යෙදුමෙන් කියවන්න

භික‍්ඛුනූපස‍්සයසුත‍්තං

4. 1. 10.

4. 1. 10.

භික‍්ඛුනූපස‍්සයසුත‍්තං

භික්ඛුනු උපස්සය සූත්‍රය

293. එකං සමයං ආයස‍්මා මහාකස‍්සපො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොච: “ආයාම භන‍්තෙ, කස‍්සප, යෙනඤ‍්ඤතරො භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමිස‍්සාමා”ති.

293. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු හැඳ පොරවා පා සිවුරු ගෙණ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය- එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

ගච‍්ඡ ත්‍වං ආවුසො ආනන්‍ද, බහුකිච‍්චො ත්‍වං බහුකරණීයොති.

ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.

දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොච: “ආයාම භන‍්තෙ කස‍්සප, යෙනඤ‍්ඤතරො භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමිස‍්සාමා”ති.

දෙවන වට දු ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

ගච‍්ඡ ත්‍වං ආවුසො ආනන්‍ද, බහුකිච‍්චො ත්‍වං බහුකරණීයොති.

ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.

තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො, ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොච: “ආයාම භන‍්තෙ කස‍්සප, යෙනඤ‍්ඤතරො භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමිස‍්සාමා”ති.

තෙවන වට දු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ආයස‍්මතා ආනන්‍දෙන පච‍්ඡාසමණෙන යෙනඤ‍්ඤතරො භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් අනඳතෙරුන් පසුමහණහු කොට ගෙණ එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන්හ.

අථඛො සම‍්බහුලා භික‍්ඛුනියො යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකස‍්සපං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තා භික‍්ඛුනියො ආයස‍්මා මහාකස‍්සපො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො තා භික‍්ඛුනියො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කමි.

එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මෙහෙණන් ආයුෂ්මත් මහසුප් තෙරනණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ඒ මෙහෙණන් දැහැමි කතායෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩියහ.

අථ ඛො ථුල‍්ලතිස‍්සා භික‍්ඛුනී අනත‍්තමනා අනත‍්තමනවාචං නිච‍්ඡාරෙසි: “කිං පනය්‍යො මහාකස‍්සපො අය්‍යස‍්ස ආනන්‍දස‍්ස වෙදෙහමුනිනො සම‍්මුඛා ධම‍්මං භාසිතබ‍්බං මඤ‍්ඤති? සෙය්‍යථාපි නාම සූචිවාණිජකො සූචිකාරස‍්ස සන‍්තිකෙ සූචිං වික‍්කෙතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, එවමෙවං අය්‍යො මහාකස‍්සපො අය්‍යස‍්ස ආනන්‍දස‍්ස වෙදෙහමුනිනො සම‍්මුඛා ධම‍්මං භාසිතබ‍්බං මඤ‍්ඤතී”ති.

එකල්හි ථූල්ලතිස්සා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, ආර්‍ය්‍ය වු මහා කාශ්‍යප තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද තෙරණුවන් හමුයෙහි දහම් බිණිය යුතු යි හගිද්ද? යම් සේ හිදි වෙළෙඳෙක් හිදිකරු ලඟ හිදි විකිණිය යුතු ය යි හඟනේ නම්, එසෙයින් ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි අනඳ තෙරුන් හමුයෙහි දහම් බිණිය යුතු යි හඟිති” යි නො සතුටු වදන් බිණුවා ය.

අස‍්සොසි ඛො ආයස‍්මා මහාකස‍්සපො ථුල‍්ලතිස‍්සාය භික‍්ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: කින‍්නු ඛො ආවුසො ආනන්‍ද, අහං සූචිවාණිජකො, ත්‍වං සූචිකාරො? උදාහු අහං සූචිකාරො, ත්‍වං සූචිවාණිජකො”ති? ඛමථ භන‍්තෙ කස‍්සප, බාලො මාතුගාමොති.

ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථූල්ලතිස්සා මෙහෙණ මේ වදන් කියද්දී (අනෙකෙකු විත් සැළකළ පරිදි) ඇසූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, කිමෙක් ද, මම හිඳි වෙළෙඳෙකිම් ද? තෙපි හිඳිකරුද? නොහොත් මම හිඳි කරු වෙම් ද? තෙපි හිඳි වෙළෙඳෙක් දැ” යි? මෙය කීහ “වහන්ස කාශ්‍යපයෙනි, කමා කළ මැනවි. මාගම මෝඩය” යි.

ආගමෙහි ත්‍වං ආවුසො ආනන්‍ද, මා තෙ සඞ‍්ඝො උත‍්තරිං උපපරික‍්ඛි.

ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි සිටිවු. බික්සඟ තෙමේ මතු (අතිරේක කරුණෙක්හි) තොප නොපිරික්සාවා. (තොප කෙරෙහි භික්ඛුනී සත්‍ථවාදීන් සැක නො කෙරේවා.)

තං කිං මඤ‍්ඤසි ආවුසො ආනන්‍ද? අපි නු ත්‍වං භගවතො සම‍්මුඛා භික‍්ඛුසඞ‍්ඝෙ උපනීතො: “අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. ආනන්‍දොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති?

ඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිවු ද? “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන කෙරෙහි (බුදුනට ප්‍රතිභාග ශ්‍රාවකයෙකු වශයෙන්) පමුණුවන ලදහු ද?

‘නො හෙතං භන‍්තෙ’.

‘වහන්ස, මෙය නො වේ මය.’

අහං ඛො ආවුසො භගවතො සම‍්මුඛා භික‍්ඛුසඞ‍්ඝෙ උපනීතො: “අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති.

ඇවැත්නි, මම් වූ කලි “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් යම් තාක් කල් කැමැති වේ ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙ”යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්ඟන කෙරෙහි (බුද්ධප්‍රතිභාග ශ්‍රාවක වශයෙන්) පමුණුවන ලද්දෙම් වෙමි.

(නවන‍්නං අනුපුබ‍්බවිහාරසමාපත‍්තීනං පඤ‍්චන‍්නඤ‍්ච අභිඤ‍්ඤානං පෙය්‍යාලො.)

(ප්‍රථමධ්‍යානාදී නවවිධ අනුපූර්‍ව විහාරසමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද පෙය්‍යාලය දතයුතු.)

තං කිං මඤ‍්ඤසි ආවුසො ආනන්‍ද, අපි නු ත්‍වං භගවතො සම‍්මුඛා භික‍්ඛුසඞ‍්ඝෙ උපනීතො “අහං භික‍්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරාමි. ආනන්‍දොපි භික‍්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී”ති?

ඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කුමැයි හඟිවු ද, “මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵල සමාධියත්, අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලදහු ද?

‘නො හෙතං භන‍්තෙ.’

‘වහන්ස, එය නො වේ ම ය.’

අහං ඛො ආවුසො භගවතො සම‍්මුඛා භික‍්ඛුසඞ‍්ඝෙ උපනීතො “අහං භික‍්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී”ති.

“මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලද්දෙමි.

සත‍්තරතනං වා සො ආවුසො නාගං අඩ‍්ඪට‍්ඨරතනං වා තාලපත‍්තිකාය ඡාදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, යො මෙ ඡ අභිඤ‍්ඤා ඡාදෙතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති.

ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් (=සත්රියන් හමාරක්) වූ හෝ ඇතකු තල්පතකින් වැසිය හැකි ය යි හඟනේ ය.

චවිත්‍ථ ච පන ථුල‍්ලතිස‍්සා භික‍්ඛුනී බ්‍රහ‍්මචරියම‍්හාති.

ථුල්ලතිස්සා මෙහෙණ බඹසරින් චුත වූවා ය.