යෙදුමෙන් කියවන්න

තිණකට‍්ඨසුත‍්තං

3. 1. 1.

3. 1. 1.

තිණකට‍්ඨසුත‍්තං

තිණකට්ඨ සූත්‍රය

264. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

264. සැවැත්නුවර - මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො, පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො යං ඉමස‍්මිං ජම‍්බුදීපෙ තිණකට‍්ඨසාඛාපලාසං, තං ඡෙත්‍වා එකජ‍්ඣං සංහරෙය්‍ය, එකජ‍්ඣං සංහරිත්‍වා චතුරඞ‍්ගුලං චතුරඞ‍්ගුලං ඝටිකං කරිත්‍වා නික‍්ඛිපෙය්‍ය, අයං මෙ මාතා, තස‍්සා මෙ මාතු අයං මාතාති. අපරියාදින‍්නාව භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස මාතු මාතරො අස‍්සු. අථ ඉමස‍්මිං ජම‍්බුදීපෙ තිණකට‍්ඨසාඛාපලාසං පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ සංසාරො. පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං.

මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වකෝටිය (පූර්‍වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට “මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය” යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණේ.

එවං දීඝරත‍්තං වො භික‍්ඛවෙ දුක‍්ඛං පච‍්චනුභූතං, තිබ‍්බං පච‍්චනුභූතං, ව්‍යසනං පච‍්චනුභූතං, කටසි වඩ‍්ඪිතා. යාවඤ‍්චිදං භික‍්ඛවෙ, අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං, අලං විරජ‍්ජිතුං, අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්‍යසනාදි) ව්‍යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.