වෙපුල්ලපබ්බතසුත්තං
3. 2. 10.
3. 2. 10.
වෙපුල්ලපබ්බතසුත්තං
වේපුල්ලපබ්බත සූත්‍රය
283. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- භගවා එතදවොච: අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයින්ගේ පුර්වකෝටිය නො පැණේ.
භූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස පාචීනවංසොත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං තිවරා ත්වෙව සමඤ්ඤා උදපාදි. තිවරානං භික්ඛවෙ, මනුස්සානං චත්තාළීස වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. තිවරා භික්ඛවෙ, මනුස්සා පාචීනවංසං පබ්බතං චතුහෙන ආරොහන්ති, චතුහෙන ඔරොහන්ති.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්වතයට පාචීනවංස ම ය යි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට සතලිස්වස්දහසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.
තෙන ඛො පන සමයෙන කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස භික්ඛවෙ භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුර-සඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. තෙ ච මනුස්සා කාලකතා. සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා. එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා. එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
එකල්හි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිණිවුනහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි .
භූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස වඞ්කකො ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං රොහිතස්සා ත්වෙව සමඤ්ඤා උදපාදි. රොහිතස්සානං භික්ඛවෙ, මනුස්සානං තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. රොහිතස්සා භික්ඛවෙ, මනුස්සා වඞ්කකං පබ්බතං තීහෙන ආරොහන්ති, තීහෙන ඔරොහන්ති.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්වතයට වඞ්කක යන නාමය ම වි ය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමය ම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.
තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන කොණාගමනො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්යො සුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. තෙ ච මනුස්සා කාලකතා? සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
මහණෙනි , එකල්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ භිය්යො, සුත්තර නම් සවු යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නාමයත් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
භූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස සුඵස්සො ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං සුප්පිය. ත්වෙව සමඤ්ඤා උදපාදි. සුප්පියානං භික්ඛවෙ, මනුස්සානං වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සුප්පියා භික්ඛවෙ, මනුස්සා සුඵස්සං පබ්බතං ද්වීහෙන ආරොහන්ති ද්වීහෙන ඔරොහන්ති.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්වතයට සුඵස්ස යන නාමය ම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.
තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්ස-භාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා තෙ ච මනුස්සා කාලකතා. සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
මහණෙනි, එසමයෙහි අර්හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
එතරහි ඛො පන භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස වෙපුල්ලො ත්වෙව සමඤ්ඤා උදපාදි. එතරහි ඛො පන භික්ඛවෙ, ඉමෙසං මනුස්සානං මාගධකා ත්වෙව සමඤ්ඤා උදපාදි. මාගධකානං භික්ඛවෙ, මනුස්සානං අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං. යො චිරං ජීවති, සො වස්සසතං, අප්පං වා භිය්යො මාගධකා භික්ඛවෙ, මනුස්සා වෙපුල්ලං පබ්බතං මුහුත්තෙන ආරොහන්ති, මුහුත්තෙන ඔරොහන්ති.
මහණෙනි, දැන් මේ වේපුල්ලපර්වතයට වේපුල්ල යන නාමය ම විය. මහණෙනි, දැන් මේ මිනිසුන්ට මාගධක යන නාමය ම විය. මහණෙනි, මාගධක මිනිසුන්ගේ අයුඃප්‍රමාණය ඉතා ස්වල්ප ය, මද ය, ඉතා සුලුය යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ සියවසක් හෝ, ඉන් මදක් (දස - විසිවසක්) වැඩියෙන් හෝ ජීවත් වෙයි. මහණෙනි, මගධරට වැසි මිනිස්සු වේපුල්ල පර්වතයට මොහොතකින් නගිත්. මොහොතින් බසිත්.
එතරහි ඛො පනාහං භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. මය්හං ඛො පන භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භවිස්සති භික්ඛවෙ, සො සමයො යා අයඤ්චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරධායිස්සති. ඉමෙ වෙ මනුස්සා කාලං කරිස්සන්ති. අහඤ්ච පරිනිබ්බායිස්සාමි. එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
මහණෙනි, දැන් වූ කලි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම ලෝකයෙහි උපන්මි. මහණෙනි, මට අගසොඳුරු යුවල වූ සැරියුත්, මුගලන් නම් සවු යුවල වේ. මහණෙනි, මේ පර්වතයාගේ යම් මේ නාමයක් වේ ද, එය අතුරුදන් වන්නේ නම්. ඒ කාලය වන්නේය. මේ මිනිස්සුත් කලුරිය කරන්නාහු ය. මමත් පිරිනිවෙන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසය. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනස්සාසිකහ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි අන් අයුරිනුදු මෙය වදාළ සේක:
පාචීනවංසො තිවරානං රොහිතස්සාන වඞ්කකො, සුප්පියානං සුඵස්සොති මාගධානඤ්ච වෙපුල්ලො.
තිවරයන්ට පාචීනවංස විය. රෝහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට සුඵස්ස විය. මගධයන්ට වේපුල්ල විය.
අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යහ. ඉපැද නැතිවන ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිඳීම සුව යි.
දුග්ගතවග්ගො දුතියො.
දුග්ගතවර්ගය දෙවෙනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
දුග්ගතං සුඛිතඤ්චෙව තිංස මාතාපිතෙන ච භාතා භගිනි පුත්තො ච ධීතා වෙපුල්ලපබ්බතං.
දුග්ගත, සුඛිත, තිංස (මත්ත), මාතු, පිතු, භාතු, භගිනි, පුත්ත, ධීතු, වේපුල්ල පබ්බත ය යි සූත්‍ර දශයෙකි යි.
අනමතග්ගසංයුත්තං සමත්තං.
අනමතග්ගසංයුත්තය නිමියේ ය.