ඔවාදසුත්තං
4. 1. 6.
4. 1. 6.
ඔවාදසුත්තං
ඕවාද සූත්‍රය
289. රාජගහෙ–
289. රජගහනුවර–
අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච: ඔවද කස්සප භික්ඛූ. කරොහි කස්සප භික්ඛූනං ධම්මිං කථං. අහං වා කස්සප, භික්ඛූ ඔවදෙය්යං ත්වං වා, අහං වා භික්ඛූනං ධම්මිං කථං කරෙය්යං ත්වං වාති.
එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “කස්සප, භික්ෂූන්ට අවවාද කරව. කස්සප, භික්ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු)” යි.
දුබ්බචා ඛො භන්තෙ භගවා, එතරහි භික්ඛූ දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා, අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. ඉධාහං භන්තෙ, අද්දසං භණ්ඩුඤ්ච නාම භික්ඛුං ආනන්දස්ස සද්ධිවිහාරිං, ආභිඤ්ජිකඤ්ච නාම භික්ඛුං අනුරුද්ධස්ස සද්ධිවිහාරිං, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදන්තෙ “එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු නො කිකරුහ. නො කීකරු බව කරණ දැයින් යුත්තයහ. නො ඉවසන්නෝ ය, අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, මෙහි මම ආනන්දගේ සද්ධිවිහාරික වූ භණඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද “මහණ, එව, කවරෙක් (ධර්මකථාවෙහි) ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට කියන්නේද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියනුවන් දිටිමි යි.
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන භණ්ඩුඤ්ච භික්ඛුං ආනන්දස්ස සද්ධිවිහාරිං, ආභිඤ්ජිකඤ්ච භික්ඛුං අනුරුද්ධස්ස සද්ධිවිහාරිං ආමන්තෙහි සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති. එවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො පන තෙ භික්ඛූ භගවා එතදවොච: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ, “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. එවං භන්තෙති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ, මහණ, එව, තෝ මාගේ වචනයෙන් “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ” යි ආනන්දගේ සද්ධි විහාරික වූ භණ්ඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද කැඳව” යි එක්තරා මහණකු ඇමතූ සේක. වහන්ස, එසේ යයි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්ෂූන්ට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ”යි මෙය කී ය. “ඇවැත්නි, එසේ ය” යි ඒ භික්ෂූහු ඒ මහණහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සැබෑ ද තෙපි “මහණ, එව කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු (මිහිරි) කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු ද? වහන්ස, එසේ ය යි.
කින්නු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ? “එථ තුම්හෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ: ‘එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. ‘නො හෙතං භන්තෙ, නො චෙ කිර තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං අජානාථ, අථ කිඤ්චරහි තුම්හෙ මොඝපුරිසා, කිං ජානන්තා කිං පස්සන්තා එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ: “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති.
මහණෙනි, “තෙපි එවු, ‘මහණ එව කවරෙක් ඉතා වැඩියක් බණන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට, බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ’ යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු” යි මවිසින් එසේ දෙසූ දහමක් කිම, තෙපි දන්නහු ද? වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, තෙපි මා විසින් “මෙසේ දහම් දෙසන ලදැ”යි ඉදින් නො දන්නාහු නම් එසේ කල්හි, මෝඝ (හිස්) පුරුෂයෙනි, තෙපි දැන් කුමක් හෙයින් කුමක් දන්නාහු, කුමක් දක්නාහු මෙසේ ස්වාක්ඛ්‍යාත ධර්මවිනයෙහි - ශාසනයෙහි පැවිදි වූවාහු, “මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කියවු ද?
අථ ඛො තෙ භික්ඛූ භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: අච්චයො නො භන්තෙ, අච්චගමා යථාබාලෙ, යථා මූළ්හෙ, යථා අකුසලෙ යෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිම්හා “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. තෙසං නො භන්තෙ, භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පාහි හිසින් වැටී, “වහන්ස, යම් බඳු අපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූවාහු ම “මහණ එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීම්හ, අපගේ වරද බාලයන් සේ මෝඩයන් සේ අදක්ෂයන් සේ ඒ අප ඉක්මවා ගියේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි. යචචා කළහ.
තඞ්ඝ තුම්හෙ භික්ඛවෙ, අච්චයො අච්චගමා, යථා බාලෙ යථා මූළ්හෙ යථා අකුසලෙ, යෙ තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිත්ථ: “එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. යතො ච ඛො තුම්හෙ භික්ඛවෙ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොථ, තං වො මයං අච්චයං පටිගණ්හාම. වුද්ධි හෙසා භික්ඛවෙ, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිඤ්ච සංවරං ආපජ්ජතීති.
මහණෙනි, යම් බඳු තෙපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ සසුනෙහි පැවිදි වූවාහු ම ‘මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් සොඳුරු කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් කියන්නේ දැ” යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීවහු ද, බාලයන් සේ මෝඩයන් සේ අදක්ෂයන් සේ ඒකාන්තයෙන් වරද ඒ තොප ඉක්ම ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කරවු ද, තොපගේ ඒ වරද අපි පිළිගණිමු මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, මතුත් සංවරයට පැමිණේ ද, ආර්ය්යශාසනයෙහි මේ වැඩීමෙකි යි.