යෙදුමෙන් කියවන්න

එකපුග‍්ගලසුත‍්තං

3. 1. 10.

3. 1. 10.

එකපුග‍්ගලසුත‍්තං

ඒකපුග්ගල සූත්‍රය

273. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තත්‍ර ඛො -පෙ- එතදවොච:

273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- එකපුග‍්ගලස‍්ස භික‍්ඛවෙ, කප‍්පං සන්‍ධාවතො සංසරතො සියා එවං මහා අට‍්ඨිකඞ‍්කලො අට‍්ඨිපුඤ‍්ජො අට‍්ඨිරාසි යථායං වෙපුල‍්ලො පබ‍්බතො, සචෙ සංහාරකො අස‍්ස, සම‍්භතඤ‍්ච න විනස‍්සෙය්‍ය. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වේපුල්ල පර්‍වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.

ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:

එකස‍්සෙකෙන කප‍්පෙන පුග‍්ගලස‍්සට‍්ඨිසඤ‍්චයො,සියා පබ‍්බතසමො රාසි ඉති වුත‍්තං මහෙසිනා.

එක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වේපුල්ල) පර්‍වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.

සො ඛො පනායං අක‍්ඛාතො වෙපුල‍්ලො පබ‍්බතො මහා,උත‍්තරො ගිජ‍්ඣකූටස‍්ස මගධානං ගිරිබ‍්බජෙ.

ඒ මේ මහත් වේපුල්ල පර්‍වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්‍වත පරික්‍ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.

යතො ච අරියසච‍්චානි සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති:දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං දුක‍්ඛස‍්ස ච අතික‍්කමං,අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දුක‍්ඛූපසමගාමිනං.

යම් කලෙක දුක, දුක හට ගැණීම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්‍ය්‍ය සත්‍යයන් මනා නුවණින් දකී ද,

ස සත‍්තක‍්ඛත‍්තුං පරමං සන්‍ධාවිත්‍වාන පුග‍්ගලො,දුක‍්ඛස‍්සන‍්තකරො හොති සබ‍්බසඤ‍්ඤොජනක‍්ඛයාති.

ඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.

තිණකට‍්ඨවග‍්ගො පඨමො

තිණකට්ඨවර්‍ගය පළමුවැ නි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

තිණකට‍්ඨඤ‍්ච පඨවී අස‍්සු ඛීරඤ‍්ච පබ‍්බතං, සාසපා සාවකො ගඞ‍්ගා දණ‍්ඩො ච පුග‍්ගලෙන චාති.

තිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්‍ර දශයෙකි යි.