යෙදුමෙන් කියවන්න

සාසපසුත‍්තං

3. 1. 6.

3. 1. 6.

සාසපසුත‍්තං

සාසප සූත්‍රය

269. සාවත්‍ථියං–

269. සැවැත්නුවර–

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “කීවදීඝො නු ඛො භන‍්තෙ, කප‍්පො”ති?

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේය ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, “කල්පය කෙතෙක් දිග ද?

දීඝො ඛො භික‍්ඛු කප‍්පො. සො න සුකරො සංඛාතුං එත‍්තකානි වස‍්සානීති වා -පෙ- එත‍්තකානි වස‍්සසතසහස‍්සානීති වාති. සක‍්කා පන භන‍්තෙ, උපමං කාතුන‍්ති? සක‍්කා භික‍්ඛූති භගවා අවොච. සෙය්‍යථාපි භික‍්ඛු ආයසං නගරං යොජනං ආයාමෙන යොජනං විත්‍ථාරෙන යොජනං උබ‍්බෙධෙන පුණ‍්ණං සාසපානං චූලිකාබද‍්ධං, තතො පුරිසො වස‍්සසතස‍්ස වස‍්සසතස‍්ස අච‍්චයෙන එකමෙකං සාසපං උද‍්ධරෙය්‍ය. ඛිප‍්පතරං ඛො සො භික‍්ඛු මහාසාසපරාසි ඉමිනා උපක‍්කමෙන පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය, න ත්‍වෙව කප‍්පො.

මහණ, කල්පය දිගය. එය මෙතෙක් වසැ යි හෝ … මෙතෙක් වස් සියදහසැයි හෝ ගණනට සුකර නොවේ වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ දිගින් යොදුනක් වූ පුළුලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ අබැටින් සිළු බැද පිරුණු යපවුරෙන් පිරිකෙවු නුවරෙක් වේද, පුරුෂයෙක් සියවස් සියවස් ඇවෑමෙන් එයින් එක් එක් අබැටක් උදුරන්නේද, මහණ, ඒ මහත් අබැටරැස මේ උපක්‍රමයෙන් ඉතා වහා ගෙවීමට නිමාවට යන්නේ ය. කල්පය(එසේ ගෙවීමට) නො ම යන්නේ ය.

එවං දීඝො ඛො භික‍්ඛු, කප‍්පො. එවං දීඝානං ඛො භික‍්ඛු, කප‍්පානං නෙකො කප‍්පො සංසිතො. නෙකං කප‍්පසතං සංසිතං, නෙකං කප‍්පසහස‍්සං සංසිතං. නෙකං කප‍්පසතසහස‍්සං සංසිතං. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛු සංසාරො -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

මහණ, මෙසේ කල්පය දිගය. මහණ, මෙසේ දික් වූ කල්පයන් අතුරෙන් ගෙවුනේ එක් කපෙක් නො වෙයි. ගෙවුනේ කප්සියෙක් නො වෙයි. ගෙවුනේ කප් දහසෙක් නො වෙයි. ගෙවුනේ කප් සියදහසෙක් නොවේ. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍රය ... එයින් මිදෙන්නට නිසි මැ යි.