යෙදුමෙන් කියවන්න

දුතිය ඔවාදසුත‍්තං

4. 1. 7.

4. 1. 7.

දුතිය ඔවාදසුත‍්තං

දෙවන ඕවාද සූත්‍රය

290.සාවත්‍ථියං–

290. සැවැත්නුවර–

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං මහාකස‍්සපං භගවා එතදවොච: ඔවද කස‍්සප භික‍්ඛූ, කරොහි කස‍්සප භික‍්ඛූනං ධම‍්මිං කථං. අහං වා කස‍්සප භික‍්ඛූ ඔවදෙය්‍යං, ත්‍වං වා. අහං වා භික‍්ඛූනං ධම‍්මිං කථං කරෙය්‍යං, ත්‍වං වාති.

එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක කස්සප, භික්‍ෂූන්ට අවවාද කරවු කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරවු. කස්සප, මම හෝ භික්‍ෂූන්හට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) කස්සප, මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (දැහැමි කතා කරවු යි.)

දුබ‍්බචා ඛො භන‍්තෙ, එතරහි භික‍්ඛූ දොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතා අක‍්ඛමා අප‍්පදක‍්ඛිණග‍්ගාහිනො අනුසාසනිං. යස‍්ස කස‍්සචි භන‍්තෙ, සද‍්ධා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පං නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, විරියං නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො වුද‍්ධි.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු දුර්වවහ. දුවවබැව් කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝ ය. අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, යම් කිසිවකුට කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල්දහම්හි හිරි නැද්ද, කුසල්දහම්හි ඔතප් නැද්ද, කුසල්දහම්හි වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

සෙය්‍යථාපි භන‍්තෙ කාළපක‍්ඛෙ චන්‍දස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හායතෙව වණ‍්ණෙන, හායති මණ‍්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භන‍්තෙ, යස‍්ස කස‍්සචි සද‍්ධා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි නත්‍ථි -පෙ- ඔත‍්තප‍්පං නත්‍ථි -පෙ- විරියං නත්‍ථි -පෙ- පඤ‍්ඤා නත්‍ථි -පෙ- කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො වුද‍්ධි.

වහන්ස, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේම ය, උසමහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

අස‍්සද‍්ධො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. අහිරිකො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං අනොත‍්තාපී පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. කුසීතො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. දුප‍්පඤ‍්ඤො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. කොධනො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. උපනාහී පුරිසපුග‍්ගලොති භන‍්තෙ, පරිහානමෙතං. න සන‍්ති භික‍්ඛූ ඔවාදකාති භන‍්තෙ, පරිහානමෙතං.

වහන්ස, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, ‘හිරි නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කුසීත පුරුෂපුද්ගලයා, යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ යන’ මෙය පිරිහීමෙකි.

යස‍්ස කස‍්සචි භන‍්තෙ, සද‍්ධා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, ඔත‍්තප‍්පං අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, විරියං අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, පඤ‍්ඤා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානි.

වහන්ස, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, කුසල්දහම්හි හිරි ඇද්ද, කුසල්දම්හි ඔතප් ඇද්ද, කුසල්දහම්හි වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ.

සෙය්‍යථාපි භන‍්තෙ, ජුණ‍්හපක‍්ඛෙ චන්‍දස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වඩ‍්ඪතෙව වණ‍්ණෙන, වඩ‍්ඪති මණ‍්ඩලෙන, වඩ‍්ඪති ආභාය, වඩ‍්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භන‍්තෙ යස‍්ස කස‍්සචි සද‍්ධා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි අත්‍ථි -පෙ- ඔත‍්තප‍්පං අත්‍ථි -පෙ- විරියං අත්‍ථි -පෙ- පඤ‍්ඤා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානි.

මහණෙනි, පුරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උසමහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, … හිරි ඇද්ද, … ඔතප් ඇද්ද, … වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමැති විය නොහේ.

සද‍්ධො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. හිරිමා පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. ඔත‍්තාපී පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. ආරද‍්ධවිරියො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. පඤ‍්ඤවා පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. අක‍්කොධනො පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. අනුපනාහී පුරිසපුග‍්ගලොති භන‍්තෙ, අපරිහානමෙතං. සන‍්ති භික‍්ඛූ ඔවාදකාති භන‍්තෙ, අපරිහානමෙතන‍්ති.

වහන්ස, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘හිරි ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඇරඹූ වෑර ඇති පුරුෂපුද්ගලයා යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නුවණැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නො කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි.

සාධු සාධු කස‍්සප, යස‍්ස කස‍්සචි කස‍්සප, සද‍්ධා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි නත්‍ථි -පෙ- ඔත‍්තප‍්පං නත්‍ථි -පෙ- විරියං නත්‍ථි -පෙ- පඤ‍්ඤා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො වුද‍්ධි.

කස්සප, මැනවි, මැනවි. කස්සප, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද … වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි හානිය ම කැමති විය යුතු. වැඩීම කැමති විය නො හේ.

සෙය්‍යථාපි කස‍්සප, කාළපක‍්ඛෙ චන්‍දස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හායතෙව වණ‍්ණෙන, හායති මණ‍්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන, එවමෙව ඛො කස‍්සප, යස‍්ස කස‍්සචි සද‍්ධා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි නත්‍ථි -පෙ- ඔත‍්තප‍්පං නත්‍ථි -පෙ- විරියං නත්‍ථි -පෙ- පඤ‍්ඤා නත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, හානියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො වුද‍්ධි.

කස්සප, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් පිරිහේ ම ය. මඬලින් පිරිහේම ය. දීප්තියෙන් පිරිහේ ම ය. උසමහතින් පිරිහේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල් දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

අස‍්සද‍්ධො පුරිසපුග‍්ගලොති කස‍්සප, පරිහානමෙතං. අහිරිකො -පෙ- අනොත‍්තාපී -පෙ- කුසීතො -පෙ- දුප‍්පඤ‍්ඤො -පෙ- කොධනො -පෙ- උපනාහී පුරිසපුග‍්ගලොති කස‍්සප, පරිහානමෙතං. න සන‍්ති භික‍්ඛූ ඔවාදකාති කස‍්සප, පරිහානමෙතං.

කස්සප, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. හිරි නැති … ඔතප් නැති … කුසීත … නුවණ නැති … කිපෙනසුලු … කස්සප, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ’ යන මෙය පිරිහීමෙකි.

යස‍්ස කස‍්සචි කස‍්සප, සද‍්ධා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු. හිරි -පෙ- ඔත‍්තප‍්පං -පෙ- විරියං -පෙ- පඤ‍්ඤා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානි.

කස්සප, යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, හිරි … ඔතප් ... වැර … කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු ය. පිරිහීම කැමති නො විය යුතු යි.

සෙය්‍යථාපි කස‍්සප, ජුණ‍්හපක‍්ඛෙ චන්‍දස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වඩ‍්ඪතෙව වණ‍්ණෙන, වඩ‍්ඪති මණ‍්ඩලෙන, වඩ‍්ඪති ආභාය, වඩ‍්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො කස‍්සප, යස‍්ස කස‍්සචි සද‍්ධා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, හිරි අත්‍ථි -පෙ- ඔත‍්තප‍්පං අත්‍ථි -පෙ- විරියං අත්‍ථි -පෙ- පඤ‍්ඤා අත්‍ථි කුසලෙසු ධම‍්මෙසු, තස‍්ස යා රත‍්ති වා දිවසො වා ආගච‍්ඡති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානි.

කස්සප, යම්සේ පුර සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස්මහතින් වැඩේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද … හිරි ඇද්ද … ඔතප් ඇද්ද ... වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු. පිරිහීම කැමති නො විය යුතු යි.

සද‍්ධො පුරිසපුග‍්ගලොති කස‍්සප, අපරිහානමෙතං. හිරිමා -පෙ- ඔත‍්තාපී -පෙ- ආරද‍්ධවිරියො -පෙ- පඤ‍්ඤවා -පෙ- අක‍්කොධනො -පෙ- අනුපනාහී පුරිසපුග‍්ගලොති කස‍්සප, අපරිහානමෙතං. සන‍්ති භික‍්ඛූ ඔවාදකාති කස‍්සප, අපරිහානමෙතන‍්ති.

කස්සප, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. හිරි ඇති ... ඔතප් ඇති … ඇරඹු වෙර ඇති ... නුවණ ඇති … නො කිපෙන සුලු … ‘බද්ධවෛරය නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි යි.