යෙදුමෙන් කියවන්න

දුග‍්ගතසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 2. 1.

3. 2. 1.

දුග‍්ගතසුත‍්තං

දුග්ගත සූත්‍රය

274. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො -පෙ- එතදවොච:

274. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක:

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. යං භික‍්ඛවෙ, පස‍්සෙය්‍යාථ දුග‍්ගතං දුරුපෙතං, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං: ‘අම‍්හෙහිපි එවරූපං පච‍්චනුභූතං ඉමිනා දීඝෙන අද‍්ධුනාති’. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

“මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය. අවිද්‍යානීවරණයෙන් වැසුනු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණේ. මහණෙනි, දිළිඳු වූ විරූප වූ යමකු දක්නහු නම්, මෙහි දී “අප විසිනු දු මේ දීර්‍ඝකාලයෙහි මෙබඳුවක් විඳින ලදැ”යි නිමාවට (නිශ්චයට) යා යුතු යි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ යි … මෙයිනුදු … මිදෙන්නට නිසි මැ යි.

3. 2. 2.

3. 2. 2.

සුඛිතසුත‍්තං

සුඛිත සූත්‍රය

275. සාවත්‍ථියං–

275. සැවැත්නුවර–

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- යං භික‍්ඛවෙ, පස‍්සෙය්‍යාථ සුඛිතං සජ‍්ජිතං, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං “අම‍්හෙහිපි එවරූපං පච‍්චනුභූතං ඉමිනා දීඝෙන අද‍්ධුනා”ති. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය … මහණෙනි, සුවපත් අලඞ්කාරයෙන් සැදුනු යමකු දක්නහු නම්, මෙහි දී “මේ දිගුකල අප විසිනුදු මෙබඳුවක් විදින ලද” යි නිමාවට යා යුතු යි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය ... මෙයිනුදු මිදෙන්නට නිසි මැ යි.