යෙදුමෙන් කියවන්න

ඣානාභිඤ‍්ඤසුත‍්තං

4. 1. 9.

4. 1. 9.

ඣානාභිඤ‍්ඤසුත‍්තං

ඣානාභිඤ්ඤ සූත්‍රය

292. සාවත්‍ථියං–

292. සැවැත්නුවර–

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති විවිච‍්චෙ ව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම්තාක් කල් කැමති වන්නෙම් නම් (ඒ තාක්) කාමයන් ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කල් කැමති වන්නේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියංඣානං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමහේතුවෙන් ස්වසන්තානයෙහි උපන් පැහැදීම ඇති, සිත්හුගේ එකලාව උපදනා උතුම් සමාධිය වඩන, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් ඒ තාක් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම හේතුවෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරාමි’ සතො ච සම‍්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙමි. යං තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද වෙසෙමි. සුව ද කයින් විඳිමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ තෘතීයධ්‍යාන සමන්‍විත පුද්ගලයා ‘උපේක්‍ෂකය, සිහි ඇත්තේ ය, සුඛවිහාර ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සුඛස‍්ස ච පහාණා දුක‍්ඛස‍්ස ච පහාණා පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහාණා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහිම සොම්නස් දොම්නස් අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා -පෙ- ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්මසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කල් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චි’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ” යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ -පෙ- සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොමි: එකොපි හුත්‍වා බහුධා හොමි, බහුධාපි හුත්‍වා එකො හොමි. ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡාමි, සෙය්‍යථාපි ආකාසෙ. පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොමි සෙය්‍යථාපි උදකෙ. උදකෙපි අභෙජ‍්ජමානෙ ගච‍්ඡාමි සෙය්‍යථාපි පඨවියං. ආකාසෙපි පල‍්ලඞ‍්කෙන චඞ‍්කමාමි සෙය්‍යථාපි පක‍්ඛි සකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවම‍්මහිද‍්ධිකෙ එවම‍්මහානුභාවෙ පාණිනා පරාමසාමි පරිමජ‍්ජාමි. යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති.

මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳමි. එකෙක් ව ද බොහෝ පරිදි වෙමි. බොහෝ පරිදි ව ද එකෙක් වෙමි. ප්‍රකටබව ද සැඟවුනුබව ද (කරමි.) බිතුසරස පවුරුසරස පවුසරස අහසෙහි මෙන් නො ගැටෙමින් යෙමි. පොළොවෙහි ද දියෙහි ද මෙන් මතු වීම කිමිදීම කරමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි ද යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙයි ද පලඟින් සක්මන් කරමි. මේ සා මහත් ඍද්ධි ඇති මේ සා මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ශනය කරමි. පිරිමදිමි. බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳ යි ... බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාමි දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ ච. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති දිබ‍්බාය සොතධාතුයා උභොසද‍්දෙ සුණාති -පෙ- යෙ දූරෙ සන‍්තිකෙ ච.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් ද, (ඒ තාක්) විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්ම පැවති දිව කණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසමි. මහණෙනි, කස්සප ද යම්තාක් කැමති වේ ද … (ඒතාක්) දිවකණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි, පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාමි. වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාමි. සදොසං වා චිත‍්තං -පෙ- වීතදොසං වා චිත‍්තං -පෙ- සමොහං වා චිත‍්තං -පෙ- වීතමොහං වා චිත‍්තං -පෙ- සංඛිත‍්තං වා චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- මහග‍්ගතං වා චිත‍්තං -පෙ- අමහග‍්ගතං වා චිත‍්තං -පෙ- සඋත‍්තරං වා චිත‍්තං -පෙ- අනුත‍්තරං වා චිත‍්තං -පෙ- සමාහිතං වා චිත‍්තං -පෙ- අසමාහිතං වා චිත‍්තං -පෙ- විමුත‍්තං වා චිත‍්තං -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාති: සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍යපුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දැන ගණිමි: සරාග සිත හෝ සරාග සිතැයි දැන ගණිමි. වීතරාග සිත වීතරාග සිතැයි දැන ගණිමි. සදෝස සිත හෝ ... වීතදෝස සිත හෝ … සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ … සඞ්ඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ … මහග්ගත සිත හෝ … අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ … අනුත්තර සිත හෝ … සමාහිත සිත හෝ … අසමාහිත සිත හෝ ... විමුත්ත සිත හෝ ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තම සිතින්) පිරිසිඳ දැන ගණියි: සරාග සිත හෝ සරාග සිතැ යි දැන ගණියි ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණියි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි - සෙය්‍යථිදං: “එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාළීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ “අමුත්‍රාසිං එවං නාමො එවං ගොත‍්තො එවං වණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො”ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති - සෙය්‍යථිදං: “එකම‍්පි ජාතිං -පෙ- ඉධූපපන‍්නො”ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

මහණෙනි, “මම යම්තාක් කැමති වෙම් ද (ඒ තාක්) පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙමි. ඒ මෙසේ යි: “එක ජාතියක් ද, දෙජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සාළිස් ජාතියක් ද, පණස් ජාතියක් ද, සිය ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් වැනසෙන කප් ද, නොයෙක් වැඩෙන කප් ද, නොයෙක් වැනසෙන වැඩෙන කප් ද” අසුවල් තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයුකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන පහළ වීමි. එහි දු මෙ නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව මෙහි උපන්මි” යි. මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: “එක් ජාතියක් ද … මෙහි උපන්මියි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.

අහං භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛාමි දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි: චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි. ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි: චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, යාවදෙ ආකඞ‍්ඛති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති -පෙ- චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති.

මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්මවා පැවති දිවැසින් සත්ත්‍වයන් දකිමි: ච්‍යුත වන, උපදින, හීන ප්‍රණීත, මනා පැහැ ඇති, නපුරු පැහැ ඇති, මනා ගති ඇති, නපුරු ගති ඇති, කර්‍ම වූ පරිදි පැමිණි සතුන් දැන ගණිමි: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්‍වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝ ය. මිථ්‍යාදුෂ්ටිකයෝ ය. මිථ්‍යාදුෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විවස ව පතිත වන, නිරයට පැමිණියාහු ය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතහ. වාග්සුචරිතයෙන් සමන්‍වාගතහ. මනඃසුචරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නෝ ය. සම්‍යග්දෘෂ්ටි ගත්තෝ ය. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහයි, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකිමි. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. … ච්‍යුත වන උපදින හීනප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණියි.

අහං භික‍්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරාමි. කස‍්සපොපි භික‍්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙ යි.