මාතුසුත‍්තං
3. 2. 4.
3. 2. 4.
මාතුසුත‍්තං
මාතු සූත්‍රය
277. සාවත්‍ථියං–
277. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න මාතාභූතපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. -පෙ- [එවං දීඝරත‍්තං වො භික‍්ඛවෙ, දුක‍්ඛං පච‍්චනුභූතං -පෙ- යාවඤ‍්චිදං භික‍්ඛවෙ, අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං, අලං විරජ‍්ජිතුං.]අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි , මෙසසර නො දන්නා ලද අවධි ඇතියේය ... මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු මවු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නො දන්නා ලද අවධි අතියේ ය ... මහණෙනි, මෙසේ දීර්‍ඝකාලයක් තොප විසින් දුක් විඳින ලදී … මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නට නිසිය. නො ඇලෙන්නට නිසිය. මිදෙන්නට නිසි ම ය.
3. 2. 5.
3. 2. 5.
පිතුසුත‍්තං
පිතු සූත්‍රය
278. සාවත්‍ථියං–
278. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න පිතාභූතපුබ‍්බො [ඉමිනා දීඝෙන අද‍්ධුනා. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- යාවඤ‍්චිදං භික‍්ඛවෙ ] -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි, මෙසසර අවිදිතාග්‍රය … මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක්සතක්හු පිය නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අවිදිතාග්‍රය ... මහණෙනි, එහෙයින් මිදෙන්නට නිසි ම ය. මිදෙන්නට සුදුසු මැ යි.
3. 2. 6.
3. 2. 6.
භාතුසුත‍්තං
භාතු සූත්‍රය
279. සාවත්‍ථියං–
279. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න භාතාභූතපුබ‍්බො [ඉමිනා දීඝෙන අද‍්ධුනා.] -පෙ- [යාවඤ‍්චිදං භික‍්ඛවෙ -පෙ-] අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බෑයා නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 7.
3. 2. 7.
භගිනිසුත‍්තං
භගිනි සූත්‍රය
280. සාවත්‍ථියං–
280. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න භගිනීභූතපුබ‍්බො [ඉමිනා දීඝෙන අද‍්ධුනා.] -පෙ- [යාවඤ‍්චිදං භික‍්ඛවෙ -පෙ-] අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය ... මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බුහුන නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ … මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 8.
3. 2. 8.
පුත‍්තසුත‍්තං
පුත්ත සූත්‍රය
281. සාවත්‍ථියං–
281. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න පුත‍්තභූතපුබ‍්බො [ඉමිනා දීඝෙන අද‍්ධුනා.] -පෙ- [යාවඤ‍්චිදං භික‍්ඛවෙ -පෙ-] අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර අතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් පුතු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වෙයි ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැයි.
3. 2. 9.
3. 2. 9.
ධීතුසුත‍්තං
ධීතු සූත්‍රය
282. සාවත්‍ථියං–
282. සැවැත්නුවර–
අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බාකොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. න සො භික‍්ඛවෙ, සත‍්තො සුලභරූපො යො න ධීතාභූතපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බාකොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. එවං දීඝරත‍්තං වො භික‍්ඛවෙ, දුක‍්ඛං පච‍්චනුභූතං, තිබ‍්බං පච‍්චනුභූතං, ව්‍යසනං පච‍්චනුභූතං, කටසි වඩ‍්ඪිතා. යාවඤ‍්චිදං භික‍්ඛවෙ, අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං, අලං විරජ‍්ජිතුං, අලං විමුච‍්චිතුන‍්ති.
මහණෙනි, මෙසසර නො දන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණෙයි. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි දූ නො වූ විරූ නම් එබඳු සතෙක් සුලබ නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද අග අතියේය අවිද්‍යාවෙන් බැඳුනු තෘෂ්ණාවෙන් ඇවුරුණු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් දුක් විදින ලදී. තියුණු දුක් විඳින ලදී. ව්‍යසන විඳින ලදී. සොහොන හෝ පොළොව වඩනලදී. මෙයිනුදු මහණෙනි, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.