මාතුථඤ්ඤසුත්තං
3. 1. 4.
3. 1. 4.
මාතුථඤ්ඤසුත්තං
මාතුථඤ්ඤ සූත්‍රය
267. සාවත්ථියං–
267. සැවැත්නුවර–
අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
මහණෙනි, මෙ සසර නො පිරිසුන් අග ඇතියේ ය, අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල් කෙළවර නො පෙණේ. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? මේ දිගුකල දිවෙන සැරිසරණ තොප විසින් (එක්නම් ඇති මිනිස්) මවකගේ යම් කිරක් පූ ද, සිවුමහ සමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි ද?
“යථා ඛො මයං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, නත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක”න්ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය අපි යම් සේ දනිමු නම්, මේ දිගුකල් දිවෙන සැරිසරණ අප විසින් යම් මව් කිරෙක් බොන ලද ද, වහන්ස, මෙය ම ඉතා වැඩිය. සිවු මහ සමුදුරෙහි දිය නො වැඩිය.
සාධු සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, නත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, මා විසින් දේශනා කරණ ලද ධර්මය තෙපි මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල් දිවෙන සැරිසරණ තොප විසින් යම් මවුකිරෙක් පූ නම්, එය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි දිය නො වැඩි ය. ඒ කුම් හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය ... මිදෙන්නට සුදුසුමැ යි.