යෙදුමෙන් කියවන්න

අස‍්සුසුත‍්තං

3. 1. 3.

3. 1. 3.

අස‍්සුසුත‍්තං

අස්සු සූත්‍රය

266. සාවත්‍ථියං–

266. සැවැත්නුවර–

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. “දීඝරත‍්තං වො භික‍්ඛවෙ, දුක‍්ඛං පච‍්චනුභූතං”. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ කතමන‍්නු ඛො බහුතරං යං වා ඛො ඉමිනා දීඝෙන අද‍්ධුනා සන්‍ධාවතං සංසරතං අමනාපසම‍්පයොගා මනාපවිප‍්පයොගා කන්‍දන‍්තානං රුදන‍්තානං අස‍්සු පස‍්සන‍්නං පග‍්ඝරිතං, යං වා චතූසු මහාසමුද‍්දෙසු උදකන‍්ති?

මහණෙනි, මේ සසර අවිච්ඡින්න වූ පශ්චිම සීමා ඇතියේ යි. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) ධාවත් සංසරත් සත්‍වයන්ගේ පූර්‍වසීමා නො පෙණේ. මහණෙනි, තොප විසින් දිගුකලක් දුක් විඳින ලදී. ඒ කිමැ යි හඟිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වේද, සිවුමහසමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?

“යථා ඛො මයං භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාම, එතදෙව භන‍්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද‍්ධුනා සන්‍ධාවතං සංසරතං අමනාපසම‍්පයොගා මනාපවිප‍්පයොගා කන්‍දන‍්තානං රොදන‍්තානං අස‍්සු පස‍්සන‍්නං පග‍්ඝරිතං, යං වා චතූසු මහාසමුද‍්දෙසු උදකන‍්ති?

වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය යම් සේ දනිමු නම්, මේ දිගුකල දිවෙත්. දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන අපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී ද, වහන්ස, මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය.

සාධු සාධු භික‍්ඛවෙ, සාධු ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ, එවං ධම‍්මං දෙසිතං ආජානාථ. එතදෙව භික‍්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද‍්ධුනා සන්‍ධාවතං සංසරතං අමනාපසම‍්පයොගා මනාපවිප‍්පයොගා කන්‍දන‍්තානං රුදන‍්තානං අස‍්සු පස‍්සන‍්නං පග‍්ඝරිතං, න ත්‍වෙව චතූසු මහාසමුද‍්දෙසු උදකං. දීඝරත‍්තං වො භික‍්ඛවෙ, මාතුමරණං පච‍්චනුභූතං. [එතදෙව භික‍්ඛවෙ බහුතරං යං] තෙසං වො මාතුමරණං පච‍්චනුභොන‍්තානං අමනාපසම‍්පයොගා මනාපවිප‍්පයොගා කන්‍දන‍්තානං රුදන‍්තානං අස‍්සු පස‍්සන‍්නං, පග‍්ඝරිතං. න ත්‍වෙව චතූසු මහාසමුද‍්දෙසු උදකං. දීඝරත‍්තං වො භික‍්ඛවෙ පි පිතුමරණං පච‍්චනුභූතං -පෙ- භාතුමරණං පච‍්චනුභූතං -පෙ- භගිනිමරණං පච‍්චනුභූතං -පෙ- පුත‍්තමරණං පච‍්චනුභූතං -පෙ- ධීතුමරණං පච‍්චනුභූතං -පෙ- ඤාතිව්‍යසනං පච‍්චනුභූතං -පෙ- භොගව්‍යසනං පච‍්චනුභූතං -පෙ- රොගව්‍යසනං පච‍්චනුභූතං -පෙ- තෙසං වො රොගව්‍යසනං පච‍්චනුභොන‍්තානං අමනාපසම‍්පයොගා මනාපවිප‍්පයොගා කන්‍දන‍්තානං රුදන‍්තානං අස‍්සු පස‍්සන‍්නං පග‍්ඝරිතං. න ත්‍වෙව චතූසු මහාසමුද‍්දෙසු උදකං. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- යාවඤ‍්චිදං භික‍්ඛවෙ, අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං, අලං විරජ‍්ජිතුං, අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්‍මය මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, තොප විසින් දිගුකලක් මවු මළ දුක විඳිනලදී. මහණෙනි, මවු මළ දුක විඳින අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුණු වැගුරුණු යම් කඳුලෙක් වී නම් එය ඉබොහෝමය. සිවුමහසමුදුරෙහි දිය නොබොහෝමය. මහණෙනි, තොප විසින් දිගුකලක් පියා මළ දුක විඳින ලදි ... බෑයා මළ දුක විඳින ලදි ... බුහුන මළ දුක විඳින ලදි ... පුතු මළ දුක විඳින ලදි ... දූ මළ දුක විඳින ලදි ... ඥාතිව්‍යසන විඳින ලදි ... භෝගව්‍යසන විඳින ලදි ... රෝගව්‍යසන විඳින ලදි … රෝගව්‍යසනය විඳින්නා වූ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුනු වැගුරුණු කඳුලු ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි දිය නො ම වැඩි ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ සසර නො පිරිසුන් කෙළවර ඇතියේ ය ... මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.