යෙදුමෙන් කියවන්න

1. සන‍්තුට‍්ඨිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සන‍්තුට‍්ඨිසුත‍්තවණ‍්ණනා

1. සන්තුට්ඨ සූත්‍ර වර්ණනාව

කස‍්සපසංයුත‍්තස‍්ස පඨමෙ සන‍්තුට‍්ඨායන‍්ති සන‍්තුට‍්ඨො අයං. ඉතරීතරෙනාති න ථූලසුඛුමලූඛපණීතථිරජිණ‍්ණානං යෙන කෙනචි, අථ ඛො යථාලද‍්ධාදීනං ඉතරීතරෙන යෙන කෙනචි සන‍්තුට‍්ඨොති අත්‍ථො.

කස්සප සංයුත්තයේ පළමු සූත්‍රයෙහි “සන්තුට්ඨාය” යනු මොහු සතුටින් සිටින්නෙකි. “ඉතරීතරෙන” යනු මහත් වූ සියුම් රූක්‍ෂ වූ ප්‍රණිත වූ ස්ථිර වූ දිරාගිය යන එක් දෙයකින් නොව යම්සේ ලැබේ ද ඒ ඕනෑම චීවරයකින් සතුටට පත්වේ යන අර්ථයයි.

චීවරස‍්මිඤ‍්හි තයො සන‍්තොසා යථාලාභසන‍්තොසො යථාබලසන‍්තොසො යථාසාරුප‍්පසන‍්තොසොති. පිණ‍්ඩපාතාදීසුපි එසෙව නයො.

චීවරයෙහි සතුටුවීම් තුනකි. යථාලාභ සතෝෂය, යථාබල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය යනුවෙනි. පිණ්ඩපාතාදියේත් මේ ක්‍රමය ම දතයුතුයි.

තෙසං අයං පභෙදසංවණ‍්ණනා – ඉධ භික‍්ඛු චීවරං ලභති සුන්‍දරං වා අසුන්‍දරං වා, සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස චීවරෙ යථාලාභසන‍්තොසො. අථ පන පකතිදුබ‍්බලො වා හොති ආබාධජරාභිභූතො වා, ගරුචීවරං පාරුපන‍්තො කිලමති, සො සභාගෙන භික‍්ඛුනා සද‍්ධිං තං පරිවත‍්තෙත්‍වා ලහුකෙන යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාබලසන‍්තොසො. අපරො පණීතපච‍්චයලාභී හොති, සො පට‍්ටචීවරාදීනං අඤ‍්ඤතරං මහග‍්ඝචීවරං බහූනි වා චීවරානි ලභිත්‍වා – “ඉදං ථෙරානං චිරපබ‍්බජිතානං, ඉදං බහුස‍්සුතානං අනුරූපං, ඉදං ගිලානානං, ඉදං අප‍්පලාභීනං හොතූ”ති දත්‍වා තෙසං පුරාණචීවරං වා සඞ‍්කාරකූටාදිතො වා පන නන‍්තකානි උච‍්චිනිත්‍වා තෙහි සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මේ එහි ප්‍රභේද විස්තර කිරීමයි. - මේ බුදුසසුනෙහි භික්ෂුවක් යහපත් හෝ අයහපත් සිවුරක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වෙති. අනිකක් නො පතති. ලැබුනත් නොගනිති. මෙය යථාලාභ සතෝෂය නම් වේ. තවද ස්වභාවයෙන් ම දුර්වල හෝ ලෙඩ රෝගාබාධ නිසා දිරාගිය ශරීර ඇති භික්ෂුවක් බර වූ සිවුරක් ලැබ, එය පොරවනුයේ අධික වෙහෙසට පත්වේ. උන්වහන්සේ සබ්‍රහ්මචාරී (එක්ව මහණදම් පුරණ) භික්ෂූන් සමග එය හුවමාරු කරගෙන සැහැල්ලු සිවුරක් ලබාගෙන පොරවමින් ඉන් සතුටට පත්වෙති. මෙය උන්වහන්සේ චීවර විෂයෙහි යථාබල සතෝෂයයි. නව භික්ෂුවක් ප්‍රණත වූ ඉතා උසස් චීවරයක් ලබන්නේය. උන්වහන්සේ පටසිවුරු ආදී අන්‍ය මහා අනර්ඝ සිවුරු බහුලව ලැබ, මෙය පැවිදි වී බොහෝ කල්ගත වූ ස්ථවිර භික්ෂූන්ට ම සුදුසුය. මෙය බහුශ්‍රැත භික්ෂූන්ට සුදුසුය. මෙය රෝගී භික්ෂූන්ට සුදුසුය. මෙය අල්ප වූ ලැබීම් ඇති භික්ෂූන්ට සුදුසු යැයි ලද සිවුරු මේ භික්ෂූන්ට දී, ඔවුන්ගෙන් ලැබුණු පරණ සිවුරක් හෝ කසල ගොඩවල් ආදියෙන් රෙදිකඩක් අහුලාගෙන ඉන් සිවුරක් මසාගෙන හෝ සතුටු වෙමින් පොරවන සේක. මෙය චීවර විෂයෙහි “යථා සාරුප්‍ය සන්තෝෂය”යි

ඉධ පන භික‍්ඛු පිණ‍්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාලාභ සන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා පිණ‍්ඩපාතං ලභති, යෙනස‍්ස පරිභුත‍්තෙන අඵාසු හොති, සො සභාගස‍්ස භික‍්ඛුනො තං දත්‍වා තස‍්ස හත්‍ථතො සප‍්පායභොජනං භුත්‍වා සමණධම‍්මං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාබලසන‍්තොසො. අපරො බහුං පණීතං පිණ‍්ඩපාතං ලභති, සො තං චීවරං විය චිරපබ‍්බජිත-බහුස‍්සුත-අප‍්පලාභගිලානානං දත්‍වා, තෙසං වා සෙසකං පිණ‍්ඩාය වා චරිත්‍වා මිස‍්සකාහාරං භුඤ‍්ජන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මෙහි භික්ෂුවක් රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ ඉන් යැපෙමින් අනික් ආහාරයක් නොපතති. ලැබුනත් අනුභව නොකරති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාලාභ සන්තෝෂය” නම් වේ. යමෙක් තමාට ස්වභාවයෙන්ම විරුද්ධ වූ, තම රෝගාබාධයන්ට විරුද්ධ වූ පිණ්ඩපාතයක් ලබයි. එය වැළඳුවහොත් උන්වහන්සේට අපහසුවක් වෙති. එනිසා උන්වහන්සේ එම පිණ්ඩපාතය සබ්‍රහ්මචාරි භික්ෂුවකට දී, උන්වහන්සේන්ගෙන් ලද කැපවූ ආහාරයක් වළඳා සතුටින් වෙසෙති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. තව භික්ෂුවක් බොහෝ ප්‍රණිත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ එය චිරරාත්‍රඥ, අල්ප ලැබීම් ඇති, ගිලන් වූ භික්ෂූන්ට පිරිනමා ඔවුන්ගෙන් ලද දෙයක් හෝ නැවත පිඬු පිණිස හැසිර ලද මිශ්‍රාහාරයක් හෝ සතුටින් වළඳති. මෙය උන්වහන්සේගේ පිණ්ඩපාත විෂයෙහි “යථා සාරුප්‍ය සන්තෝෂය”යි.

ඉධ පන භික‍්ඛු සෙනාසනං ලභති මනාපං වා අමනාපං වා, සො තෙන නෙව සොමනස‍්සං න පටිඝං උප‍්පාදෙති, අන‍්තමසො තිණසන්‍ථාරකෙනාපි යථාලද‍්ධෙනෙව තුස‍්සති. අයමස‍්ස සෙනාසනෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා සෙනාසනං ලභති, යත්‍ථස‍්ස වසතො අඵාසු හොති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස සන‍්තකෙ සප‍්පායසෙනාසනෙ වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාබලසන‍්තොසො. අපරො මහාපුඤ‍්ඤො ලෙණමණ‍්ඩපකූටාගාරාදීනි බහූනි පණීතසෙනාසනානි ලභති, සො තානි චීවරාදීනි විය චිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභගිලානානං දත්‍වා යත්‍ථ කත්‍ථචි වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො. යොපි “උත‍්තමසෙනාසනං නාම පමාදට‍්ඨානං, තත්‍ථ නිසින‍්නස‍්ස ථිනමිද‍්ධං ඔක‍්කමති, නිද‍්දාභිභූතස‍්ස පටිබුජ‍්ඣතො පාපවිතක‍්කා පාතුභවන‍්තී”ති පටිසඤ‍්චික‍්ඛිත්‍වා තාදිසං සෙනාසනං පත‍්තම‍්පි න සම‍්පටිච‍්ඡති, සො තං පටික‍්ඛිපිත්‍වා අබ‍්භොකාසරුක‍්ඛමූලාදීසු වසන‍්තො සන‍්තුට‍්ඨොව හොති. අයම‍්පි සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මේ සසුනෙහි භික්ෂුවක් මනාප වූ හෝ අමනාප වූ සෙනසුනක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වී, සොම්නස්-දොම්නස් නූපදවා තණ ඇතිරියක් හෝ ලැබ, ලද පමණින් තුටු වී එහි සැතපෙති. මෙය සේනාසන විෂයෙහි යථාලාභ සන්තෝෂයයි. යමෙක් තම තමාට හෝ තම රෝගාබාධයන්ට ස්වභාවයෙන් ම විරුද්ධ වූ සෙනසුනක් ලැබ, එහි විසීම අපහසු හෙයින්, සබ්‍රහ්මචාරි හිමිනමක සමග එය හුවමාරු කරගෙන සතුටින් වෙසෙයි. මෙය සේනාසන විෂයෙහි යථාබල සන්තෝෂය නම් වේ. තවත් ඉතා පුණ්‍යවන්ත වූ භික්ෂුවක් ලෙන්, මණ්ඩප, කූටාගාරාදී බොහෝ උසස් සෙනසුන් ලබයි. උන්වහන්සේ එම සෙනසුන් ඉහත පැවසූ ලෙස ම චිරරාත්‍රභූ, බහුශ්‍රැත, ගිලන්වූ, අල්ප ලැබීම් ඇති භික්ෂූන්ට පිරිනමා තමාට ලැබුණු වෙනත් තැනක සතුටින් වෙසෙති. මෙය සෙනසුන් විෂයෙහි යථා සාරුප්‍ය සතෝෂයයි. යම් භික්ෂුවක් “සෙනසුන් නම් ප්‍රමාදවීමට ස්ථාන වේ. යම්තැනක වැඩහිඳීමෙන් ථිනමිද්ධය බැසගනීද නින්දෙන් නැගිටිනවිට පාප සිතුවිලි, විතර්කාදිය පහළවේ”යැයි සළකා එබඳු උසස් සෙනසුන් ලැබුනත් නොපිළිගනියි. උන්වහන්සේ එබඳු සෙනසුන් හැරදමා අභ්‍යවකාශයෙහි රුක්මුල් ආදියෙහි වෙසෙමින් තුටුවෙති. මෙය ද සෙනසුන් විෂයෙහි යථා සාරුප්‍ය සන්තෝෂයකි.

ඉධ පන භික‍්ඛු භෙසජ‍්ජං ලභති ලූඛං වා පණීතං වා, සො යං ලභති තෙනෙව තුස‍්සති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාලාභසන‍්තොසො. යො පන තෙලෙනත්‍ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස හත්‍ථතො තෙලං ගහෙත්‍වා වා අඤ‍්ඤදෙව වා පරියෙසිත්‍වා භෙසජ‍්ජං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාබලසන‍්තොසො. අපරො මහාපුඤ‍්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ‍්ජං ලභති, සො තං චීවරං විය චිරපබ‍්බජිත-බහුස‍්සුත-අප‍්පලාභගිලානානං දත්‍වා තෙසං ආභතෙන යෙන කෙනචි යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. යො පන එකස‍්මිං භාජනෙ මුත‍්තහරීතකං ඨපෙත්‍වා එකස‍්මිං චතුමධුරං “ගණ‍්හ, භන‍්තෙ, යදිච‍්ඡසී”ති වුච‍්චමානො සචස‍්ස තෙසු අඤ‍්ඤතරෙනපි රොගො වූපසම‍්මති, අථ “මුත‍්තහරීතකං නාම බුද‍්ධාදීහි වණ‍්ණිත”න‍්ති චතුමධුරං පටික‍්ඛිපිත්‍වා මුත‍්තහරීතකෙන භෙසජ‍්ජං කරොන‍්තො පරමසන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාසාරුප‍්පසන‍්තොසො. ඉති ඉමෙ තයො සන‍්තොසෙ සන්‍ධාය “සන‍්තුට‍්ඨායං, භික‍්ඛවෙ, කස‍්සපො ඉතරීතරෙන චීවරෙනා”ති වුත‍්තං.

මේ සසුනෙහි භික්ෂුවක් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බෙහෙත් ආදියක් ලැබ, ඉන් පමණක් සතුටු වේද-වෙනත් කිසිවක් නොපතත් ද ලැබුනත් නොගනිත් ද එය ගිලානප්‍රත්‍ය විෂයෙහි “යථාලාභ සතෝෂය”යි. යම් භික්ෂුවකට තෙල් අවශ්‍ය වූ විට උසස් තෙල් ලැබේ. උන්වහන්සේ එය අනිකුත් සුදුසු භික්ෂූන්ට දී ඔවුන්ගෙන් ලද තෙලක් හෝ නැවත සොයාගොස් ලැබූ තෙලකින් හෝ බෙහෙත් කර, ඉන් සතුටට පත්වෙති. මෙය ගිලානප්‍රත්‍ය විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. වෙනත් මහපින් ඇති භික්ෂුවක් බොහෝ තෙල්, මීපැණි ආදිය සහිත මිහිරි බෙහෙත් ලබයි. ඒවා ගිලන් වූ අනෙකුත් භික්ෂූන්ට පිරිනමා, ඔවුන් දෙන යමකින් යැපෙමින් සතුටු වේ. යම් භික්ෂුවක් වෙත එක් බඳුනක අරළු හා මුත්‍ර - ද “එක් චතුමධුරයක්” ද තබා “ස්වාමීනි! මින් කැමති බෙහෙතක් ගන්න”යි ආරාධනා කල කල්හි; උන්වහන්සේ, “වෙනත් බෙහෙත්වලින් ද මෙම රෝගය සන්සිඳේ. මේ මුත්‍ර හරීටකයම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලදහ”යි සිතා චතුමධුර ප්‍රතිෂ්ප කර - මුත්‍ර හරීටකයම (මුත්‍ර හා අරළු බෙහෙතම) ගන්නා සේක. ඉන් සතටට පත්වෙති. මෙය ගිලන්පස විෂයෙහි යථාසරුප්‍ය සතෝෂයයි. මෙසේ විස්තර කළ ත්‍රිවිධ සතෝෂයන් සඳහා, “මහණෙනි! මේ කාශ්‍යප තෙරුන් වහන්සේ, තමාට ලැබුණු සිවුපසයෙන්ම තුටුවෙති. ඕනෑම දෙයකින් තුටුවෙති. ලද සිවුරු ආදියකින් ම තුටුවෙමින් පොරවති” යන්න දේශනා කළ ස්ක.

වණ‍්ණවාදීති එකො සන‍්තුට‍්ඨො හොති, සන‍්තොසස‍්ස වණ‍්ණං න කථෙති. එකො න සන‍්තුට‍්ඨො හොති, සන‍්තොසස‍්ස වණ‍්ණං කථෙති. එකො නෙව සන‍්තුට‍්ඨො හොති, න සන‍්තොසස‍්ස වණ‍්ණං කථෙති. එකො සන‍්තුට‍්ඨො ච හොති, සන‍්තොසස‍්ස ච වණ‍්ණං කථෙති. අයං තාදිසොති දස‍්සෙතුං ඉතරීතරචීවරසන‍්තුට‍්ඨියා ච වණ‍්ණවාදීති වුත‍්තං. අනෙසනන‍්ති දූතෙය්‍යපහිණගමනානුයොගප‍්පභෙදං නානප‍්පකාරං අනෙසනං.

“වණ්ණවාදිනී” යනු ඇතමෙක් සතුටට පත්වන මුත් සන්තෝෂ ගුණ නොපවසති. ඇතමෙක් සතුටට පත් නොවනුයේ නමුත් සතුටුවීමේ ගුණ පවසති. තව ඇතමෙක් සතුටට පත්වීමක් නැත. සතුටුවීමෙහි ගුණද නොකියති. ඇතමෙක් සතෝෂ වෙති. එහි ගුණ ද නිති පවසති. මේ සිවුවැනිව දැක්වූ ගණයට අප කාශ්‍යප රහතන් වහන්සේ ද අයත් වන බව දැක්වීමට, “ලැබෙන ඕනෑම සිවුරකින් සතුටුවීමේ ගුණ පවසන” යන්න දේශනා කරන ලද සේක. “අනෙසනං” යනු දූතයන් යැවීම්, ගමනා ගමනයන්හි යෙදීම් ආදී නානාවිධ වූ ප්‍රභේද සහිත වූ නුසුදුසු ජීවිකා වෘත්තීන්හි නියැලි යනුයි.

අලද‍්ධාති අලභිත්‍වා. යථා ච එකච‍්චො “කථං නු ඛො චීවරං ලභිස‍්සාමී”ති පුඤ‍්ඤවන‍්තෙහි භික‍්ඛූහි සද‍්ධිං එකතො හුත්‍වා කොහඤ‍්ඤං කරොන‍්තො උත‍්තසති පරිතස‍්සති, අයං එවං අලද‍්ධා ච චීවරං න පරිතස‍්සති. ලද‍්ධා චාති ධම‍්මෙන සමෙන ලභිත්‍වා. අගධිතොති විගතලොභගෙධො. අමුච‍්ඡිතොති අධිමත‍්තතණ‍්හාය මුච‍්ඡං අනාපන‍්නො. අනජ‍්ඣාපන‍්නොති තණ‍්හාය අනොත්‍ථටො අපරියොනද‍්ධො. ආදීනවදස‍්සාවීති අනෙසනාපත‍්තියඤ‍්ච ගධිතපරිභොගෙ ච ආදීනවං පස‍්සමානො. නිස‍්සරණපඤ‍්ඤොති, “යාවදෙව සීතස‍්ස පටිඝාතායා”ති වුත‍්තනිස‍්සරණමෙව ජානන‍්තො පරිභුඤ‍්ජතීති අත්‍ථො.

“අලද්ධා” යනු නොලැබ යනුයි. ඇතමෙක්, “කෙසේ හෝ සිවුරු ආදිය ලබාගන්නෙමි”යි පින්වත් භික්ෂූන් සමග එක්ව සිටිමින් ම, කුහකකම් කරනුයේ තැතිගනිති. ආශාවෙන් පීඩිත වෙති. මෙම කාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නොලබන සේක්, එනිසාම තැති නොගනිති යන අර්ථයි. “ලදධා” යනු ධර්මානුකූලව ලැබ ගෙනයි. “අගථිතො” යනු දුරුකළ ලෝභාදී ගිජුකම් ඇතිවයි. “අමුච්ඡිතො” යනු අපමණ තණ්හාවෙන් මුලාවීමට නොපැමිණි යනුයි. “අනජ්ඣා පන්නො” යනු තණ්හාවෙන් නො මඩන ලද, නොවෙලන ලද්දේ යනුයි. “ආදීනව දස්සාවී” යනු නුසුදුසු ජීවිකාවට පැමිණීමෙහිද ගිජු වූ පරිභෝගයන්හි ද ආදීනව දකිනුයේය. “නිස්සරණපඤ්ඤා” යනු ‘යම්තාක් සීතල නැසීමට’ ආදී වශයෙන් කියන ලද යනුයි. නික්ම යෑම ම විශේෂයෙන් දැන ගනිමින් සිවුපස පරිභෝජනය කරයි යන අර්ථයි.

ඉතරීතරෙන පිණ‍්ඩපාතෙනාතිආදීසුපි යථාලද‍්ධාදීනං යෙන කෙනචි පිණ‍්ඩපාතෙන, යෙන කෙනචි සෙනාසනෙන, යෙන කෙනචි ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙනාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

“ඉතරීතරෙන පිණ්ඩපාතෙන” යනාදියෙහි ද “යම් සේ ලැබූ පිණ්ඩපාතයකින්, සෙනසුනක්, ගිලන්පස බෙහෙත් ආදියකින්” යන අර්ථයි. මෙසේ අර්ථ ගලපා දතයුතුයි.

කස‍්සපෙන වා හි වො, භික‍්ඛවෙ, ඔවදිස‍්සාමීති එත්‍ථ යථා මහාකස‍්සපත්‍ථෙරො චතූසු පච‍්චයෙසු තීහි සන‍්තොසෙහි සන‍්තුට‍්ඨො, තුම‍්හෙපි තථාරූපා භවථාති ඔවදන‍්තො කස‍්සපෙන ඔවදති නාම. යො වා පනස‍්ස කස‍්සපසදිසොති එත්‍ථාපි යො වා පනඤ‍්ඤොපි කස‍්සපසදිසො මහාකස‍්සපත්‍ථෙරො විය චතූසු පච‍්චයෙසු තීහි සන‍්තොසෙහි සන‍්තුට‍්ඨො භවෙය්‍ය, තුම‍්හෙපි තථාරූපා භවථාති ඔවදන‍්තො කස‍්සපසදිසෙන ඔවදති නාම. තථත‍්තාය පටිපජ‍්ජිතබ‍්බන‍්ති “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඉමාය ඉමස‍්මිං සන‍්තුට‍්ඨිසුත‍්තෙ වුත‍්තසල‍්ලෙඛාචාරපටිපත‍්තියා කථනං නාම භාරො, අම‍්හාකම‍්පි ඉමං පටිපත‍්තිං පරිපූරං කත්‍වා පූරණං භාරොයෙව, ආගතො ඛො පන භාරො ගහෙතබ‍්බො”ති චින‍්තෙත්‍වා යථා මයා කථිතං, තථත‍්තාය තථාභාවාය තුම‍්හෙහිපි පටිපජ‍්ජිතබ‍්බන‍්ති.

“කස්සපෙන වා හි වො භික්ඛවේ! ඔවදිස්සාමි” යනු යම්සේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සිවුපස විෂයෙහි ත්‍රිවිධ සතෝෂයෙන් සතුටුවූ සේක්ද “නුඹලා ද එසේ වව්” යනුවෙන් අවවාද දෙන සේක්, “කාශ්‍යප තෙරුන් විසින් දුන් අවවාද” නම් වේ. “යො වා පනස්ස කස්සපාදිසො” යනු මෙපමණකින් කාශ්‍යප තෙරුන් හා සමාන වූ “මහා කාශ්‍යප තෙරුන් මෙන් සිවුපසයෙහි ත්‍රිවිධ සතෝෂයෙන් සතුටු වේනම්”, “නුඹලා ද එසේ විය යුතුයි” යනුවෙන් අවවාද කරන සේක් කාශ්‍යප තෙරුන් හා සමවීමට අවවාද කරන සේක. “තථත්තාය පටිපජ්ජිතබ්බං” යනු “සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සත්තුට්ඨි සූත්‍රයෙහි දේශනා කළ, “කෙලෙස් ලියාලන ප්‍රතිපත්තිය පැවසීම” නම් වූ භාරධූර කටයුත්තකි. අපද මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීම, මහත්ම භාරධූර කාර්යයක් ඉටුකිරීමකි. පැමිණියා වූ මේ භාරධූර කාර්යය පිළිගත යුතුය.” මෙලෙස සිතා “මා විසින් දේශනා කරන ලද පරිද්දෙන් තථබව සඳහා (සත්‍යවබෝධය පිණිස) නුඹලා විසින් මෙලෙස පිළිපැදිය යුතුයැ”යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. අනොත‍්තාපීසුත‍්තවණ‍්ණනා

2. අනොත්තාපී සූත්‍ර වර්ණනාව

දුතියෙ අනාතාපීති යං වීරියං කිලෙසෙ ආතපති, තෙන රහිතො. අනොත‍්තප‍්පීති නිබ‍්භයො කිලෙසුප‍්පත‍්තිතො කුසලානුප‍්පත‍්තිතො ච භයරහිතො. සම‍්බොධායාති සම‍්බුජ‍්ඣනත්‍ථාය. නිබ‍්බානායාති නිබ‍්බානසච‍්ඡිකිරියාය. අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්සාති අරහත‍්තස‍්ස තඤ‍්හි අනුත‍්තරඤ‍්චෙව චතූහි ච යොගෙහි ඛෙමං.

දෙවන සූත්‍රයේ - “අනාතාපී” යනු යම් වීර්යයකින් කෙලෙස් තවයි ද ඉන් තොරවූයේ යනුයි. “අනොත්තාපී” යනු බිය නැතිකමයි. කෙලෙස් ඉපදවීමට ද කුසල් නූපදවීමට ද බියක් නැත. “සම්බොධාය” යනු මනාව අවබෝධ කරගැනීම සඳහාය. “නිබ්බාණය” යනු නිර්වාණය සාක්ෂාත් කරගැනීමටය. “අනුත්තරස්ස යෝගකෙඛමස්ස” යනු රහතන් වහන්සේය. එහි අනුත්තර වූ (අතිඋතුම් වූ), සතර යෝගයන්හි නිර්භය වූ යනු අර්ථයි.

අනුප‍්පන‍්නාතිආදීසු යෙ පුබ‍්බෙ අප‍්පටිලද‍්ධපුබ‍්බං චීවරාදිං වා පච‍්චයං උපට‍්ඨාකසද‍්ධිවිහාරික-අන‍්තෙවාසීනං වා අඤ‍්ඤතරතො මනුඤ‍්ඤවත්‍ථුං පටිලභිත්‍වා තං සුභං සුඛන‍්ති අයොනිසො ගණ‍්හන‍්තස‍්ස අඤ‍්ඤතරං වා පන අනනුභූතපුබ‍්බං ආරම‍්මණං යථා තථා වා අයොනිසො ආවජ‍්ජෙන‍්තස‍්ස ලොභාදයො පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, තෙ අනුප‍්පන‍්නාති වෙදිතබ‍්බා. අඤ‍්ඤථා හි අනමතග‍්ගෙ සංසාරෙ අනුප‍්පන‍්නා නාම පාපකා ධම‍්මා නත්‍ථි. අනුභූතපුබ‍්බෙපි ච වත්‍ථුම‍්හි ආරම‍්මණෙ වා යස‍්ස පකතිබුද‍්ධියා වා උද‍්දෙසපරිපුච‍්ඡාය වා පරියත‍්තිනවකම‍්මයොනිසොමනසිකාරානං වා අඤ‍්ඤතරවසෙන පුබ‍්බෙ අනුප‍්පජ‍්ජිත්‍වා පච‍්ඡා තාදිසෙන පච‍්චයෙන සහසා උප‍්පජ‍්ජන‍්ති, ඉමෙපි “අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු”න‍්ති වෙදිතබ‍්බා. තෙසුයෙව පන වත්‍ථාරම‍්මණෙසු පුනප‍්පුනං උප‍්පජ‍්ජමානා නප‍්පහීයන‍්ති නාම, තෙ “උප‍්පන‍්නා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු”න‍්ති වෙදිතබ‍්බා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන උප‍්පන‍්නානුප‍්පන‍්නභෙදො ච පහානප‍්පහානවිධානඤ‍්ච සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ ඤාණදස‍්සනවිසුද‍්ධිනිද‍්දෙසෙ කථිතං.

“අනුප්පන්නා” යනාදියෙහි - යමෙක් පෙර නොලැබූ විරූ සිවුරු ආදී ප්‍රත්‍යයක් හෝ උපස්ථායක, සද්ධිවිහාරික, අත්වාසිකයන්ගේ සිත් අලවන වෙනත් වස්තුවක් හෝ ලැබ, එය ‘හොඳයි-සැපයි’ යනුවෙන් අඥානකමින් ගන්නාට සහ තම නොවිඳින ලද වෙනත් සුභ අරමුණක් පිළිබඳ අනුවණකමින් සිහිකරන්නාට ලෝභාදී පවිටුධර්ම උපදියි. “එබඳු ධර්ම නූපදී” යැයි අර්ථ දතයුතුයි. අන් අයුරකින් - අග මුලක් නැති සසරෙහි නූපන් අකුසල් සහගත පවිටු සිතක් නම් නැත. පෙර විඳින ලද වස්තුවෙහි ද කරුණා කළයුතු අරමුණෙහි ද, යමෙකුට ස්වභාව බුද්ධියෙන් හෝ උදෙසීම-විචාරීම ආදියෙන් හෝ පර්යාප්ති-නවකර්ම නුවණින් මෙනෙහි කිරීම් ආදියෙන් හෝ වෙනත් දෙයකින් පෙර නූපදින ලද පාපී අදහස්, පසුව එබඳු වූ ප්‍රත්‍යයකින් වහා උපදියි. මෙය ද “නූපන් ධර්ම උපදවමින් අනර්ථය පිණිස පවතින්නේය”යි දතයුතුයි. “ඒ වස්තු ආරම්මණයන් හි ම නැවත නැවත උපදිමින් ප්‍රහීණ නොවී පවතී” යන අදහසයි. “ඒවා ඉපදී ප්‍රහීන නොවී අනර්ථය පිණිස ම පවතින්ය.” යනුවෙන් දතයුතුයි. මේ දැක්වූයේ සංක්‍ෂිප්ත විස්තරයයි. සවිස්තරව උපනුපන් භේදයන්ද ප්‍රහාණප්‍රහාණ නියමයන්ද යන සියල්ල විශුද්ධි මාර්ගයේ ඥාණදස්සන විශුද්ධි නිර්දේශයේ පැවසූ පරිදි දතයුතුයි.

අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මාති අප‍්පටිලද‍්ධාපි සීලසමාධිමග‍්ගඵලසඞ‍්ඛාතා අනවජ‍්ජධම‍්මා. උප‍්පන‍්නාති තෙයෙව පටිලද‍්ධා. නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති තෙ සීලාදිධම‍්මා පරිහානිවසෙන පුන අනුප‍්පත‍්තියා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති වෙදිතබ‍්බා. එත්‍ථ ච ලොකියා පරිහායන‍්ති, ලොකුත‍්තරානං පරිහානි නත්‍ථීති. “උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා”ති ඉමස‍්ස පන සම‍්මප‍්පධානස‍්ස වසෙනායං දෙසනා කතා. දුතියමග‍්ගො වා සීඝං අනුප‍්පජ‍්ජමානො, පඨමමග‍්ගො නිරුජ‍්ඣමානො අනත්‍ථාය සංවත‍්තෙය්‍යාති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ඉති ඉමස‍්මිං සුත‍්තෙ ඉමෙ චත‍්තාරො සම‍්මප‍්පධානා පුබ‍්බභාගවිපස‍්සනාවසෙන කථිතාති.

“අනුප්පන්නා මෙ කුසලා ධම්මා” යනු සීල, සමාධි, ඵල සංඛ්‍යාත වූ නිවැරදි ධර්ම නොලැබූවත් යනුයි. “උප්පන්නා” යනු ඒවාම ලැබුවාහුය. “තිරුජ්ඣමාතා අනත්ථාය සංවත්තෙය්‍යුං” යනු ඒ සීලාදී ධර්ම පිරිහීම් වශයෙන් නැවත නූපදින්නේ, නිරුද්ධ වනුයේ අනර්ථය පිණිස පවතීයැයි දතයුතුයි. මෙහිද ලෞකික ධර්මයන්ගේ පිරිහීමක් මිස ලෝකෝත්තර ධර්මයන් පිරිහීමක් නොමැති බව දතයුතුයි. උපන් කුසල් දහම්වල පැවතීමෙන් සම්මා විරියෙහි (යහපත් වීර්යයෙහි) පිහිටීම් වශයෙන් දේශනාව කරන ලදී. දෙවැනි මාර්ගය වහා නූපදින කල්හි, පළමු මාර්ගය නිරුද්ධ වනුයේ එය අනර්ථය-අයහපත පිණිස පවතින්නේය” යන මේ අර්ථය ගතයුතුයි. මෙලෙස මෙම සූත්‍රයෙහි සතර සම්‍යක් ප්‍රධන් වීර්යයෝ පූර්වභාග විදර්ශනා වශයෙන් දේශනා කරන ලදැයි දතයුතුයි.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. චන්‍දූපමසුත‍්තවණ‍්ණනා

3. චන්දූපම සූත්‍ර වර්ණනාව

තතියෙ චන්‍දූපමාති චන්‍දසදිසා හුත්‍වා. කිං පරිමණ‍්ඩලතාය? නො, අපිච ඛො යථා චන්‍දො ගගනතලං පක‍්ඛන්‍දමානො න කෙනචි සද‍්ධිං සන්‍ථවං වා සිනෙහං වා ආලයං වා නිකන‍්තිං වා පත්‍ථනං වා පරියුට‍්ඨානං වා කරොති, න ච න හොති මහාජනස‍්ස පියො මනාපො, තුම‍්හෙපි එවං කෙනචි සද‍්ධිං සන්‍ථවාදීනං අකරණෙන බහුජනස‍්ස පියා මනාපා චන්‍දූපමා හුත්‍වා ඛත‍්තියකුලාදීනි චත‍්තාරි කුලානි උපසඞ‍්කමථාති අත්‍ථො. අපිච යථා චන්‍දො අන්‍ධකාරං විධමති, ආලොකං ඵරති, එවං කිලෙසන්‍ධකාරවිධමනෙන ඤාණාලොකඵරණෙන චාපි චන්‍දූපමා හුත්‍වාති එවමාදීහිපි නයෙහි එත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

තෙවන සූත්‍රයේ - “චන්දූපමා” යනු සඳ මෙන් වී යනුයි. කිම පරිමණ්ඩල වශයෙන්ද? නැත. චන්ද්‍රයා අහස් තලයට නැගෙන කල්හි කිසිවකු සමග එක්ව විසීමක්, සෙනෙහසක්, ආලයක්, ප්‍රාර්ථනාවක් හෝ මැඩගෙන (පාගාගෙන) පිවිසීමක් නොකරයි. එනමුත් මහජනයාට ප්‍රිය වෙමින් ම උදාවේ. “නුඹලා ද මෙසේම කිසිවකු සමග එක්ව විසීම් ආදියක් නොකර, මහජනයාට ප්‍රියමනාපව සඳ මෙන් ක්ෂත්‍රියාදී සිවු කුලයන් වෙත එළඹෙවු” යන අර්ථයයි. තවද චන්ද්‍රයා අන්ධකාරය දුරු කරයි. ආලෝකය පතුරුවයි. එලෙසින්ම කෙලෙස් අඳුර දුරුකිරීමෙන් හා ඥාණාලෝකය පැතිරවීමෙන් සඳ මෙන් විසිය යුතුයි. මෙලෙස මෙහි අර්ථ දතයුතුයි.

අපකස‍්සෙව කායං අපකස‍්ස චිත‍්තන‍්ති තෙනෙව සන්‍ථවාදීනං අකරණෙන කායඤ‍්ච චිත‍්තඤ‍්ච අපකස‍්සිත්‍වා, අපනෙත්‍වාති අත්‍ථො. යො හි භික‍්ඛු අරඤ‍්ඤෙපි න වසති, කාමවිතක‍්කාදයොපි විතක‍්කෙති, අයං නෙව කායං අපකස‍්සති, න චිත‍්තං. යො හි අරඤ‍්ඤෙපි ඛො විහරති, කාමවිතක‍්කාදයො පන විතක‍්කෙති, අයං කායමෙව අපකස‍්සති, න චිත‍්තං. යො ගාමන‍්තෙ වසති, කාමවිතක‍්කාදයොපි ඛො න ච විතක‍්කෙති, අයං චිත‍්තමෙව අපකස‍්සති, න කායං. යො පන අරඤ‍්ඤෙ චෙව වසති, කාමවිතක‍්කාදයො ච න විතක‍්කෙති, අයං උභයම‍්පි අපකස‍්සති. එවරූපා හුත්‍වා කුලානි උපසඞ‍්කමථාති දීපෙන‍්තො “අපකස‍්සෙව කායං අපකස‍්ස චිත‍්ත”න‍්ති ආහ.

“අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං” යනු ඉහත කී එක්ව විසීම් ආදිය නොකිරීමෙන් කය ද සිත ද ඉවතට ඇද-පහකර යන අර්ථයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි නොවෙසෙයි. කාම විතර්කාදිය කල්පනා නොකරයි. මේ භික්ෂුව කය හා සිත ඉවත් නොකර ම වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි වෙසෙයි. කාමවිතර්කාදිය කල්පනා කරයි. මේ භික්ෂුව කය පමණක් ඉවත්කර වෙසෙයි. සිත ඉවත් නොකරයි. යම් භික්ෂුවක් ගම් සෙනසුනක වෙසෙමින් කාමාදී විතර්ක නොසිතයි. මේ භික්ෂුව සිත ඉවත් කර, කය ඉවත් නොකර වෙසෙයි. යම් භික්ෂුවක් අරණ්‍යයෙහි වෙසෙමින් කාමවිතර්කාදිය ද පහළ කර නොගනියි. මේ භික්ෂුව කය, සිත දෙක ම ඉවත්කර වෙසෙන උතුම් භික්ෂුවයි. “මෙලෙස වී කුලයන් වෙත යායුතුයි” යන අර්ථය දක්වමින්, “කය හා සිත ඉවත් කරවූයේම” යනුවෙන් දෙසූ සේක.

නිච‍්චනවකාති නිච‍්චං නවකාව, ආගන‍්තුකසදිසා එව හුත්‍වාති අත්‍ථො. ආගන‍්තුකො හි පටිපාටියා සම‍්පත‍්තගෙහං පවිසිත්‍වා සචෙ නං ඝරසාමිකා දිස‍්වා, “අම‍්හාකං පුත‍්තභාතරො විප‍්පවාසං ගතා එවං විචරිංසූ”ති අනුකම‍්පමානා නිසීදාපෙත්‍වා භොජෙන‍්ති, භුත‍්තමත‍්තොයෙව “තුම‍්හාකං භාජනං ගණ‍්හථා”ති උට‍්ඨාය පක‍්කමති, න තෙහි සද‍්ධිං සන්‍ථවං වා කරොති, න කිච‍්චකරණීයානි වා සංවිදහති, එවං තුම‍්හෙපි පටිපාටියා සම‍්පත‍්තඝරං පවිසිත්‍වා යං ඉරියාපථෙසු පසන‍්නා මනුස‍්සා දෙන‍්ති, තං ගහෙත්‍වා ඡින‍්නසන්‍ථවා, තෙසං කිච‍්චකරණීයෙ අබ්‍යාවටා හුත්‍වා නික‍්ඛමථාති දීපෙති.

“නිච්චනවක” යනු නිතර නවකයෙක් ව යනුයි. ආගන්තුකයෙක් හා සමානව යන අර්ථයි. ආගන්තුකයා පිළිවෙලින් පැමිණි ගෙයක වෙසෙනුයේ, ගෘහස්වමීවරුන් විසින් දකින ලදුව - “අපගේ දරුවෝ, සෝයුරෝ අපගෙන් වෙන් වූහ. මොහු ද ඔවුන් මෙන් හැසිරෙයි.” යනුවෙන් අනුකම්පා කරමින් - ඔහුට නිදාගැනීමට දී ආහාරපාන ද දෙති. අහර වළඳා අවසන ආගන්තුකයා “නුඹලාගේ මේ ආහාර භාජනය ගන්න”යි පවසා වැළඳූ භාජන දී නිහඬව බැහැරව යයි. ඔවුන් සමග එක්ව විසීම් ආදියක් නොකරයි. කළයුතු කාය විධානයක් නොකරයි. “නුඹලා විසින් ද මහණෙනි!, පිළිවෙලින් පැමිණි ගෘහයට පිවිස යම් හැසිරීමකින් පැහැදුණු මිනිසුන් දුන් දෙයක් වේ නම් එය ගෙන - ඔවුන් හා කිසි කථාබහක් නොකර - කළයුතු කිසිදු කටයුත්තක නොයෙදී නිවසින් නිමෙවු” යනුවෙන් භික්ෂූන්ට අවවාද දුන්හ.

ඉමස‍්ස පන නිච‍්චනවකභාවස‍්ස ආවිභාවත්‍ථං ද‍්වෙභාතිකවත්‍ථු කථෙතබ‍්බං –

මෙහිදී නිත්‍ය නවකයාගේ ස්වභාවය මැනවින් දැක්වීමට “දෙසොයුරු පැවිදි කථාව” (දෙවභාතික වත්ථු) කිවයුතුයි.

වසාළනගරගාමතො කිර ද‍්වෙ භාතිකා නික‍්ඛමිත්‍වා පබ‍්බජිතා, තෙ චූළනාගත්‍ථෙරො ච මහානාගත්‍ථෙරො චාති පඤ‍්ඤායිංසු. තෙ චිත‍්තලපබ‍්බතෙ තිංස වස‍්සානි වසිත්‍වා අරහත‍්තං පත‍්තා “මාතරං පස‍්සිස‍්සාමා”ති ආගන‍්ත්‍වා වසාළනගරවිහාරෙ වසිත්‍වා පුනදිවසෙ මාතුගාමං පිණ‍්ඩාය පවිසිංසු. මාතාපි තෙසං උළුඞ‍්කෙන යාගුං නීහරිත්‍වා එකස‍්ස පත‍්තෙ ආකිරි. තස‍්සා තං ඔලොකයමානාය පුත‍්තසිනෙහො උප‍්පජ‍්ජි. අථ නං ආහ – “ත්‍වං, තාත, මය‍්හං පුත‍්තො මහානාගො”ති. ථෙරො “පච‍්ඡිමං ථෙරං පුච‍්ඡ උපාසිකෙ”ති වත්‍වා පක‍්කාමි. පච‍්ඡිමථෙරස‍්සපි යාගුං දත්‍වා, “තාත, ත්‍වං මය‍්හං පුත‍්තො චූළනාගො”ති පුච‍්ඡි? ථෙරො “කිං, උපාසිකෙ, පුරිමං ථෙරං න පුච‍්ඡසී”ති? වත්‍වා පක‍්කාමි. එවං මාතරාපි සද‍්ධිං ඡින‍්නසන්‍ථවො භික‍්ඛු නිච‍්චනවකො නාම හොති.

“වසාළ නගර” නම් ගමින් සොහොයුරෝ දෙදෙනෙක් නික්ම අවුත් පන්සලෙහි පැවිදි වූහ. ඒ දෙදෙන චූලනාග තෙරුන් ය, මහානාග තෙරුන් යැයි ප්‍රසිද්ධ වූහ. ඒ දෙදෙන සිතුල්පවුවෙහි වෙසෙමින්, භාවනා කර - වසර තිහකට පසු රහත්ඵලය ලබා ගත්හ. “මව දකිමු”යි තම මැණියන් බැලීම සඳහා අවුත් වසාළනගර විහාරයේ වාසය කර, දෙවැනි දින මව සිටින ගමට පිඬු පිණිස, දෙදෙනා වහන්සේ ම වැඩම කළහ. මවු ද ඉතා සැදැහැයෙන් විශාල කැඳ හැන්දක් ගෙන වැඩිමල් තෙරුන්ගේ පාත්‍රයට බෙදන්නී, තෙරුන්ගේ මුහුණු බලා උපන් දරු සෙනෙහස ඇතී, “දරුව! නුඹ මගේ පුතු වූ මහානාග නේද?”යි ඇසුවාය. තෙරුන් වහන්සේ, “උපාසිකාවනි! පසුපස සිටින තෙරුන්ගෙන් විමසනු මැනවි”යි පවසා විහාරයට ම වැඩම කළහ. දෙවැනි තෙරුන්ට ද එලෙසින්ම කැඳ බෙදු මෑණියෝ, “දරුව! නුඹ මගේ පුතු වූ චූලනාග නේද?”යි විමසුවාය. “කිම උපාසිකාවනි! මුලින් සිටි තෙරුගෙන් නොවිමසුවෙහි ද?”යි පවසා උන්වහන්සේ විහාරයට වැඩම කළහ. මෙලෙස තම වැදූ මව සමගවත් ආගිය තොරතුරු කථාකිරීමක්, එක්ව විසීමක් නොමැති භික්ෂුව “නිත්‍ය නවකයා” නම් වේ.

අප‍්පගබ‍්භාති න පගබ‍්භා, අට‍්ඨට‍්ඨානෙන කායපාගබ‍්භියෙන, චතුට‍්ඨානෙන වචීපාගබ‍්භියෙන, අනෙකට‍්ඨානෙන මනොපාගබ‍්භියෙන ච විරහිතාති අත්‍ථො. අට‍්ඨට‍්ඨානං කායපාගබ‍්භියං නාම සඞ‍්ඝගණපුග‍්ගල-භොජනසාලා-ජන‍්තාඝරනහානතිත්‍ථ-භික‍්ඛාචාරමග‍්ග-අන‍්තරඝරප‍්පවෙසනෙසු කායෙන අප‍්පතිරූපකරණං. සෙය්‍යථිදං – ඉධෙකච‍්චො සඞ‍්ඝමජ‍්ඣෙ පල‍්ලත්‍ථිකාය වා නිසීදති පාදෙ පාදං ආධායිත්‍වා වාති එවමාදි (මහානි· 165). තථා ගණමජ‍්ඣෙ. ගණමජ‍්ඣෙති චතුපරිසසන‍්නිපාතෙ වා සුත‍්තන‍්තිකගණාදිසන‍්නිපාතෙ වා. තථා වුඩ‍්ඪතරෙ පුග‍්ගලෙ. භොජනසාලාය පන වුඩ‍්ඪානං ආසනං න දෙති, නවානං ආසනං පටිබාහති. තථා ජන‍්තාඝරෙ. වුඩ‍්ඪෙ චෙත්‍ථ අනාපුච‍්ඡා අග‍්ගිජලනාදීනි කරොති. න‍්හානතිත්‍ථෙ ච යදිදං “දහරො වුඩ‍්ඪොති පමාණං අකත්‍වා ආගතපටිපාටියා න‍්හායිතබ‍්බ”න‍්ති වුත‍්තං, තම‍්පි අනාදියන‍්තො පච‍්ඡා ආගන‍්ත්‍වා උදකං ඔතරිත්‍වා වුඩ‍්ඪෙ ච නවෙ ච බාධති. භික‍්ඛාචාරමග‍්ගෙ පන අග‍්ගාසනඅග‍්ගොදකඅග‍්ගපිණ‍්ඩානං අත්‍ථාය පුරතො ගච‍්ඡති බාහාය බාහං පහරන‍්තො. අන‍්තරඝරප‍්පවෙසනෙ වුඩ‍්ඪෙහි පඨමතරං පවිසති, දහරෙහි සද‍්ධිං කායකීළනකං කරොතීති එවමාදි.

“අප්ගබ්භා” යනු ප්‍රගර්භ නොවූ යනුයි. ගැටීම් නැති. අටස්ථානයක කයින් ගැටීම ද සිවුතැනක වචනයෙන් ගැටීම නොයෙක් තැන්හි මනසින් ගැටීමද දුරුකළ. අටතැනක කයින් ගැටීම නම් - “සංඝ, ගණ, පුද්ගල, භෝජන ශාලා, ගිනිහල්ගෙය, නානතොට, පිඬු පිණිස යන මාර්ගය, ඇතුල් ගමට පිවිසීම යන තැන්වලදී කයින් නුසුදුසු දේ කිරීමයි.” ඒ කෙසේද? ඇතැම් භික්ෂුවක් විහාරයේ සඟ මැද අත්දෙක ගොතාගෙන වාඩිවී සිටියි. පයින් පය ගටාගෙන හිඳියි. මේ ආදී ලෙසයි. මෙසේ ම සමූහයක් මැදදී ද සිවු පිරිසෙහි සමාගමයකදී ද සූත්‍ර පිටකාදියක් උගන්නා පිරිස් එකතුවීමක දී ද අයෝග්‍ය හැසිරීම් දැක්වීමයි. වෘද්ධතර භික්ෂූන් කෙරෙහි ද එලෙස හැසිරීම. වැඩිමහල් භික්ෂූන්ට දානශාලාවේදී ආසන නොදෙයි. නවකයන්ට ආසන පැමිණීම වලක්වයි. ගිනිහල් ගෙයි ද මෙලෙසම හැසිරේ. වැඩිහිටි භික්ෂූන් නොවිමසා, ගිනිදැල්වීම් ආදිය කරයි. නානතොටේදී “මේ සාමණේරයෙකි. මේ වෘද්ධ හිමිනමකි” ආදී ලෙස ප්‍රමාණ නොකර-ආගත පටිපාටියෙන් දියනෑ යුතුයැයි බුදුහු වදාරා ඇත. එම නියමය කඩකරමින් පසුවී පැමිණ, දියට බැසීමාදියෙන් වෘද්ධසාමණේර හිමිවරුන්ට බාධා කරයි. පිඬු පිණිස යන මාර්ගයේ දී අග්‍ර ආසන, අග්‍ර දිය, අග්‍ර පිණ්ඩපාත ආදිය ලබාගැනීමට අතින් ගටමින් පිළිවෙල ඉක්මවා ඉදිරියට යයි. ඇතුළු ගමට හෝ ඇතුළු ගෙට පිවිසීමේදී වැඩිමහලු භික්ෂූන්ට පෙරින් ගොස් පිවිසෙයි. ළදරු භික්ෂූන් සමග කයින් ක්‍රීඩා ආදිය කරයි. මෙලෙසින් කයින් වැරදි හැසිරීම් දැක්වීමයි.

චතුට‍්ඨානං වචීපාගබ‍්භියං නාම සඞ‍්ඝගණපුග‍්ගලඅන‍්තරඝරෙසු අප‍්පතිරූපවාචානිච‍්ඡාරණං. සෙය්‍යථිදං – ඉධෙකච‍්චො සඞ‍්ඝමජ‍්ඣෙ අනාපුච‍්ඡා ධම‍්මං භාසති. තථා පුබ‍්බෙ වුත‍්තප‍්පකාරස‍්ස ගණස‍්ස මජ‍්ඣෙ පුග‍්ගලස‍්ස ච සන‍්තිකෙ, තත්‍ථෙව මනුස‍්සෙහි පඤ‍්හං පුට‍්ඨො වුඩ‍්ඪතරං අනාපුච‍්ඡා විස‍්සජ‍්ජෙති. අන‍්තරඝරෙ පන “ඉත්‍ථන‍්නාමෙ කිං අත්‍ථි? කිං යාගු, උදාහු ඛාදනීයං භොජනීයං? කිං මෙ දස‍්සසි? කිං අජ‍්ජ ඛාදිස‍්සාම? කිං භුඤ‍්ජිස‍්සාම? කිං පිවිස‍්සාමා”තිආදීනි භාසති.

“සිවුතැනක වචනයෙන් ගැටීම”නම් - සංඝ, ගණ, පුද්ගල හා ඇතුළුගමට - ඇතුළුගෙට පිවිසීමේදී නුසුදුසු වචන පැවසීමයි. ඒ කෙසේද? මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් වැඩිහිටි අවසරයක් නැතිව සඟමැද බණ කියයි. එලෙසින් ම අවසරයක් නොමැතිව ගණයා මැදද පුද්ගලයන් සමීපයේද සිදුකරයි. තවද මිනිසුන් ප්‍රශ්න විමසූ විට වැඩිහිටි අවසරයක් නොගෙන, ඒවා විසඳයි. ඇතුළු ගමේදී පිඬු පිණිස යමින් ම “අසුවල් ගෙදරින් කුමක් ලැබේද?” “කෑ දෑද? නැතිනම් කෑයුතු වැළඳිය යුතු දෙයක්ද?” “මට දෙන්නේ මොනවාද?” “කිම අද කමුද?” “වළඳමුද?” “කිම අද බොන්නෙහිද?” ආදිය කියයි. මෙලෙස වචනයෙන් නුසුදුසු හැසිරීම් දක්වයි.

අනෙකට‍්ඨානං මනොපාගබ‍්භියං නාම තෙසු තෙසු ඨානෙසු කායවාචාහි අජ‍්ඣාචාරං අනාපජ‍්ජිත්‍වාපි මනසාව කාමවිතක‍්කාදීනං විතක‍්කනං. අපිච දුස‍්සීලස‍්සෙව සතො “සීලවාති මං ජනො ජානාතූ”ති එවං පවත‍්තා පාපිච‍්ඡතාපි මනොපාගබ‍්භියං. ඉති සබ‍්බෙසම‍්පි ඉමෙසං පාගබ‍්භියානං අභාවෙන අප‍්පගබ‍්භා හුත්‍වා උපසඞ‍්කමථාති වදති.

නොයෙක් තැන්හි මනසින් ගැටීම නම් ඒ ඒ තැන ඉහත කී අයුරින් කාය-වාග් වැරදි හැසිරීම් ආදියට නොපැමිණි නමුත් මනසින් ම කාමවිතර්කාදිය සිතයි. තවද දුසිල්ව හිඳගෙන, “ජනයා මා සි තෙකු ලෙස දැනගනිත්වා!”යි මෙසේ පවතින පවිටු සිත, ස්වභාවය මනසින් ගැටීම නම් වේ. “මේ දැක්වූ සියලුම ආකාරයේ ගැටීම්වලින් දුරවූයේ. ඒවායෙහි නොයෙදී - නොගැටී කුලයන් වෙත පැමිණෙවු” යන අර්ථයයි.

ජරුදපානන‍්ති ජිණ‍්ණකූපං. පබ‍්බතවිසමන‍්ති පබ‍්බතෙ විසමං පපාතට‍්ඨානං. නදීවිදුග‍්ගන‍්ති නදියා විදුග‍්ගං ඡින‍්නතටට‍්ඨානං. අපකස‍්සෙව කායන‍්ති තාදිසානි ඨානානි යො ඛිඩ‍්ඩාදිපසුතො කායං අනපකස‍්ස එකතොභාරියං අකත්‍වාව වායුපත්‍ථම‍්භකං අග‍්ගාහාපෙත්‍වා චිත‍්තම‍්පි අනපකස‍්ස “එත්‍ථ පතිතො හත්‍ථපාදභඤ‍්ජනාදීනි පාපුණාතී”ති අනාදීනවදස‍්සාවිතාය අනුබ‍්බෙජෙත්‍වා සම‍්පියායමානො ඔලොකෙති, සො පතිත්‍වා හත්‍ථපාදභඤ‍්ජනාදිඅනත්‍ථං පාපුණාති. යො පන උදකත්‍ථිකො වා අඤ‍්ඤෙන වා කෙනචි කිච‍්චෙන ඔලොකෙතුකාමො කායං අපකස‍්ස එකතො භාරියං කත්‍වා වායුපත්‍ථම‍්භකං ගාහාපෙත්‍වා, චිත‍්තම‍්පි අපකස‍්ස ආදීනවදස‍්සනෙන සංවෙජෙත්‍වා ඔලොකෙති, සො න පතති, යථාරුචිං ඔලොකෙත්‍වා සුඛී යෙනකාමං පක‍්කමති.

“ජරූදපානං” යනු දිරාගිය ළිඳයි. “පබ්බත විසමං” යනු විෂම වූ පර්වතයයි. වැටෙන තැනයි. “නදී විදුග්ගං” යනු ගගෙහි ගමනට අපහසු තැනයි. වැවේ සිදුණු තැනක්. “අපකස්සෙව කායං” යනු ඒ ඒ තැන්වල යමෙක් ක්‍රීඩාදියේ නියුක්තව, කය ඉවත් නොකරම, හුදකලාව බරපතල කම් ගැන නොසිතා, ආධාරක දෙයක් නො අල්වාම සිත ද ඉවතට නොගෙන - මෙහි වැටී අත්පා බිඳීම් ආදී දුකට පත්වේ. මෙසේ තැති නොගෙන - ආදීනව නොසළකා සතුටුවෙමින් ඒ දෙස එබී බලයි. ඔහු එහි වැටී අත්පා බිඳීම් ආදී අනර්ථයට-දුකට පත්වේ. යමෙක් ජලයෙන් ප්‍රයෝජනයක් ඇතිව ළිඳ වෙත ගොස් කය බැහැර කර, සිත එක්තැන් කරගෙන, ආදීනව බැරෑරුම්ව සළකා බලමින්, ආධාරක උපකරණ අල්වාගෙන, සිතද බැහැරකර, තැතිගැනීම් සහිතව බලයි. ඔහු ළිඳට නොවැටෙයි. රිසිසේ ළිඳ බලා, සුවසේ තමා කැමති තැනකට යයි.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – ජරුදපානාදයො විය හි චත‍්තාරි කුලානි, ඔලොකනපුරිසො විය භික‍්ඛු. යථා අනපකට‍්ඨකායචිත‍්තො තානි ඔලොකෙන‍්තො පුරිසො තත්‍ථ පතති, එවං අරක‍්ඛිතෙහි කායාදීහි කුලානි උපසඞ‍්කමන‍්තො භික‍්ඛු කුලෙසු බජ‍්ඣති, තතො නානප‍්පකාරං සීලපාදභඤ‍්ජනාදිඅනත්‍ථං පාපුණාති. යථා පන අපකට‍්ඨකායචිත‍්තො පුරිසො තත්‍ථ න පතති, එවං රක‍්ඛිතෙනෙව කායෙන රක‍්ඛිතෙහි චිත‍්තෙහි රක‍්ඛිතාය වාචාය සුප‍්පට‍්ඨිතාය සතියා අපකට‍්ඨකායචිත‍්තො හුත්‍වා කුලානි උපසඞ‍්කමන‍්තො භික‍්ඛු කුලෙසු න බජ‍්ඣති. අථස‍්ස යථා තත්‍ථ අපතිතස‍්ස පුරිසස‍්ස, න පාදා භඤ‍්ජන‍්ති, එවං සීලපාදො න භිජ‍්ජති. යථා හත්‍ථා න භඤ‍්ජන‍්ති, එවං සද‍්ධාහත්‍ථො න භිජ‍්ජති. යථා කුච‍්ඡි න භිජ‍්ජති, එවං සමාධිකුච‍්ඡි න භිජ‍්ජති. යථා සීසං න භිජ‍්ජති, එවං ඤාණසීසං න භිජ‍්ජති, යථා ච තං ඛාණුකණ‍්ටකාදයො න විජ‍්ඣන‍්ති, එවමිමං රාගකණ‍්ටකාදයො න විජ‍්ඣන‍්ති. යථා සො නිරුපද‍්දවො යථාරුචි ඔලොකෙත්‍වා සුඛී යෙනකාමං පක‍්කමති, එවං භික‍්ඛු කුලානි නිස‍්සාය චීවරාදයො පච‍්චයෙ පටිසෙවන‍්තො කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො අරහත‍්තං පත්‍වා ලොකුත‍්තරසුඛෙන සුඛිතො යෙනකාමං අගතපුබ‍්බං නිබ‍්බානදිසං ගච‍්ඡති.

“එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනයයි. සතර කුලයන්, දිරාගිය ළිඳ මෙනි. යෝගාවචර භික්ෂුව, ළිඳ බැලීමට පැමිණි පුරුෂයා මෙනි. ඉවත් නොකළ කය ඇතිව, ඉවත් නොකළ සිත් ඇතිව ළිඳ බලන පුරුෂයා එහි වැටෙන්නාක් මෙන් නොරකින ලද කය හා සිත් ඇතිව කුලයන් වෙත එළඹෙන භික්ෂුවද කුලයන්හි ඇලේ. බැඳේ. ඉන්පසු නානාප්‍රකාර සිල් නම් වූ පාබිඳීම් ආදී අනර්ථයට ළිඳට වැටුණු මිනිසා මෙන්ම පත්වේ. බැහැර කළ කය-සිත් ඇති නුවණැති පුරුෂයා ළිඳට නොවැටෙන්නාක් මෙන් ආරක්ෂා කරන ලද කය-සිත හා වචන ඇති මනාව පිහිට වූ සිත ඇති නුවණැති භික්ෂුව සිහි ඇතිව ම කුලයන් වෙත එළඹෙයි. කුලයන් කෙරෙහි නො ඇලෙයි. නොබැඳෙයි. නොවැටී සුවසේ තමා කැමති තැනට ගිය නුවණැති පුරුෂයා මෙන් එම භික්ෂුවගේද සීල නමැති පාද නොබිඳුණේය. ශ්‍රද්ධාව නැමති අත් නොබිඳුණේය. සමාධිය නැමති කුස නො බිඳුණේය. ඤාණය (ප්‍රඥාව) නැමති හිස නොබිඳුණේය. රාග නැමති හුන්, කටු ආදියෙන් බාධාවක් නොවූයේය. තමා රිසි තැනකට සුවසේ ගියාක් මෙන් භික්ෂුව ද කුලයන් නිසා චීවරාදී සිවුපසය ලබාගෙන, කමටහන් වඩා සංස්කාර ස්වභාවය මෙනෙහිකර, රහත්ඵලය සාක්ෂාත් කරගෙන - ලොවුතුරු සුවයෙන් සුවපත් වූයේ, තමාට අභිමත වූ පෙර නොගිය විරූ ක්ෂේමභූමියක් වූ “නිර්වාණය” නම් දිශාව බලා යන්නේය.

ඉදානි යො හීනාධිමුත‍්තිකො මිච‍්ඡාපටිපන‍්නො එවං වදෙය්‍ය “සම‍්මාසම‍්බුද‍්ධො ‘තිවිධං පාගබ‍්භියං පහාය නිච‍්චනවකත‍්තෙන චන්‍දූපමා කුලානි උපසඞ‍්කමථා’ති වදන‍්තො අට‍්ඨානෙ ඨපෙති, අසය‍්හං භාරං ආරොපෙති, යං න සක‍්කා කාතුං තං කාරෙතී”ති, තස‍්ස වාදපථං පච‍්ඡින්‍දිත්‍වා, “සක‍්කා එවං කාතුං, අත්‍ථි එවරූපො භික‍්ඛූ”ති දස‍්සෙන‍්තො කස‍්සපො, භික‍්ඛවෙතිආදිමාහ.

දැන් හීනවූ අදහස් ඇති වැරදි දේට පිළිපන් යමෙක් මෙසේ කියන්නේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ “ත්‍රිවිධ වූ ගැටීම් දුරලා නිත්‍ය නවකයකු ලෙස චන්ද්‍රයා මෙන් කුලයන් වෙත එළඹවු”යි වදාරන සේක් භික්ෂූන් වහන්සේලා නුසුදුසු තැන්හි වාසය කරවන සේක. නොඉවසිය හැකි බරක් පටවන සේක. මෙලෙස කිරීමට හෝ කරවීම ඉතා අසීරුය” යනුවෙනි. එබඳු වාදයන් (අදහස්) සිඳදමමින්, “එලෙස ජීවත්විය හැකියැ”යි තහවුරු කරමින් “එසේ ජීවත්වන භික්ෂූහු වෙති”යි උදාහරණ දක්වන සේක “කස්සපො භික්ඛවෙ”..... යනාදිය දෙසූහ.

ආකාසෙ පාණිං චාලෙසීති නීලෙ ගගනන‍්තරෙ යමකවිජ‍්ජුතං චාරයමානො විය හෙට‍්ඨාභාගං උපරිභාගං උභතොපස‍්සෙසු පාණිං සඤ‍්චාරෙසි. ඉදඤ‍්ච පන තෙපිටකෙ බුද‍්ධවචනෙ අසම‍්භින‍්නපදං නාම. අත‍්තමනොති තුට‍්ඨචිත‍්තො සකමනො, න දොමනස‍්සෙන පච‍්ඡින්‍දිත්‍වා ගහිතමනො.

“ආකාසෙ පාණිං චාලෙසි” යනු නිල් අහසේ, එකට වෙලී පවතින විදුලිය දෙකක් සැරිසරන්නාක් මෙන් යටින් ද උඩින් ද දෙපැත්තෙන් ද අත සැරිසැරුවේය යනුයි. (අත එහෙ මෙහෙ විහිදවූ සේක.) මෙයද ත්‍රිපිටක බුද්ධ වචනයෙහි අසම්භින්න වූ පදයකි. “අත්තමනෝ” යනු සතුටු සිත් ඇති, පිනාගිය සිත් ඇති යනුයි. දොම්නසින් පැහැරගත් මනසක් නොමැතිවයි.

කස‍්සපස‍්ස, භික‍්ඛවෙති ඉදම‍්පි පුරිමනයෙනෙව පරවාදං පච‍්ඡින්‍දිත්‍වා අත්‍ථි එවරූපො භික‍්ඛූති දස‍්සනත්‍ථං වුත‍්තං.

“කස්සපස්ස භික්ඛවෙ” යන මෙහිද පෙර පැවසූ ලෙස ම අන්‍යයන්ගේ වාද සිඳ දමමින් “මෙබඳු භික්ෂූහු ඇත”යි දැක්වීමට වදාළ සේක.

පසන‍්නාකාරං කරෙය්‍යුන‍්ති චීවරාදයො පච‍්චයෙ දදෙය්‍යුං. තථත‍්තාය පටිපජ‍්ජෙය්‍යුන‍්ති සීලස‍්ස ආගතට‍්ඨානෙ සීලං පූරයමානා, සමාධිවිපස‍්සනා මග‍්ගඵලානං ආගතට‍්ඨානෙ තානි තානි සම‍්පාදයමානා තථාභාවාය පටිපජ‍්ජෙය්‍යුං. අනුදයන‍්ති රක‍්ඛණභාවං. අනුකම‍්පන‍්ති මුදුචිත‍්තතං. උභයඤ‍්චෙතං කාරුඤ‍්ඤස‍්සෙව වෙවචනං. කස‍්සපො, භික‍්ඛවෙති ඉදම‍්පි පුරිමනයෙනෙව පරවාදං පච‍්ඡින්‍දිත්‍වා අත්‍ථි එවරූපො භික‍්ඛූති දස‍්සනත්‍ථං වුත‍්තං. කස‍්සපෙන වාති එත්‍ථ චන්‍දොපමාදිවසෙන යොජනං කත්‍වා පුරිමනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො.

“පසන්නාකාරං කරෙය්‍යුං” යනු චීවරාදී ප්‍රත්‍යයන් දෙන්නාහු නම් යනුයි. “තථාත්තාය පටිපජ්ජෙය්‍යුං” යනු සීලය පැමිණි තැන්හි සීලය සම්පූර්ණ කරමින්, සමාධි විදර්ශනා මාර්ගඵල පැමිණි තැන්හි ඒ ඒ දෙය සම්පාදනය කරමින්, ඒ සඳහාම පිළිපදින්නාහු නම් යනුයි. “අනුද්දයං” යනු ආරක්ෂා කරන බවයි. “අනුකම්පං” යනු මුදුසිත් ඇති බවයි. මේ පද දෙකම කරුණාවට ම යෙදුණු සමාන වදන් වේ. “කස්සපො භික්ඛවෙ” යන මෙහිද පෙර කියන ලද පරිදිම පරවාදයන් බිඳලමින් “මෙබඳු භික්ෂූහු ඇත”යි දැක්වීමට දෙසන ලද සේක. “කස්සපෙන වා” යන මෙහි සඳ උපමාව ආදී විස්තර මුලින් පවසා ඇති අයුරින්ම දතයුතුයි.

තතියං.

තෙවන සූත්‍රයයි.

4. කුලූපගසුත‍්තවණ‍්ණනා

4. කුලූපක සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කුලූපකොති කුලඝරානං උපගන‍්තා. දෙන‍්තුයෙව මෙති දදන‍්තුයෙව මය‍්හං. සන්‍දීයතීති අට‍්ටීයති පීළියති. සෙසමෙත්‍ථ වුත‍්තනයානුසාරෙනෙව වෙදිතබ‍්බං.

සිවුවන සූත්‍රයේ - “කුලූපගො” යන කුල ගෙවල්වලට පැමිණෙන්නාය. “දෙන්තුයෙව මෙ” යනු මා හටම දෙත්වා යනුයි. “සන්දීයති” යනු කරදරයට පත්වෙයි. පෙළයි. සෙසු පදයන්ගේ අර්ථ කියන ලද පරිදි ම දතයුතුයි.

චතුත්‍ථං.

සිවුවන සූත‍්‍රය

5. ජිණ‍්ණසුත‍්තවණ‍්ණනා

5. ජිණ්ණ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ජිණ‍්ණොති ථෙරො මහල‍්ලකො. ගරුකානීති තං සත්‍ථු සන‍්තිකා ලද‍්ධකාලතො පට‍්ඨාය ඡින‍්නභින‍්නට‍්ඨානෙ සුත‍්තසංසිබ‍්බනෙන චෙව අග‍්ගළදානෙන ච අනෙකානි පටලානි හුත්‍වා ගරුකානි ජාතානි. නිබ‍්බසනානීති පුබ‍්බෙ භගවතා නිවාසෙත්‍වා අපනීතතාය එවංලද‍්ධනාමානි. තස‍්මාති යස‍්මා ත්‍වං ජිණ‍්ණො චෙව ගරුපංසුකූලො ච. ගහපතානීති පංසුකූලිකඞ‍්ගං විස‍්සජ‍්ජෙත්‍වා ගහපතීහි දින‍්නචීවරානි ධාරෙහීති වදති. නිමන‍්තනානීති පිණ‍්ඩපාතිකඞ‍්ගං විස‍්සජ‍්ජෙත්‍වා සලාකභත‍්තාදීනි නිමන‍්තනානි භුඤ‍්ජාහීති වදති. මම ච සන‍්තිකෙති ආරඤ‍්ඤිකඞ‍්ගං විස‍්සජ‍්ජෙත්‍වා ගාමන‍්තසෙනාසනෙයෙව වසාහීති වදති.

පස්වන සූත්‍රයේ - “ජිණ්ණො” යනු ස්ථවිර වූ, මහලු වූ යනුයි. “ගරුකානි” යනු ඒ සිවුර ශාස්තෘන්වහන්සේ වෙතින් ලැබූ කාලයේ පටන්, සිදුණු ඉරුණු තැන් නූලෙන් මැසීමෙන් ද නොයෙක් සිය ගණන් අණ්ඩ දැමීමෙන්ද බර වූවක් බවට පත්විය. “නිබ්බිසනාති” යනු පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් හැඳ පොරවා බැහැර කළ බැවින් මෙනමින් හැඳින්විණි. “තස්මා” යනු යම්හෙයකින් නුඹ ජරාවට පත්වූයේ ද ගරුකටයුතු පාංශුකූලික පැවිද්දෙක් වූයේ ද එනිසාය. “ගහපතිකානි” යනු “පාංශුකුලිකාංගය හැරදමා ගහපතියන් විසින් දුන් සිවුරු දරන්න” යන අදහසයි. “නිමන්තණෙසු” යනු” “පිණ්ඩපාතිකංගය හැරදමා සළාක බත් ආදියෙන් ආරාධිත දානය වළඳන්න” යන අදහසයි. “මමඤ්ඤච සන්තිකෙ” යනු “ආරණ්‍යයේ ම විසීම අත්හැර ගම් සෙනසුන්හි ම වෙසෙන්න” යන අදහසයි.

නනු ච යථා රාජා සෙනාපතිං සෙනාපතිට‍්ඨානෙ ඨපෙත්‍වා තස‍්ස රාජූපට‍්ඨානාදිනා අත‍්තනො කම‍්මෙන ආරාධෙන‍්තස‍්සෙව තං ඨානන‍්තරං ගහෙත්‍වා අඤ‍්ඤස‍්ස දදමානො අයුත‍්තං නාම කරොති, එවං සත්‍ථා මහාකස‍්සපත්‍ථෙරස‍්ස පච‍්චුග‍්ගමනත්‍ථාය තිගාවුතං මග‍්ගං ගන‍්ත්‍වා රාජගහස‍්ස ච නාළන්‍දාය ච අන‍්තරෙ බහුපුත‍්තකරුක‍්ඛමූලෙ නිසින‍්නො තීහි ඔවාදෙහි උපසම‍්පාදෙත්‍වා තෙන සද‍්ධිං අත‍්තනො චීවරං පරිවත‍්තෙත්‍වා ථෙරං ජාතිආරඤ‍්ඤිකඞ‍්ගඤ‍්චෙව ජාතිපංසුකූලිකඞ‍්ගඤ‍්ච අකාසි, සො තස‍්මිං කත‍්තුකම්‍යතාඡන්‍දෙන සත්‍ථු චිත‍්තං ආරාධෙන‍්තස‍්සෙව පංසුකූලාදීනි විස‍්සජ‍්ජාපෙත්‍වා ගහපතිචීවරපටිග‍්ගහණාදීසු නියොජෙන‍්තො අයුත‍්තං නාම කරොතීති. න කරොති. කස‍්මා? අත‍්තජ‍්ඣාසයත‍්තා. න හි සත්‍ථා ධුතඞ‍්ගානි විස‍්සජ‍්ජාපෙතුකාමො, යථා පන අඝට‍්ටිතා භෙරිආදයො සද‍්දං න විස‍්සජ‍්ජෙන‍්ති, එවං අඝට‍්ටිතා එවරූපා පුග‍්ගලා න සීහනාදං නදන‍්තීති නදාපෙතුකාමො සීහනාදජ‍්ඣාසයෙන එවමාහ.

රජතුමා සේනාපතියකු සේනාපති තනතුරෙහි තමා විසින්ම තබා, රාජ උපස්ථාන ආදිය මගින් තමාගේ සිත සතුටුකරන එම සෙන්පතියාගේ එම තනතුර වෙනත් අයෙකුට දේනම්; රජු නුසුදුසු ක්‍රියාවක් කරන්නේ නොවේද? මෙසේ ම භාග්‍යවතුන් වහන්සේ ම මහා කාශ්‍යප තෙරුන්ට පෙරගමන් කරනු වස් තුන් ගවුවක් මග ගෙවා ගොස් රජගහ නුවරට ද නාලන්දාවටද අතර වූ බහුපුත්තක නම් රුක්මුල හුන් සේක්, ත්‍රිවිධ අවවාදයගෙන් ම ඕවාද පටිග්ගහණ උපසම්පදාව ලබාදී, උන්වහන්සේ සමග තම සිවුර හුවමාරු කරගෙන පැවිදි වූ දින පටන් ම කාශ්‍යප තෙරුන් ආරණ්‍යයෙහි වාසය කරන ධුතාංගධාරී තනතුරට පත්කළ සේක. මහකසුප් තෙරණුවෝ මේ දක්වා බුදුසිත නොරිදවමින් කළයුතු වතාවත් නිසිපරිදි ඉටු කරද්දී ම නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේට, පාංශුකූලිකංගය හැරදමා ගහපති සිවුරු පිළිගැනීම් ආදියට යොමුකරවන සේක. මෙය අයුක්තියක්, නුසුදුසු ක්‍රියාවක් නොවන්නේද? නැත. එය අයුක්තියක් ඉටුකිරීමක් නොවේ. කුමක් නිසාද? තමන්වහන්සේගේ ම අදහසක් වන බැවිනි. ශාස්තෘන් වහන්සේ ධුතාංග ආදිය අත්හැරීමට - ඉවත දැමීමට නො කැමති සේක. “යම්සේ නොගටන ලද බෙර ආදිය ශබ්ද පිට නොකරයිද එලෙසින්ම නොගටන ලද මෙබඳු උතුම් පුද්ගලයෝ සිංහනාද නොකරති”යි කාශ්‍යප තෙරුන්ගේ සිංහනාදය අසනු රිසි වූ බැවින් මෙලෙස වදාළහ.

ථෙරොපි සත්‍ථු අජ‍්ඣාසයානුරූපෙනෙව “අහං ඛො, භන‍්තෙ, දීඝරත‍්තං ආරඤ‍්ඤිකො චෙවා”තිආදිනා නයෙන සීහනාදං නදති.

තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේගේ අදහස අනුවම “අහං ඛො භන්තෙ! දීඝරත්තං ආරඤ්ඤකො චෙව” යනාදී ක්‍රමයෙන් සිංහනාද පැවැත්වීය.

දිට‍්ඨධම‍්මසුඛවිහාරන‍්ති දිට‍්ඨධම‍්මසුඛවිහාරො නාම ආරඤ‍්ඤිකස‍්සෙව ලබ‍්භති, නො ගාමන‍්තවාසිනො. ගාමන‍්තස‍්මිඤ‍්හි වසන‍්තො දාරකසද‍්දං සුණාති, අසප‍්පායරූපානි පස‍්සති, අසප‍්පායෙ සද‍්දෙ සුණාති, තෙනස‍්ස අනභිරති උප‍්පජ‍්ජති. ආරඤ‍්ඤිකො පන ගාවුතං වා අඩ‍්ඪයොජනං වා අතික‍්කමිත්‍වා අරඤ‍්ඤං අජ‍්ඣොගාහෙත්‍වා වසන‍්තො දීපිබ්‍යග‍්ඝසීහාදීනං සද‍්දෙ සුණාති, යෙසං සවනපච‍්චයා අමානුසිකාසවනරති උප‍්පජ‍්ජති. යං සන්‍ධාය වුත‍්තං –

“දිටඨධම්ම සුඛ විහාර” නම් වූ මෙලොවදී ලබන සැප විහරණය නම් අරණ්‍යවාසීහුම ලබති. ග්‍රාමවාසීහු නොලබති. ගමෙහි වසන භික්ෂුවට දරුවන්ගේ ශබ්ද ඇසේ. නුසුදුසු රූප දකියි. නුසුදුසු ශබ්ද ඇසෙයි. එයින් උන්වහන්සේට ගිහිගේ පිළිබඳ ඇලීමක්, ආශාවක් උපදියි. ආරණ්‍යවාසී භික්ෂුව ගවුවක් හෝ අඩයොදුනක් දුර ගම ඉක්මවා කැළයට ඇතුළු වී වාසය කරයි. කොටි- ව්‍යාඝ්‍රාදී සතුන්ගේ ශබ්ද පමණක්ම අසයි. ඒවා ඇසීමෙන් අමානුෂික වූ බියක් උපදියි. ඒ සඳහා මෙය කියන ලදී.

“සුඤ‍්ඤාගාරං පවිට‍්ඨස‍්ස, සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො; අමානුසී රතී හොති, සම‍්මා ධම‍්මං විපස‍්සතො.

සුඤ්ඤාගාරං පවිට්ඨස්ස - සන්ත චිත්තස්ස භික්ඛුනො අමානුසි රතී හොති - සම්මා ධම්මං විපස්සතො

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානතං. (ධ· ප· 373-374);

යතෙ යතො සම්මසති - ඛන්ධානං උදයබ්බයං ලභති පීති පාමොජ්ජං - අමතං න විජානතං

“පුරතො පච‍්ඡතො වාපි, අපරො චෙ න විජ‍්ජති; තත්‍ථෙව ඵාසු භවති, එකස‍්ස රමතො වනෙ”ති.

පුරතො පච්ඡතො වාපි - අපරො ච න විජ්ජති තත්ථෙව ඵාසු භවති - එකස්ස රමතො වන්නේ

“ශුන්‍යගාරයට පිවිසියා වූ ශාන්ත සිත් ඇති, මැනවින් ධර්මය විමසා බලන භික්ෂුවට අමානුෂික වූ ඇල්මක් ඇති වේ.”

“යම් යම් ආකාරයකින් ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම විමසා බලන්නේ ද නිවණ මැනවින් අවබෝධ වී ප්‍රීතිය හා ප්‍රමෝදය ලබාගනියි.”

“ඉදිරියෙන්ද පසුපසින්ද උන්වහන්සේට දෙවැනියකු නැත. හුදකලාවම වනයෙහි ඇලී, එහිම වෙසෙනුයේ සැප විහරණ සුව විඳියි.”

තථා පිණ‍්ඩපාතිකස‍්සෙව ලබ‍්භති, නො අපිණ‍්ඩපාතිකස‍්ස. අපිණ‍්ඩපාතිකො හි අකාලචාරී හොති, තුරිතචාරං ගච‍්ඡති, පරිවත‍්තෙති, පලිබුද‍්ධොව ගච‍්ඡති, තත්‍ථ ච බහුසංසයො හොති. පිණ‍්ඩපාතිකො පන න අකාලචාරී හොති, න තුරිතචාරං ගච‍්ඡති, න පරිවත‍්තෙති, අපලිබුද‍්ධොව ගච‍්ඡති, තත්‍ථ ච න බහුසංසයො හොති.

මෙලෙසින් ම පිණ්ඩපාතික වූ භික්ෂුවම මෙලොවදී සැප ලබයි. ඉන් වැලකුණු භික්ෂුව දිට්ඨධම්ම සුඛය විඳින්නෙක් නොවේ. පිණ්ඩපාතික නොවූ භික්ෂුව අකාලචාරි වේ. ඉක්මන් ගමන් ඇතිවේ. හුවමාරු කරගනියි. පළිබෝධ සහිතවම යයි. එසේම බොහෝ සැකයන්ට බඳුන් වේ. පිණ්ඩපාතික භික්ෂුව අකාලයේ නොහැසිරෙයි. ඉක්මන් ගමන් ඇතෙක් නොවේ. හුවමාරු කර නොගනියි. හිරිහැර-කරදර ආදී පලිබෝධ කිසිත් නොමැතිව යයි. උන්වහන්සේගේ ගමනින් කිසිදු සැකයකට බඳුන් නොවෙති. ඒ කෙසේද?”

කථං? අපිණ‍්ඩපාතිකො හි ගාමතො දූරවිහාරෙ වසමානො කාලස‍්සෙව “යාගුං වා පාරිවාසිකභත‍්තං වා ලච‍්ඡාමි, ආසනසාලාය වා පන උද‍්දෙසභත‍්තාදීසු කිඤ‍්චිදෙව මය‍්හං පාපුණිස‍්සතී”ති මක‍්කටකසුත‍්තානි ඡින්‍දන‍්තො සයිතගොරූපානි උට‍්ඨාපෙන‍්තො පාතොව ගච‍්ඡන‍්තො අකාලචාරී හොති. මනුස‍්සෙ ඛෙත‍්තකම‍්මාදීනං අත්‍ථාය ගෙහා නික‍්ඛන‍්තෙයෙව සම‍්පාපුණිතුං මිගං අනුබන්‍ධන‍්තො විය වෙගෙන ගච‍්ඡන‍්තො තුරිතචාරී හොති. අන‍්තරා කිඤ‍්චිදෙව දිස‍්වා “අසුකඋපාසකො වා අසුකඋපාසිකා වා ගෙහෙ, නො ගෙහෙ”ති පුච‍්ඡති, “නො ගෙහෙ”ති සුත්‍වා “ඉදානි කුතො ලභිස‍්සාමී”ති? අග‍්ගිදඩ‍්ඪො විය පවෙධති, සයං පච‍්ඡිමදිසං ගන‍්තුකාමො පාචීනදිසාය සලාකං ලභිත්‍වා අඤ‍්ඤං පච‍්ඡිමදිසාය ලද‍්ධසලාකං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, අහං පච‍්ඡිමදිසං ගමිස‍්සාමි, මම සලාකං තුම‍්හෙ ගණ‍්හථ, තුම‍්හාකං සලාකං මය‍්හං දෙථා”ති සලාකං පරිවත‍්තෙති. එකං වා පන සලාකභත‍්තං ආහරිත්‍වා පරිභුඤ‍්ජන‍්තො “අපරස‍්සාපි සලාකභත‍්තස‍්ස පත‍්තං දෙථා”ති මනුස‍්සෙහි වුත‍්තෙ, “භන‍්තෙ, තුම‍්හාකං පත‍්තං දෙථ, අහං මය‍්හං පත‍්තෙ භත‍්තං පක‍්ඛිපිත්‍වා තුම‍්හාකං පත‍්තං දස‍්සාමී”ති අඤ‍්ඤස‍්ස පත‍්තං දාපෙත්‍වා භත‍්තෙ ආහටෙ අත‍්තනො පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පත‍්තං පටිදෙන‍්තො පත‍්තං පරිවත‍්තෙති නාම. විහාරෙ රාජරාජමහාමත‍්තාදයො මහාදානං දෙන‍්ති, ඉමිනා ච භිය්‍යො දූරගාමෙ සලාකා ලද‍්ධා, තත්‍ථ අගච‍්ඡන‍්තො පුන සත‍්තාහං සලාකං න ලභතීති අලාභභයෙන ගච‍්ඡති, එවං ගච‍්ඡන‍්තො පලිබුද‍්ධො හුත්‍වා ගච‍්ඡති නාම. යස‍්ස චෙස සලාකභත‍්තාදිනො අත්‍ථාය ගච‍්ඡති, “තං දස‍්සන‍්ති නු ඛො මෙ, උදාහු න දස‍්සන‍්ති, පණීතං නු ඛො දස‍්සන‍්ති, උදාහු ලූඛං, ථොකං නු ඛො, උදාහු බහුකං, සීතලං නු ඛො, උදාහු උණ‍්හ”න‍්ති එවං තත්‍ථ ච බහුසංසයො හොති.

පිණ්ඩපාතික නොවූ භික්ෂුව ගමින් දුර විහාරයක වාසය කරයි. උදේම පිබිද “කල් ඇතිවම කැඳක් හෝ බත් ආදියක් මට පැමිණෙන්ද?”යි සොයමින් මකුළුදැල් කඩමින්, නිදාසිටින ගව ආදී සතුන් නැගිටුවමින් උදෙන්ම යන්නේ අකාලයේ හැසිරේ. දායකයන් කුඹුරු වැඩ ආදී කර්මාන්තවලට යෑමට පෙර, ඔවුන් ගෙදරින් නික්මෙද්දීම නිවෙස් වෙත පැමිණීම සඳහා මුවන් ලුහු බැඳ යන්නාක් මෙන් වේගවත් වූ ගමන් ඇත්තේ වේ. අතරමගදී කිසිවකු දැක “අසුවල් උපාසකයා හෝ උපාසිකාව ගෙදර සිටීද? ගෙදරින් පිටවීද?” ආදිය අසයි. “ගෙදරින් පිටව ගියේය”යි පැවසුවහොත් “දැන් කොතැනින් අහර ලබද?”යි ගින්නෙන් දැවුණු තැනැත්තෙකු මෙන් කම්පාවෙයි. විපිළිසර වෙයි. තමා බටහිර දෙසට යාමට කැමැත්තෙන් සිටිය දී නැගෙන දෙස වූ නිවසක සළාක බතක් ලබයි. එවිට වහාම බටහිර දෙස සළාකයක් ලද භික්ෂුවක් සොයා යායුතු වේ. එබඳු භික්ෂුවක් වෙත එළඹ, “ස්වාමීනි! මම බටහිර දෙසට යන්නෙමි. මගේ සළාකය ඔබවහන්සේ ගන්න. ඔබවහන්සේන්ගේ සළාකය මට දෙන්න”යි සළාක හුවමාරු කරගනියි. එක් සළාක බතක් ගෙනැවිත් වළඳන කල්හි, තවත් සළාක බතකට “පාත්‍රය දෙන්න”යි මිනිස්සු ඉල්වති. එවිට සමීපව සිටි අන්‍ය හිමිනමකට “ස්වාමීනි! නුඹවහන්සේගේ පාත්‍රය දෙන්න. ගෙනා පසු බත් මගේ පාත්‍රයේ දමාගෙන නැවත ඔබවහන්සේට පාත්‍රය දෙන්නෙමි”යි කියා උන්වහන්සේගේ පාත්‍රය දායකයන්ට දෙයි. එය පුරවාගෙන පැමිණි විට, එම බත් තම පාත්‍රයේ දමාගෙන නැවත පාත්‍රය අයිතිකාර හිමිනමට දීම පාත්‍ර හුවමාරුව නම් වේ. විහාරයේ රාජරාජ මහාමාත්‍යාදීහු මහදන් පවත්වති. මෙම භික්ෂූහු ද “ඊයේ දුරගමක සළාකයක් ලැබූ බැවින් එහි ගොස් පැමිණෙන විට සත්දිනක් ම සළාක නොලැබේ”යැයි නොලැබීම් බියෙන්ම යයි. මෙසේ හිරිහැර පළිබෝධ සහිතවම යෑම සිදුවේ. දන්වන ලද යමකුගේ සළාක බතක් සඳහා යනුයේ “එය දෙයිද? මා හට එය නොලැබේ? එය ප්‍රණීතව දේවිද? රුක්ෂ ලෙස දේද? ස්වල්පයක් දෙයිද? නැතිනම් බොහෝ ආහාර දේවිද? සීතල වූ ආහාරයක් ලැබේද? නැතිනම් උණ වූ ආහාරයක් ලැබේද?” මෙලෙස බොහෝ සැක සංකා සහිතවම යෑමට සිදුවේ.

පිණ‍්ඩපාතිකො පන කාලස‍්සෙව වුට‍්ඨාය වත‍්තපටිවත‍්තං කත්‍වා සරීරං පටිජග‍්ගිත්‍වා වසනට‍්ඨානං පවිසිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකත්‍වා කාලං සල‍්ලක‍්ඛෙත්‍වා මහාජනස‍්ස උළුඞ‍්කභික‍්ඛාදීනි දාතුං පහොනකකාලෙ ගච‍්ඡතීති න අකාලචාරී හොති, එකෙකං පදවාරං ඡ කොට‍්ඨාසෙ කත්‍වා විපස‍්සන‍්තො ගච‍්ඡතීති න තුරිතචාරී හොති, අත‍්තනො ගරුභාවෙන “අසුකො ගෙහෙ, න ගෙහෙ”ති න පුච‍්ඡති, සලාකභත‍්තාදීනියෙව න ගණ‍්හාති. අගණ‍්හන‍්තො කිං පරිවත‍්තෙස‍්සති? න අඤ‍්ඤස‍්ස වසෙන පලිබුද‍්ධොව හොති, කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො යථාරුචි ගච‍්ඡති, ඉතරො විය න බහුසංසයො හොති. එකස‍්මිං ගාමෙ වා වීථියා වා අලභිත්‍වා අඤ‍්ඤත්‍ථ චරති. තස‍්මිම‍්පි අලභිත්‍වා අඤ‍්ඤත්‍ථ චරන‍්තො මිස‍්සකොදනං සඞ‍්කඩ‍්ඪිත්‍වා අමතං විය පරිභුඤ‍්ජිත්‍වා ගච‍්ඡති.

පිණ්ඩපාතික වූ භික්ෂුව උදයේ ම නැගිට වත්පිළිවෙත් දක්වා, ශරීරකෘත්‍ය සිදුකර - තමා වසන තැනට පිවිස, කමටහනක් සිහිපත් කරයි. අනතුරුව කල්වේලා බලා, මහජනයාට කැඳබත් ආදියක් පිළියෙල කරගැනීමට ප්‍රමාණවත් වන කාලයෙහි ම ගමට පිඬු පිණිස හැසිරෙයි. සුදුසු කාලයේ මිස අකාලයේ නොහැසිරෙයි. පිඬු පිණිස වඩිමින්ද එක් එක් පියවරක් කොටස් සය බැගින් බෙදා විදසුන් වඩමින් හැසිරෙයි. මෙනිසා උන්වහන්සේට ඉක්මන් ගමන් නැත. තම ගෞරවණීය භාවය නිසා “අසුවලා ගෙදර සිටීද? නැතිද?” ආදියක් කිසිවකුගෙන් නොවිමසයි. සළාක බත් ආදියක් නොගනියි. එනිසාම සළාක හුවමාරුවක්ද නොලැබේ. අවශ්‍ය නොවේ. මෙනිසා පළිබෝධ හිරිහැර නැත. කමටහන් මෙනෙහි කරමින්ම තමන් රිසි තැනකටම වැඩම කරයි. එනිසා සෙසු තෙරවරුන්ට මෙන් බොහෝ සැක සංකා නූපදී. එක් ගමකට, වීථියකට පමණක් ඇලී නොසිට වෙනත් තැන්වලට යයි. එක්තැනක නොඇලී, අන්‍ය තැන්වලට යන බැවින් මිශ්‍ර වූ බත් අමෘතයක් මෙන් වළඳා යයි. පැවිද්දෙහි ඇති දිට්ඨධම්මික සුවය මැනවින් විඳියි.

පංසුකූලිකස‍්සෙව ලබ‍්භති, නො අපංසුකූලිකස‍්ස. අපංසුකූලිකො හි වස‍්සාවාසිකං පරියෙසන‍්තො චරති, න සෙනාසනසප‍්පායං පරියෙසති. පංසුකූලිකො පන න වස‍්සාවාසිකං පරියෙසන‍්තො චරති, සෙනාසනසප‍්පායමෙව පරියෙසති. තෙචීවරිකස‍්සෙව ලබ‍්භති, න ඉතරස‍්ස. අතෙචීවරිකො හි බහුභණ‍්ඩො බහුපරික‍්ඛාරො හොති, තෙනස‍්ස ඵාසුවිහාරො නත්‍ථි. අප‍්පිච‍්ඡාදීනඤ‍්චෙව ලබ‍්භති, න ඉතරෙසන‍්ති. තෙන වුත‍්තං – “අත‍්තනො ච දිට‍්ඨධම‍්මසුඛවිහාරං සම‍්පස‍්සමානො”ති.

පැවිද්දෙන් මෙලොවදී ලබන සැප පාංශුකූලික වූ භික්ෂුවම ලබයි. එසේ නොවූ භික්‍ෂුව නොලබයි. පාංශුකූලික නොවන භික්ෂුවට වස්වසන තැනක් සොයා යෑමට සිදුවේ. සුදුසු සෙනසුනක් නොම සොයයි. නමුත් පංශුකුලික භික්ෂුව වස් වසන තැන් නොසොයයි. තමාට සුදුසු සෙනසුනක්ම සොයා ගනියි. තේචීවරිකංගය සමාදන් වූ භික්ෂුවම මෙලොවදී ලබන පැවිද්දෙහි සැප වළඳයි. එසේ නොවූ භික්ෂුව නොලබයි. තෙචීවරිකංගය සමාදන් නොවූ භික්ෂුවට බොහෝ පිරිකර ඇත. බොහෝ භාණ්ඩ ඇත. එනිසා උන්වහන්සේ පහසු විහරණයක් නම් නැත. අල්පේච්ඡ වූවන්ටම පැවිද්දෙහි ඇති මෙලෝ සැප ලැබේ. එසේ නොවූවන්ට නොලැබේ. මෙනිසා “අත්තනො ච දිට්ඨධම්ම සුඛ විහාරං සම්පස්සමානො” යනුවෙන් කියන ලදී.

පඤ‍්චමං.

පස්වන සුත්‍රයයි.

6. ඔවාදසුත‍්තවණ‍්ණනා

6. ඔවාද සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අහං වාති කස‍්මා ආහ? ථෙරං අත‍්තනො ඨානෙ ඨපනත්‍ථං. කිං සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා නත්‍ථීති? අත්‍ථි. එවං පනස‍්ස අහොසි “ඉමෙ න චිරං ඨස‍්සන‍්ති, කස‍්සපො පන වීසවස‍්සසතායුකො, සො මයි පරිනිබ‍්බුතෙ සත‍්තපණ‍්ණිගුහායං නිසීදිත්‍වා ධම‍්මවිනයසඞ‍්ගහං කත්‍වා මම සාසනං පඤ‍්චවස‍්සසහස‍්සපරිමාණකාලපවත‍්තනකං කරිස‍්සති, අත‍්තනො තං ඨානෙ ඨපෙමි, එවං භික‍්ඛූ කස‍්සපස‍්ස සුස‍්සූසිතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තී”ති. තස‍්මා එවමාහ.

සයවන සූත්‍රයේ “අහං වා” යනුවෙන් වදාළේ කුමක් නිසාද? තෙරුන් වහන්සේ තමන් වහන්සේ සිටින තැන තැබීම සඳහායි. ඇයි සාරිපුත්‍ර මහමුගලන් ආදී මහතෙරවරු මේ සඳහා සුදුසු නොවේද? ඔවුහු නැද්ද? උන්වහන්සේලා සිටිති. බුදුපියාණන් වහන්සේට මෙබඳු කල්පනාවක් පහළවිය. “මොවුහු බොහෝ කලක් නොසිටිති. මහාකාශ්‍යප තෙරුන් වනාහී වර්ෂ එකසිය විස්සක් ආයු ඇත්තෙකි. උන්වහන්සේ මා පිරිණිවි කල්හි සප්ත පර්ණි ගුහාද්වාරයේ හිඳ ධර්මවිනය මනාව සංග්‍රහ කරමින්, මගේ සසුන වසර පන්දාහක් පමණ කල් පැවතීමට කටයුතු කරන්නේය.” යනුවෙන් සලකා, තමන්වහන්සේගේ ස්ථානයේ තැබූ ස්ක. මෙනිසා සෙසු භික්ෂූහු කාශ්‍යප තෙරුන්ට ඇහුම්කන් දියයුතු බවට පමුණුවමින් මෙලෙස වදාළහ.

දුබ‍්බචාති දුක‍්ඛෙන වත‍්තබ‍්බා. දොවචස‍්සකරණෙහීති දුබ‍්බචභාවකරණෙහි. අප‍්පදක‍්ඛිණග‍්ගාහිනොති අනුසාසනිං සුත්‍වා පදක‍්ඛිණං න ගණ‍්හන‍්ති යථානුසිට‍්ඨං න පටිපජ‍්ජන‍්ති, අප‍්පටිපජ‍්ජන‍්තා වාමගාහිනො නාම ජාතාති දස‍්සෙති. අච‍්චාවදන‍්තෙති අතික‍්කම‍්ම වදන‍්තෙ, සුතපරියත‍්තිං නිස‍්සාය අතිවිය වාදං කරොන‍්තෙති අත්‍ථො.

“දුබ්බචා” යනු දුකින් කිවයුතු යනුයි. “දොවචස්ස කරණෙහි” යනු අකීකරුකම් කරන්නාහුය. “අප්පදක්ඛිග්ගාහිනො” යනු අනුශාසනාව අසා එය නියමාකාරයෙන් වටහා නොගනියි. අනුශාසනා කල පරිද්දෙන් නොපිළිපදියි. පිළිනොපදින්නාහු “වාමග්‍රාහී” නම් වෙතැයි දක්වයි. “අච්චාවදන්තො” යනු වාදය ඉක්මවාය. “ඇසූ පර්යාප්ති ධර්ම ඇති බැවින් අතිශයින් වාද කරති” යන අර්ථයි.

කො බහුතරං භාසිස‍්සතීති ධම‍්මං කථෙන‍්තො කො බහුං භාසිස‍්සති, කිං ත්‍වං, උදාහු අහන‍්ති? කො සුන්‍දරතරන‍්ති, එකො බහුං භාසන‍්තො අසහිතං අමධුරං භාසති, එකො සහිතං මධුරං, තං සන්‍ධායාහ “කො සුන්‍දරතර”න‍්ති? එකො පන බහුඤ‍්ච සුන්‍දරඤ‍්ච කථෙන‍්තො චිරං න භාසති, ලහුඤ‍්ඤෙව උට‍්ඨාති, එකො අද‍්ධානං පාපෙති, තං සන්‍ධායාහ “කො චිරතර”න‍්ති?

“කො බහුතරං භාසිස්සති” යනු “ධර්මය දේශනා කරන්නා වූ කවරෙක් බොහෝකොට කියන්නේද? කිම නුඹද? නැතිනම් මමද?” යනුයි. “කො සුන්දරත්රං” යනු එක් අයෙක් බොහෝ කොට දෙසන්නාහු ඉවසීමක් හෝ ධර්ම සාහිත්‍යයක් නොමැතිව අමිහිරිව දේශනා කරයි. තව අයෙක් ඉවසීමෙන්, ධර්ම සාහිත්‍ය සහිතව, මිහිරිව ධර්ම දේශනා කරයි. ඒ සඳහා පවසන ලදී. කවරෙක් අතිශයින් සුන්දරද? එක් අයෙක් බොහෝ කොට ද සුන්දරව ද ධර්මදේශනා කරනුයේ නමුත් බොහෝවේලා නොදෙසයි. ඉක්මණින් ම නැගී සිටියි. තව අයෙක් දීර්ඝ මාවතකට පමුණුවයි. හෙවත් බොහෝවේලා දහම් දෙසයි. එනිසා “කො චිරතරං” යනුවෙන් කියන ලදී.

ඡට‍්ඨං.

සයවන සූත්‍රය යි.

7. දුතිය ඔවාදසුත‍්තවණ‍්ණනා

7. දෙවන ඔවාද සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සද‍්ධාති ඔකප‍්පනසද‍්ධා. වීරියන‍්ති කායිකචෙතසිකං වීරියං. පඤ‍්ඤාති කුසලධම‍්මජානනපඤ‍්ඤා. න සන‍්ති භික‍්ඛූ ඔවාදකාති ඉමස‍්ස පුග‍්ගලස‍්ස ඔවාදකා අනුසාසකා කල්‍යාණමිත‍්තා නත්‍ථීති ඉදං, භන‍්තෙ, පරිහානන‍්ති දස‍්සෙති.

සත්වන සූත්‍රයේ “සද්ධා” යනු විශ්වාස කරන ශ්‍රද්ධාවය. “විරියං” යනු කයේ හා චෛතසිකයන්ගේ වීර්යයයි. “පඤ්ඤා” යනු කුසල්දහම් දැනගන්නා වූ ප්‍රඥාවයි. “න සන්ති භික්ඛූ ඔවදකා” යනු “මේ පුද්ගලයාට අවවාද දෙන්නෝ, අනුශාසකයෝ, කල්‍යාණ මිත්‍රයෝ නැත” යන මේ වස්තුව “භන්තෙ පරිහාණං” යනුවෙන් දක්වයි.

සත‍්තමං.

සත්වන සූත්‍රය යි.

8. තතිය ඔවාදසුත‍්තවණ‍්ණනා

8. තෙවන ඔවාද සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ තථා හි පනාති පුබ‍්බෙ සොවචස‍්සතාය, එතරහි ච දොවචස‍්සතාය කාරණපට‍්ඨපනෙ නිපාතො. තත්‍රාති තෙසු ථෙරෙසු. කො නාමායං භික‍්ඛූති කො නාමො අයං භික‍්ඛු? කිං තිස‍්සත්‍ථෙරො කිං නාගත්‍ථෙරොති? තත්‍රාති තස‍්මිං එවං සක‍්කාරෙ කයිරමානෙ. තථත‍්තායාති තථාභාවාය, ආරඤ‍්ඤිකාදිභාවායාති අත්‍ථො. සබ්‍රහ‍්මචාරිකාමොති “ඉමෙ මං පරිවාරෙත්‍වා චරන‍්තූ”ති එවං කාමෙති ඉච‍්ඡති පත්‍ථෙතීති සබ්‍රහ‍්මචාරිකාමො. තථත‍්තායාති ලාභසක‍්කාරනිබ‍්බත‍්තනත්‍ථාය. බ්‍රහ‍්මචාරුපද‍්දවෙනාති යො සබ්‍රහ‍්මචාරීනං චතූසු පච‍්චයෙසු අධිමත‍්තච‍්ඡන්‍දරාගො උපද‍්දවොති වුච‍්චති, තෙන උපද‍්දුතා. අභිපත්‍ථනාති අධිමත‍්තපත්‍ථනා. බ්‍රහ‍්මචාරිඅභිපත්‍ථනෙනාති බ්‍රහ‍්මචාරීනං අධිමත‍්තපත්‍ථනාසඞ‍්ඛාතෙන චතුපච‍්චයභාවෙන.

අටවන සූත්‍රයේ - “තථා හි පන” යනු පෙර සුවච කීකරු බැවින් ද දැන් දුර්වච අකීකරු බැවින් ද යන කරුණු දැක්වීමට යෙදු නිපාතයකි. “තත්‍ර”යනු ඒ තෙරවරු අතර යනුයි. “කො නාමො” යනු මේ භික්ෂුවගේ නම කුමක්ද? කිම “තිස්ස” තෙරුන්ද? කිම “නාග” තෙරුන්ද? යනුයි. “තත්‍ර” යනු එහිදී මෙසේ සත්කාර කරන කල්හි “තථත්තාය” යනු ඒ සඳහා, එසේවීම සඳහා, ආරඤ්ඤිකාංග සමාදානාදිය සඳහා යන අර්ථයි. “සබ්‍රහ්මචාරිකාමො” යනු “මොවුහු මා පිරිවරාගෙන හැසිරේවා”යි මෙලෙස කැමති වේ. අපේක්ෂා කරයි. එය ප්‍රාර්ථනා කරයි. සබ්‍රහ්මචාරීන්ට කැමති වේ. “තථත්තාය” යනු ලාභසත්කාර ඉපිදවීම සඳහාය. “බ්‍රහ්මචාරූපද්දවෙන” යනු යමෙක් බ්‍රහ්මචාරීන්ගේ සිවුපස විෂයෙහි උපදවන අධික වූ ඡන්දරාගය, උපද්‍රවයකැයි කියයි. එයින් පීඩා වූ “අභිභවතා” යනු අධික ප්‍රාර්ථනා ඇති යනුයි. “බ්‍රහ්මචාරී අභිභවනෙන” යනු බ්‍රහ්මචාරීන්ගේ අධික ප්‍රාර්ථනා සංඛ්‍යාත වූ සිවුපසය නොලැබීමෙන්ය.

අට‍්ඨමං.

අටවන සූත්‍රය යි.

9. ඣානාභිඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

9. ඣානාභිඤ්ඤ සූත්‍ර වර්ණනාව

නවමෙ යාවදෙව ආකඞ‍්ඛාමීති යාවදෙව ඉච‍්ඡාමි. යානි පන ඉතො පරං විවිච‍්චෙව කාමෙහීතිආදිනා නයෙන චත‍්තාරි රූපාවචරජ‍්ඣානානි, සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමාතිආදිනා නයෙන චතස‍්සො අරූපසමාපත‍්තියො, සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධන‍්ති එවං නිරොධසමාපත‍්ති, අනෙකවිහිතං ඉද‍්ධිවිධන‍්තිආදිනා නයෙන පඤ‍්ච ලොකිකාභිඤ‍්ඤා ච වුත‍්තා. තත්‍ථ යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං අනුපදවණ‍්ණනාය චෙව භාවනාවිධානෙන ච සද‍්ධිං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.69) විත්‍ථාරිතමෙව. ඡළභිඤ‍්ඤාය පන ආසවානං ඛයාති ආසවානං ඛයෙන. අනාසවන‍්ති ආසවානං අපච‍්චයභූතං. චෙතොවිමුත‍්තින‍්ති අරහත‍්තඵලසමාධිං. පඤ‍්ඤාවිමුත‍්තින‍්ති අරහත‍්තඵලපඤ‍්ඤං.

නවවන සූත්‍රයේ - “යාවදෙව ආකංඛාමි” යනු යම්තාක් කල් කැමතිවෙම් ද යනුයි. මෙයින් මතු “විචිච්චෙව කාමෙහි” යනාදී වශයෙන් යම් ඒ සිවු රූපාවචර ධ්‍යානයන් කියනු ලැබේ. “සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා” ආදී ක්‍රමයෙන් සතර අරූපාවචර සමාපතීහු ගණන් ගැනේ. “සබ්බසො නෙවසඤ්ඤානා සඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිත නිරොධං” යනු මෙසේ නිරෝධ සමාපත්තියයි. “අනෙකවිහිතං ඉද්ධිවිධං” යනාදී ක්‍රමයෙන් ලෞකික අභිඥා පසද කියන ලදී. එහි යමක් කිවයුතු නම් ඒ සියල්ල අනුපද වර්ණනාව හා භාවනා විධානය ද සහිතව විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලද්දේය. ෂඩ් අභිඥාව වනාහී “ආසවානං ඛයා” යනු ආශ්‍රවයගේ ක්ෂයවීමෙන්. “අනාසවං” යනු ආශ්‍රවයන්ගේ ප්‍රත්‍ය නොවූ, නොපැවතීමයි. “චෙතොවිමුත්ති” යනු අරහත් ඵල සමාධියයි. “පඤ්ඤා විමුත්තිං” යනු අර්හත්ඵල ප්‍රඥාවයි.

නවමං.

නවවන සූත්‍රයයි.

10. භික‍්ඛුනූපස‍්සයසුත‍්තවණ‍්ණනා

10. භික්ඛුනු උපස්සය සූත්‍ර වර්ණනාව

දසමෙ ආයාම, භන‍්තෙති කස‍්මා භික‍්ඛුනීඋපස‍්සයගමනං යාචති? න ලාභසක‍්කාරහෙතු, කම‍්මට‍්ඨානත්‍ථිකා පනෙත්‍ථ භික‍්ඛුනියො අත්‍ථි, තා උස‍්සුක‍්කාපෙත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙස‍්සාමීති යාචති. නනු ච සො සයම‍්පි තෙපිටකො බහුස‍්සුතො, කිං සයං කථෙතුං න සක‍්කොතීති? නො න සක‍්කොති. බුද‍්ධපටිභාගස‍්ස පන සාවකස‍්ස කථං සද‍්ධාතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තීති යාචති. බහුකිච‍්චො ත්‍වං බහුකරණීයොති කිං ථෙරො නවකම‍්මාදිපසුතො, යෙන නං එවමාහාති? නො, සත්‍ථරි පන පරිනිබ‍්බුතෙ චතස‍්සො පරිසා ආනන්‍දත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, ඉදානි කස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා චරථ, කස‍්ස පරිවෙණං සම‍්මජ‍්ජථ, කස‍්ස මුඛොදකං දෙථා”ති රොදන‍්ති පරිදෙවන‍්ති. ථෙරො “අනිච‍්චා සඞ‍්ඛාරා, වුද‍්ධසරීරෙපි නිල‍්ලජ‍්ජොව මච‍්චුරාජා පහරි. එසා සඞ‍්ඛාරානං ධම‍්මතා, මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථා”ති පරිසං සඤ‍්ඤාපෙති. ඉදමස‍්ස බහුකිච‍්චං. තං සන්‍ධාය ථෙරො එවමාහ. සන්‍දස‍්සෙසීති පටිපත‍්තිගුණං දස‍්සෙසි. සමාදපෙසීති ගණ‍්හාපෙසි. සමුත‍්තෙජෙසීති සමුස‍්සාහෙසි. සම‍්පහංසෙසීති පටිලද‍්ධගුණෙන මොදාපෙසි.

දසවන සූත්‍රයේ “ආයාම භන්තෙ” යනුවෙන් කුමක් නිසා භික්ෂුණීන්ගේ අසපුවකට යෑම සඳහා ආරාධනා කළහිද? ලාභසත්කාරමය හේතුවකින් නොවේ. කමටහනින් යහපතක් වන භික්ෂුණීහු වෙති. ඔවුන් උත්සාහවන්ත කර, කමටහන් ලබාදෙන්නෙමි”යි මෙලෙස ආයාචනා කළේය. ආනන්ද තෙරුන් වහන්සේ ත්‍රිපිටකධර බහුශ්‍රැතයෙක් නොවේද? මෙසේ ඉල්වනුයේ තමාට කමටහන් ලබාදිය නොහැකි නිසාද? නැත. උන්වහන්සේට හැකිය. බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ජ්‍යෙෂ්ඨතම ශ්‍රාවකයාගේ දේශනාව ඇදහිය යුතු වූවකැයි සිතන බැවින් මෙසේ ආයාචනා කරන ලදී. “බහුකිච්චො ත්වං බහුකරණීයො” යනු කිම තෙරුන් වහන්සේ නවකර්මාන්ත ආදියේ නියුක්තව සිටින බැවින් ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළ සේක්ද? නැත. බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි සිවු පිරිස ආනන්ද තෙරුන් වෙත එළඹ, “ස්වාමීනි! දැන් කාගේ පාසිවුරු ගෙන හැසිරෙන්නෙහිද? කාගේ පිරිවෙණ අමදිනෙහිද? මුවදෝනා පැන් පිළිගන්වනුයේ කාටද?”යි කියමින් හඬති. වැලපෙති. තෙරුන් වහන්සේ “සංස්කාරයෝ අනිත්‍යහ. උතුම් බුදු සිරුරටද නිර්ලජ්ජි මාරයා පහර දුන්නේය. මෙය සංස්කාරයන්ගේ ධර්මතාවයි. එනිසා ශෝක නොකරන්න. නොවැලපෙන්න.” යනුවෙන් පිරිස සන්සිඳුවයි. මෙසේ වූ බොහෝ කටයුතු ඇති බැවින් තෙරුන් වහන්සේ අනඳ හිමිට මෙසේ වදාළහ. “සන්දස්සෙසි” යනු ප්‍රතිපත්ති ගුණ දැක්වීය යනුයි. “සාමදපෙසි” යනු කරුණු ගන්වයි යනුයි. “සමුත්තෙජෙසි” යනුවෙන් උත්සාහවත් කරවීය. “සම්පහංසෙසි” යනු ලබන ලද ගුණයෙන් පිරිසිදු කරවයි.

ථුල‍්ලතිස‍්සාති සරීරෙන ථූලා, නාමෙන තිස‍්සා. වෙදෙහමුනිනොති පණ‍්ඩිතමුනිනො. පණ‍්ඩිතො හි ඤාණසඞ‍්ඛාතෙන වෙදෙන ඊහති සබ‍්බකිච‍්චානි කරොති, තස‍්මා “වෙදෙහො”ති වුච‍්චති. වෙදෙහො ච සො මුනි චාති, වෙදෙහමුනි. ධම‍්මං භාසිතබ‍්බං මඤ‍්ඤතීති තිපිටකධරස‍්ස ධම‍්මභණ‍්ඩාගාරිකස‍්ස සම‍්මුඛෙ සයං අරඤ‍්ඤවාසී පංසුකූලිකො සමානො “ධම‍්මකථිකො අහ”න‍්ති ධම‍්මං භාසිතබ‍්බං මඤ‍්ඤති. ඉදං කිං පන, කථං පනාති? අවජානමානා භණති.

“ථුල්ලතිස්ස” යනු ශරීරයෙන් මහත්වූ නමින් තිස්ස වූ යනුයි. “වෙදෙහමුනිනො” යනු පණ්ඩිත මුනිවරයෙකි. පණ්ඩිත යනු ඤාණය නම් වූ වේදයෙන් සියලු කටයුතු කිරීමට උත්සාහ ගනියි. කරයි. එනිසා “වේදෙහ”යැයි කියන ලදී. වේදේහ වූයේත් ඔහුමය. මුනිවූයේත් ඔහුමය. වේදේහ මුනි වේ. “ධම්මං භාසිතබ්බං මඤ්ඤති” යනු ත්‍රිපිටකධර වූ ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ තෙරුන් හමුවේ අරන්‍යවාසී වූ පාංශුකූලිකංග සමාදන් වූ මහාකාශ්‍යප තෙරුන් “මම ධර්මකථිකයෙකි”යි ධර්මදේශනා කළේ යැයි සිතයි. මේ ධර්මකථාව කුමන හේතුවකින් කළේදැයි නොදන්නී මෙසේ කීවාය.

අස‍්සොසීති අඤ‍්ඤෙන ආගන‍්ත්‍වා ආරොචිතවසෙන අස‍්සොසි. ආගමෙහි ත්‍වං, ආවුසොති තිට‍්ඨ ත්‍වං, ආවුසො. මා තෙ සඞ‍්ඝො උත‍්තරි උපපරික‍්ඛීති මා භික‍්ඛුසඞ‍්ඝො අතිරෙකඔකාසෙ තං උපපරික‍්ඛීති. ඉදං වුත‍්තං හොති – “ආනන්‍දෙන බුද‍්ධපටිභාගො සාවකො වාරිතො, එකා භික‍්ඛුනී න වාරිතා, තාය සද‍්ධිං සන්‍ථවො වා සිනෙහො වා භවිස‍්සතී”ති මා තං සඞ‍්ඝො එවං අමඤ‍්ඤීති.

“අස්සොසි” යනු අනිකකු පැමිණ දැන්වීම් වශයෙන් ඇසූහ යනුයි. “ආගමෙහි ත්වං ආවුසො” යනු “ඇවැත්නි! නුඹ සිටින්න. නවතින්න” යනුයි. “මා තෙ සංඝො උත්තරිං උප්පරික්ඛි” යනු “භික්ෂු සංඝයා අනාගතයේ විශේෂ අවසරයකින් නුඹ පරීක්ෂා කර බැලීම සිදුනොවේවා! යනුයි. මෙය කියන ලදී. “ආනන්ද තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේට සමාන වූ ශ්‍රාවකයෙක් වලකන ලදී. එක් භික්ෂුණිය නොවලකන ලදී. ඇය සමග එක්ව විසීමක් හෝ ස්නේහයක් හෝ වන්නේයැ”යි සංඝයා මෙසේ නුඹ ගැන නොසිතවා” යන අදහසිනි.

ඉදානි අත‍්තනො බුද‍්ධපටිභාගභාවං දීපෙන‍්තො තං කිං මඤ‍්ඤසි, ආවුසොතිආදිමාහ? සත‍්තරතනන‍්ති සත‍්තහත්‍ථප‍්පමාණං. නාගන‍්ති හත්‍ථිං. අඩ‍්ඪට‍්ඨරතනං වාති අඩ‍්ඪරතනෙන ඌනඅට‍්ඨරතනං, පුරිමපාදතො පට‍්ඨාය යාව කුම‍්භා විදත්‍ථාධිකසත‍්තහත්‍ථුබ‍්බෙධන‍්ති අත්‍ථො. තාලපත‍්තිකායාති තරුණතාලපණ‍්ණෙන. චවිත්‍ථාති චුතා, න මතා වා නට‍්ඨා වා, බුද‍්ධපටිභාගස‍්ස පන සාවකස‍්ස උපවාදං වත්‍වා මහාකස‍්සපත්‍ථෙරෙ ඡහි අභිඤ‍්ඤාහි සීහනාදං නදන‍්තෙ තස‍්සා කාසාවානි කණ‍්ටකසාඛා විය කච‍්ඡුසාඛා විය ච සරීරං ඛාදිතුං ආරද‍්ධානි, තානි හාරෙත්‍වා සෙතකානි නිවත්‍ථක‍්ඛණෙයෙවස‍්සා චිත‍්තස‍්සාදො උදපාදීති.

දැන් තමාගේ බුදුරජාණන් වහන්සේ හා සමාන බව දක්වන සේක්, “තං කිං මඤ්ඤසි ආවුසො” ආදිය දේශනා කළහ. “සත්තරතනං” යනු සත් රියනක් පමණයි. “නාගං” යනු ඇතෙකි. “අඩ්ඪට්ඨරතනං වා” යනු රියනෙන් අඩක් අඩු වූ අට රියනක් හෝ. රියන් හතහමාරක් වූ යනුයි. “පෙර පාදයේ සිට කුම්භස්ථලය දක්වා වියතකුත් රියන් හතක් උස වූ ඇතෙක්” යන අර්ථයි. “තාලපත්තිකාය” යනු ළා තල්කොළයකිනි. “වචිත්ථා” යනු චුතවිය යනුයි. මැරුණේ හෝ නැසුනේ නොවේ. බුදුරජාණන් වහන්සේ හා සමාන වූ ශ්‍රාවකයෙකුට උපවාද කර, මහාකාශ්‍යප තෙරුන් ෂඩ් අභිඥා පිළිබඳව සිංහනාද කරන කල්හි ඇය පොරවාගෙන සිටි කශාය වස්ත්‍රය කටුඅත්තක් මෙන් ද කහඹිලියා අත්තක් මෙන්ද වී ශරීරය කෑමට (කැසීමට) පටන් ගත්තේය. ඒ කාෂාය වස්ත්‍රය හැරදමා සුදුවතක් හැඳි කෙනෙහි ම ඇයට සහනයක් ඇතිවිය.

දසමං.

දසවන සූත්‍රයයි.