යෙදුමෙන් කියවන්න

1. තිණකට‍්ඨවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. තිණකට්ඨ වර්ගය

1. තිණකට‍්ඨසුත‍්තවණ‍්ණනා

1. තිණකට්ඨ සූත්‍ර වර්ණනාව

අනමතග‍්ගසංයුත‍්තස‍්ස පඨමෙ අනමතග‍්ගොති අනු අමතග‍්ගො, වස‍්සසතං වස‍්සසහස‍්සං ඤාණෙන අනුගන‍්ත්‍වාපි අමතග‍්ගො අවිදිතග‍්ගො, නාස‍්ස සක‍්කා ඉතො වා එත‍්තො වා අග‍්ගං ජානිතුං, අපරිච‍්ඡින‍්නපුබ‍්බාපරකොටිකොති අත්‍ථො. සංසාරොති ඛන්‍ධාදීනං අවිච‍්ඡින‍්නප‍්පවත‍්තා පටිපාටි. පුබ‍්බා කොටි න පඤ‍්ඤායතීති පුරිමමරියාදා න දිස‍්සති. යදග‍්ගෙන චස‍්ස පුරිමා කොටි න පඤ‍්ඤායති, පච‍්ඡිමාපි තදග‍්ගෙනෙව න පඤ‍්ඤායති, වෙමජ‍්ඣෙයෙව පන සත‍්තා සංසරන‍්ති. පරියාදානං ගච‍්ඡෙය්‍යාති ඉදං උපමාය ඛුද‍්දකත‍්තා වුත‍්තං. බාහිරසමයස‍්මිඤ‍්හි අත්‍ථො පරිත‍්තො හොති, උපමා මහතී. “හත්‍ථී විය අයං ගොණො, ගොණො විය සූකරො, සමුද‍්දො විය තළාක”න‍්ති හි වුත‍්තෙ න තෙසං තාදිසං පමාණං හොති. බුද‍්ධසමයෙ පන උපමා පරිත‍්තා, අත්‍ථො මහා. පාළියඤ‍්හි එකො ජම‍්බුදීපො ගහිතො, එවරූපානං පන ජම‍්බුදීපානං සතෙපි සහස‍්සෙපි සතසහස‍්සෙපි තිණාදීනි තෙන උපක‍්කමෙන පරියාදානං ගච‍්ඡෙය්‍යුං, න ත්‍වෙව පුරිසස‍්ස මාතු මාතරොති. දුක‍්ඛං පච‍්චනුභූතන‍්ති තුම‍්හෙහි දුක‍්ඛං අනුභූතං. තිබ‍්බන‍්ති තස‍්සෙව වෙවචනං. බ්‍යසනන‍්ති ඤාතිබ්‍යසනාදිඅනෙකවිධං. කටසීති සුසානං, පථවීයෙව වා. සා හි පුනප‍්පුනං මරන‍්තෙහි සරීරනික‍්ඛෙපෙන වඩ‍්ඪිතා. අලමෙවාති යුත‍්තමෙව.

අනමතග්ග සංයුත්තයේ පළමු සූත්‍රයෙහි - “අනමතග්ගො” යනු නොදත් අග ඇති යනුයි. (අනු අමතග්ග අනමතග්ග) වර්ෂ සීයක්, දාහක් ඤාණයෙන් ලුහුබැඳ ගියත් සසර අග දැනගත නොහැක. එහෙන්, මෙහෙන් හෝ අගක්-මුලක් දැනගත නොහැකි ‘සීමා රහිත පූර්ව හා අපර කෙළවර ඇති’ යන අර්ථයි. “සංසාරො” යනු ස්කන්ධාදියේ නොසිඳීමෙන් පවත්නා පිළිවෙලයි. “පුබ්බා කොටි න පඤ්ඤායති” යනු පූර්ව සීමාව නොපෙනේ යනුයි. යම් අගක පූර්ව කෙළවර නොපෙනේ ද පසුව ද ඒ අගම නොපෙනේ. සත්වයෝ මධ්‍යයෙහිම හැසිරෙති. “පරියාදානං ගච්ඡෙය්‍ය” මේ උපමාව කුඩා බැවින් කියන ලදී. වෙනත් සමයන්හි අර්ථය කුඩා වී උපමාව මහත් වේ. “මේ ගොනා ඇතා මෙනි” “මේ ඌරා ගොනා මෙනි” “මේ වැව සමුද්‍රය මෙනි” මෙම උපමා කී කල්හි ඒවා එකම ප්‍රමාණ නොවේ. බුදුසමයෙහි උපමාව කුඩා වේ. අර්ථය ඉතා මහත්ය. පෙළෙහි එක් ජම්බුද්වීපයක් ගන්නා ලදී. මෙබඳු ජම්බුද්වීප සීයක්, දාහක්, ලක්‍ෂයක් වුවත් ගෙන ඒවායේ ඇති තෘණ ආදී සියල්ල විනාශ කළත් පුරුෂයාගේ මව, මවුවරු නොවෙති. (මාතු මාතරෝ) “දුක්ඛං පච්චනුභූතං” යනු නුඹලා විසින් දුක් විඳින ලදී. “තිබ්බං” යනු තියුණු දුකටම තවත් වදනකි. “බ්‍යසතං” යනු ඥාති ව්‍යසන වශයෙන් නන්වැදෑරුම් වේ. “කටසී” යනු සොහොන්බිමයි. නැතිනම් මහපොළවමයි. එය නැවත නැවත මැරෙනවුන්ගේ ශරීර දැමීමෙන් ම වැඩෙන්නකි. “අලමෙව” යනු සුදුසුමය.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. පඨවීසුත‍්තවණ‍්ණනා

2. පඨවී සූත්‍ර වර්ණනාව

දුතියෙ මහාපථවින‍්ති චක‍්කවාළපරියන‍්තං මහාපථවිං. නික‍්ඛිපෙය්‍යාති තං පථවිං භින්‍දිත්‍වා වුත‍්තප‍්පමාණං ගුළිකං කරිත්‍වා එකමන‍්තං ඨපෙය්‍ය.

දෙවන සූත්‍රයේ “මහාපඨවිං” යනු සක්වළ කෙළවර වූ මහපොළවයි. “නික්ඛිපෙය්‍ය” යනු ඒ පොළව බිඳ, කියන ලද ප්‍රමාණයෙන් ගුළිකර පසෙකින් තබන්නේය.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. අස‍්සුසුත‍්තවණ‍්ණනා

3. අස්සු සූත්‍ර වර්ණනාව

තතියෙ කන්‍දන‍්තානන‍්ති සසද‍්දං රුදමානානං. පස‍්සන‍්නන‍්ති සන්‍දිතං පවත‍්තං. චතූසු මහාසමුද‍්දෙසූති සිනෙරුරස‍්මීහි පරිච‍්ඡින‍්නෙසු චතූසු මහාසමුද‍්දෙසු. සිනෙරුස‍්ස හි පාචීනපස‍්සං රජතමයං, දක‍්ඛිණපස‍්සං මණිමයං, පච‍්ඡිමපස‍්සං ඵලිකමයං, උත‍්තරපස‍්සං සුවණ‍්ණමයං. පුබ‍්බදක‍්ඛිණපස‍්සෙහි නික‍්ඛන‍්තා රජතමණිරස‍්මියො එකතො හුත්‍වා මහාසමුද‍්දපිට‍්ඨෙන ගන‍්ත්‍වා චක‍්කවාළපබ‍්බතං ආහච‍්ච තිට‍්ඨන‍්ති, දක‍්ඛිණපච‍්ඡිමපස‍්සෙහි නික‍්ඛන‍්තා මණිඵලිකරස‍්මියො, පච‍්ඡිමුත‍්තරපස‍්සෙහි නික‍්ඛන‍්තා ඵලිකසුවණ‍්ණරස‍්මියො, උත‍්තරපාචීනපස‍්සෙහි නික‍්ඛන‍්තා සුවණ‍්ණරජතරස‍්මියො එකතො හුත්‍වා මහාසමුද‍්දපිට‍්ඨෙන ගන‍්ත්‍වා චක‍්කවාළපබ‍්බතං ආහච‍්ච තිට‍්ඨන‍්ති. තාසං රස‍්මීනං අන‍්තරෙසු චත‍්තාරො මහාසමුද‍්දා හොන‍්ති. තෙ සන්‍ධාය වුත‍්තං “චතූසු මහාසමුද‍්දෙසූ”ති. ඤාතිබ්‍යසනන‍්තිආදීසු බ්‍යසනන‍්ති විඅසනං, විනාසොති අත්‍ථො. ඤාතීනං බ්‍යසනං ඤාතිබ්‍යසනං, භොගානං බ්‍යසනං භොගබ්‍යසනං. රොගො පන සයමෙව ආරොග්‍යං වියසති විනාසෙතීති බ්‍යසනං, රොගොව බ්‍යසනං රොගබ්‍යසනං.

තෙවන සූත්‍රයේ - “කන්දනත්තානං” යනු හඬන්නවුන්ගේය. “පස්සන්දං” යනු ගලායමින් පවතින යනුයි. “චතුසු මහා සමුද්දෙසු” යනු මහමෙරෙහි රශ්මියෙන් සීමාකළ සිවු සයුරෙහි. එහි පෙරදිග ප්‍රදේශය රිදීමය වේ. දකුණු ප්‍රදේශය මාණික්‍යමය වේ. බටහිර ප්‍රදේශය ස්ඵටිකමය වේ. උතුරු ප්‍රදේශය රන්මය වේ. පෙරදිගින් හා දකුණු දිගින් නික්මුණු රිදී -මැණික් රශ්මීහු එක්වී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. දකුණු -බටහිර ප්‍රදේශවලින් නික්මුණු මැණික්-ස්ඵටික රශ්මීහු ද බටහිර උතුරු ප්‍රදේශවලින් නික්මුණු ස්ඵටික - රන් රශ්මීහු ද උතුරු - පෙරදිග ප්‍රදේශවලින් නික්මුණු රන්රිදී රශ්මීහු ද එකට එකතුවී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. ඒ රශ්මීන්ගේ අතරෙහි මහා සමුද්‍රය වේ. ඒ සඳහා “සිවුමහා සයුරුවල” යනුවෙන් කියන ලදී. “ඥාති බ්‍යසනං” යනාදියෙහි ව්‍යසනය යනු වි+අසතං විනාශය - විපත යන අර්ථයි. ඥාතීන්ගේ විනාශය “ඤාතිබ්‍යසනං”. භෝගයන්ගේ විනාශය “භොගබ්‍යසනං” නම් වේ. රෝගය වනාහී තමාම “නිරෝගී බව නැතිකරයි. විනාශ කරයි” යන අර්ථයෙන් ව්‍යසනයකි. රෝගයේ ම විනාශය “රොග බ්‍යසනං” නම් වේ.

තතියං.

තෙවන සූත්‍රයයි.

4. මාතුථඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

4. මාතුථඤ්ඤ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ මාතුථඤ‍්ඤන‍්ති එකනාමිකාය මනුස‍්සමාතු ඛීරං. ඉමෙසඤ‍්හි සත‍්තානං ගණ‍්ඩුප‍්පාදකිපිල‍්ලිකාදීසු වා මච‍්ඡකච‍්ඡපාදීසු වා පක‍්ඛිජාතෙසු වා නිබ‍්බත‍්තකාලෙ මාතුඛීරමෙව නත්‍ථි, අජපසුමහිංසාදීසු නිබ‍්බත‍්තකාලෙ ඛීරං අත්‍ථි, තථා මනුස‍්සෙසු. තත්‍ථ අජාදිකාලෙ ච මනුස‍්සෙසු චාපි “දෙවී සුමනා තිස‍්සා”ති එවං නානානාමිකානං කුච‍්ඡියං නිබ‍්බත‍්තකාලෙ අග‍්ගහෙත්‍වා තිස‍්සාති එකනාමිකාය එව මාතු කුච‍්ඡියං නිබ‍්බත‍්තකාලෙ පීතං ථඤ‍්ඤං චතූසු මහාසමුද‍්දෙසු උදකතො බහුතරන‍්ති වෙදිතබ‍්බං.

සිවුවන සූත්‍රයේ - “මාතුථඤ්ඤං” යනු එකම නම් ඇති මිනිස් මවුන්ගේ කිරිය. ගැඩවිල්, කුහුඹු ආදීන්ගේ ද මත්ස්‍ය කැසුබු ආදීන්ගේ ද පක්ෂීන්ගේ ද උපදින කාලයේ ඒ මවුන්ට කිරි නැත. එළු, ගව, මී ආදීන්ගේ උපත් කාලයෙහි ම මවුට කිරි ඇත. මිනිසුන්ගේත් එසේමය. එහි එළු ආදී ආත්මවල දී ද මිනිසුන් අතර දී “දේවී”, “සුමනා”, “තිස්සා” යන මේ නොයෙක් නොයෙක් නම් ඇත්තියන්ගේ කුසෙහි උපන් කාලයන් ද අත්හැර, “තිස්සා” යන එකම නම් ඇති මෑණි කෙනෙකුගේ කුසෙහි උපන් කාලයේ බොනලද කිරි ප්‍රමාණය සිවුමහා සයුරේ දියටත් වඩා වැඩියයි දතයුතුයි.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. පබ‍්බතසුත‍්තවණ‍්ණනා

5. පබ්බත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සක‍්කා පන, භන‍්තෙති සො කිර භික‍්ඛු චින‍්තෙසි – “සත්‍ථා අනමතග‍්ගස‍්ස සංසාරස‍්ස දීඝතමත‍්තා ‘න සුකරං න සුකර’න‍්ති කථෙතියෙව, කථං නච‍්ඡින්‍දති, සක‍්කා නු ඛො උපමං කාරාපෙතු”න‍්ති. තස‍්මා එවමාහ. කාසිකෙනාති තයො කප‍්පාසංසූ එකතො ගහෙත්‍වා කන‍්තිතසුත‍්තමයෙන අතිසුඛුමවත්‍ථෙන. තෙන පන පරිමට‍්ඨෙ කිත‍්තකං ඛීයෙය්‍යාති. සාසපමත‍්තං.

පස්වන සූත්‍රයේ - “සක්කාපන භන්තෙ” යනු ඒ භික්ෂුව මෙසේ සිතුවේය යනුයි. ශාස්තෘන් වහන්සේ “පහසු නොවේ. පහසු නොවේ” යැයි දේශනා කරමින් ම කථාව නොසිඳින සේක. “මෙයට උපමාවක් කිරීමට හැකිද?”යි එනිසා අසන ලදී. “කාසිකෙන” යනු කපුපුළුන් තුනක් එකට ගෙන කඨින ලද නූලෙන් වියූ ඉතා සියුම් වස්ත්‍රයෙන්. ඉන් පිරිමැදි කල්හි කොපමණ ප්‍රමාණයක් ක්‍ෂය වන්නේ ද? අබ ඇටයක් පමණ.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. සාසපසුත‍්තවණ‍්ණනා

6. සාසප සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ආයසං නගරන‍්ති ආයසෙන පාකාරෙන පරික‍්ඛිත‍්තං නගරං, න පන අන‍්තො ආයසෙහි එකභූමිකාදිපාසාදෙහි ආකිණ‍්ණන‍්ති දට‍්ඨබ‍්බං.

සයවන සූත්‍රයේ “ආයසං නගරං” යනු යකඩින් කළ පවුරකින් වටකළ නුවරකි. එහි ඇතුලත යකඩින් කළ, එක් බිමක පිහිටි ප්‍රසාදවලින් ගැවසී ගත්තේ යැයි නොසැලකිය යුතුයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. සාවකසුත‍්තවණ‍්ණනා

7. සාවක සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අනුස‍්සරෙය්‍යුන‍්ති එකෙන කප‍්පසතසහස‍්සෙ අනුස‍්සරිතෙ අපරො තස‍්ස ඨිතට‍්ඨානතො අඤ‍්ඤං සතසහස‍්සං, අඤ‍්ඤොපි අඤ‍්ඤන‍්ති එවං චත‍්තාරොපි චත‍්තාරිසතසහස‍්සානි අනුස‍්සරෙය්‍යුං.

සත්වන සූත්‍රයේ “අනුස්සරෙය්‍යුං” යනු එක් අයෙක් කල්ප ලක්‍ෂ ගණනක් සිහිකළ කල්හි, වෙන අයෙක් ඔහු සිටින සිට තවත් කල්ප ලක්‍ෂයක් ද, එතැන් සිට තව අයෙක් කල්ප ලක්ෂයක් ද එසේම තව අයෙක් කල්ප ලක්‍ෂයක් ද යන ක්‍රමයෙන් සිවු දෙනෙක් සාර ලක්‍ෂයක් කල්පයන් පිළිබඳව සිහිපත් කරන්නේය යනුයි.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. ගඞ‍්ගාසුත‍්තවණ‍්ණනා

8. ගඞ්ගා සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ යා එතස‍්මිං අන‍්තරෙ වාලිකාති යා එතස‍්මිං ආයාමතො පඤ‍්චයොජනසතිකෙ අන‍්තරෙ වාලිකා.

අටවන සූත්‍රයේ “යා එතස්මිං අන්තරෙ වාලිකා” යනු යම් මේ දෙක අතර දිගින් පන්සීයක් යොදුන් අතරමග වූ වැලිය.

අටවන සූත්‍රයයි.

9. දණ‍්ඩසුත‍්තවණ‍්ණනා

9. දණ්ඩ සූත්‍ර වර්ණනාව

නවමෙ වත‍්තබ‍්බං නත්‍ථි.

නවවන සූත්‍රයේ කිවයුත්තක් නැත.

නවවන සූත්‍රයයි.

10. එකපුග‍්ගලසුත‍්තවණ‍්ණනා

10. එකපුග්ගල සූත්‍ර වර්ණනාව

දසමෙ අට‍්ඨිකඞ‍්කලොතිආදීනි තීණිපි රාසිවෙවචනානෙව. ඉමෙසං පන සත‍්තානං සඅට‍්ඨිකාලතො අනට‍්ඨිකාලොව බහුතරො. ගණ‍්ඩුප‍්පාදකාදිපාණභූතානඤ‍්හි එතෙසං අට‍්ඨිමෙව නත්‍ථි, මච‍්ඡකච‍්ඡපාදිභූතානං පන අට‍්ඨිමෙව බහුතරං, තස‍්මා අනට‍්ඨිකාලඤ‍්ච බහුඅට‍්ඨිකාලඤ‍්ච අග‍්ගහෙත්‍වා සමට‍්ඨිකාලොව ගහෙතබ‍්බො. උත‍්තරො ගිජ‍්ඣකූටස‍්සාති ගිජ‍්ඣකූටස‍්ස උත‍්තරපස‍්සෙ ඨිතො. මගධානං ගිරිබ‍්බජෙති මගධරට‍්ඨස‍්ස ගිරිබ‍්බජෙ, ගිරිපරික‍්ඛෙපෙ ඨිතොති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දසවන සූත්‍රයේ - “අට්ඨිකංකළො” යනාදියෙහි තුන් පදයම “රාශි” යන්නට යෙදුණු සමාන වදන්ය. මේ සත්ත්වයන්ගේ ඇට සහිතව උපදින කාලයට වඩා ඇට නැතිව උපදින කාලයම ඉතා වැඩි වේ. ගැඩිවිල් ආදී ප්‍රාණීන් ලෙස උපන්විට ඔවුන්ට ඇට නැත. මත්ස්‍ය, කැසබු ආදී වූ සත්ත්වයන්ගේ ඇට බොහෝය. එනිසා මෙකී ඇට නැති ආත්මභාවත් ඇට බොහෝ ඇති ආත්මභාවත් අත්හැර, මධ්‍යම ප්‍රමාණ වූ අල්ප ඇට ඇති කාලය ම මෙම සූත්‍රයේ දී අදහස් කළ යුතුයි. “උත්තරො ගිජ්ඣකූටස්ස” යනු ගිජුකුළු පවුවෙහි උතුරු දෙස සිටියේ. “මගධානං පරිබ්බජෙ” යනු මගධ රටේ ගිරිබ්බජ නම් පුරාණ රාජධානියේය. පර්වත බෑවුමෙහි (පරික්‍ෂේපයෙහි) පිහිටියේය යන අර්ථයි. මෙහි ඉතිරි පද සියලෙහි අර්ථ ඉතා ප්‍රකටය.

දසමං.

දසවන සූත‍්‍රය යි.

පඨමො වග‍්ගො.

පළමු වර්ගය නිමියේය.