ජිණ‍්ණසුත‍්තං
4. 1. 5.
4. 1. 5.
ජිණ‍්ණසුත‍්තං
ජිණ්ණ සූත්‍රය
288. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවන කලන්‍දක නිවාපෙ.
288. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලඥක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.
අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං මහාකස‍්සපං භගවා එතදවොච: ජිණ‍්ණොසිදානි ත්‍වං කස‍්සප. ගරුකානි ඛො තෙ ඉමානි සාණානි පංසුකූලානි නිබ‍්බසනානි. තස‍්මාතිහ ත්‍වං කස‍්සප, ගහපතිකානි චෙව චීවරානි ධාරෙහි, නිමන‍්තණෙසු ච භුඤ‍්ජාහි, මමඤ‍්ච සන‍්තිකෙ විහරාහීති.
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාශ්‍යප, දැන් තෙපි මහලු වහු. හණපිලියෙන් කළ (භාග්‍යවතුන් විසින් පළමු පොරොවා හළ බැවින්) නිබ්බසන වූ (නැවත නැවත කළ ගෙත්තම් ඇති) මේ පවුල් සිවුරු (දැරීම) තොපට බර ය. කස්සප, එහෙයින් දැන් තෙපි (පාංශුකූලිකාඞ්ගාදිය හැර) ගැහැවි සිවුරු ද දරවු. ලහබත් ආදි නිමන්ත්‍රණයන්හි ද වළඳවු, මා ලඟ ද වෙසෙවු.
අහං ඛො භන‍්තෙ, දීඝරත‍්තං ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පිණ‍්ඩපාතිකො චෙව පිණ‍්ඩපාතිකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, අප‍්පිච‍්ඡො චෙව අප‍්පිච‍්ඡතාය ච වණ‍්ණවාදී, සන‍්තුට‍්ඨො චෙව සන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදී, පවිවිත‍්තො චෙව පවිවෙකස‍්ස ච වණ‍්ණවාදී, අසංසට‍්ඨො චෙව අසංසග‍්ගස‍්ස ච වණ‍්ණවාදී, ආරද‍්ධවිරියො චෙව වීරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදී.
වහන්ස, මම දිගුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ බණනුයේ ද, පිණ්ඩපාතික ද, පිණ්ඩපාතික බැව්හි ගුණකියනුයේ ද, පාංසුකූලික ද, පාංසුකූලික බැව්හි ගුණ කියනුයේ ද, තෙචීවරික ද,තෙචීවරික බැව්හි ගුණ කියනුයේ ද, අල්පෙච්ඡ ද, අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුයේ ද, සන්තුෂ්ට ද, සන්තුෂ්ට බැව්හි ගුණ කියනුයේ ද, ප්‍රවිවික්ත ද, ප්‍රවිවේකයෙහි ගුණ කියනුයේ ද, අසංසෘෂ්ට ද, අසංසර්‍ගයෙහි ගුණ කියනුයේ ද, ආරබ්ධවීර්‍ය්‍යය ද, වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
කිම‍්පන ත්‍වං කස‍්සප, අත්‍ථවසං සම‍්පස‍්සමානො දීඝරත‍්තං ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, (එවං පෙය්‍යාලො.) පිණ‍්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප‍්පිච‍්ඡො චෙව -පෙ- සන‍්තුට‍්ඨො චෙව -පෙ- පවිවිත‍්තො චෙව -පෙ- අසංසට‍්ඨො චෙව -පෙ- ආරද‍්ධවිරියො චෙව වීරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදීති?
කාශ්‍යප, තෙපි කිනම් ප්‍රයෝජනයක් දක්නහු දිඟුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද? පිණ්ඩපාතික ද ... පංසුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද … අසංසෘෂ්ට ද … ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ දැ යි?
“ද‍්වෙ ඛොහං භන‍්තෙ, අත්‍ථවසෙ සම‍්පස‍්සමානො දීඝරත‍්තං ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී -පෙ- පිණ‍්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප‍්පිච‍්ඡො චෙව -පෙ- සන‍්තුට‍්ඨො චෙව -පෙ- පවිවිත‍්තො චෙව -පෙ- අසංසට‍්ඨො චෙව -පෙ- ආරද‍්ධවිරියො චෙව වීරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදී: අත‍්තනා ච දිට‍්ඨධම‍්මසුඛවිහාරං සම‍්පස‍්සමානො - පච‍්ඡිමඤ‍්චජනතං අනුකම‍්පමානො ‘අප‍්පෙවනාම පච‍්ඡිමා ජනතා දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍ය. යෙ කිර තෙ අහෙසුං බුද‍්ධානුබුද‍්ධසාවකා, තෙ දීඝරත‍්තං ආරඤ‍්ඤකා චෙව අහෙසුං ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදිනො, පිණ‍්ඩපාතිකා චෙව අහෙසුං -පෙ- පංසුකූලිකා චෙව අහෙසුං -පෙ- තෙචීවරිකා චෙව අහෙසුං -පෙ- අප‍්පිච‍්ඡා චෙව අහෙසුං -පෙ- සන‍්තුට‍්ඨා චෙව අහෙසුං -පෙ- පවිවිත‍්තා චෙව අහෙසුං -පෙ- අසංසට‍්ඨා චෙව අහෙසුං -පෙ- ආරද‍්ධවිරියා චෙව අහෙසුං විරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදිනොති. තෙ තථත‍්තාය පටිපජ‍්ජිස‍්සන‍්ති. තෙසං තං භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛාය.”
වහන්ස, මම ප්‍රයෝජන දෙකක් දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද වෙමි පිණ්ඩපාතික ද … පාංශුකූලික ද ... තෙචීචරිකද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද ... ප්‍රවිවික්තද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි: තමාගේ ඉහාත්ම සැපවිහරණය දකිමිනුත් “පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙන්නේ නම් මැනවැ” යි පශ්චිම ජනතාවට අනුකම්පා කරමිනුත් ය. යම් ඒ බුදු අනුබුදු සව්වෝ වූහු ද ඔහු දිගුකලක් අරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද වූහ පිණ්ඩපාතික ද ... වූහ. පාංශුකූලික ද ... වූහ. තෙචීවරික ද වූහ අල්පෙච්ඡ ද ... වූහ සන්තුෂ්ට ද … වූහ ප්‍රවිවික්ත ද … වූහ අසංසෘෂ්ට ද වූහ. ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද වූහ. ඔහු ඒ පිණිස පිළිපදනාහ. ඔවුනට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.
ඉමෙ ඛොහං භන‍්තෙ, ද‍්වෙ අත්‍ථවසෙ සම‍්පස‍්සමානො දීඝරත‍්තං ආරඤ‍්ඤකො චෙව ආරඤ‍්ඤකත‍්තස‍්ස ච වණ‍්ණවාදී, පිණ‍්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප‍්පිච‍්ඡො චෙව -පෙ- සන‍්තුට‍්ඨො චෙව -පෙ- පවිවිත‍්තො චෙව -පෙ- අසංසට‍්ඨො චෙව -පෙ- ආරද‍්ධවිරියො චෙව විරියාරම‍්භස‍්ස ච වණ‍්ණවාදීති.
වහන්ස, මම මේ ප්‍රයෝජන දෙක දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද ... පිණ්ඩපාතික ද ... පාංශුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
සාධු, සාධු, කස‍්සප, බහුජනහිතාය කිර ත්‍වං කස‍්සප, පටිපන‍්නො බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. තස‍්මාතිහ ත්‍වං කස‍්සප, සාණානි චෙව පංසුකූලානි ධාරෙහි නිබ‍්බසනානි, පිණ‍්ඩාය ච චරාහි, අරඤ‍්ඤෙ ච විහරාහීති.
කාශ්‍යප, මැනවි, මැනවි. කාශ්‍යප, තෙපි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත වැඩ පිණිස පිළිපන්නහු ය. කාශ්‍යප, එහෙයින් තෙපි හණපිලියෙන් කළ පරිභෝගයෙන් මාලු වූ පවුල්සිවුරුම දරවු. පිඬු පිණිසත් හැසිරෙවු වෙනෙහිත් වෙසෙවු යි.