යෙදුමෙන් කියවන්න

සාවකසුත‍්තං

3. 1. 7.

3. 1. 7.

සාවකසුත‍්තං

සාවක සූත්‍රය

270. සාවත්‍ථියං–

270. සැවැත්නුවර–

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. -පෙ- එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං “කීවබහුකා නු ඛො භන‍්තෙ, කප‍්පා අබ‍්භතීතා අතික‍්කන‍්තා”ති?

එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද”

බහුකා ඛො භික‍්ඛවෙ, කප‍්පා අබ‍්භතීතා අතික‍්කන‍්තා. තෙ න සුකරා සඞ‍්ඛාතුං එත‍්තකා කප‍්පා ඉති වා, එත‍්තකානි කප‍්පසතානි ඉති වා, එත‍්තකානි කප‍්පසහස‍්සානි ඉති වා, එත‍්තකානි කප‍්පසතසහස‍්සානි ඉති වාති. සක‍්කා පන භන‍්තෙ, උපමං කාතුන‍්ති? සක‍්කා භික‍්ඛවොති භගවා අවොච. ඉධස‍්සු භික‍්ඛවෙ, චත‍්තාරො සාවකා වස‍්සසතායුකා වස‍්සසතජීවිනො. තෙ දිවසෙ දිවසෙ කප‍්පසතසහස‍්සං කප‍්පසතසහස‍්සං අනුස‍්සරෙය්‍යුං. අනනුස‍්සරිතාව භික‍්ඛවෙ, තෙහි කප‍්පා අස‍්සු. අථ ඛො තෙ චත‍්තාරො සාවකා වස‍්සසතායුකා වස‍්සසතජීවිනො වස‍්සසතස‍්ස අච‍්චයෙන කාලං කරෙය්‍යුං.

මහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දැයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවෑමෙන් කලුරිය කරන්නාහු ය.

එවං බහුකා ඛො භික‍්ඛවෙ, කප‍්පා අබ‍්භතීතා අතික‍්කන‍්තා. තෙ න සුකරා සඞ‍්ඛාතුං එත‍්තකා කප‍්පා ඉති වා, එත‍්තකානි කප‍්පසතානි ඉති වා, එත‍්තකානි කප‍්පසහස‍්සානි ඉති වා, එත‍්තකානි කප‍්පසතසහස‍්සානි ඉති වා. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.