චීවරසුත්තං
4. 1. 11.
4. 1. 11.
චීවරසුත්තං
චීවර සූත්‍රය
294. එකං සමයං ආයස්මා මහාකස්සපො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො දක්ඛිණාගිරිස්මිං චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස තිංසමත්තා සද්ධිවිහාරිනො භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තා භවන්ති යෙභුය්යෙන කුමාරභූතා. අථ ඛො ආයස්මා ආනන්දො දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං චාරිකං චරිත්වා යෙන රාජගහං වෙළුවනං කලන්දකනිවාපො, යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං ආයස්මා මහාකස්සපො එතදවොච:
294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:
“කති නු ඛො ආවුසො ආනන්ද අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තන්ති?”
“ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය* පණවන ලද්දේ දැ” යි.
තයො ඛො භන්තෙ කස්සප, අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තං: දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං, කුලානුද්දයතාය ච. ඉමෙ ඛො භන්තෙ කස්සප, තයො අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තන්ති.
වහන්ස, කාශ්‍යපයෙනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස ද, ප්‍රියශීල භික්ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්ෂය (=එවැනි ලාමකයන්ගෙන් ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්‍යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි.
අථ කිඤ්චරහි ත්වං ආවුසො ආනන්ද ඉමෙහි නවෙහි භික්ඛූහි ඉන්ද්රියෙසු අගුත්තද්වාරෙහි භොජනෙ අමත්තඤ්ඤූහි ජාගරියං අනනුයුත්තෙහි සද්ධිං චාරිකං චරසි? සස්සඝාතං මඤ්ඤෙ චරසි. කුලූපඝාතං මඤ්ඤෙ චරසි. ඔලුජ්ජති ඛො තෙ ආවුසො ආනන්ද, පරිසා පලුජ්ජන්ති ඛො තෙ ආවුසො නවප්පායා. න චායං කුමාරකො මත්තමඤ්ඤාතීති.
ඇවැත්නි, ආනන්දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
“අපි මෙ භන්තෙ, කස්සප, සිරස්මිං පලිතානි ජාතානි. අථ ච පන මයං අජ්ජාපි ආයස්මතො මහාකස්සපස්ස කුමාරකවාදා න මුච්චාමා”ති.
“වහන්ස, කාශ්‍යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (=පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.
තථා හි පන ත්වං ආවුසො ආනන්ද, ඉමෙහි නවෙහි භික්ඛූහි ඉන්ද්රියෙසු අගුත්තද්වාරෙහි භොජනෙ අමත්තඤ්ඤූහි ජාගරියං අනනුයුත්තෙහි සද්ධිං චාරිකං චරසි, සස්සඝාතං මඤ්ඤෙ චරසි, කුලූපඝාතං මඤ්ඤෙ චරසි. ඔලුජ්ජති ඛො තෙ ආවුසො ආනන්ද, පරිසා. පලුජ්ජන්ති ඛො තෙ ආවුසො නවප්පායා. න වායං කුමාරකො මත්තමඤ්ඤාතීති.
ඇවැත්නි, ආනන්දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වාදයට නිසි ය යි සූ යේ ය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
අස්සොසි ඛො ථුල්ලනන්දා භික්ඛුනී “අය්යෙන කිර මහාකස්සපෙන අය්යො ආනන්දො වෙදෙහමුනි කුමාරකවාදෙන අපසාදිතො”ති. අථ ඛො ථුල්ලනන්දා භික්ඛුනී අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි. “කිං පන අය්යො මහාකස්සපො අඤ්ඤතිත්ථියපුබ්බො සමානො අය්යං ආනන්දං වෙදෙහමුනිං කුමාරකවාදෙන අපසාදෙතබ්බං මඤ්ඤතී”ති.
ථුල්ලනන්දා මෙහෙණ “ආර්‍ය්‍ය වූ මහසුප් තෙරුන් විසින් ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූ ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහමුනි ආනන්ද තෙරුන්ට කුමරක වාදයෙන් ගැරහිය යුතු ය යි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.
අස්සොසි ඛො ආයස්මා මහාකස්සපො ථුල්ලනන්දාය භික්ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං එතදවොච: තග්ඝාවුසො ආනන්ද, ථුල්ලනන්දාය භික්ඛුනියා සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා. යතොහං ආවුසො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො, නාභිජානාමි අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං අඤ්ඤත්ර තෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන.
ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, ථුල්ලනන්දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ ය යි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.
පුබ්බෙ මෙ ආවුසො අගාරිකභූතස්ස සතො එතදහොසි. “සම්බාධො ඝරාවාසො රජාපථො අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. සො ඛො අහං ආවුසො අපරෙන සමයෙන පටපිලොතිකානං සඞ්ඝාටිං කරිත්වා යෙ ලොකෙ අරහන්තො තෙ උද්දිස්ස කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං.
ඇවැත්නි, පෙර ගිහිවූ ම මට “ගෘහවාසය සම්බාධ (=අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මග ය. පැවිද්ද අභ්‍යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නො ගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.
සො එවං පබ්බජිතො සමානො අද්ධානමග්ගපටිපන්නො අද්දසං භගවන්තං අන්තරා ච රාජගහං අන්තරා ච නාලන්දං බහුපුත්තෙ චෙතියෙ නිසින්නං. දිස්වාන මෙ එතදහොසි: සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං, සුගතඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං, සම්මාසම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යන්ති. සො ඛොහං ආවුසො තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “සත්ථා මෙ භන්තෙ භගවා. සාවකොහමස්මි. සත්ථා මෙ භන්තෙ භගවා. සාවකොහමස්මී”ති.
ඒ මම මෙසේ පැවිදි වූයෙම් ම අදන් මගට පිළිපන්නෙමි. රජගහනුවරට ද නාලන්දාවට ද අතර බහුපුත්ත සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටිමි. දැක “මම ශාස්තෘවරයකු දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම මාගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගත කෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි. මම සම්මාසම්බුදුකෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි” යි මට මේ සිත විය. ඇවැත්නි, ඒ මම එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා වෙත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි” යි මෙය සැළකෙළෙමි.
එවං වුත්තෙ මං ආවුසො, භගවා එතදවොච: “යො ඛො කස්සප එවං සබ්බචෙතසා සමන්නාගතං සාවකං ආජානඤ්ඤෙව වදෙය්ය ජානාමීති, අපස්සඤ්ඤෙව වදෙය්ය පස්සාමීති, මුද්ධාපි තස්ස විපතෙය්ය. අහං ඛො පන කස්සප ජානඤ්ඤෙව වදාමි ජානාමීති, පස්සඤ්ඤෙව වදාමි පස්සාමී”ති.
ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: “කස්සප, යමෙක් මෙසේ මුළුහිතින් සමන්විත වූ සවුවකු (ගුණවිසින්) නො දන්නේ ම දනිමි යි (ස්වකීය ශාස්තෘභාවය ප්‍රතිඥා කෙරේ ද) නොදක්නේ ම දකිමි යි කියා ද, ඔහුගේ හිසත් ගිලිහෙන්නේ ය. (සත්කඩකට) පැලෙන්නේය. කස්සප, මම වනාහි (මාගේ ශාස්තෘභාවය) දන්නෙම් ම දනිමි යි කියමි. දක්නෙම් ම දකිමියි කියමි.
තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං: “තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු මජ්ඣිමෙසූ”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බං.
කස්සප, එහෙයින් (මා ශාස්තෘ බැවින්) තොප විසින් මෙහි මෙසේ හික්මියයුතු: “ස්ථවිර නව මධ්‍යම භික්ෂූන් කෙරෙහි මාගේ දැඩි හිරි ඔතප් එළඹ සිටියේ වන්නේ” ය යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
තස්මාතිහ තෙ කස්සප, එවං සික්ඛිතබ්බං: “යං කිඤ්චි ධම්මං සුණිස්සාමි. කුසලූපසංහිතං, සබ්බං තං අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණිස්සාමී”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බං.
කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතු. “කුසල් ඇසුරු කළ යම්කිසි දහමක් අසන්නෙම් නම් ඒ සියලු දහම (තමහට අර්ත්ථයකැයි) අර්ත්ථවත් කොට මෙනෙහි කරමින් මුළුහිත එක්කොට යොමු කළ කන් ඇති ව අසන්නෙමි” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
තස්මාතිහ තෙ කස්සප, එවං සික්ඛිතබ්බං “සාතසහගතා ච මෙ කායගතාසති න විජහිස්සතී”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බන්ති.
කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ ම හික්මිය යුතු “සුඛසම්ප්‍රයුක්ත (ප්‍රථමධ්‍යාන සුඛයෙන් යුක්ත) වූ මාගේ කායගතාසතිය, නො මා හරණේ ය” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
අථ ඛො මං ආවුසො, භගවා ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ (ත්‍රිවිධ)අවවාදයෙන් මට අවවාද කොට හුනස්නෙන් නැගී වැඩිසේක.
සත්තාහමෙව ඛො අහං ආවුසො සාණො රට්ඨපිණ්ඩං භුඤ්ජිං. අථ අට්ඨමියා අඤ්ඤා උදපාදි.
ඇවැත්නි, මම සත්දවසක් ම රටවැසියා විසින් දෙන පිණ්ඩාහාරය නය ගැති ව වැළඳුවෙමි ඉක්බිති අටවැනි දිනයෙහි මට රහත් බව පහළ විය.
අථ ඛො ආවුසො, භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. අථ ඛොහං ආවුසො පටපිලොතීනං සඞ්ඝාටිං චතුග්ගුණං පඤ්ඤාපෙත්වා භගවන්තං එතදවොචං: “ඉධ භන්තෙ, භගවා නිසීදතු, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. නිසීදි ඛො ආවුසො භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො මං ආවුසො භගවා එතදවොච: “මුදුකා ඛො ත්යායං කස්සප, පටපිලොතීනං සඞ්ඝාටී”ති. පතිගණ්හාතු මෙ භන්තෙ භගවා පටපිලොතීනං සඞ්ඝාටි, අනුකම්පං උපාදායාති.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. ඇවැත්නි, එකල්හි මම පටපිලෝතිකායේන් කළ සඟල සිවුර සිවුගුණු කොට පණවා භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ හිඳින සේක්වා, දිගු කලක් එය මට හිත පිණිස සැප පිණිස වනු ඇතැයි” මෙය සැළකෙළමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩහුන් සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ “කස්සප, මේ පටපිලෝතිකා සඞ්ඝාටිය මෘදු ය”යි මෙය මට වදාළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ පටපිලෝතිකා සඞ්ඝාටිය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා යි සැළකෙළෙමි.
ධාරෙස්සසි පන මෙ ත්වං කස්සප සාණානි පංසුකූලානි නිබ්බසනානීති? ධාරෙස්සාමහං භන්තෙ භගවතො සාණානි පංසුකූලානි නිබ්බසනානීති.
කස්සප, තෙපි පරිභෝගයෙන් දිරාගිය හණවැහැරි (පිළි) යෙන් කළ මාගේ පවුල්සිවුරු දරන්නෙහි ද? වහන්ස, මම පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුරු දරන්නේමි යි.
සො ඛො අහං ආවුසො පටපිලොතීනං සඞ්ඝාටිං භගවතො පාදාසිං. අහං පන භගවතො සාණානි පංසුකූලානි නිබ්බසනානි පටිපජ්ජිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය “භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො පටිග්ගහෙතා. සාණානි පංසුකූලානි නිබ්බසනානී”ති, මමං තං සම්මා වදමානො වදෙය්ය “භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො පටිග්ගහෙතා සාණානි පංසුකූලානි නිබ්බසනානී”ති.
ඇවැත්නි, මම මහඟුවත් කඩ කපා කළ සඟළසිවුර භාග්‍යවතුන් වහන්සේට ප්රදානය කෙළෙමි. පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුර මම පිළිගතිමි. ඇවැත්නි, මැනවින් සත්‍යය කියන්නෙක් “මුවෙන් (බුදුමුවෙන් නිකුත් අවවාදයෙන්) උපන්, ධර්මයෙන් හටගත්, ධර්මයෙන් නිමියා වූ ධර්මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර (ලෙහි උපන් පුතා)ය”යි ඒ යමකු සඳහා කියන්නේ නම්’ මැනවින් කියන්නේ “මුවෙන් උපන්, දහමෙන් හටගත්, දහමෙන් නිමියා වූ, දහම දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ උරදාපුත්ය” යි ඒ මට කියන්නේ ය.
අහං ඛො ආවුසො යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාරාමි.
ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) කාමයන් කෙරෙන් වෙන් ව ම, අකුශල ධර්මයන් කෙරෙන් වෙන් ව ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි.
අහං ඛො ආවුසො යාවදෙව ආකඞ්ඛාමි -පෙ- (නවන්නං අනුපුබ්බ විහාරසමාපත්තීනං පඤ්චන්නඤ්ච අභිඤ්ඤානං එවං විත්ථාරො වෙදිතබ්බො.)
ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒතාක්) (නවානුපූර්ව විහාර සමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද විස්තරය පෙය්‍යාලයෙන් දත යුතු යි)
අහං ඛො ආවුසො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි.
ඇවැත්නි, මම ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ලබා වෙසෙමි.
සත්තරතනං වා සො ආවුසො නාගං අඩ්ඪට්ඨරතනං වා තාලපත්තිකාය ඡාදෙතබ්බං මඤ්ඤෙය්ය, යො මෙ අභිඤ්ඤා ඡාදෙතබ්බං මඤ්ඤෙය්යාති.
ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් වූ හෝ ඇතකු තලපතෙකින් වැසිය හැකි ය යි හඟනේ ය.
චවිත්ථ ච පන ථුල්ලනන්දා භික්ඛුනී බ්රහ්මචරියම්හාති.
ථුල්ලනන්දා මෙහෙණ බඹසරින් ච්‍යුත වූවා ය.