තිංසමත්තසුත්තං
3. 2. 3.
3. 2. 3.
තිංසමත්තසුත්තං
තිංසමත්ත සූත්‍රය
276. රාජගහෙ–
276 රජගහනුවර–
අථ ඛො තිංසමත්තා පාවෙය්යකා භික්ඛූ, සබ්බෙ ආරඤ්ඤකා සබ්බෙ පිණ්ඩපාතිකා සබ්බෙ පංසුකූලිකා සබ්බෙ තෙචීවරිකා සබ්බෙ සසංයොජනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
එකල්හි සියල්ලෝ ම ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ තෙචීවරික වූ, සියල්ලෝ ම සංයෝජන සහිත වූ, පාවානුවර වැසි තිස්නමක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්හ.
අථ ඛො භගවතො එතදහොසි: “ඉමෙ ඛො තිංසමත්තා පාවෙය්යකා භික්ඛූ සබ්බෙ ආරඤ්ඤකා, සබ්බෙ පිණ්ඩපාතිකා, සබ්බෙ පංසුකූලිකා, සබ්බෙ තෙචීවරිකා, සබ්බෙ සසංයොජනා. යන්නූනාහං ඉමෙසං තථා ධම්මං දෙසෙය්යං යථා නෙසං ඉමස්මිං යෙව ආසනෙ අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චෙය්යු”න්ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට “පාවානුවර වැසි මේ තිස්නමක් පමණ වූ භික්ෂූහු සියල්ලෝ ම ආරණ්යකහ. පිණ්ඩපාතිකහ. පාංශුකූලිකහ. තෙචීවරිකහ. සියල්ලෝ ම සංයෝජන සහිතහ. ඉදින්, මේ අසුන්හි දී ම ඔවුන්ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් යම් සේ මිදේ නම් එසේ මම මොවුනට දහම් දෙසන්නේ නම් මැනැවැ”යි මේ සිත විය.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, මෙසසර අවිදිතාග්‍ර ඇතියේ ය. අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයන්ගේ පූර්වකෝටිය නො පෙණේ. මහණෙනි, ඒ කිමැයි හගිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස් සුන් තොපගේ වෑහුනු වැගිරුණු යම් පමණ ලෙයෙක් වේ ද, සිවුමහසමුදුරෙහි යම් පමණ ජලයෙක් වේද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
“යථා ඛො මයං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාම: එතදෙව භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක”න්ති.
“වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය යම් සේ දනිවු නම්, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් අපගේ වෑහුණු වැගුරුණු යම් ලෙයෙක් වේ ද, ඒ ලෙය ම ඉතා වැඩි ය. සිවුමහ සමුදුරෙහි ජලය නො ම වැඩි ය.”
සාධු සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ: එතදෙව භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, ගුන්නං සතං ගොභූතානං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, -පෙ- න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, මහිසානං සතං මහිසභූතානං සීසච්ඡින්නානං -පෙ- අජානං සතං අජභූතානං -පෙ- උරබ්භානං සතං උරබ්භභූතානං -පෙ- මිගානං සතං මිගභූතානං -පෙ- සූකරානං සතං සූකරභූතානං -පෙ- කුක්කුටානං සතං කුක්කුටභූතානං -පෙ- දීඝරත්තං වො භික්ඛවෙ, චොරා ගාමඝාතකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං -පෙ- දීඝරත්තං වො භික්ඛවෙ, චොරා පරිපන්ථකාති ගහෙත්වා -පෙ- චොරා පාරදාරිකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං -පෙ- න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- [යාවඤ්චිදං භික්ඛවෙ -පෙ- ] අලං විමුච්චිතුන්ති.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්මය මෙසේ දනිවු නම් මැනවි: මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු යම් ලෙයක් වේ නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගොජාතියෙහි ම ගොනුන් ව උපන් හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය ම (ඉතා වැඩිය.) සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මහිෂ ජාතියෙහි ම මිහි ව උපන් හිස්සුන් තොපගේ ... එළු ජාතියෙහි ම එළු ව උපන් ... තිරෙළු ජාතියෙහි ම තිරෙළු ව උපන් ... මුව ජාතියෙහි ම මුව ව උපන් ... හුරු ජාතියෙහි ම හුරු ව උපන් ... කුකුළු ජාතියෙහි කුකුළු ව උපන් … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගම්පහරණ සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මං පහරණ සොරු යි ගෙණ … පරඹුන් සෙවුනා සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුණු වැගුරුණු ලෙය ම (ඉතා වැඩි ය.) සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. ඒ කවර හෙයින යත්: මහණෙනි , මෙසසර නො පිරිසුන් කෙළවර ඇත්තේ ය ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිං ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තිංසමත්තානං පාවෙය්යකානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ ධර්මවිභාගය වදාරණු ලබන කල්හි තිස් නමක් පමණ පාවෙය්‍යක භික්ෂූන් ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුනේ ය.