පබ්බතසුත්තං
3. 1. 5.
3. 1. 5.
පබ්බතසුත්තං
පබ්බත සූත්‍රය
268. සාවත්ථියං–
268. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “කීවදීඝො නු ඛො භන්තෙ, කප්පො”ති?
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “වහන්ස, කල්පය කෙතෙක් දිගු දෝ” යි.
දීඝො ඛො භික්ඛු, කප්පො. සො න සුකරො සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වාති. සක්කා පන භන්තෙ, උපමං කාතුන්ති? සක්කා භික්ඛූති භගවා අවොච. සෙය්යථාපි භික්ඛු, මහාසෙලො පබ්බතො යොජනං ආයාමෙන, යොජනං විත්ථාරෙන, යොජනං උබ්බෙධෙන, අච්ඡිද්දො අසුසිරො එකඝනො. තමෙනං පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන කාසිකෙන වත්ථෙන සකිං සකිං පරිමජ්ජෙය්ය. ඛිප්පතරං ඛො සො භික්ඛු මහාසෙලො පබ්බතො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, න ත්වෙව කප්පො.
මහණ, කල්පය දිග ය. එය මෙතෙක් වසැයි හෝ මෙතෙක් වස් සියයෙකැ යි හෝ මෙතෙක් වස් දහසෙකැ යි හෝ මෙතෙක් වස් සියදහසෙකැ යි හෝ ගිණීමට සුකර නො වේ. වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ අයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ උසින් යොදුනක් වු සිදුරු රහිත විවර රහිත ගතබොල් මහසෙල් මුවා පව්වෙක් වේ ද, එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසීසළුවෙකින් වරින්වර පිරිමදනේ ද, මහණ, මේ උපක්‍රමයෙන් ඒ මහසෙල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. කල්පය (එතෙක්) අවසනට නො යන්නේ ය.
එවං දීඝො ඛො භික්ඛු, කප්පො. එවං දීඝානං ඛො භික්ඛු, කප්පානං නෙකො කප්පො සංසිතො නෙකං කප්පසතං සංසිතං, නෙකං කප්පසහස්සං සංසිතං, නෙකං කප්පසතසහස්සං සංසිතං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛු සංසාරො. -පෙ- අලං විමුච්චිතුන්ති.
මහණ, මෙසේ කල්පය දීර්ඝ ය. මහණ, මෙසේ දීර්ඝ වූ කල්පයන් අතුරෙන් ස්‍රස්රස්තවූයේ - ගෙවීගියේ එක්කපෙක් නො වෙයි. ගෙවීගියේ කප්සියෙක් නො වෙයි. ගෙවීගියේ කප්දහසෙක් නො වෙයි ගෙවීගියේ කප්සියදහසෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්ර වෙයි ... (එයින්) මිදෙන්නට නිසි මැ යි.