, පුනදිවසෙ පච‍්ඡිමද‍්වාරෙ. උත‍්තරද‍්වාරෙ සජ‍්ජිතදිවසෙ පන දෙවියා තථෙව නිමන‍්තෙන‍්තියා හිමවන‍්තෙ වසන‍්තානං පදුමවතියා පුත‍්තානං පඤ‍්චසතානං පච‍්චෙකබුද‍්ධානං ජෙට‍්ඨකො මහාපදුමපච‍්චෙකබුද‍්ධො භාතිකෙ ආමන‍්තෙසි “මාරිසා, නන්‍දරාජා තුම‍්හෙ නිමන‍්තෙති, අධිවාසෙථ තස‍්සා”ති. තෙ අධිවාසෙත්‍වා පුනදිවසෙ අනොතත‍්තදහෙ මුඛං ධොවිත්‍වා ආකාසෙන ආගන‍්ත්‍වා උත‍්තරද‍්වාරෙ ඔතරිංසු. මනුස‍්සා ගන‍්ත්‍වා “පඤ‍්චසතා, දෙව, පච‍්චෙකබුද‍්ධා ආගතා”ති රඤ‍්ඤො ආරොචෙසුං.

දෙවන දින දකුණු ද්වාරයේ එලෙසම දානය පිළියෙල කරවා ආරාධනා කළාය. තෙවන දින බටහිර දෙස ද සිවුවන දින උතුරු දෙසද ඒ ලෙසින්ම දන් පිළියෙල කරවා ආරාධනා කළාය. සිවුවැනි දින දේවිය ආරාධනා කළ කල්හි හිමවත වාසය කළ, පදුමවතියගේ පුතුන් වූ පන්සීයක් පසේ බුදුවරුන්ගෙන් ප්‍රධාන වූ මහාපදුම පසේ බුදුපියාණෝ, තම සොයුරු පසේ බුදුවරු ඇමතූහ. “නිදුකාණනි! නන්ද රජු නුඹවහන්සේලාට දන් පිණිස ආරාධනා කරයි. එම ඇරයුම පිළිගන්නා සේක්වා!” යනුවෙනි. උන්වහන්සේලා එම ඇරයුම පිළිගෙන, එදින අනෝතප්ත විලින් මුව සෝදාගෙන, අහසින් අවුත් උතුරු ද්වාරයෙහි බැස දන්හලෙහි වැඩසිටියහ. මිනිස්සු පැමිණ “දේවයන් වහන්ස! පන්සීයක් පසේබුදුවරු වැඩිසේක”යි රජුට දැන්වූහ.

රාජා සද‍්ධිං දෙවියා ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පත‍්තං ගහෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ පාසාදං ආරොපෙත්‍වා තෙසං දානං දත්‍වා භත‍්තකිච‍්චාවසානෙ රාජා සඞ‍්ඝථෙරස‍්ස, දෙවී සඞ‍්ඝනවකස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, “අය්‍යා පච‍්චයෙහි න කිලමිස‍්සන‍්ති, මයං පුඤ‍්ඤෙන න හායිස‍්සාම, අම‍්හාකං යාවජීවං ඉධ නිවාසාය පටිඤ‍්ඤං දෙථා”ති පටිඤ‍්ඤං කාරෙත්‍වා උය්‍යානෙ පඤ‍්ච පණ‍්ණසාලාසතානි පඤ‍්ච චඞ‍්කමනසතානීති සබ‍්බාකාරෙන නිවාසට‍්ඨානං සම‍්පාදෙත්‍වා තත්‍ථ වසාපෙසුං.

රජු, දේවිය සමග ගොස් වැඳ පාත්‍රාගෙන පසේ බුදුවරු ප්‍රාසාදයට වැඩම කරවාගෙන අවුත් මහදන් දී අවසන, රජු ප්‍රධාන පසේ බුදුවරයන් වහන්සේ සමීපයේද අගබිසවු අවසන් පසේබුදුවරයන් වහන්සේ සමීපයේද හිඳගෙන පාමුල වැඳවැටී - “ආර්යයන් වහන්සේලා සිවුපසය නොලැබීමෙන් ක්ලාන්ත නොවීම පිණිසත්, අපිට පිනින් නොපිරිහී සිටීම සඳහාත්, අපගේ දිවි ඇතිතෙක් මෙනුවරම වසන බවට ප්‍රතිඥා දෙත්වා!”යි අයැද සිට, ප්‍රතිඥා ගෙන මගුල් උයනෙහි පන්සීයක් සක්මන් මලුද පන්සල්ද කරවා, සියලු ආකාරයෙන්ම නිවාසාදිය සපයා එහි වාසය කරවූහ.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ රඤ‍්ඤො පච‍්චන‍්තො කුපිතො. “අහං පච‍්චන‍්තං වූපසමෙතුං ගච‍්ඡාමි, ත්‍වං පච‍්චෙකබුද‍්ධෙසු මා පමජ‍්ජී”ති දෙවිං ඔවදිත්‍වා ගතො. තස‍්මිං අනාගතෙයෙව පච‍්චෙකබුද‍්ධානං ආයුසඞ‍්ඛාරා ඛීණා. මහාපදුමපච‍්චෙකබුද‍්ධො තියාමරත‍්තිං ඣානකීළං කීළිත්‍වා අරුණුග‍්ගමනෙ ආලම‍්බනඵලකං ආලම‍්බිත්‍වා ඨිතකොව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි, එතෙනුපායෙන සෙසාපීති සබ‍්බෙපි පරිනිබ‍්බුතා.

මෙලෙස කල් ගතවනවිට රජුගේ රාජ්‍යයේ ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් ඇතිවිය. රජතුමා “මම ප්‍රත්‍යන්තයේ කැරැල්ල සංසිඳවීමට යමි. නුඹ පසේබුදුවරුන්ට අප්‍රමාදීව සත්කාර කරව”යි දේවියට අවවාද දී සේනාව පිරිවරාගෙන ගියේය. ඔහු ඒමට පෙරම පසේ බුදුවරුන්ගේ ආයු සංස්කාරය නිමාවිය. මහාපදුම බුදුපියාණන් වහන්සේ තුන්යම් රාත්‍රියෙහිම ධ්‍යාන ක්‍රීඩාවෙහි යෙදී සිටි සේක්, එළිය වැටෙන අවස්ථාවෙහි සක්මන්දි පිහිටාධාර වූ ඵලකය ම ආධාර කරගෙන සිටිසේක් අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිණිවියහ. මේ ක්‍රමයෙන් සෙසු පසේබුදුවරු ද පිරිනිවියහ.

පුනදිවසෙ දෙවී පච‍්චෙකබුද‍්ධානං නිසීදනට‍්ඨානං හරිතූපලිත‍්තං කාරෙත්‍වා පුප‍්ඵානි විකිරිත්‍වා ධූපං දත්‍වා තෙසං ආගමනං ඔලොකයන‍්තී නිසින‍්නා ආගමනං අපස‍්සන‍්තී පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, තාත, ජානාහි, කිං අය්‍යානං කිඤ‍්චි අඵාසුක”න‍්ති? සො ගන‍්ත්‍වා මහාපදුමස‍්ස පණ‍්ණසාලාය ද‍්වාරං විවරිත්‍වා තත්‍ථ අපස‍්සන‍්තො චඞ‍්කමනං ගන‍්ත්‍වා ආලම‍්බනඵලකං නිස‍්සාය ඨිතං දිස‍්වා වන්‍දිත්‍වා, “කාලො, භන‍්තෙ”ති ආහ. පරිනිබ‍්බුතසරීරං කිං කථෙස‍්සති? සො “නිද‍්දායති මඤ‍්ඤෙ”ති ගන‍්ත්‍වා පිට‍්ඨිපාදෙ හත්‍ථෙන පරාමසි. පාදානං සීතලතාය චෙව ථද‍්ධතාය ච පරිනිබ‍්බුතභාවං ඤත්‍වා දුතියස‍්ස සන‍්තිකං අගමාසි, එවං තතියස‍්සාති සබ‍්බෙසං පරිනිබ‍්බුතභාවං ඤත්‍වා රාජකුලං ගතො. “කහං, තාත, පච‍්චෙකබුද‍්ධා”ති? පුට‍්ඨො “පරිනිබ‍්බුතා, දෙවී”ති ආහ.

ඊට පසුදින දේවිය උයනට අවුත් පසේ බුදුවරු වැඩසිටින තැන් නැමදීම් ආදිය කරවා, මල් විසුරුවා, සුවඳදුම් දී උන්වහන්සේල්ලාගේ පැමිණීම අපේක්ෂිතව හුන්නී පමාවන හෙයින් පුරුෂයකු කැඳවා, “දරුව! යන්න. ආර්යයන් වහන්සේලාට අපහසුවක් වීද?”යි දැනගෙන එව”යි කියා ඔහු වැඩහිඳින කුටි වෙත යැවීය. ඔහු එහි ගොස් මහාපදුම පසේ බුදුන් වැඩහිඳින කුටියෙහි දොර හැර බලා, එහි නොදැක සක්මන් කරන තැනට ගොස් එල්ඹෙන ඵලකය ආධාර කරගෙන සිටිනු දැක, “උන්වහන්සේ වැඳ, “ස්වාමීනි! දැන් කාලයයි” පැවසීය. පිරිණිවි සිරුර කුමක් පවසන්ද? ඔහු “බුදුන් නිදාසිටී”යැයි සිතා ලගට ගොස් පිටිපය අතින් පිරිමැද එහි සීතල බැවිනුත් - තද බැවිනුත් පිරිනිවි බව දැන රජ ගෙදරට දිව ගියේය. “දරුව! පසේබුදුවරු කොහිද?” විචාළ රජ දේවියට “දේවයනි, උන්වහන්සේලා පිරිනිවියහ”යි පුරුෂයා කීවේය.

දෙවී කන්‍දන‍්තී රොදන‍්තී නික‍්ඛමිත්‍වා නාගරෙහි සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා සාධුකීළිතං කාරෙත්‍වා පච‍්චෙකබුද‍්ධානං සරීරකිච‍්චං කත්‍වා ධාතුයො ගහෙත්‍වා චෙතියං පතිට‍්ඨාපෙසි.

එය ඇසූ දේවිය හඬන්නී - වැලපෙන්නී නුවරුන් සමග නික්ම අවුත් රජඋයනට පිවිස ආගමික උත්සවයක් කරවා, සියලු පසේස්බුදුවරුන්ගේ සිරුරු ආදාහනය කරවා, සියලුම ධාතු පිහිටුවා චෛත්‍යයක් කරවූවාය.

රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගතො පච‍්චුග‍්ගමනං ආගතං දෙවිං පුච‍්ඡි “කිං, භද‍්දෙ, පච‍්චෙකබුද‍්ධෙසු නප‍්පමජ‍්ජි, නිරොගා අය්‍යා”ති? “පරිනිබ‍්බුතා දෙවා”ති. රාජා චින‍්තෙසි – “එවරූපානම‍්පි පණ‍්ඩිතානං මරණං උප‍්පජ‍්ජති, අම‍්හාකං කුතො මොක‍්ඛො”ති? සො නගරං අගන‍්ත්‍වා උය්‍යානමෙව පවිසිත්‍වා ජෙට‍්ඨපුත‍්තං පක‍්කොසාපෙත්‍වා තස‍්ස රජ‍්ජං පටියාදෙත්‍වා සයං සමණකපබ‍්බජ‍්ජං පබ‍්බජි, දෙවීපි “ඉමස‍්මිං පබ‍්බජිතෙ අහං කිං කරිස‍්සාමී”ති? තත්‍ථෙව උය්‍යානෙ පබ‍්බජිතා. ද‍්වෙපි ඣානං භාවෙත්‍වා තතො චුතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිංසු.

රජු ප්‍රත්‍යන්ත ජනපදය සාමයෙහි පවත්වා නුවරට පැමිණෙන කල්හි පෙරගමන් පැමිණි දේවියගෙන්, “කිම සොඳුර! පසේ බුදුවරු කෙරෙහි අප්‍රමාදීව උපස්ථාන කළහිද? උන්වහන්සේලා නිරෝගීව සිටිත්ද?”යි විමසුවේය. ඇය “දේවයන් වහන්ස! උන්වහන්සේලා පිරිනිවියහ”යි පැවසුවාය. එබස් ඇසූ රජතුමා “මෙබඳු වූ මහ පඬිවරුන්ටත් මරණය පැමිණේ. අපට කවර නම් වූ මිදීමක්ද?”යි සිතා නුවරම නොගොස් ම, තම වැඩිමල් පුතු කැඳවා, රාජ්‍ය පවරා දී තෙමේම මහළු පැවිද්දෙන් පැවිදි විය. දේවින්ද “මොහු පැවිදි වූ කළ මා කුමක් කරද?යි පවසා ඒ උයනෙහි දී ම පැවිදි වූවාය. දෙදෙනම ධ්‍යාන වඩා ආයු කෙළවර බඹලොව උපන්හ.

තෙසු තත්‍ථෙව වසන‍්තෙසු අම‍්හාකං සත්‍ථා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං පාවිසි. අයං පිප‍්පලිමාණවො මගධරට‍්ඨෙ මහාතිත්‍ථබ්‍රාහ‍්මණගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො, අයං භද‍්දා කාපිලානී මද‍්දරට‍්ඨෙ සාගලනගරෙ කොසියගොත‍්තබ්‍රාහ‍්මණස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තා. තෙසං ඛො අනුක‍්කමෙන වඩ‍්ඪමානානං පිප‍්පලිමාණවස‍්ස වීසතිමෙ වස‍්සෙ භද‍්දාය සොළසමෙ වස‍්සෙ සම‍්පත‍්තෙ මාතාපිතරො පුත‍්තං ඔලොකෙත්‍වා, “තාත, ත්‍වං වයප‍්පත‍්තො, කුලවංසො නාම පතිට‍්ඨපෙතබ‍්බො”ති අතිවිය නිප‍්පීළයිංසු. මාණවො ආහ – “මය‍්හං සොතපථෙ එවරූපං කථං මා කථෙථ. අහං යාව තුම‍්හෙ ධරථ, තාව පටිජග‍්ගිස‍්සාමි, තුම‍්හාකං පච‍්ඡතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. තෙ කතිපාහං අතික‍්කමිත්‍වා පුන කථයිංසු, සොපි තථෙව පටික‍්ඛිපි. පුන කථයිංසු, පුනපි පටික‍්ඛිපි. තතො පට‍්ඨාය මාතා නිරන‍්තරං කථෙතියෙව.

ඔවුහු එහි ම වෙසෙමින් සිට, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහල වී උතුම් දම් පැවතුම් සුතුර දෙසා පිළිවෙලින් රජගහනුවරට වැඩම කළ සේක් වේළුවනාරාමයෙහි වැඩවෙසෙන කාලයෙහි; “පිප්ඵලී” නමින් මගධරට මහාතිත්ථ බමුණුගම කපිල බමුණාගේ භාර්යා කුස ද “භද්දකාපිලානි” නමින් මදුරට සාගල නම් නුවර කෝසියගොත්ත බමුණුගේ භාර්යා කුස පිළිසිඳගෙන බිහිව වැඩිවියට පත්වූහ. පිප්ඵලී කුමරුට විසි හවුරුද්දක් හා කාපිලානියට දාසය හවුරුද්දක් වූ කාලයෙහි, පිප්ඵලි කුමරුගේ දෙමාපියෝ “පුත! නුඹ නිසි වයසට පත්වූයෙහිය. කුලවංසය පිහිටුවීමට කටයුතු කරව!”යි කීහ. මෙසේ අතිශයින් කරදර කළහ. තරුණයා, “මගේ කණට ඇසෙන සේ මෙබඳු අමිහිරි කථා නො පවසන්න. නුඹ දෙදෙනා ජීවත්වන තෙක් මම මනාව සළකන්නෙමි. ඉන්පසු ගිහිගේ හැර පැවිදි වෙමි”යි කීවේය. දෙමාපියෝ දින කිහිපයකට පසුව නැවත ඇවිටිලි කළහ. ඔහුද පෙරසේම එය ප්‍රතිකේෂ්ප කළේය. නැවත කියූවත් ප්‍රතිකේෂ්ප විය. ඉන්පසු මව නිතරම ඒ පිළිබඳව ගතු කීමට පටන් ගත්තේය.

මාණවො “මම මාතරං සඤ‍්ඤාපෙස‍්සාමී”ති රත‍්තසුවණ‍්ණස‍්ස නික‍්ඛසහස‍්සං දත්‍වා සුවණ‍්ණකාරෙහි එකං ඉත්‍ථිරූපං කාරාපෙත්‍වා තස‍්ස මජ‍්ජනඝට‍්ටනාදිකම‍්මපරියොසානෙ තං රත‍්තවත්‍ථං නිවාසාපෙත්‍වා වණ‍්ණසම‍්පන‍්නෙහි පුප‍්ඵෙහි චෙව නානාඅලඞ‍්කාරෙහි ච අලඞ‍්කාරාපෙත්‍වා මාතරං පක‍්කොසාපෙත්‍වා ආහ – “අම‍්ම එවරූපං ආරම‍්මණං ලභන‍්තො ගෙහෙ වසාමි, අලභන‍්තො න වසාමී”ති.

තරුණයා, “මගේ මවුට මෙය අවබෝධ කරවමි”යි, රන්කරුවෙකුට රන් ආලේපිත කහවනු දහසක් දී එක් ස්ත්‍රී රූපයක් කරවා - එහි මැදීම්, ගැටීම් නිමවූ කල්හි රතු වස්ත්‍රයක් හන්දවා - වර්ණවත් මලින් ද නානාවිධ වූ අලංකාරයගෙන්ද සරසවා, මවු කැඳවා “මෑණියනි! මෙබඳු කාන්තාවක් ලැබේ නම් ඇය හා විවාහ වී ගෙයි වසමි. නොලැබේ නම් පැවිදි වෙමි” යි කීවේය.

පණ‍්ඩිතා බ්‍රාහ‍්මණී චින‍්තෙසි – “මය‍්හං පුත‍්තො පුඤ‍්ඤවා දින‍්නදානො කතාභිනීහාරො, පුඤ‍්ඤං කරොන‍්තො න එකකොව අකාසි, අද‍්ධා එතෙන සහ කතපුඤ‍්ඤා සුවණ‍්ණරූපකපටිභාගා භවිස‍්සතී”ති අට‍්ඨ බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා සබ‍්බකාමෙහි සන‍්තප‍්පෙත්‍වා සුවණ‍්ණරූපකං රථං ආරොපෙත්‍වා, “ගච‍්ඡථ, තාතා, යත්‍ථ අම‍්හාකං ජාතිගොත‍්තභොගෙහි සමානකුලෙ එවරූපං දාරිකං පස‍්සථ, ඉමමෙව සුවණ‍්ණරූපකං, පණ‍්ණාකාරං කත්‍වා දෙථා”ති උය්‍යොජෙසි.

නුවණැති බැමිණිය මෙසේ සිතුවාය. “මගේ පුතා පින්වතෙකි. දුන් දානවලිනුත්, කරන ලද ප්‍රාර්ථනා වලිනුත් පින්දහම් කරන ලද්දේ තනිවම නොවේ. ඒකාන්තයෙන් මොහු සමග පින්කළ තැනැත්තිය රන්රුවක් හා සමාන විය යුතුමය.” බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුන් රිසිසේ සන්තෝෂ කරවා, රන්රුව රථයකට නංවා, “යමු! දරුවනි! යම්තැනක අපට ජාති ගෝත්‍රාදියෙන් සමාන පවුලක මෙබඳු දැරියක් ඇතිනම් සොයමු. මේ රන් රුවම නුඹලාට ත්‍යාගයක් කොට දෙමි”යි කුමරියක් සෙවීමෙහි යෙදවූවාය.

තෙ “අම‍්හාකං නාම එතං කම‍්ම”න‍්ති නික‍්ඛමිත්‍වා, “කත්‍ථ ගමිස‍්සාමා”ති? චින‍්තෙත්‍වා, “මද‍්දරට‍්ඨං නාම ඉත්‍ථාකරො, මද‍්දරට‍්ඨං ගමිස‍්සාමා”ති මද‍්දරට‍්ඨෙ සාගලනගරං අගමිංසු. තත්‍ථ තං සුවණ‍්ණරූපකං න‍්හානතිත්‍ථෙ ඨපෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අථ භද‍්දාය ධාතී භද‍්දං න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා සිරිගබ‍්භෙ නිසීදාපෙත්‍වා න‍්හායිතුං ආගච‍්ඡන‍්තී තං රූපකං දිස‍්වා, “අය්‍යධීතා මෙ ඉධාගතා”ති සඤ‍්ඤාය තජ‍්ජෙත්‍වා “දුබ‍්බිනිතෙ, කිං ත්‍වං ඉධාගතා”ති? තලසත‍්තිකං උග‍්ගිරිත්‍වා, “ගච‍්ඡ සීඝ”න‍්ති ගණ‍්ඩපස‍්සෙ පහරි. හත්‍ථො පාසාණෙ පටිහතො විය කම‍්පිත්‍ථ. සා පටික‍්කමිත්‍වා “එවං ථද‍්ධං නාම මහාගීවං දිස‍්වා, ‘අය්‍යධීතා මෙ’ති සඤ‍්ඤං උප‍්පාදෙසිං, අය්‍යධීතාය හි මෙ අයං නිවාසනපටිග‍්ගාහිකාපි අයුත‍්තා”ති ආහ.

ඔවුහු “අප දැන් කොතැනක යමුද?” සාකච්ඡා කරන්නේ, “මදුරට නම් ස්ත්‍රීන්ට ආකාරයකි. එහි යමු”යි මදුරට සාගල නුවරට ගියහ. එහි එක් නානතොටක රන්රුව තබා තුමූ සැගවී හුන්හ. එවිට කාපිලානියගේ කිරිමව, ඇය නහවා සරසා ශ්‍රී යහන් ගබඩාවේ නිදිකරවා, තමා දිය නෑමට එන්නී මේ රුව දුටුවාය. “ආර්යදුව, මා පසුපස මෙහි නැවත පැමිණියා විය යුතුයැ”යි යන සිතෙන්, තර්ජනය කරන්නී - “අකීකරු තැනැත්තිය! නුඹ මෙහි කුමට ආවෙහිද?”යි ගැසීමට අත ඔසවා “වහා ගෙදර යව!”යි වැරෙන් කම්මුලට ගැසුවාය. ඇගේ අත ගලක ගැසුවාක් මෙන් කම්පා විය. පුදුම වූ ඈ මදක් ඉවත්ව බලන්නේ මහත් වූ ගෙල දැක “මෙය ආර්ය දුවයැ”යි මට සිතුණු නමුත් මෙහි මගේ ආර්ය දුවගේ යැයි පැවසීමට සුදුසු වස්ත්‍රයක් වත් නැතැයි කීවාය.

අථ නං තෙ මනුස‍්සා පරිවාරෙත්‍වා “එවරූපා තෙ සාමිධීතා”ති පුච‍්ඡිංසු. “කිං එසා, ඉමාය සතගුණෙන සහස‍්සගුණෙන මය‍්හං අය්‍යා අභිරූපතරා, ද‍්වාදසහත්‍ථෙ ගබ‍්භෙ නිසින‍්නාය පදීපකිච‍්චං නත්‍ථි, සරීරොභාසෙනෙව තමං විධමතී”ති. “තෙන හි ආගච‍්ඡා”ති තං ඛුජ‍්ජං ගහෙත්‍වා සුවණ‍්ණරූපකං රථං ආරොපෙත්‍වා කොසියගොත‍්තස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා ආගමනං නිවෙදයිංසු.

අවට සැඟවී සිටි බමුණෝ රැස්ව - ඇය පිරිවරාගෙන “මේ රුව නුඹගේ ස්වාමිදුව වැනිද?”යි ඇසූහ. එවිට කිරිමව, “මේ කිමිද? මීට වඩා සියදහස් ගුණයකින් මගේ ආර්ය දුව ශෝභාමත් වන්නීය. රූප සම්පන්නය. දොළොස්රියන් ගැබෙක හුන්නී පහන් නොදල්වාම සිය සිරුරේ ශෝභාවෙන් අඳුර දුරු කරන්නීය”යි කීවාය. “එසේනම් ඒ නිවසට යමු” යි පුදපූජා ගෙන රන්රුව ද රථයට නංවාගෙන, කෝසිය ගොන්තගේ ගෙදරට ගොස් ද්වාරයේ සිට පැමිණි බව දන්වා යැවුහ.

බ්‍රාහ‍්මණො පටිසන්‍ථාරං කත්‍වා, “කුතො ආගතත්‍ථා”ති? පුච‍්ඡි. “මගධරට‍්ඨෙ මහාතිත්‍ථගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස ඝරතො”ති. “කිං කාරණා ආගතා”ති. “ඉමිනා නාම කාරණෙනා”ති. “කල්‍යාණං, තාතා, සමජාතිගොත‍්තවිභවො අම‍්හාකං බ්‍රාහ‍්මණො, දස‍්සාමි දාරික”න‍්ති පණ‍්ණාකාරං ගණ‍්හි.

බමුණා පිළිසඳර කථාකර, “කොහි සිට ආවෙහිද?” ඇසුවේය. “මගධරට මහාතිත්ථ ගමෙහි කපිල බමුණාගේ ගෙදර සිටයැ”යි කීහ. “කුමක් නිසා මෙහි ආවෙහිද?” “මෙනම් කරුණක් නිසායැ”යි කාරණය දැන්වීය. “දරුවනි! යහපති. සම වූ ජාති ගෝත්‍ර සම්පත් ඇති අපි බමුණෝ වෙමු. දැරිය දෙන්නෙමි”යි ත්‍යාගය ගත්තේය.

තෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස සාසනං පහිණිංසු – “ලද‍්ධා දාරිකා, කත‍්තබ‍්බං කරොථා”ති. තං සාසනං සුත්‍වා පිප‍්පලිමාණවස‍්ස ආරොචයිංසු – “ලද‍්ධා කිර දාරිකා”ති. මාණවො “අහං න ලභිස‍්සාමීති චින‍්තෙසිං, ඉමෙ ලද‍්ධාති ච වදන‍්ති, අනත්‍ථිකො හුත්‍වා පණ‍්ණං පෙසිස‍්සාමී”ති රහොගතො පණ‍්ණං ලිඛි, “භද‍්දා අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං ඝරාවාසං ලභතු, අහං නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරිනී අහොසී”ති. භද‍්දාපි “අසුකස‍්ස කිර මං දාතුකාමා”ති සුත්‍වා රහොගතා පණ‍්ණං ලිඛි, “අය්‍යපුත‍්තො අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං ඝරාවාසං ලභතු. අහං නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරී අහොසී”ති. ද‍්වෙපි පණ‍්ණානි අන‍්තරාමග‍්ගෙ සමාගච‍්ඡිංසු. “ඉදං කස‍්ස පණ‍්ණ”න‍්ති? පිප‍්පලිමාණවෙන භද‍්දාය පහිතන‍්ති. “ඉදං කස‍්ස පණ‍්ණ”න‍්ති? භද‍්දාය පිප‍්පලිමාණවස‍්ස පහිතන‍්ති ච වුත‍්තෙ ද‍්වෙපි වාචෙත්‍වා, “පස‍්සථ දාරකානං කම‍්ම”න‍්ති ඵාලෙත්‍වා අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙත්‍වා සමානපණ‍්ණං ලිඛිත්‍වා ඉතො ච එත‍්තො ච පෙසෙසුං. ඉති තෙසං අනිච‍්ඡමානානංයෙව සමාගමො අහොසි.

ඔවුහු කපිල බමුණාට, “දැරියක් ලද්දෙමු. කළයුත්තක් කරන්න”යි හසුනක් යැවූහ. ඔහු හසුන අසා සතුටුව පිප්ඵලි මානවකට ඒ බව දැන්වීය. මානවකයා, “මම නොලැබේ යැයි සිතුවෙමි. මොවුහු දැරියක් ලැබුණු බව කියති. ඇයට මා පැතීමේ අනර්ථ බව දන්වා යවමි”යි රහසිගතව ලිපියක් ලියුවේය. “භද්‍රාවනි! ඔබ තමාට දෑගොල කුත් සමාන වූ තරුණයකු ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදිවෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි යනුවෙන් ලියා ඇය වෙත යැවීය. භද්‍රාව ද අසුවලා මාහට යෝජනා කරන ලදැයි දැන රහසිගත වූවා, ලිපියක ලියුවාය. “ආර්ය පුත්‍රය! තමාට දෑකුලගොත් සමාන වූ සුදුසු තරුණියක් ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි ලියා පිප්ඵලි තරුණයාට යැවුවාය. ලියුම්කරුවෝ දෙදෙන අතරමගදී හමුවූහ. “මේ කාගේ ලියුමක්ද?” “කාපිලානියගෙන් පිප්ඵලිට යැවෙන්නකි.” “මේ කාගේ ලියුමක්ද?” “පිප්ඵලිගෙන් කාපිලානියට යැවෙන්නකි.” එසේ නම් ලිපි දෙක බලමුයි. බලා “දරුවන් වැඩ බලවු!”යි කියා- එම ලිපි දෙක ඉරා විසිකර, වෙනත් ලිපි දෙකක් ලියා දෙතැනට යැවූහ. මෙලෙස ඔවුන්ගේ නොකැමැත්තෙන්ම එක්වීම සිදුවිය.

තංදිවසංයෙව ච මාණවොපි එකං පුප‍්ඵදාමං ගන්‍ථාපෙසි, භද‍්දාපි එකං ගන්‍ථාපෙසි. තානි ආසනමජ‍්ඣෙ ඨපෙත්‍වා භුත‍්තසායමාසා උභොපි “සයනං ආරුහිස‍්සාමා”ති සමාගන‍්ත්‍වා මාණවො දක‍්ඛිණපස‍්සෙන සයනං ආරුහි. භද‍්දා වාමපස‍්සෙන ආරුහිත්‍වා ආහ – “යස‍්ස පස‍්සෙ පුප‍්ඵානි මිලායන‍්ති, තස‍්ස රාගචිත‍්තං උප‍්පන‍්නන‍්ති විජානිස‍්සාම, ඉමං පුප‍්ඵදාමං න අල‍්ලීයිතබ‍්බ”න‍්ති. තෙ පන අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සරීරසම‍්ඵස‍්සභයෙන තියාමරත‍්තිං නිද‍්දං අනොක‍්කමන‍්තාව වීතිනාමෙන‍්ති, දිවා පන හසිතමත‍්තම‍්පි න හොති. තෙ ලොකාමිසෙන අසංසට‍්ඨා යාව මාතාපිතරො ධරන‍්ති, තාව කුටුම‍්බං අවිචාරෙත්‍වා තෙසු කාලඞ‍්කතෙසු විචාරයිංසු. මහතී මාණවස‍්ස සම‍්පත‍්ති, එකදිවසං සරීරං උබ‍්බට‍්ටෙත්‍වා ඡඩ‍්ඩෙතබ‍්බං සුවණ‍්ණචුණ‍්ණමෙව මගධනාළියා ද‍්වාදසනාළිමත‍්තං ලද‍්ධුං වට‍්ටති. යන‍්තබද‍්ධානි සට‍්ඨි මහාතළාකානි, කම‍්මන‍්තො ද‍්වාදසයොජනිකො, අනුරාධපුරප‍්පමාණා චුද‍්දස දාසගාමා, චුද‍්දස හත්‍ථානීකා, චුද‍්දස අස‍්සානීකා, චුද‍්දස රථානීකා.

විවාහ වූ දිනම පිප්ඵලිද කාපිලානියද මල්දම් දෙකක් ගෙතූහ. ඒවා සයනය මැදින් තබා, රාත්‍රී අහරගෙන, දෙදෙනම “ඇඳට යන්නෙමු”යි පැමිණ තරුණයා දකුණුපසින් ඇඳට නැගේය. භදාව වම්පසින් නැගුණි. මෙසේ කීවාය. “යමෙකුගේ පැත්තෙහි මල්දම මැල වූයේ ද එම සංඥාවෙන් ඔහුට හෝ ඇයට ‘රාග සිතක් පහලවියැ’යි දැනගන්නෙමු. මේ මල්දම නො අල්වමු”යි කීවාය. ඔවුහු “තම ශරීර ඔවුනොවුන් හා ගැටෙති’යි බියෙන් රාත්‍රියෙහි නොනිදාම පහන් කරති. දාවලට ද රාග සිතක් හෝ පහළ නොවෙති. මේ දෙදෙනම ලෞකික ආමිෂයන්හි නොඇලී මෙසේ මවුපියවරු ජීවත්ව සිටින තාක් ‘පවුල’ පිළිබඳව නොවිමසා සිට ඔවුහු මියගිය පසුව තම සම්පත් පිළිබඳව සොයා බැලූහ. විමසූහ. කුමරුගේ සම්පත් ඉතා මහත්ය. එක්දිනක් ශරීරයේ ගා අත්හැර දමන රන් චූර්ණයම මගධ නැළියෙන් දොළොස් ගුණයක් පමණ වේ. යන්ත්‍ර බැඳි වැව් පොකුණු ආදිය සැටකි. කෘෂිකර්මාන්තයෝ දොළොස් යොදුනක් පුරා පැතිර ඇත. අනුරපුරය හා සමාන වූ දාසගම් දාහතරකි. යුධ කරන ඇත්තු තුදුසකි. යුධ අශ්වයෝ තුදුසකි. යුධ රථ තුදුසකි.

සො එකදිවසං අලඞ‍්කතං අස‍්සං ආරුය‍්හ මහාජනපරිවුතො කම‍්මන‍්තං ගන‍්ත්‍වා ඛෙත‍්තකොටියං ඨිතො නඞ‍්ගලෙහි භින‍්නට‍්ඨානතො කාකාදයො සකුණෙ ගණ‍්ඩුප‍්පාදකාදිපාණෙ උද‍්ධරිත්‍වා ඛාදන‍්තෙ දිස‍්වා, “තාතා, ඉමෙ කිං ඛාදන‍්තී”ති පුච‍්ඡි? “ගණ‍්ඩුප‍්පාදකෙ අය්‍යා”ති. “එතෙහි කතං පාපං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං, අය්‍යා”ති. සො චින‍්තෙසි – “සචෙ එතෙහි කතං පාපං මය‍්හං හොති, කිං මෙ කරිස‍්සති සත‍්තඅසීතිකොටිධනං? කිං ද‍්වාදසයොජනො කම‍්මන‍්තො, කිං යන‍්තබද‍්ධානි සට‍්ඨි මහාතළාකානි, කිං චුද‍්දස ගාමා? සබ‍්බමෙතං භද‍්දාය කාපිලානියා නිය්‍යාතෙත්‍වා නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති.

එක්දිනක් ඔහු අලංකාරව සැරසූ අසකු පිට නැගී, ජනයා පිරිවරාගෙන කෘෂිකර්මාන්ත කරන තැනට ගොස්, කුඹුරු කෙළවර සිටියේය. නගුලෙන් සිඳින ලද භූමියෙන් නැගුණා වූ ගැඩිවිල් ආදී පණු ජාතීහු කපුටා ආදී කුරුල්ලන් විසින් කනු දුටුවේය. “දරුවනි! මේ කුරුල්ලෝ කුමක් කත්ද?”, “ස්වාමීනි! ගැඩවිල්ලෝය.”මොවුන් කරන පාපය කාහට අයත් වේද?” “ස්වාමීනි! නුඹවහන්සේටම අයිති වේ.” එවිට තරුණයා මෙලෙස සිතුවේය. “ඉදින් මොවුහු කරන ලද පවු මා හටම වේනම් අසූහත් කෙළක් වූ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? දොළොස් යොදුන් කර්මාන්තයෙන් කවර වැඩක්ද? යන්ත්‍ර බැඳි තඩාග සැටෙන් කවර වැඩක්ද? දාසගම්වලින් කවර ප්‍රයෝජනයක්ද? මේ සියලු සම්පත් කපිලානියට ම පවරා මම පැවිදි වන්නෙමි. ගිහිගෙන් නික්මෙමි”යි. යනුවෙනි.

භද‍්දාපි කාපිලානී තස‍්මිං ඛණෙ අබ‍්භන‍්තරවත්‍ථුම‍්හි තයො තිලකුම‍්භෙ පත්‍ථරාපෙත්‍වා ධාතීහි පරිවුතා නිසින‍්නා කාකෙ තිලපාණකෙ ඛාදමානෙ දිස‍්වා, “අම‍්මා කිං ඉමෙ ඛාදන‍්තී”ති? පුච‍්ඡි. “පාණකෙ අය්‍යෙ”ති. “අකුසලං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං අය්‍යෙ”ති. සා චින‍්තෙසි – “මය‍්හං චතුහත්‍ථවත්‍ථං නාළිකොදනමත‍්තඤ‍්ච ලද‍්ධුං වට‍්ටති, යදි ච පනෙතං එත‍්තකෙන ජනෙන කතං අකුසලං මය‍්හං හොති, භවසහස‍්සෙනපි වට‍්ටතො සීසං උක‍්ඛිපිතුං න සක‍්කා, අය්‍යපුත‍්තෙ ආගතමත‍්තෙයෙව සබ‍්බං තස‍්ස නිය්‍යාතෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති.

කාපිලානිය ද මේ මොහොතෙහි නිවසේ මැද මිදුලෙහි තල කළ තුනක් අතුරා - කිරිමවුවරු පිරිවරාගෙන හුන්, තලවල සිටින පණුවන් කන කපුටන් දැක “මෑණියනි! මොවුහු කුමක් කක්ද?”, “ස්වාමි දුවණියනි! පණුවන්ය.” “මොවුන් කරන්නා වූ මේ පාපය කාහට අයත් වේද?” “ස්වාමි දුවණියනි! නුඹටම අයත්වේ” යැයි පැවසූ වදන් අසා “මට රියන් හතරක වස්ත්‍රයක් ද නැළියක් පමණ බත් ද ලැබීම සුදුසුය. මෙපමණ ජනයා විසින් කරන අකුසල් මාහට වේනම් ආත්ම භාව දාහකින්වත් සසර පැවැත්ම නිමකර, හිස එසවීමට මට නොහැකි වේ. මේ සියලුම සම්පත් ආර්ය පුත්‍රයාටම පවරා දී ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි.”

මාණවො ආගන‍්ත්‍වා න‍්හත්‍වා පාසාදං ආරුය‍්හ මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදි, අථස‍්ස චක‍්කවත‍්තිනො අනුච‍්ඡවිකං භොජනං සජ‍්ජයිංසු. ද‍්වෙපි භුඤ‍්ජිත්‍වා පරිජනෙ නික‍්ඛන‍්තෙ රහොගතා ඵාසුකට‍්ඨානෙ නිසීදිංසු.

මෙවැනිම සිතකින් නිවසට පැමිණි තරුණයා දියනා උතුම් පහයට නැගී, මහත් අනර්ඝ පළඟක හු න්ය. ඔහුට යෝග්‍ය වූ භෝජනයක් (සක්විති රජකුට සුදුසු වූ) පිළිගැන්විණි. අඹුසැමි යුවලම ආහාර කිස නිමවා රහසිගත තැනක හුන්හ.

තතො මාණවො භද‍්දං ආහ – “භද‍්දෙ, ත්‍වං ඉමං ඝරං ආගච‍්ඡන‍්තී කිත‍්තකං ධනං ආහරී”ති? “පඤ‍්චපණ‍්ණාස සකටසහස‍්සානි අය්‍යා”ති. “එතං සබ‍්බං, යා ච ඉමස‍්මිං ඝරෙ සත‍්තඅසීතිකොටියො, යන‍්තබද‍්ධා සට‍්ඨිතළාකාදිභෙදා සම‍්පත‍්ති අත්‍ථි, සබ‍්බං තුය‍්හංයෙව නිය්‍යාතෙමී”ති. “තුම‍්හෙ පන අය්‍යා”ති. “අහං පබ‍්බජිස‍්සාමී”ති. “අය්‍යා අහම‍්පි තුම‍්හාකංයෙව ආගමනං ඔලොකයමානා නිසින‍්නා, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. තෙසං ආදිත‍්තපණ‍්ණකුටි විය තයො භවා උපට‍්ඨහිංසු. තෙ “පබ‍්බජිස‍්සාමා”ති වත්‍වා අන‍්තරාපණතො කසායරසපීතානි වත්‍ථානි මත‍්තිකාපත‍්තෙ ච ආහරාපෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං කෙසෙ ඔහාරෙත්‍වා, “යෙ ලොකෙ අරහන‍්තො, තෙ උද‍්දිස‍්ස අම‍්හාකං පබ‍්බජ‍්ජා”ති පබ‍්බජිත්‍වා ථවිකාසු පත‍්තෙ ඔසාපෙත්‍වා අංසෙ ලග‍්ගෙත්‍වා පාසාදතො ඔතරිංසු. ගෙහෙ දාසෙසු ච කම‍්මකාරෙසු ච න කොචි සඤ‍්ජානි.

ඉන්පසු තරුණයා “භද්‍රාවෙනි, භද්‍රාවෙනි ! නුඹ මේ ගෙදරට එනවිට කොපමණ ධනයක් රැගෙන ආවේද?”යි ඇසීය. “ආර්ය පුත්‍රය! පනස් පන්දාහක් කරත්තවලින් ධනය රැගෙන ආවෙමි.” “භද්‍රාවෙනි. එම සියලුම ධනයත්, මේ ගෙදර ඇති අසූකෙළක් ධනයත්, යන්ත්‍ර බැඳි සැටක් තඩාගාදී සියලුම සම්පත් නුඹට ම පවරා දෙමි.” තරුණයා කීවේය. “ආර්ය පුත්‍රය! නුඹ ඉන්පසු කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි”, “ආර්ය පුත්‍රය! මමද නුඹගේ පැමිණීම බලමින් ම මෙහි සිටියෙමි. මමද පැවිදි වන්නෙමි.” මෙසේ ඔවුනොවුන්ට ගිනිගත් කොළසෙවිලි කළා වූ ශාලාවක් මෙන් ත්‍රිවිධ භවයෝ වැටහුනහ. ඒ දෙදෙන වෙළඳසැළකින් කහපැහැති වස්ත්‍ර ද මැටි පාත්‍රා ද ගෙන්වාගෙන, ඔවුනොවුන්ගේ කෙස් බැහැර කරවාගෙන, “ලොව යම් රහත් කෙනෙක් වේනම් ඔවුන් උදෙසා අපගේ පැවිද්ද වේවා!” යි පවසා පැවිදි වූහ. පසුම්බිවල පාත්‍රා දමාගෙන - උරයේ එල්ලාගෙන ප්‍රාසාදයෙන් බැස ගියහ. ගෙදර දැසිකම්කරු කිසිවෙක් ඔවුහු හඳුනා නොගත්හ.

අථ නෙ බ්‍රාහ‍්මණගාමතො නික‍්ඛම‍්ම දාසගාමද‍්වාරෙන ගච‍්ඡන‍්තෙ ආකප‍්පකුත‍්තවසෙන දාසගාමවාසිනො සඤ‍්ජානිංසු. තෙ රුදන‍්තා පාදෙසු නිපතිත්‍වා “කිං අම‍්හෙ අනාථෙ කරොථ අය්‍යා”ති? ආහංසු. “මයං, භණෙ ‘ආදිත‍්තපණ‍්ණසාලා විය තයො භවා’ති පබ‍්බජිම‍්හා, සචෙ තුම‍්හෙසු එකෙකං භුජිස‍්සං කරොම, වස‍්සසතම‍්පි නප‍්පහොති, තුම‍්හෙව තුම‍්හාකං සීසං ධොවිත්‍වා භුජිස‍්සා හුත්‍වා ජීවථා”ති වත්‍වා තෙසං රොදන‍්තානංයෙව පක‍්කමිංසු.

ඔවුහු ඒ බමුණු ගමින් නික්ම දාසගම් දොරින් යනකල්හි පැවැත්ම, විලාශ හා අකාරාදියෙන් දාසගම් වැසියෝ ඒ දෙදෙනා හඳුනාගත්හ. ඒ දෙදෙන පාමුල හඩාවැටෙමින් “ආර්යයෙනි! කිම අපි අනාථ කරවුද?”යි ඇසූහ. “අපි ත්‍රිවිධ භවයම ගිනිගත් කොළසෙවිලි කළ ශාලාවක් මෙන් වැටහී පැවිදි වූයෙමු. ඉදින් නුඹලාගෙන් එක් එක් පුද්ගලයා දාස බවින් මුදවත් නම්, වර්ෂ සීයකුත් ප්‍රමාණවත් නොවේ. නුඹලා ම නුඹලාගේ හිස් සෝදාගෙන දාසකමින් නිදහස් වී ජීවත් වෙවු”යි කියා ඔවුහු හඬද්දී ම පිටත්ව ගියහ.

ථෙරො පුරතො ගච‍්ඡන‍්තො නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො චින‍්තෙසි – “අයං භද‍්දා කාපිලානී සකලජම‍්බුදීපග‍්ඝනිකා ඉත්‍ථී මය‍්හං පච‍්ඡතො ආගච‍්ඡති. ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං කොචිදෙව එවං චින‍්තෙය්‍ය ‘ඉමෙ පබ‍්බජිත්‍වාපි විනා භවිතුං න සක‍්කොන‍්ති, අනනුච‍්ඡවිකං කරොන‍්තී”ති. “කොචි වා පන මනං පදූසෙත්‍වා අපායපූරකො භවෙය්‍ය. ඉමං පහාය මයා ගන‍්තුං වට‍්ටතී”ති චිත‍්තං උප‍්පාදෙසි.

තෙරුන් වහන්සේ මුලින් ම ගමන් කරමින් පසුපස හැරී බලා මෙසේ සිතුවේය. “මේ භද්‍රකාපිලානිය, මුළු දඹදිවට ම අගනා ස්ත්‍රියකි. ඇය මා පසුපස පැමිණීම සුදුසු දෙයක් නොවේ. ඇතමෙක් මෙසේ සිතීමටද පුළුවන. “මේ දෙදෙනා පැවිදි වූවත් වෙන්වීමට නොහැකිව නුසුදුසු හැසිරීමක් කරති” යනුවෙන්. ඇතැම්හු මනස දූෂණය කරගෙන ආපාගාමී වෙති. මැය අත්හැර මම තනිව ම යාම සුදුසුය”

සො පුරතො ගච‍්ඡන‍්තො ද‍්වෙධාපථං දිස‍්වා තස‍්ස මත්‍ථකෙ අට‍්ඨාසි. භද‍්දාපි ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං ආහ – “භද‍්දෙ, තාදිසිං ඉත්‍ථිං මම පච‍්ඡතො ආගච‍්ඡන‍්තිං දිස‍්වා, ‘ඉමෙ පබ‍්බජිත්‍වාපි විනා භවිතුං න සක‍්කොන‍්තී’ති චින‍්තෙත්‍වා අම‍්හෙසු පදුට‍්ඨචිත‍්තො මහාජනො අපායපූරකො භවෙය්‍ය. ඉමස‍්මිං ද‍්වෙධාපථෙ ත්‍වං එකං ගණ‍්හ, අහං එකෙන ගමිස‍්සාමී”ති. “ආම, අය්‍ය, පබ‍්බජිතානං මාතුගාමො නාම මලං, ‘පබ‍්බජිත්‍වාපි විනා න භවන‍්තී’ති අම‍්හාකං දොසං පස‍්සන‍්ති, තුම‍්හෙ එකං මග‍්ගං ගණ‍්හථ, විනා භවිස‍්සාමා”ති තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ, “සතසහස‍්සකප‍්පප‍්පමාණෙ අද‍්ධානෙ කතො මිත‍්තසන්‍ථවො අජ‍්ජ භිජ‍්ජතී”ති වත්‍වා, “තුම‍්හෙ දක‍්ඛිණජාතිකා නාම, තුම‍්හාකං දක‍්ඛිණමග‍්ගො වට‍්ටති, මයං මාතුගාමා නාම වාමජාතිකා, අම‍්හාකං වාමමග‍්ගො වට‍්ටතී”ති වන්‍දිත්‍වා මග‍්ගං පටිපන‍්නා. තෙසං ද‍්වෙධාභූතකාලෙ අයං මහාපථවී “අහං චක‍්කවාළගිරිසිනෙරුපබ‍්බතෙ ධාරෙතුං සක‍්කොන‍්තීපි තුම‍්හාකං ගුණෙ ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය විරවමානා අකම‍්පි, ආකාසෙ අසනිසද‍්දො විය පවත‍්ති, චක‍්කවාළපබ‍්බතො උන‍්නදි.

ඉදිරියෙන්ම වැඩමකරන තෙරණුවෝ දෙමං සන්ධියකට පැමිණ ඒ මැද නැවතුනහ. භද්‍රාවද පසුපසින් පැමිණ, උන්වහන්සේට වැඳ පසෙකින් සිටියාය. ඉක්බිති ඇයට “භද්‍රාවනි! නුඹ වැනි ස්ත්‍රියක් මා පසුපස එනු දැක, මේ දෙදෙන පැවිදි වුවත් වෙන්වීමට නොහැක්කෝ වෙති” සිතා අප කෙරේ සිත් දූෂිත කරගෙන මහජනයා අපාය පුරවන්නෝ වෙති. මේ පාරවල් දෙකකි. එකකින් ඔබ යනු මැනවි. අනිකින් මම යමියි පැවසූ සේක. භද්‍රාවද “ආර්ය පුත්‍රය! එසේය. පැවිද්දන්ට ස්ත්‍රියනම් කිලුටකි. පැවිදිවීත් වෙන් නොවෙති”යි ජනයා අපගේ දොස් දකිති. නුඹවහසේ එක් පාරක යන්න. දැන් අපි වෙන්වෙමු”යි තෙවරක්ම පැදකුණු කොට, සිවුතැනක හිඳ පසඟ පිහිටුවා වැඳ, තෙරුන්ගේ දසනිය එක්වී බබලන ඇඟිලි සහිත පාදෙක අල්ලාගෙන - “කල්ප ලක්‍ෂයක් පමණ වූ දීර්ඝ සංසාරයේ කරන ලද මිත්‍ර කථාබස් ඇති අපගේ සබඳතාව, අදින් පසු බිඳී යයි. නුඹවහන්සේ ‘දක්ඛිණ ජාතික’ නම් වේ. එනිසා නුඹ දකුණු දෙස පාරෙන් යනු මැනවි. මා මාතුගාම නම් වේ. මාහට වම්පස මාර්ගය සුදුසුය”යි මෙසේ පවසා වම් පැත්තෙහි මාර්ගයට බැස ගියාය. ඔවුන්ගේ වෙන්වන වේලාවෙහිදී මේ මහපොළව, “මම සක්වල ගල, මහමෙර ආදිය දරාසිටීමට සමත් වුවත් නුඹලාගේ ගුණමහිමය දරාගැනීමට නොහැකෙමි”යි පවසන්නාක් මෙන් මහහඬින් කම්පා විය. අහස හෙන හඬ දෙමින් සුලං හැමීය. සක්වල පර්වතය ද මහත් නාද පැවැත්වූයේය.

සම‍්මාසම‍්බුද‍්ධො වෙළුවනමහාවිහාරෙ ගන්‍ධකුටියං නිසින‍්නො පථවීකම‍්පනසද‍්දං සුත්‍වා, “කස‍්ස නු ඛො පථවී කම‍්පතී”ති? ආවජ‍්ජෙන‍්තො “පිප‍්පලිමාණවො ච භද‍්දා ච කාපිලානී මං උද‍්දිස‍්ස අප‍්පමෙය්‍යං සම‍්පත‍්තිං පහාය පබ‍්බජිතා, තෙසං වියොගට‍්ඨානෙ උභින‍්නම‍්පි ගුණබලෙන අයං පථවීකම‍්පො ජාතො, මයාපි එතෙසං සඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති ගන්‍ධකුටිතො නික‍්ඛම‍්ම සයමෙව පත‍්තචීවරං ආදාය, අසීතිමහාථෙරෙසු කඤ‍්චි අනාමන‍්තෙත්‍වා තිගාවුතං මග‍්ගං පච‍්චුග‍්ගමනං කත්‍වා රාජගහස‍්ස ච නාළන්‍දාය ච අන‍්තරෙ බහුපුත‍්තකනිග්‍රොධරුක‍්ඛමූලෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. නිසීදන‍්තො පන අඤ‍්ඤතරො පංසුකූලිකො විය අනිසීදිත්‍වා බුද‍්ධවෙසං ගහෙත්‍වා අසීතිහත්‍ථා ඝනබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො නිසීදි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩහුන් සේක්, පොළව කම්පාවන ශබ්දය අසා, “කුමක් නිසා පොළව කම්පාවීද?”යි සිහිපත් කර බලන සේක්, “පිප්ඵලි මාණවකයාද භද්‍රකාපිලානිය ද මා උදෙසා අපමණ සැපසම්පත් හැරදමා පැවිදි වූවාහුය. ඔවුන්ගේ වෙන්වීමේදී දෙදෙනාගේම ගුණ බලයෙන් මහපොළව කම්පිත විය. මා විසිනුදු මොවුන්ට සංග්‍රහ කිරීම සුදුසුය.” යනුවෙන් සිතා වදාරා, ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේ ම පාසිවුරු ගෙන අසූමහා ශ්‍රාවකාදීන්ගෙන් කිසිවකු නො අමතා, තුන්ගවුවක් පමණ පෙරගමන් කළ සේක. රජගහටද නාලන්දාවටද අතර වූ බහුපුත්තක නම් නුග ගස මුල පළක් බැඳගෙන වැඩහුන් සේක. එසේ වැඩහිඳි සේක්, වෙනත් පාංශු කුලිකාදීන් මෙන් නොව බුද්ධවේෂය ගෙන අසූරියනක් දුර උතුම් බුදුරැස් විහිදුවමින් වැඩහුන් සේක.

ඉති තස‍්මිං ඛණෙ පණ‍්ණඡත‍්තසකටචක‍්කකූටාගාරාදිප‍්පමාණා බුද‍්ධරස‍්මියො ඉතො චිතො ච විප‍්ඵන්‍දන‍්තියො විධාවන‍්තියො චන්‍දිමසහස‍්සසූරියසහස‍්සඋග‍්ගමනකාලො විය කුරුමානා තං වනන‍්තරං එකොභාසං අකංසු. ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණානං සිරියා සමුජ‍්ජලිතතාරාගණං විය ගගනං, සුපුප‍්ඵිතකමලකුවලයං විය සලිලං, වනන‍්තරං විරොචිත්‍ථ. නිග්‍රොධරුක‍්ඛස‍්ස නාම ඛන්‍ධො සෙතො හොති, පත‍්තානි නීලානි පක‍්කානි රත‍්තානි. තස‍්මිං පන දිවසෙ සතසාඛො නිග්‍රොධරුක‍්ඛො සුවණ‍්ණවණ‍්ණො අහොසි.

මෙලෙස ඒ මොහොතෙහි ඡත්‍රමය කුඩ, කරත්ත රෝද, කූටාගාර යනාදී ප්‍රමාණවලින් බුදුරැස් දසදිග්හි පැතිරුණාහුය. ඔබනොබ ගමන් කළාහුය. සඳ දාහක් හිරු දාහක් උදාවූ කලක් මෙන් ඒ වනාන්තරය එකම ආලෝකයකින් බැබලුණි. දෙතිස් මහා පුරිස් ලකුණින් හෙබියා වූ බුදුසිරුර අහසේ බබලන තරු සමූහයක් මෙන්ද වනයේ දියපොකුණුවල මැනවින් පිපි නෙලුම්, මානෙල් ආදී පියුම් මෙන්ද බැබලුණි. ශෝභාමත් විය. සාමාන්‍යයෙන් නුගරුකෙහි කඳ සුදුපාට වේ. පත්‍ර නිල්පාට වේ. ගෙඩි රතුපාට වේ. එදින කඳ සහිත සීයක් අතු ඇති නුගරුක රන්වන් පැහැයෙන් බැබලුණි.

ඉති යා සා අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නොති පදස‍්ස අත්‍ථං වත්‍වා, “ඉදානි යථා එස පබ‍්බජිතො, යථා ච අද‍්ධානමග‍්ගං පටිපන‍්නො. ඉමස‍්ස අත්‍ථස‍්ස ආවිභාවත්‍ථං අභිනීහාරතො පට‍්ඨාය අයං අනුපුබ‍්බිකථා කථෙතබ‍්බා”ති වුත‍්තා, සා එවං වෙදිතබ‍්බා.

මෙසේ මෙම “අද්ධානමග්ග පටිපන්නො” යන පදයාගේ අර්ථ පවසා, දැන් “යම්සේ මෙම කාශ්‍යප තෙරුන් පැවිදි වීද? යම්සේ දිගු මාවතකට එළඹියේ ද?” යන මෙම අර්ථය පහදා දීම සඳහා අභිනීහාරයේ පටන් අනුපිළිවෙල කථාව මෙලෙස දතයුතු වේ.

අන‍්තරා ච රාජගහං අන‍්තරා ච නාළන්‍දන‍්ති රාජගහස‍්ස ච නාළන්‍දාය ච අන‍්තරෙ. සත්‍ථාරඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං භගවන‍්තමෙව පස‍්සෙය්‍යන‍්ති සචෙ අහං සත්‍ථාරං පස‍්සෙය්‍යං, ඉමංයෙව භගවන‍්තං පස‍්සෙය්‍යං. න හි මෙ ඉතො අඤ‍්ඤෙන සත්‍ථාරා භවිතුං සක‍්කාති. සුගතඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං භගවන‍්තමෙව පස‍්සෙය්‍යන‍්ති සචෙ අහං සම‍්මාපටිපත‍්තියා සුට‍්ඨු ගතත‍්තා සුගතං නාම පස‍්සෙය්‍යං, ඉමංයෙව භගවන‍්තං පස‍්සෙය්‍යං. න හි මෙ ඉතො අඤ‍්ඤෙන සුගතෙන භවිතුං සක‍්කාති. සම‍්මාසම‍්බුද‍්ධඤ‍්ච වතාහං පස‍්සෙය්‍යං භගවන‍්තමෙව පස‍්සෙය්‍යන‍්ති සචෙ අහං සම‍්මා සාමඤ‍්ච සච‍්චානි බුද‍්ධත‍්තා සම‍්මාසම‍්බුද‍්ධං නාම පස‍්සෙය්‍යං, ඉමංයෙව භගවන‍්තං පස‍්සෙය්‍යං. න හි මෙ ඉතො අඤ‍්ඤෙන සම‍්මාසම‍්බුද‍්ධෙන භවිතුං සක‍්කාති අයමෙත්‍ථ අධිප‍්පායො. එවං දස‍්සනෙනෙව “භගවති ‘අයං සත්‍ථා, අයං සුගතො, අයං සම‍්මාසම‍්බුද‍්ධො’ති නික‍්කඞ‍්ඛො අහං, ආවුසො, අහොසි”න‍්ති දීපෙති. සත්‍ථා මෙ, භන‍්තෙති ඉදං කිඤ‍්චාපි ද‍්වෙ වාරෙ ආගතං, තික‍්ඛත‍්තුං පන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉමිනා හි සො “එවං තික‍්ඛත‍්තුං සාවකත‍්තං සාවෙසිං, ආවුසො”ති දීපෙති.

“අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං” යනු රජගහටද නාලන්දාවටද අතර යනුයි. “සත්ථාරඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍යං” යනු ඉදින් මම ශාස්තෘන් වහන්සේ දකින්නෙම් නම්, මේ බුද්ධත්වයට පත්වූම භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමි. මෙයින් බැහැර වූ අනික් ශාස්තෘවරයෙක් සිටිය නොහැක. “සුගතඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍යං” යනු ඉදින් මම මනා ප්‍රතිපත්තියෙන් මැනවින් ගමන්කළ නිසා සුගත නම් වන සුගතයන් වහන්සේ බලන්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ බැලිය යුතුයි. මෙයින් වෙනත් සුගතයන් වහන්සේ කෙනෙක් මට නැත. “සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්‍යං භගවන්තමෙව පස්සෙය්‍යං” යනු ඉදින් මම යහපත්ව තමාම සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වූ බුදුරදුන් දකින්නේ නම්, මේ භාග්‍යවතුන් වහන්සේ දැකිය යුතු වේ. මේ හැර වෙනත් සම්මා සම්බුදුවරයෙක් මාහට නොමැත. මෙහි අර්ථ මෙසේ දතයුතුයි. මෙලෙස රුව දැකීමෙන්ම “මේ භාග්‍යවතුන් වහන්සේමය. මේ ශාස්තෘන් වහන්සේය. මේ සුගතයන් වහන්සේ ය. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේමය” යනුවෙන් ඇවැත්නි නිසැකව මාහට එය වැටහුනේය. අවබෝධ විය යන අදහසයි. “සත්ථා මෙ භන්තෙ” මෙම ප්‍රකාශය සූත්‍රයේ දෙවරක් දැක්වුනත් එය තුන්වරක්ම පැවසූ බව සිතාගත යුතුයි. මෙයින් උන්වහන්සේ තෙවරක්ම මෙලෙස “සිය ශ්‍රාවකත්වය” ප්‍රකාශ කළ බව “ඇවැත්නි” යන්නෙන් දක්වයි.

අජානඤ‍්ඤෙවාති අජානමානොව. දුතියපදෙපි එසෙව නයො. මුද‍්ධාපි තස‍්ස විපතෙය්‍යාති යස‍්ස අඤ‍්ඤස‍්ස “අජානංයෙව ජානාමී”ති පටිඤ‍්ඤස‍්ස බාහිරකස‍්ස සත්‍ථුනො එවං සබ‍්බචෙතසා සමන‍්නාගතො පසන‍්නචිත‍්තො සාවකො එවරූපං පරමනිපච‍්චකාරං කරෙය්‍ය, තස‍්ස වණ‍්ටඡින‍්නතාලපක‍්කං විය ගීවතො මුද‍්ධාපි විපතෙය්‍ය, සත‍්තධා පන ඵලෙය්‍යාති අත්‍ථො. කිං වා එතෙන, සචෙ මහාකස‍්සපත්‍ථෙරො ඉමිනා චිත‍්තප‍්පසාදෙන ඉමං පරමනිපච‍්චකාරං මහාසමුද‍්දස‍්ස කරෙය්‍ය, තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තඋදකබින්‍දු විය විලයං ගච‍්ඡෙය්‍ය. සචෙ චක‍්කවාළස‍්ස කරෙය්‍ය, ථුසමුට‍්ඨි විය විකිරෙය්‍ය. සචෙ සිනෙරුපබ‍්බතස‍්ස කරෙය්‍ය, කාකතුණ‍්ඩෙන පහටපිට‍්ඨමුට‍්ඨි විය විද‍්ධංසෙය්‍ය. සචෙ මහාපථවියා කරෙය්‍ය, වාතාහතභස‍්මපුඤ‍්ජො විය විකිරෙය්‍ය. එවරූපොපි පන ථෙරස‍්ස නිපච‍්චාකාරො සත්‍ථු සුවණ‍්ණවණ‍්ණෙ පාදපිට‍්ඨෙ ලොමමත‍්තම‍්පි විකොපෙතුං නාසක‍්ඛි. තිට‍්ඨතු ච මහාකස‍්සපො, මහාකස‍්සපසදිසානං භික‍්ඛූනං සහස‍්සම‍්පි සතසහස‍්සම‍්පි නිපච‍්චාකාරදස‍්සනෙන නෙව දසබලස‍්ස පාදපිට‍්ඨෙ ලොමමත‍්තම‍්පි විකොපෙතුං පංසුකූලචීවරෙ වා අංසුමත‍්තම‍්පි චාලෙතුං සක‍්කොති. එවං මහානුභාවො හි සත්‍ථා.

“අජානංයෙව” යනු නොදනේමය. දෙවන පදයෙහිද මෙම ක්‍රමයමයි. “මුද්ධාපි තස්ස විපතෙය්‍ය” යනු අන්‍යයයෙකුට තමා නොදන්නේම දන්නෙමියි ප්‍රතිඥා දෙන බාහිර සමයක ශාස්තෘවරයාටය. “මෙලෙස මුලු හිතින්ම ප්‍රසන්න වූ සිතැති ශ්‍රාවකයා මෙලෙස අතිශය යටහත් ගෞරව දැක්වීම් කරන්නේ නම් එකෙණෙහි එම ශාස්තෘවරයාගේ හිස, නටුයෙන් ගිලිහුණු තල්ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගිලිහී වැටෙන්නේය. සත්කඩකට පැලෙන්නේය.” යන අර්ථයි. මෙලෙස පැවසූයේ ඇයි? ඉදින් මහාකාශ්‍යප තෙරුන් වහන්සේ දැක්වූ මේ සිත් පැහැදවීමෙන් - මේ අතිශය ගෞරවාදර දැක්වීමෙන් ඉදින් මහමුහුදක් මවන්නේ නම් රත්වූ කබලෙහි දැමූ දිය මෙන් වහා වේලීමට යන්නේය. ඉදින් සක්වලක් මවන්නේ නම් කපුටු තුඩින් පහරදුන් පිටි මිටක් මෙන් සුණුවිසුණු වී යන්නේය. ඉදින් මහපොළවක් මවන්නේ නම් සුලඟින් ගසාගෙන යන අළුමිටක් මෙන් විසිරෙන්නේය. මෙබඳු වූ තෙරුන්ගේ ගෞරව දැක්වීම නිසා ශාස්තෘන් වහන්සේගේ රන්වන් පා මතුපිට එක් රෝමකූපයක්වත් කඩා බිඳ දැමීමට නොහැකි විය. මහාකාශ්‍යප තෙරුන් පසෙක සිටිත්වා. එවැනි මහතෙරවරු දහසකගේ, ලක්‍ෂයකගේ වුවත් ගෞරව දැක්වීම් ආදියෙන් දසබලයන් වහන්සේගේ පා මතුපිට ඇති රෝමයක්වත් සෙලවීමට හෝ පාංශුකූල සිවුරෙහි අංශුමාත්‍රයක් සෙලවීමට හෝ සමත් නොවේ. ශාස්තෘන් වහන්සේ මෙලෙසින් අතිශය මහානුභාව සම්පන්න වෙති.

තස‍්මාතිහ තෙ කස‍්සපාති යස‍්මා අහං ජානන‍්තො එව “ජානාමී”ති, පස‍්සන‍්තො එව ච “පස‍්සාමී”ති වදාමි, තස‍්මා, කස‍්සප, තයා එවං සික‍්ඛිතබ‍්බං. තිබ‍්බන‍්ති බහලං මහන‍්තං. හිරොත‍්තප‍්පන‍්ති හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච. පච‍්චුපට‍්ඨිතං භවිස‍්සතීති පඨමතරමෙව උපට‍්ඨිතං භවිස‍්සති. යො හි ථෙරාදීසු හිරොත‍්තප‍්පං උපට‍්ඨපෙත්‍වා උපසඞ‍්කමති ථෙරාදයොපි තං සහිරිකා සඔත‍්තප‍්පා ච හුත්‍වා උපසඞ‍්කමන‍්තීති අයමෙත්‍ථ ආනිසංසො. කුසලූපසංහිතන‍්ති කුසලසන‍්නිස‍්සිතං. අට‍්ඨිං කත්‍වාති අත‍්තානං තෙන ධම‍්මෙන අට‍්ඨිකං කත්‍වා, තං වා ධම‍්මං “එස මය‍්හං අත්‍ථො”ති අට‍්ඨිං කත්‍වා. මනසි කත්‍වාති චිත‍්තෙ ඨපෙත්‍වා. සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වාති චිත‍්තස‍්ස ථොකම‍්පි බහි ගන‍්තුං අදෙන‍්තො සබ‍්බෙන සමන‍්නාහාරචිත‍්තෙන සමන‍්නාහරිත්‍වා. ඔහිතසොතොති ඨපිතසොතො, ඤාණසොතඤ‍්ච පසාදසොතඤ‍්ච ඔදහිත්‍වා මයා දෙසිතං ධම‍්මං සක‍්කච‍්චමෙව සුණිස‍්සාමීති එවඤ‍්හි තෙ සික‍්ඛිතබ‍්බං. සාතසහගතා ච මෙ කායගතාසතීති අසුභෙසු චෙව ආනාපානෙ ච පඨමජ‍්ඣානවසෙන සුඛසම‍්පයුත‍්තා කායගතාසති. යො ච පනායං තිවිධො ඔවාදො, ථෙරස‍්ස අයමෙව පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච අහොසි.

“තස්මාතීහ තෙ කස්සප” යනු යම් හෙයකින් මම දැනගෙනම දනිමියි පවසමි. දකිමින්ම දකිමියි පවසමි. එනිසා කාශ්‍යපය! නුඹ විසින් මෙලෙස හික්මිය යුතුය. “නිබ්බං” යනු ඝන වූ තියුණු වූ මහත් වූ යනුයි. “හිරොත්තප්පං” යනු පාපයට ඇති ලජ්ජාවද බියද යන දෙකයි. “පච්චුපට්ඨිතං භවිස්සති” පළමුවම එළඹ සිටියේ වේ. “යමෙක් වනාහී මහතෙරවරුන් කෙරෙහි ලැජ්ජා බිය උපදවා එළඹෙයිද, තෙරවරුද ලජ්ජා සහිතව, බිය සහිත ඔහු වෙත එළඹයි” යන අර්ථයයි. මෙය මෙහි ඇති ආනිසංසයයි. “කුසලු පසංහිතං” යනු කුසල් ආශ්‍රය කළ යනුයි. “අට්ඨිකත්වා” යනු තමා විසින් ඒ ධර්මයෙන් අර්ථයක්-යහපතක් කොට යනුයි. ඒ ධර්මය හෝ එයින් මට වැඩක් ඇතැයි අර්ථවත් දෙයක් කොට. “මනසිකත්වා” යනු සිතේ තබාගෙනයි. “සබ්බ චෙතසො සමන්නා හරිත්වා” යනු සිතේ මදක්වත් පිටත නික්මීමට නොදෙමින්ය. සියලු අයුරින්ම එක්තැන් වූ සිතින් සිත එක් අරමුණක පිහිටුවා. “ඔහිත සොතො” යනු පිහිටවූ- යොමු කළ කන් ඇතිව යනුයි. ඤාණය නම් වූ කණද පැහැදීම නම් වූ කණ ද යොමුකර - මවිසින් දෙසූ ධර්මය සකසාම අසන්නෙමි” යනුවෙන් නුඹලා හික්මිය යුතුයි. “සාතසහගතා ච මෙ කායගතාසති” යනු අසූහයේ මෙන්ම ආනාපාන සතියේ ද ප්‍රථම ධ්‍යාන වශයෙන් සැපෙන් යුක්ත වූ කායගතා සතියයි. මෙසේ දෙන ලද මේ අවවාද තුනම තෙරුන් වහන්සේගේ පැවිද්ද ද උපසම්පදාව ද විය.

සරණොති සකිලෙසො සඉණො හුත්‍වා. රට‍්ඨපිණ‍්ඩං භුඤ‍්ජින‍්ති සද‍්ධාදෙය්‍යං භුඤ‍්ජිං. චත‍්තාරො හි පරිභොගා ථෙය්‍යපරිභොගො ඉණපරිභොගො දායජ‍්ජපරිභොගො සාමිපරිභොගොති. තත්‍ථ දුස‍්සීලස‍්ස සඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිත්‍වා භුඤ‍්ජන‍්තස‍්සාපි පරිභොගො ථෙය්‍යපරිභොගො නාම. කස‍්මා? චතූසු පච‍්චයෙසු අනිස‍්සරතාය. සීලවතො අපච‍්චවෙක‍්ඛිතපරිභොගො ඉණපරිභොගො නාම. සත‍්තන‍්නං සෙඛානං පරිභොගො දායජ‍්ජපරිභොගො නාම. ඛීණාසවස‍්ස පරිභොගො සාමිපරිභොගො නාම. ඉති ඛීණාසවොව සාමී හුත්‍වා අනණො පරිභුඤ‍්ජති. ථෙරො අත‍්තනා පුථුජ‍්ජනෙන හුත්‍වා පරිභුත‍්තපරිභොගං ඉණපරිභොගංයෙව කරොන‍්තො එවමාහ. අට‍්ඨමියා අඤ‍්ඤා උදපාදීති අට‍්ඨමෙ දිවසෙ අරහත‍්තඵලං උප‍්පජ‍්ජි.

“සාණෝ” යනු කෙලෙස් සහිතව, ණය සහිත වී යනුයි. “රට්ඨ පිණ්ඩං භුඤ්ජි” යනු ශ්‍රද්ධාවෙන් දෙන ලද්ද අනුභව කළෙමි යනුයි. පරිභෝග කිරීම් හතරකි. ථෙය්‍ය පරිභෝගය, ඉණ පරිභෝගය, දායජ්ජ පරිභෝගය, සාමි පරිභෝගය යනුවෙනි. එහි දුස්සීලයාගේ අනුභව කිරීමද පරිභෝගය ද (සඟ මැද හිඳ) ථෙය්‍ය පරිභෝගය නම් වේ. කුමක් නිසාද? ඔහුට සිවුපසයෙහි හිමිකමක් නොමැති බැවිනි. සිල්වතාගේ ප්‍රත්‍යවේක්ෂා නොකර පරිභෝග කිරිම, ඉණ පරිභෝගය නම් වේ. සප්ත සේඛ පුද්ගලයන්ගේ සිවුපස පරිභෝජනය දායජ පරිභෝග නම් වේ. රහතන් වහන්සේගේ පරිභෝගය, සාමි පරිභෝග නම් වේ. මෙලෙස රහතන් වහන්සේ ස්වාමියකුව-ණය නැතුව වළඳන්නේ වේ. තෙරුන්වහන්සේ තමා පුහුදුන්ව සිටියදී වැළඳු ආහාරය “ඉණ පරිභෝගය” ලෙස හඳුන්වමින් මෙසේ දෙසූහ. “අට්ඨමියා අඤ්ඤං උදපාදි” යනු අටවැනි දින අර්හත්ඵලයට පත්විය.

අථ ඛො, ආවුසො, භගවා මග‍්ගා ඔක‍්කම‍්මාති මග‍්ගතො ඔක‍්කමනං පඨමතරං තංදිවසෙයෙව අහොසි, අරහත‍්තාධිගමො පච‍්ඡා. දෙසනාවාරස‍්ස පන එවං ආගතත‍්තා අරහත‍්තාධිගමො පඨමං දීපිතො. කස‍්මා පන භගවා මග‍්ගා ඔක‍්කන‍්තොති? එවං කිරස‍්ස අහොසි “ඉමං භික‍්ඛුං ජාතිආරඤ‍්ඤිකං ජාතිපංසුකූලිකං ජාතිඑකාසනිකං කරිස‍්සාමී”ති. තස‍්මා ඔක‍්කමි.

“අථඛො භගවා මග්ගා ඔක්කම්ම” යනු මාර්ගයෙන් ඉවත්ව යනුයි. පළමුව භාග්‍යවතුන් වහන්සේ හා සමාගමය එදිනම සිදුවිය. රහත්වීම පසුව සිදුවිය. දේශනාවාරයේ මෙසේ පැමිණි බැවින් රහත්වීම පළමුව දක්වන ලදී. කුමක් නිසා බුදුපියාණන් වහන්සේ මාර්ගයෙන් ඉවත්වූ සේක්ද? උන්වහන්සේ මෙබඳු සිතක් පහළවූ බැවිනි. “මෙම භික්ෂුව උපතින්ම ආරඤ්ඤිකංගය සමාදන් වූවෙක්, උපතින්ම පාශුකූලිකයෙක්, උපතින්ම ඒකාසනිකංගය සමාදන් වූවෙක් කරනෙමි”යි යනුවෙන් සිතා මාර්ගයෙන් ඉවත්වූ සේක.

මුදුකා ඛො ත්‍යායන‍්ති මුදුකා ඛො තෙ අයං. ඉමඤ‍්ච පන වාචං භගවා තං චීවරං පදුමපුප‍්ඵවණ‍්ණෙන පාණිනා අන‍්තන‍්තෙන පරාමසන‍්තො ආහ. කස‍්මා එවමාහාති? ථෙරෙන සහ චීවරං පරිවත‍්තෙතුකාමතාය. කස‍්මා පරිවත‍්තෙතුකාමො ජාතොති? ථෙරං අත‍්තනො ඨානෙ ඨපෙතුකාමතාය. ථෙරො පන යස‍්මා චීවරස‍්ස වා පත‍්තස‍්ස වා වණ‍්ණෙ කථිතෙ “ඉමං තුම‍්හාකං ගණ‍්හථා”තිවචනං චාරිත‍්තමෙව, තස‍්මා “පටිග‍්ගණ‍්හාතු මෙ, භන‍්තෙ, භගවා”ති ආහ. ධාරෙස‍්සසි පන මෙ ත්‍වං, කස‍්සප, සාණානි පංසුකූලානි නිබ‍්බසනානීති, කස‍්සප, ත්‍වං ඉමානි පරිභොගජිණ‍්ණානි පංසුකූලානි පාරුපිතුං සක‍්ඛිස‍්සසීති වදති. තඤ‍්ච ඛො න කායබලං සන්‍ධාය, පටිපත‍්තිපූරණං පන සන්‍ධාය එවමාහ. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – අහං ඉමං චීවරං පුණ‍්ණං නාම දාසිං පාරුපිත්‍වා ආමකසුසානෙ ඡඩ‍්ඩිතං තං සුසානං පවිසිත්‍වා තුම‍්බමත‍්තෙහි පාණකෙහි සම‍්පරිකිණ‍්ණං තෙ පාණකෙ විධුනිත්‍වා මහාඅරියවංසෙ ඨත්‍වා අග‍්ගහෙසිං, තස‍්ස මෙ ඉමං චීවරං ගහිතදිවසෙ දසසහස‍්සචක‍්කවාළෙ මහාපථවී මහාවිරවං විරවමානා කම‍්පිත්‍ථ, ආකාසො තටතටායි, චක‍්කවාළදෙවතා සාධුකාරමදංසු, “ඉමං චීවරං ගණ‍්හන‍්තෙන භික‍්ඛුනා ජාතිපංසුකූලිකෙන ජාතිආරඤ‍්ඤිකෙන ජාතිඑකාසනිකෙන ජාතිසපදානචාරිකෙන භවිතුං වට‍්ටති, ත්‍වං ඉමස‍්ස චීවරස‍්ස අනුච‍්ඡවිකං කාතුං සක‍්ඛිස‍්සසී”ති. ථෙරොපි අත‍්තනා පඤ‍්චන‍්නං හත්‍ථීනං බලං ධාරෙති, සො තං අතක‍්කයිත්‍වා “අහමෙතං පටිපත‍්තිං පූරෙස‍්සාමී”ති උස‍්සාහෙන සුගතචීවරස‍්ස අනුච‍්ඡවිකං කාතුකාමො “ධාරෙස‍්සාමහං, භන‍්තෙ”ති ආහ. පටිපජ‍්ජින‍්ති පටිපන‍්නොස‍්මි.

“මුදුකා ඛො ත්‍යායං” යනු (මුදුකා ඛො තෙ අයං) නුඹගේ මේ සිවුර මෘදුය යනුයි. මේ වචනය භාග්‍යවතුන් වහන්සේ නෙලුම් මල් පැහැයෙන් යුතු අතින් සිවුරෙහි අගින් අග පිරිමදිමින් වදාළහ. කුමක් නිසාද? තෙරුන් සමග සිවුරු හුවමාරු කරගනු කැමැත්තෙනි. කුමක් නිසා හුවමාරු කරගැනීමට කැමැත්තක් දැක්වූයේද? තෙරුන් වහන්සේ, කියූ ස්ථානයෙහි තබනු රිසියෙනි. (ශාසනභාරධාරීත්වය පවරණු සඳහායි.) තෙරුන් වහන්සේ කියූ ලෙසම, සිවුරක හෝ පාත්‍රයක ගුණ කී කල්හි “නුඹ මෙය ගන්න”යි යනාදී වදන් පැවසීම චාරිත්‍රයක් මය. එනිසා “පතිගණ්හාතු මෙ භන්තෙ භගවා”යි දෙසූහ. “ධාරෙස්සසි පන මෙ ත්වං කසසප! සාණානි පංසුකූලානි නිබ්බසරානි” යනු කාශ්‍යපය! නුඹ මේ පරිභෝගයෙන් දිරාගිය, පාංශුකූල සිවුර පෙරවීමට හැකියැයි කියයි. එය කාය බලය නිසා නොව ප්‍රතිපත්ති පූරණය සඳහා ම මෙලෙස කියන ලදී. මෙය මෙහි අදහසයි. පුණ්ණා නම් දාසිය විසින් පොරවා අමුසොහොනේ අත්හැර දැමූ මේ සිවුර ඒ සොහොනට පිවිස තිඹක් පමණ පණුවන්ගෙන් ගැවසී තිබියදී ඒ පණුවන් ඉවත්කර මහා ආර්යවංශයෙහි පිහිටා සිට මම පිළිගත්තෙමි. ඒ මම මේ සිවුර ගත් දිනයේ දස දහසක් සක්වල, මහපොලව මහහඬින් නද දෙමින් කම්පා විය. අහසෙහි සුළං හැමීය. සක්වල දේවතාවෝ සාධුකාර දුන්හ. මේ සිවුර ගන්නා වූ භික්ෂුව විසින් උපතින්ම පාංශුකුලිකයෙක්, උපතින් ම ආරඤ්ඤිකයෙක්, උපතින්ම එක් ආසනයක හිඳිනෙක්, උපතින්ම පිඬු පිණිස හැසිරෙන්නක් වීමට සුදුසුය. නුඹ මෙසේ මේ සිවුරට යෝග්‍ය වූ දෙය සිදුකිරීමෙහි සමත්කම් ඇත්තෙකි. තෙරුන් ද තමා ඇතුන් පහකගේ බල දරන්නේ නමුත් ඒ පිළිබඳව තර්ක නොකරම “මම ඒ ප්‍රතිපත්ති පුරනෙමි”යි උත්සාහයෙන් සුගත සිවුරට යෝග්‍ය වූවක්ම කරනු කැමති ව “ධාසෙසාහං භන්තෙ” යනාදිය පැවසීය. “පටිපජ්ජිං” යනු පිළිගන්නෙමි යනුයි.

එවං පන චීවරපරිවත‍්තනං කත්‍වා ච ථෙරෙන පාරුතචීවරං භගවා පාරුපි, සත්‍ථු චීවරං ථෙරො. තස‍්මිං සමයෙ මහාපථවී උදකපරියන‍්තං කත්‍වා උන‍්නදන‍්තී කම‍්පිත්‍ථ.

මෙසේ මේ සිවුරු හුවමාරුව සිදුකර; තෙරුන් මෙතෙක් පෙරවූ සිවුර බුදුපියාණන් වහන්සේ පෙර වූහ. බුදුපියාණන්ගේ සිවුර තෙරුන් පෙරවීය. එසමයේ මහපොළව ජලය සීමා කරගෙන මහහඬින් කම්පා විය.

භගවතො පුත‍්තොතිආදීසු ථෙරො භගවන‍්තං නිස‍්සාය අරියාය ජාතියා ජාතොති භගවතො පුත‍්තො. උරෙන වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තඔවාදවසෙන පබ‍්බජ‍්ජාය චෙව උපසම‍්පදාය ච පතිට‍්ඨිතත‍්තා ඔරසො මුඛතො ජාතො. ඔවාදධම‍්මතො ජාතත‍්තා ඔවාදධම‍්මෙන ච නිම‍්මිතත‍්තා ධම‍්මජො ධම‍්මනිම‍්මිතො. ඔවාදධම‍්මදායාදං නවලොකුත‍්තරධම‍්මදායාදමෙව වා අරහතීති ධම‍්මදායාදො. පටිග‍්ගහිතානි සාණානි පංසුකූලානීති සත්‍ථාරා පාරුතං පංසුකූලචීවරං පාරුපනත්‍ථාය පටිග‍්ගහිතං.

“භගවතො පුත්තො” යනාදියෙහි, තෙරුන් වහන්සේ වනාහී බුදුරජාණන් වහන්සේ නිසාම ආර්ය ජාතියෙහි උපන්නාහයි. “භගවතො පුත්තො” නම් වේ. හදවතේ තිබී මුවින් නික්මුණු අවවාද වශයෙන් පැවිදි උපසම්පදා දෙකෙහි පිහිටි බැවින් - “ඔරසො මුබතො ජාතො” නම් වේ. අවවාද ධර්මතා වශයෙන් උපන් බැවින්, අවවාද ධර්මයෙන් නිර්මිත වූ බැවින් - “ධම්මජෝ ධම්ම නිම්මිතො” නම් වේ. අවවාද ධර්ම දායාදයට නව ලෝකෝත්තර ධර්ම දායාදයටම සුදුසු වේයි “ධම්මදායාදො” නම් වේ. “පටිග්ගහෙතා සාණානි පාංසුකූලානි” යනු ශාස්තෘන් වහන්සේ පෙරවූ පංශුකූල සිවුර පෙරවීම සඳහා පිළිගත් යනුයි.

සම‍්මා වදමානො වදෙය්‍යාති යං පුග‍්ගලං “භගවතො පුත‍්තො”තිආදීහි ගුණෙහි සම‍්මා වදමානො වදෙය්‍ය, මමං තං සම‍්මා වදමානො වදෙය්‍ය, අහං එවරූපොති.

“සම්මාවදමානො වදෙය්‍ය” යම් අයෙක් භාග්‍යවතුන් වහන්සේගේ “පුතෙකැ”යි යනාදී ගුණයන්ගෙන් යුක්තයැයි කියන්නේ නම් එය මා සඳහාම කියන්නකි. එය සත්‍ය ප්‍රකාශයකි.

එත‍්තාවතා ථෙරෙන පබ‍්බජ‍්ජා ච පරිසොධිතා හොති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – ආවුසො, යස‍්ස න උපජ‍්ඣායො පඤ‍්ඤායති, න ආචරියො, කිං සො අනුපජ‍්ඣායො අනාචරියො න‍්හාපිතමුණ‍්ඩකො සයංගහිතකාසාවො “තිත්‍ථියපක‍්කන‍්තකො”ති සඞ‍්ඛං ගතො එවං තිගාවුතං මග‍්ගං පච‍්චුග‍්ගමනං ලභති, තීහි ඔවාදෙහි පබ‍්බජ‍්ජං වා උපසම‍්පදං වා ලභති, කායෙන කායං චීවරපරිවත‍්තනං ලභති? පස‍්ස යාව දුබ‍්භාසිතං වචනං ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියාති.

මෙපමණකින් කාශ්‍යප තෙරණුවන්ගේ පැවිද්ද පිරිසිදු කරන ලදී. මෙහි අදහස මෙසේ දතයුතුයි. “ඇවැත්නි! යමෙකුට උපාධ්‍යායවරයෙක් හෝ ආචාර්යවරයෙක් සිටින බවක් නොපැණවේ ද, ඔහු ආචාර්ය උපාධ්‍යායවරයකු නොමැතිව, නාවන ලද මුණ්ඩකයකුව, තමාම පොරවාගත් කසාවත් ඇතිව, අන්‍ය තීර්ථක පක්ෂ ගත්තෙකුව යන චෝදනා සහිත වූවකුට මෙසේ ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ තුන්ගවුවක් පමණ පෙරගමන් කිරීම කෙසේ ලැබුණේද? කයින් කය සිවුරු හුවමාරුව කෙසේ ලැබුණේද? මෙනිසා ථුල්ලනන්දා භික්ෂුණියගේ වචනය දුර්භාෂිතයකි. - නපුරු කීමකි”

එවං පබ‍්බජ‍්ජං සොධෙත්‍වා ඉදානි ඡහි අභිඤ‍්ඤාහි සීහනාදං නදිතුං අහං ඛො, ආවුසොතිආදිමාහ. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

මෙසේ පැවිද්ද පිරිසිදු කරවා, දැන් ෂඩ් අභිඥා වශයෙන් සිංහනාද පැවැත්වීමට “අහං ඛො ආවුසො” යනාදිය දෙසූහ. සෙසු පදයන්ගේ අර්ථ පෙර සේම දතයුතුයි.

එකාදසමං.

එකළොස්වන සූත්‍රයයි.