යෙදුමෙන් කියවන්න

අනොත‍්තාපීසුත‍්තං

4. 1. 2.

4. 1. 2.

අනොත‍්තාපීසුත‍්තං

අනොත්තාපී සූත්‍රය

285. එවං මෙ සුතං, එකං සමයං ආයස‍්මා ච මහාකස‍්සපො ආයස‍්මා ච සාරිපුත‍්තො බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායණ‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසංකමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකස‍්සපෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොච:

285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:

“වුච‍්චති හිදං ආවුසො කස‍්සප, අනාතාපී අනොත‍්තාපී; අභබ‍්බො සම‍්බොධාය අභබ‍්බො නිබ‍්බානාය, අභබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය, ආතාපී ච ඔත‍්තාපී ච භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො නිබ‍්බානාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමායා”ති.

“ඇවැත්නි, කාශ්‍යපයෙනි, කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි ය. නිවන පිණිස නො නිසි ය. අනුත්තර වූ අර්‍හත්ත්‍වය පිණිස නො නිසි ය. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ ම පවට බිය ඇත්තේ ම සම්බෝධිය පිණිස නිසි ය. නිවන පිණිස නිසි ය. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි ය”යි මෙය කියනු ලැබෙයි.

“කිත‍්තාවතා නු ඛො ආවුසො, අනාතාපී හොති අනොත‍්තාපී අභබ‍්බො සම‍්බොධාය, අභබ‍්බො නිබ‍්බානාය, අභබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය? කිත‍්තාවතා ච පනාවුසො, ආතාපී හොති ඔත‍්තාපී භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො නිබ‍්බානාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමායා”ති?

“ඇවැත්නි, කොපමණෙකින් කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි වේ ද, නිවන පිණිස නො නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ ද? ඇවැත්නි, කොපමණකින් කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ ද, නිවන පිණිස නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ දැ” යි?

ඉධාවුසො, භික‍්ඛු අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ආතප‍්පං කරොති. අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නූප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ආතප‍්පං කරොති. එවං ඛො ආවුසො, අනාතාපී හොති.

ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවතින්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ වේ.

කථඤ‍්චාවුසො, අනොත‍්තාපී හොති?

ඇවැත්නි, කෙසේ නම් පවට බිය නැත්තේ වේ ද?

ඉධාවුසො, භික‍්ඛු අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ඔත‍්තපති. උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ඔත‍්තපති. අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නූප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ඔත‍්තපති. උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති න ඔත‍්තපති. එවං ඛො ආවුසො අනොත‍්තාපී හොති.

ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, ඇවැත්නි, මෙසේ පවට බිය නැත්තේ වේ.

එවං ඛො ආවුසො, අනාතාපී අනොත‍්තාපී අභබ‍්බො සම‍්බොධාය, අභබ‍්බො නිබ‍්බානාය, අභබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය.

ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර නැත්තේ, පවට බිය නැත්තේ, සම්බෝධිය පිණිස නොනිසි වේ, නිවන පිණිස නො නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ.

කථඤ‍්චාවුසො, ආතාපී හොති?

ඇවැත්නි, කෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ ද?

ඉධාවුසො භික‍්ඛු අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නූප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. එවං ඛො ආවුසො, ආතාපී හොති.

ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද; ඇවැත්නි, මෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ.

කථඤ‍්චාවුසො, ඔත‍්තාපී හොති?

ඇවැත්නි, කෙසේ පවට බිය ඇත්තේ වේ ද?

ඉධාවුසො, භික‍්ඛු අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ඔත‍්තපති. උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ඔත‍්තපති. අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නූප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ඔත‍්තපති. උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ඔත‍්තපති. එවං ඛො ආවුසො, ඔත‍්තාපී හොති.

ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධවන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, ඇවැත්නි, මෙසේ පවට බිය ඇත්තේ වෙයි.

එවං ඛො ආවුසො, ආතාපී ඔත‍්තාපී භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො නිබ‍්බානාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමායාති.

ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ. නිවන පිණිස නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ යි.