යෙදුමෙන් කියවන්න

තතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

2. 4. 10.

2. 4. 10.

තතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

තෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය

263. සාවත්‍ථියං–

263. සැවැත්නුවර–

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා පඨවීධාතුං නප‍්පජානන‍්ති, පඨවීධාතුසමුදයං නප‍්පජානන‍්ති, පඨවීධාතුනිරොධං නප‍්පජානන‍්ති, පඨවීධාතුනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති -පෙ- ආපොධාතුං නප‍්පජානන‍්ති -පෙ- තෙජොධාතුං නප‍්පජානන‍්ති -පෙ- වායොධාතුං නප‍්පජානන‍්ති, වායොධාතුසමුදයං නප‍්පජානන‍්ති, වායොධාතුනිරොධං නප‍්පජානන‍්ති, වායොධාතුනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති, නමෙතෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

මහණෙනි, යම් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව නො දනිද්ද, පඨවීධාතු සමුදය නො දනිද්ද, පඨවීධාතු නිරෝධය නො දනිද්ද, පඨවීධාතු නිරෝධගාමිනී පටිපදාව නො දනිද්ද ... ආපෝධාතුව නො දනිද්ද ... තේජෝධාතුව නො දනිද්ද … වායෝධාතුව නො දනිද්ද, වායෝධාතුසමුදය නො දනිද්ද, වායෝධාතුනිරෝධය නො දනිද්ද, වායෝධාතු නිරොධගාමිනී පටිපදාව නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට (එයට) පැමිණ නො ද වෙසෙති.

යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා පඨවීධාතුං පජානන‍්ති, පඨවීධාතුසමුදයං පජානන‍්ති, පඨවීධාතුනිරොධං පජානන‍්ති පඨවීධාතුනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති -පෙ- ආපොධාතුං -පෙ- තෙජොධාතුං -පෙ- වායොධාතුං පජානන‍්ති, වායොධාතුසමුදයං පජානන‍්ති, වායොධාතුනිරොධං පජානන‍්ති, වායොධාතුනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති, තෙ ච ඛො මෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව දනිද්ද, පඨවීධාතුසමුදය දනිද්ද, පඨවීධාතුනිරෝධය දනිද්ද, පඨවීධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව දනිද්ද, වායෝධාතුසමුදය දනිද්ද, වායෝධාතුනිරෝධය දනිද්ද, වායෝධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණහ යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.

චතුධාතුවග‍්ගො චතුත්‍ථො.

චතුධාතු වර්‍ගය සිවුවැනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

චතුධාතුපුබ‍්බඅස‍්සාදා නො චෙදං ච දුක‍්ඛෙන ච, අභිනන්‍දනඤ‍්ච උප‍්පාදං තයො සමණබ්‍රාහ‍්මණාති.

චතුධාතු, පුබ්බ, අස්සාද, නෝචේදං, දුක්ඛ, අභිනන්‍දන, උප්පාද යන සූත්‍ර හා සමානබ්‍රහ්මණ සූත්‍ර තුණ දැ යි සූත්‍ර දශයෙකි.

ධාතුසංයුත‍්තං සමත‍්තං.

ධාතුසංයුත්තය නිමියේ ය.