යෙදුමෙන් කියවන්න

කුලූපගසුත‍්තං

4. 1. 4.

4. 1. 4.

කුලූපගසුත‍්තං

කුලූපක සූත්‍රය

287. සාවත්‍ථියං–

287. සැවැත්නුවර–

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කථංරූපො භික‍්ඛු අරහති කුලූපගො හොතුං, කථංරූපො භික‍්ඛු අරහති න කුලූපගො හොතුන‍්ති? “භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී”ති. -පෙ- භගවා එතදවොච:

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි දැ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … “භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහුය” … භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යො හි කොචි භික‍්ඛවෙ, භික‍්ඛු එවංචිත‍්තො කුලානි උපසඞ‍්කමති. “දෙන‍්තුයෙව මෙ, මා නාදංසු. බහුඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා ථොකං. පණීතඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා ලූඛං. සීඝඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා දන්‍ධං. සක‍්කච‍්චඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා අසක‍්කච‍්ච”න‍්ති. තස‍්ස චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො එවංචිත‍්තස‍්ස කුලානි උපසඞ‍්කමතො න දෙන‍්ති, තෙන භික‍්ඛු සන්‍දීයති. සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ථොකං දෙන‍්ති නො බහුකං, තෙන භික‍්ඛු සන්‍දීයති. සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ලූඛං දෙන‍්ති නො පණීතං, තෙන භික‍්ඛු සන්‍දීයති. සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. දන්‍ධං දෙන‍්ති නො සීඝං, තෙන භික‍්ඛු සන්‍දීයති. සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. අසක‍්කච‍්චං දෙන‍්ති, නො සක‍්කච‍්චං. තෙන භික‍්ඛු සන්‍දීයති. සො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. එවරූපො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු න අරහති කුලූපගො හොතුං.

මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ස්වල්පයක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා. ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වා” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. ඒ හේතු කොට ගෙණ හෙතෙමේ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ටිකක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි ය.

යො ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවංචිත‍්තො කුලානි උපසඞ‍්කමති “තං කුතෙත්‍ථ ලබ‍්භා පරකුලෙසු – දෙන‍්තු යෙව මෙ, මා නාදංසු. බහුඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා ථොකං. පණීතඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා ලූඛං. සීඝඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා දන්‍ධං. සක‍්කච‍්චඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා අසක‍්කච‍්ච”න‍්ති. තස‍්ස මෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො එවංචිත‍්තස‍්ස කුලානි උපසඞ‍්කමතො න දෙන‍්ති. තෙන භික‍්ඛු න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ථොකං දෙන‍්ති නො බහුකං, තෙන භික‍්ඛු න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ලූඛං දෙන‍්ති නො පණීතං, තෙන භික‍්ඛු න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. දන්‍ධං දෙන‍්ති නො සීඝං, තෙන භික‍්ඛු න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. අසක‍්කච‍්චං දෙන‍්ති නො සක‍්කච‍්චං, තෙන භික‍්ඛු න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. එවරූපො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරහති කුලූපගො හොතුං.

මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ටිකක් නො දෙත්වා, මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වායි-මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් කරා එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් කරා එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මඳක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ය.

කස‍්සපො භික‍්ඛවෙ, එවංචිත‍්තො කුලානි උපසඞ‍්කමති: “තං කුතෙත්‍ථ ලබ‍්භා පරකුලෙසු – දෙන‍්තු යෙව මෙ, මා නාදංසු, බහුකඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා ථොකං, පණීතඤ‍්ඤෙව මෙ දෙන‍්තු, මා ලූඛං. සීඝඤ‍්ඤෙව මෙ දෙන‍්තු මා දන්‍ධං, සක‍්කච‍්චඤ‍්ඤෙව මෙ දෙන‍්තු,” මා අසක‍්කච‍්චන‍්ති.

මහණෙනි, කාශ්‍යප තෙමේ “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, මදක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා, මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා, මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වාය” යි මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹෙයි.

තස‍්ස චෙ භික‍්ඛවෙ, කස‍්සපස‍්ස එවංචිත‍්තස‍්ස කුලානි උපසඞ‍්කමතො න දෙන‍්ති, තෙන කස‍්සපො න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ථොකං දෙන‍්ති නො බහුකං, තෙන කස‍්සපො න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. ලූඛං දෙන‍්ති නො පණීතං, තෙන කස‍්සපො න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. දන්‍ධං දෙන‍්ති නො සීඝං, තෙන කස‍්සපො න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති. අසක‍්කච‍්චං දෙන‍්ති නො සක‍්කච‍්චං, තෙන කස‍්සපො න සන්‍දීයති. සො න තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයති.

මහණෙනි, මේ බඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ කසුප්හට ඉදින් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙන දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මදක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් සල් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි.

කස‍්සපෙන වා හි වො තෙ භික‍්ඛවෙ, ඔවදිස‍්සාමි, යො වා පනස‍්ස කස‍්සපසදිසො. ඔවදිතෙහි ච පන වො තෙ තථත‍්තාය පටිපජ‍්ජිතබ‍්බන‍්ති.

මහණෙනි, කාශ්‍යපයන් හා සමාන වන්නට හෝ යමෙක් කසුප් බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ තොප විසින් ද ඒ පිණිස පිළිපැදිය යුතු යි.