පඨවීසුත්තං
3. 1. 2.
3. 1. 2.
පඨවීසුත්තං
පඨවී සූත්‍රය
265. සාවත්ථියං–
265. සැවැත්නුවර–
අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ඉමං මහාපඨවිං කොලට්ඨිකමත්තං කොලට්ඨිකමත්තං ගුළිකං කරිත්වා නික්ඛිපෙය්ය, අයං මෙ පිතා, තස්ස මෙ පිතු අයං පිතාති. අපරියාදින්නාව ඛො භික්ඛවෙ තස්ස පුරිසස්ස පිතු පිතරො අස්සු. අථායං මහාපඨවී පරික්ඛයං පරියාදින්නං ගච්ඡෙය්ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
මහණෙනි, මේ සසර අමතවූ - නොදත් අග් ඇතියේයි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල නො පැණේ. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මේ මහපොළොව ඩෙබර ඇට පමණ ඩෙබර ඇට පමණ ගුළි කොට “මේ මගේ පියා ය, මේ මගේ ඒ පියාගේ පියා ය” යි තබන්නේ ද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියාගේ පියහු නො පිරිසිදින ලද්දාහු ම වන්නාහ වැලි, මේ මහපොළොව ගෙවීමට අවසන් වීමට යන්නේය. ඒ කුම් හෙයින? යත්: මහණෙනි, මේ සසර අවිදිත වූ අග ඇතියේ යි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ මුල නො පෙණේ. (එහෙයිනි.)
එවං දීඝරත්තං වො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්යසනං පච්චනුභූතං, කටසි වඩ්ඪිතා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් ම දුක් විඳින ලදී, තියුණු දුක් විඳින ලදි, ව්‍යසන විඳින ලදී, සොහොන හෝ පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.