යෙදුමෙන් කියවන්න

තතිය ඔවාදසුත‍්තං

4. 1. 8.

4. 1. 8.

තතිය ඔවාදසුත‍්තං

තෙවන ඕවාද සූත්‍රය

291. සාවත්‍ථියං–

291. සැවැත්නුවර–

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං මහාකස‍්සපං භගවා එතදවොච: “ඔවද කස‍්සප, භික‍්ඛූ, කරොහි කස‍්සප, භික‍්ඛූනං ධම‍්මිං කථං. අහං වා කස‍්සප, භික‍්ඛූ ඔවදෙය්‍යං ත්‍වං වා. අහං වා භික‍්ඛූනං ධම‍්මිං කථං කරෙය්‍යං, ත්‍වං වාති.

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: කස්සප, භික්‍ෂූන්ට අවවාද කරව. කස්සප භික්‍ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්‍ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු ) යි.

දුබ‍්බචා ඛො භන‍්තෙ, එතරහි භික‍්ඛූ, දොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතා, අක‍්ඛමා, අප‍්පදක‍්ඛිණග‍්ගාහිනො අනුසාසනින‍්ති.

වහන්ස, දැන් භික්‍ෂූහු දුවචහ. දුවචබව කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය යි.

තථා හි පන කස‍්සප පුබ‍්බෙ ථෙරා භික‍්ඛූ ආරඤ‍්ඤකා චෙව අහෙසුං ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො. පිණ‍්ඩපාතිකා චෙව අහෙසුං පිණ‍්ඩපාතිකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො. පංසුකූලිකා චෙව අහෙසුං පංසුකූලිකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො. තෙචීවරිකා චෙව අහෙසුං තෙචීවරිකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො. අප‍්පිච‍්ඡා චෙව අහෙසුං අප‍්පිච‍්ඡතාය ච වණ‍්ණවාදිනො. සන‍්තුට‍්ඨා චෙව අහෙසුං සන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදිනො. පවිවිත‍්තා චෙව අහෙසුං පවිවෙකස‍්ස ච වණ‍්ණවාදිනො. අසංසට‍්ඨා චෙව අහෙසුං අසංසග‍්ගස‍්ස ච වණ‍්ණවාදිනො. ආරද‍්ධවිරියා චෙව අහෙසුං විරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදිනො.

කස්සප, ඒ එසේ මැ යි. පෙර ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක වූවොත්, ආරණ්‍යක බැව්හි ගුණ කියන්නෝත් වූහ. පිණ්ඩපාතික වූවොත්, පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නෝත් වූහ. පාංශුකූලික වූවොත්, පාංශුකූලික බැව්හි ගුණ කියන්නෝත් වූහ. තෙචීවරික වූවෝත්, තෙචීවරික බැව්හි ගුණ කියන්නෝත් වූහ. අල්පෙච්ඡ වූවොත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නෝත් වූහ. සන්තුෂ්ට වූවොත්, සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නෝත් වූහ. ප්‍රවිවික්ත වූවෝත්, ප්‍රවිවේකයෙහි ගුණ කියන්නෝත් වූහ. අසංසෘෂ්ටයෝත්, අසංසර්‍ගයෙහි ගුණ කියන්නෝත් වූහ. අරාබ්ධවීර්‍ය්‍යයෝත්, වීර්‍ය්‍යාරම්භයෙයි ගුණ කියන්නෝත් වූහ.

තත්‍ර යො හොති භික‍්ඛු ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පිණ‍්ඩපාතිකො චෙව පිණ‍්ඩපාතිකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත‍්තස‍්සච වණ‍්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, අප‍්පිච‍්ඡො චෙව අප‍්පිච‍්ඡතාය ච වණ‍්ණවාදී, සන‍්තුට‍්ඨො චෙව සන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, පවිවිත‍්තො චෙව පවිවෙකස‍්ස ච වණ‍්ණවාදී, අසංසට‍්ඨො චෙව අසංසග‍්ගස‍්ස ච වණ‍්ණවාදී, ආරද‍්ධවිරියො චෙව විරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදී, තං ථෙරා භික‍්ඛූ ආසනෙන නිමන‍්තෙන‍්ති “එහි භික‍්ඛු, කො නාමායං භික‍්ඛු, භද‍්දකො වතායං භික‍්ඛු. සික‍්ඛාකාමො වතායං භික‍්ඛු, එහි භික‍්ඛු, ඉදං ආසනං නිසීදාහී”ති.

එහි යම් මහණෙක් අරණ්‍යකත් ආරණ්‍යක බැව්හි ගුණ කියන්නේත්, පිණ්ඩපාතිකත් පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නේත්, පාංශුකූලිකත් පාංශුකූලික බැව්හි ගුණ කියන්නේත්, තෙචීවරිකත් තෙචීවරික බැව්හි ගුණ කියන්නේත්, අල්පේච්ඡත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නේත්, සන්තුෂ්ටත් සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නේත්, ප්‍රවිවික්තත් ප්‍රවිවේකයෙහි ගුණ කියන්නේත්, අසංසෘෂ්ටත් අසංසර්‍ගයෙහි ගුණ කියන්නේත්, අරාබ්ධවීර්‍ය්‍යත් වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියන්නේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගණුව” යි අසුනෙන් පවරත්.

තත්‍ර කස‍්සප, නවානං භික‍්ඛූනං එවං හොහි. ‘යො කිර සො හොති භික‍්ඛු ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පිණ‍්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකොව චෙව -පෙ- අප‍්පිච‍්ඡො චෙව -පෙ- සන‍්තුට‍්ඨො චෙව -පෙ- පවිවිත‍්තො චෙව -පෙ- අසංසට‍්ඨො චෙව -පෙ- ආරද‍්ධවිරියො චෙව විරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදී, තං ථෙරා භික‍්ඛූ ආසනෙන නිමන‍්තෙන‍්ති “එහි භික‍්ඛු කො නාමායං, භද‍්දකො වතායං භික‍්ඛු සික‍්ඛාකාමොවතායං භික‍්ඛු “එහි භික‍්ඛු, ඉදං ආසනං නිසීදාහීති. තෙ තථත‍්තාය පටිපජ‍්ජන‍්ති. තෙසං තං හොති දීඝරත‍්තං හිතාය සුඛාය.

කස්සප, එහි ලා නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ආරණ්‍යකත් අරණ්‍යක බැව්හි ගුණ කියනුයේත් පිණ්ඩපාතිකත් … පාංශුකූලිකත් … තෙචීවරිකත් ... අල්පේච්ඡත් ... සන්තුෂ්ටත් ... ප්‍රවිවික්තත් ... අසංසෘෂ්ටත් ... අරාබ්ධවීර්‍ය්‍යත් ... වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියණුයේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය, හිඳගණුවයි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ නම් ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුන්ට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වේ.

එතරහි පන කස‍්සප, ථෙරා භික‍්ඛූ න චෙව ආරඤ‍්ඤකා න ච ආරඤ‍්ඤකත‍්තස‍්ස වණ‍්ණවාදිනො. න චෙව පිණ‍්ඩපාතිකා න ච පිණ‍්ඩපාතිකත‍්තස‍්ස වණ‍්ණවාදිනො. න චෙව පංසුකූලිකා න ච පංසුකූලිකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො. න චෙව තෙචීවරිකා න ච තෙචීවරිකත‍්තස‍්ස වණ‍්ණවාදිනො. න චෙව අප‍්පිච‍්ඡා න ච අප‍්පිච‍්ඡතාය ච වණ‍්ණවාදිනො. න චෙව සන‍්තුට‍්ඨා න ච සන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදිනො. න චෙව පවිවිත‍්තා න ච පවිවෙකස‍්ස ච වණ‍්ණවාදිනො. න චෙව අසංසට‍්ඨා න ච අසංසග‍්ගස‍්ස ච වණ‍්ණවාදිනො. න චෙව ආරද‍්ධවිරියා න ච විරියාරම‍්භස‍්ස වණ‍්ණවාදිනො.

කස්සපය, දැන් ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පිණ්ඩපාතික ද පිණ්ඩපාතික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පංසුකූලික ද පංසුකූලික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. තෙචීවරිකද තෙචීවරික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. අල්පෙච්ඡ ද අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. සන්තුෂ්ට බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. ප්‍රවිවික්ත ද ප්‍රවිවේකයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අසංසෘෂ්ට ද අසංසර්‍ගයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අරාබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද නො වෙති.

තත්‍ර යො හොති භික‍්ඛු ඤාතො යසස‍්සී ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, තං ථෙරා භික‍්ඛූ ආසනෙන නිමන‍්තෙන‍්ති “එහි භික‍්ඛු, කො නාමායං භික‍්ඛු, භද‍්දකො වතායං භික‍්ඛු, සබ්‍රහ‍්මචාරිකාමො වතායං භික‍්ඛු, එහි භික‍්ඛු, ඉදං ආසනං, නිසීදාහී”ති.

එහි යම් මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව මේ භික්‍ෂු තෙමේ කිනම් ද? මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන්ම සබ්‍රම්සරුනට කැමති ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගනුව” යි අසුනෙන් පවරත්.

තත්‍ර කස‍්සප නවානං භික‍්ඛූනං එවං හොති: “යො කිර සො හොති භික‍්ඛු ඤාතො යසස‍්සී ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං, තං ථෙරා භික‍්ඛූ ආසනෙන නිමන‍්තෙති “එහි භික‍්ඛු කොනාමායං භික‍්ඛු, භද‍්දකො වතායං භික‍්ඛු: සබ්‍රහ‍්මචාරිකාමො වතායං භික‍්ඛු, එහි භික‍්ඛු, ඉදං ආසනං, නිසීදාහීති. තෙ තථත‍්තාය පටිපජ‍්ජන‍්ති. තෙසං තං හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.

කස්සපය, එහි දී නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වූයේ වේ නම් ස්ථවිර භික්‍ෂූහු ඔහුට ‘මහණ, එව මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සබ්‍රම්සරුන්ට කැමති ය. මහණ, එව මේ අසුනය හිඳගණුව’ යි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ. ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුනට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වෙයි.

යං හි තං කස‍්සප, සම‍්මාවදමානො වදෙය්‍ය උපද‍්දුතා බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරූපද‍්දවෙන, අභිභවනා බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරාභිභවනෙනාති එවංහිතං කස‍්සප සම‍්මාවදන‍්තො වදෙය්‍ය උපද‍්දුතා බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරුපද‍්දවෙන අභිභවනා බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරාභිභවනෙනාති.

කස්සපය, යම් හෙයකින් මැනවින් (සත්‍යය) කියන්නෙක් “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ ය”යි කියන්නේ නම්, කස්සපය, සත්‍යය කියන්නේ “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ” යි මෙසේ කියන්නේ යි.