සන්තුට්ඨිසුත්තං
4. 1. 1.
4. 1. 1.
සන්තුට්ඨිසුත්තං
සන්තුට්ඨ සූත්‍රය
284. සාවත්ථියං–
284. සැවැත්නුවර–
සන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති. ලද්ධා ච චීවරං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර චීවරයෙන් (රූක්ෂප්රණීතාදීන් ලද පරිදි යම් කිසි සිවුරකින්) සන්තුෂ්ට - සතුටු වූයේ වෙයි ඉතරීතරචීවර සන්තෝසයෙහි ගුණ කියනසුලු වූයේ, සිවුරු හේතුවෙන් අයුතු සෙවුමට නුසුදුසු පිළිවෙතට නො ද පැමිණෙයි. සිවුරු නො ලැබ නො ද තැවෙයි. සිවුරු ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණායෙන් නො වළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ, ප්රත්යවේක්ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
සන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ ඉතරීතර පිණ්ඩපාත සංතුෂ්ටියෙහි ගුණ කියනසුලු වූයේ, පිණ්ඩපාත හේතුවෙන් අනුලොම් නොවූ අයුරු සෙවුමට නො ද පැමිණෙයි. පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි. පිණ්ඩපාතය ලැබ ද ගිජු නුවූයේ, මුසපත් නුවූයේ, තෘෂ්ණාවෙන් යටපත් නො වූයේ එහි දොස් දක්න සුලු වූයේ ප්රත්යවේක්ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
සන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සෙනාසන හෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච සෙනාසනං න පරිතස්සති. ලද්ධා ච සෙනාසනං අගධිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ යම් කිසි සෙනසුනකින් සතුටු වූයේ, යම්කිසි සෙනසුනකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවුමට නො ද පැමිණෙයි. සෙනසුන නො ලැබ ද නො තැවෙයි. සෙනසුන ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණාවෙන් නො මැඩුනේ එහි දොස් දක්නාසුලු වූයේ, පස්විකුම් නුවණ ඇතියේ පරිභෝග කෙරෙයි.
සන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සති. ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතො, අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ලද යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූයේ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, ගිලන්පස බෙහෙසත් පිරිකර හේතුවෙන් නුසුදුසු අයුක්තානේවෂණයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නො වෙළුනේ, එහි දොස් දක්නාසුලු වූයේ, නිඃසරණප්‍රඥා ඇතියේ පරිභෝග කෙරෙයි.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං, සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා වණ්ණවාදිනො. න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම. අලද්ධා ච චීවරං න ච පරිතස්සිස්සාමං ලද්ධා ච චීවරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාම. (එවං සබ්බං කත්තබ්බං). සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන පිණ්ඩපාතෙන -පෙ- සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන සෙනාසනෙන -පෙ- සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදිනො. න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම. අලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සිස්සාම. ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාමාති. එවං හි ඛො භික්ඛවෙ සික්ඛිතබ්බං.
එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු. ඉතරෙතර චීවරයෙන් සතුටු වන්නමෝ ඉතරෙතර චීවරසංතුෂ්ටියෙහි ගුණ කියන්නමෝ වන්නෙමු. සිවුරු හේතු කොට අප්‍රතිරූප අයුක්තානේවෂණයට නො ද පැමිණෙන්නෙමු. සිවුරු නො ලැබ ද නො තැවෙන්නෙමු. සිවුරු ලැබ ද ගිජු නො වන්නමෝ, මුසපත් නො වූවමෝ, තෘෂ්ණායෙන් නොමැඩුනමෝ, දොස් දක්නාසුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු. යම් කිසි පිණ්ඩපාතයකින් සතුටු වන්නෙමු … යම් කිසි සෙනසුනකින් සතුටු වූවමෝ වන්නෙමු … යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූවමෝ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුල්ලමෝ වන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර හේතු කොට නුසුදුසු අයුතු අන්වෙෂණයට නො ද පැමිණෙන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූවමෝ, මුසපත් නො වූවමෝ තෘෂ්ණාවෙන් නො වැළදුනමෝ, දොස් දක්නා සුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
කස්සපෙන වා හි වො භික්ඛවෙ, ඔවදිස්සාමි යො වා පනස්ස කස්සපසදිසො ඔවදිතෙහි ච පන වො තථත්තාය පටිපජ්ජිතබ්බන්ති.
මහණෙනි, කාශ්‍යප හා සම වන්නට නොද යමෙක් කාශ්‍යප හා සම වන්නේ නම් (එබන්දකු වන්නට) හෝ තොපට අවවාද කරමි අවවාද කරණ ලද තොප විසිනුදු ඒ පිණිස පිළිපැදිය යුතු යි.