4. චතුධාතුවග්ගො අට්ඨකථා
4. චතුධාතු වර්ගය
1. චතුධාතුසුත්තවණ්ණනා
1. චතුධාතු සූත්‍ර වර්ණනාව
චතුත්ථවග්ගස්ස පඨමෙ පථවීධාතූති පතිට්ඨාධාතු. ආපොධාතූති ආබන්ධනධාතු. තෙජොධාතූති පරිපාචනධාතු. වායොධාතූති විත්ථම්භනධාතු. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන වීසතිකොට්ඨාසාදිවසෙන එතා කථෙතබ්බා.
සතරවන වර්ගයේ පළමු සූත්‍රයේ “පඨවි ධාතු” යනු පිහිටන ධාතුවයි. “ආපෝ ධාතු” යනු එකට බැඳෙන ධාතුවයි. “තෙජෝ ධාතු” යනු මෝරා යන ධාතුවයි. “වායෝ ධාතු” යනු පුම්බවන ධාතුවයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. සවිස්තර ලෙස විසි කොට්ඨාසි වශයෙන් කිව යුතුයි.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. පුබ්බසුත්තවණ්ණනා
2. පුබ්බ සූත්‍ර වර්ණනාව
දුතියෙ අයං පථවීධාතුයා අස්සාදොති අයං පථවීධාතුනිස්සයො අස්සාදො. ස්වායං කායං අබ්භුන්නාමෙත්වා උදරං පසාරෙත්වා, “ඉධ මෙ අඞ්ගුලං පවෙසිතුං වායමථා”ති වා හත්ථං පසාරෙත්වා, “ඉමං නාමෙතුං වායමථා”ති වා වදති, එවං පවත්තානං වසෙන වෙදිතබ්බො. අනිච්චාතිආදීසු හුත්වා අභාවාකාරෙන අනිච්චා, පටිපීළනාකාරෙන දුක්ඛා, සභාවවිගමාකාරෙන විපරිණාමධම්මා. අයං පථවීධාතුයා ආදීනවොති යෙන ආකාරෙන සා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයමාකාරො පථවීධාතුයා ආදීනවොති අත්ථො. ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානන්ති නිබ්බානං ආගම්ම පථවීධාතුයා ඡන්දරාගො විනීයති චෙව පහීයති ච, තස්මා නිබ්බානමස්සා නිස්සරණං.
දෙවන සූත්‍රයේ “අයං පඨවි ධාතුයා අස්සාදෝ” යනු මේ පඨවි ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු මේ කය ඉතා උස්කර, උදරය දිගහැර “මෙහි මගේ ඇගිල්ල පිවිසවීමට වෑයම් කරවූ” කියා හෝ අත දිගහැර “මෙය නැවීමට වෑයම් කරවු” කියා හෝ පවසයි. මෙසේ පවතින ආශ්වාදයයි. “අනිච්චා” යනාදියෙහි - පැවතී විනාශවන අර්ථයෙන් “අනිච්චා” නම් වේ. පෙලීමට ලක්වන ආකාරයෙන් “දුක්ඛා”. ස්වභාවය වෙනස්වන ආකාරයෙන් “විපරිණාම ධම්මා”. “අයං පඨවි ධාතුයා ආදීනවො” යනු යම් අයුරකින් මෙය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වන්නේ ද මෙලෙසින් පඨවි ධාතුවේ ආදීනව ද දතයුතුයි. “ඡන්දරාග විනයො ඡන්දරාගප්පහාණං” යන නිවණට පැමිණ පඨවි ධාතුවෙන් ඡන්දරාගය දුරුකරයි. එසේම ප්‍රහීණ කරයි. එනිසා නිර්වාණය යනු ඉන් නිදහස් වීමයි.
අයං ආපොධාතුයා අස්සාදොති අයං ආපොධාතුනිස්සයො අස්සාදො. ස්වායං අඤ්ඤං ආපොධාතුයා උපද්දුතං දිස්වා, “කිං අයං නිපන්නකාලතො පට්ඨාය පස්සාවට්ඨානාභිමුඛො නික්ඛමති චෙව පවිසති ච, අප්පමත්තකම්පිස්ස කම්මං කරොන්තස්ස සෙදතින්තං වත්ථං පීළෙතබ්බතාකාරං පාපුණාති, අනුමොදනමත්තම්පි කථෙන්තස්ස තාලවණ්ටං ගණ්හිතබ්බං හොති, මයං පන සායං නිපන්නා පාතොව උට්ඨහාම, මාසපුණ්ණඝටො විය නො සරීරං, මහාකම්මං කරොන්තානං සෙදමත්තම්පි නො න උප්පජ්ජති, අසනිසද්දෙන විය ධම්මං කථෙන්තානං සරීරෙ උසුමාකාරමත්තම්පි නො නත්ථී”ති එවං පවත්තානං වසෙන වෙදිතබ්බො.
“අයං ආපොධාතුයා අස්සාදො” යනු මේ ආපෝධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු මේ ආපෝ ධාතුවේ උපද්‍රව දැක “මෙය උපන් දවස සිටම මුත්‍ර ලෙස ම නිමෙන්නේ ද පිවිසෙන්නේ ද වේ. අල්පමාත්‍ර වූ ද ක්‍රියාවක් කරන්නාගේ දහඩියෙන් තෙත්වූ වස්ත්‍ර පීඩාවක් වේ. අනුමෝදනා දේශනාව පැවැත්වීමේදීත් තල්පතක් ගතයුතු වේ. මේ කිම්ද? අපි වනාහී සවස නිදාගෙන උදේම නැගිටින්නෙමු. අපගේ සිරුර පිරුණු කළයක් මෙන් මැනවින් පවතියි. මහත් වූ වෙහෙස ඇතිකරන කටයුත්තක් සිදුකළේ නමුත් දහඩිය මාත්‍රයක් වත් නූපදී. හෙනහඬ මෙන් ධර්මදේශනා කළත් ශරිරයේ වන උණුසුම් මාත්‍රයක්වත් අපට නැත”යි මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි.
අයං තෙජොධාතුයා අස්සාදොති අයං තෙජොධාතුනිස්සයො අස්සාදො. ස්වායං සීතගහණිකෙ දිස්වා, “කිං ඉමෙ කිඤ්චිදෙව යාගුභත්තඛජ්ජමත්තං අජ්ඣොහරිත්වා ථද්ධකුච්ඡිනො නිසීදිත්වා සබ්බරත්තිං අඞ්ගාරකටාහං පරියෙසන්ති, ඵුසිතමත්තෙසුපි සරීරෙ පතිතෙසු අඞ්ගාරකටාහං ඔත්ථරිත්වා පාරුපිත්වාව නිපජ්ජන්ති? මයං පන අතිථද්ධම්පි මංසං වා පූවං වා ඛාදාම, කුච්ඡිපූරං භත්තං භුඤ්ජාම, තාවදෙව නො සබ්බං ඵෙණපිණ්ඩො විය විලීයති, සත්තාහවද්දලිකාය වත්තමානාය සරීරෙ සීතානුදහනමත්තම්පි නො නත්ථී”ති එවං පවත්තානං වසෙන වෙදිතබ්බො.
“අයං තේජෝ ධාතුයා අස්සාදො” යනු මේ තේජෝ ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු ශීතලෙන් ගැහෙන අයෙකු දැක මෙසේ කියයි. “කිම මොවුහු කිසියම් කැඳ, බත්, කැවිලි ආදියක් ගිල දමා, තද වූ කුසක් ඇතිව හිඳ, මුළු රෑම අඟුරු කබල් සොයති. ශරීරයේ ස්පර්ශ කළ පමණින් ම අගුරු කටාරමට බැස පොරවාගෙන මෙන් නිදාගනිති. අපි වනාහී ඉතා තදවූ මස් හෝ කැවිලි හෝ කමු. කුස පිරෙන්න බත් කමු. එකෙණෙහිම අප සිරුරට ඇතුලු වූ එම ආහාර කෙළපිඩක් මෙන් දියවේ. සතියක් අහස වැහි වළාකුලින් වැසී තිබුණත් අප සිරුරෙහි මද සීතලකුදු නැත්තේත්ය. “මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි.
අයං වායොධාතුයා අස්සාදොති අයං වායොධාතුනිස්සයො අස්සාදො. ස්වායං අඤ්ඤෙ වාතභීරුකෙ දිස්වා, “ඉමෙසං අප්පමත්තකම්පි කම්මං කරොන්තානං අනුමොදනමත්තම්පි කථෙන්තානං සරීරං වාතො විජ්ඣති, ගාවුතමත්තම්පි අද්ධානං ගතානං හත්ථපාදා සීදන්ති, පිට්ඨි රුජ්ජති, කුච්ඡිවාතසීසවාතකණ්ණවාතාදීහි නිච්චුපද්දුතා තෙලඵාණිතාදීනි වාතභෙසජ්ජානෙව කරොන්තා අතිනාමෙන්ති, අම්හාකං පන මහාකම්මං කරොන්තානම්පි තියාමරත්තිං ධම්මං කථෙන්තානම්පි එකදිවසෙනෙව දස යොජනානි ගච්ඡන්තානම්පි හත්ථපාදසංසීදනමත්තං වා පිට්ඨිරුජ්ජනමත්තං වා න හොතී”ති, එවං පවත්තානං වසෙන වෙදිතබ්බො. එවං පවත්තා හි එතා ධාතුයො අස්සාදෙන්ති නාම.
“අයං වායෝ ධාතුයා අස්සාදෝ” යනු මේ වායෝ ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු සෙසු වාතයෙන් ආබාධිත වූවන් දැක මෙසේ කියයි. “මොවුහු අල්ප වූ කාර්යයක් කළත්, අනුමෝදනා දේශනාව පමණක් කළත් සිරුරෙහි වාතය කිපෙයි. ගවුවක් පමණ මාර්ගයේ ඇවිද ගියවුන්ගේ අත්පා රිදේ. පිට වේදනා දෙයි. කුසේ වාතය, හිසේ වාතය, කණේ වාතය නිතර උපද්‍රව දෙයි. තෙල්, පැණි ආදියෙන් නිතර වාතයට බෙහෙත් ගනිමින් වෙසේ. අපි මහත් වූ කටයුතු කරමු. තුන් යම් රාත්‍රියෙහිම ධර්ම දේශනා කරන්නෙමු. එක්දිනම යොදුන් දහයක් දුර වුවත් යන්නෙමු. අපගේ අත්පා රිදීමක් හෝ වෙහෙසීමක්, පිට රිදීමක් නොවේමය.” මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි. මෙලෙස පැවතීම එම ධාතූන්ගේ ආශ්වාද කිරීමයි.
අබ්භඤ්ඤාසින්ති අභිවිසිට්ඨෙන ඤාණෙන අඤ්ඤාසිං. අනුත්තරං සම්මාසම්බොධින්ති උත්තරවිරහිතං සබ්බසෙට්ඨං සම්මා සාමඤ්ච බොධිං, අථ වා පසත්ථං සුන්දරඤ්ච බොධිං. බොධීති රුක්ඛොපි මග්ගොපි සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි නිබ්බානම්පි. “බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො”ති (මහාව· 1; උදා· 1) ච “අන්තරා ච බොධිං අන්තරා ච ගය”න්ති (මහාව· 11; ම·නි· 1.285) ච ආගතට්ඨානෙසු හි රුක්ඛො බොධීති වුච්චති. “බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණ”න්ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) ආගතට්ඨානෙ මග්ගො. “පප්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) ආගතට්ඨානෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං. “පත්වාන බොධිං අමතං අසඞ්ඛත”න්ති ආගතට්ඨානෙ නිබ්බානං. ඉධ පන භගවතො අරහත්තමග්ගො අධිප්පෙතො.
“අබ්භඤ්ඤාසිං” යනු ඉතා විශේෂ ඥානයෙන් දැනගත් යනුයි. “අනුත්තරං සම්මා සම්බෝධිං” යනු තමාට වඩා උතුම් අයෙකු නොමැති යනුයි. සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වූ හෝ තමාම අවබෝධ කරගත් යනුයි. නැතහොත් ප්රශස්ත වූ සුන්දර වූ බෝධියයි. බෝධි යනු ගසක් ද මාර්ගයද සර්වඥ ඤාණය ද නිවණ ද අදහස් වේ. “බෝධිරුක්ඛමුලෙ පඨමාභි සම්බුද්ධො” (බෝරුක මුල සම්බුද්ධත්වයෙන් පළමුව) “අන්තරාච බෝධිං අන්තරා ච ගයං” (බෝධියටත් ගයාවටත් අතර) මේ දෙතැන්හි “බෝධි” යනු ගසකි. වෘක්ෂයකි. “බොධි වුච්චති චතුසුමග්ගේසු ඤාණං” (බෝධි යනු සිවුමග ඤාණයයි.) යනතැන්හි බෝධි යනු මාර්ගයයි. පප්පොති බොධිං වරභුරිමෙධසො” (උතුම් ප්‍රඥා සම්පන්න නුවණැතියන් වහන්සේ බෝධියට පැමිණ) යන මෙහි බෝධි යනු සර්වඥ ඥානය අදහස් වේ. “පත්වාන බොධිං අමතං අසංඛතං” (අමෘතයක් වූ අසංඛත වූ බෝධියට පැමිණ) යන මෙහි බෝධි යන්නෙන් නිවණ අදහස් වේ. මෙම සූත්‍රයේ බෝධි යන්නෙන් භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් මාර්ගය අදහස් විය.
සාවකානං අරහත්තමග්ගො අනුත්තරා බොධි හොති, න හොතීති? න හොති. කස්මා? අසබ්බගුණදායකත්තා. තෙසඤ්හි කස්සචි අරහත්තමග්ගො අරහත්තඵලමෙව දෙති, කස්සචි තිස්සො විජ්ජා, කස්සචි ඡ අභිඤ්ඤා, කස්සචි චතස්සො පටිසම්භිදා, කස්සචි සාවකපාරමීඤාණං. පච්චෙකබුද්ධානම්පි පච්චෙකබොධිඤාණමෙව දෙති. බුද්ධානං පන සබ්බගුණසම්පත්තිං දෙති අභිසෙකො විය රඤ්ඤො සබ්බලොකිස්සරියභාවං. තස්මා අඤ්ඤස්ස කස්සචිපි අනුත්තරා බොධි න හොති.
ශ්‍රාවකයගේ අර්හත් මාර්ගය “අනුත්තර වූ බෝධියක්” වේද? නොවේද? නොවේමයි. කුමක් නිසාද? සියල්ලන්ට ම සමාන ගුණ නොදෙන්නක් වන බැවිනි. රහතුන්ගෙන් කිසිවකුට අර්හත් මාර්ගය, අර්හත් ඵලයම දෙයි. කිසිවකුට ත්‍රිවිද්‍යාව පමණක් දෙයි. කිසිවකුට ෂඩ් අභිඥාව ද කිසිවකුට චතු පටිසම්භිදාව ද කිසිවකුට ශ්‍රාවක පාරමී ඤාණය ද ලබාදෙයි. පසේ බුදුවරුන්ට ද ප්රත්යෙක බෝධි ඤාණය ම දෙයි. ලොවුතුරු බුදුවරුන්ට වනාහි සියළු ගුණ සම්පත්තියම ලබාදෙයි. අභිෂේක කළ රජු මෙන් මුළු ලෝකයේම ප්‍රධාන බවයි. එනිසා වෙනත් කිසිවකුට “අනුත්තර වූ බෝධිය” නොලැබේ.
අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසින්ති “අභිසම්බුද්ධො අහං පත්තො පටිවිජ්ඣිත්වා ඨිතො”ති එවං පටිජානිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදීති අධිගතගුණදස්සනසමත්ථං පච්චවෙක්ඛණඤාණඤ්ච මෙ උදපාදි. අකුප්පා මෙ විමුත්තීති “අයං මය්හං අරහත්තඵලවිමුත්ති අකුප්පා”ති එවං ඤාණං උදපාදි. තත්ථ ද්වීහාකාරෙහි අකුප්පතා වෙදිතබ්බා කාරණතො ච ආරම්මණතො ච. සා හි චතූහි මග්ගෙහි සමුච්ඡින්නකිලෙසානං පුන අනිවත්තනතාය කාරණතොපි අකුප්පා, අකුප්පධම්මං නිබ්බානං ආරම්මණං කත්වා පවත්තතාය ආරම්මණතොපි අකුප්පා. අන්තිමාති පච්ඡිමා. නත්ථි දානි පුනබ්භවොති ඉදානි පුන අඤ්ඤො භවො නාම නත්ථීති.
“අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං” යනු මැනවින් අවබෝධ කරගත් සේක්. බුද්ධත්වයට පත්වූ සේක් අවබෝධ කර සිටියේ යැයි මෙසේ දත් සේක. “ඤාණං ච පන මෙ දස්සනං උදපාදි” යනු අවබෝධ කළ ගුණ දර්ශනයන්ට සමත් ප්රත්යවේක්ෂණ ඥාණය ද මට පහළ විය යනුයි. “අකුප්පා මෙ චේතො විමුත්ති” යනු “මේ මගේ අර්හත් ඵල විමුක්තිය ස්ථිරයැ”යි දන්නා ඤාණය පහළ විය යනුයි. එම ස්ථිර බව දැනීම දෙපරිද්දකින් සිදුවේ. කාරණ වශයෙන් හා ආරම්මණ වශයෙනි. සිවු මාර්ගයෙන් මනාව සිඳ දැමූ කෙලෙසුන් නැවත නූපදින බැවින් කාරණ වශයෙන් ස්ථිරය. ස්ථිර ධර්මයක් වූ නිවන අරමුණු කරගෙන පවතින බැවින් ආරම්මණ වශයෙන් ස්ථිරය. “අන්තිමා” යනු පසුව වූ, අන්තිමට වූ. “නත්ථිදානි පුනබ්භවො” යනු දැන් නැවත වෙනත් භවයක් නම් නැත.
ඉමස්මිං සුත්තෙ චත්තාරි සච්චානි කථිතානි. කථං? චතූසු හි ධාතූසු අස්සාදො සමුදයසච්චං, ආදීනවො දුක්ඛසච්චං, නිස්සරණං නිරොධසච්චං, නිරොධප්පජානනො මග්ගො මග්ගසච්චං. විත්ථාරවසෙනපි කථෙතුං වට්ටතියෙව. එත්ථ හි යං පථවීධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පථවීධාතුයා අස්සාදොති පහානපටිවෙධො සමුදයසච්චං. යා පථවීධාතු අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං පථවීධාතුයා, ආදීනවොති පරිඤ්ඤාපටිවෙධො දුක්ඛසච්චං. යො පථවීධාතුයා ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං පථවීධාතුයා නිස්සරණන්ති සච්ඡිකිරියාපටිවෙධො නිරොධසච්චං. යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි, අයං භාවනාපටිවෙධො මග්ගසච්චන්ති.
මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ විය. කෙසේද? සතර ධාතූන්හි ආස්වාදය සමුදය සත්‍යයයි. ආදීනවය දුක්ඛ සත්‍යයයි. නික්මයෑම නිරෝධ සත්‍යයයි. නිරෝධ සත්‍ය විශේෂයෙන් දැනගන්නා මාර්ගය මාර්ග සත්‍යයයි. විස්තර වශයෙන් පැවසීමට ද සුදුසුය. මෙහි යම් පඨවි ධාතුවක් නිසා උපදින සැප, සොම්නස “මේ පඨවි ධාතුවේ ආශ්වාදය” ප්රහාණය කළ යුතුයැයි අවබෝධ වීම සමුදය සත්‍යයයි. යම් පඨවි ධාතුවක් අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්මවලින් යුක්ත ද “මෙය පඨවි ධාතුවේ ආදීනවයැ”යි විශේෂයෙන් දැනීම, අවබෝධවීම දුක්ඛ සත්‍යයයි. යමෙකුට පඨවි ධාතුවේ ඡන්රාග හික්මවීම, ඡන්දරාග ප්රහාණය කරයි ද “මේ පඨවි ධාතුවේ නිස්සරණය”යැයි සාක්ෂාත් කළ යුතුය යන අවබෝධය නිරෝධ සත්‍යයයි. යමෙක් මේ ත්‍රිවිධ තැන්හි දෘෂ්ටිය, සංකල්ප, වචන, ක්‍රියාව, දිවිපැවැත්ම, වෑයම, සිහිය, සමාධිය යනු මේ මාර්ගය වැඩිය යුතුය යන අවබෝධය මාර්ග සත්‍යයයි.
දුතියං.
දෙවන සූත්‍රය යි.
3. අස්සාදපරියෙසනසුත්තවණ්ණනා
3. අස්සාදපරියෙසන සූත්‍ර වර්ණනාව
තතියෙ අචරින්ති ඤාණචාරෙන අචරිං, අනුභවනචාරෙනාති අත්ථො. යාවතාති යත්තකො.
තෙවැනි සූත්‍රයේ “අචරිං” යනු ඥාණයේ හැසිරීමෙන් සැරිසැරීමි යනුයි. අනුභව කිරීම් වශයෙන් හැසිරුණෙමි යන අර්ථයි. “යාවතා” යනු යම් පමණකින්.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. නොචෙදංසුත්තවණ්ණනා
4. නොචෙදං සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ නිස්සටාතිආදීනි ආදිතො වුත්තපටිසෙධෙන යොජෙත්වා “න නිස්සටා, න විසංයුත්තා, න විප්පමුත්තා, න විමරියාදිකතෙන චෙතසා විහරිංසූ”ති එවං වෙදිතබ්බානි. දුතියනයෙ විමරියාදිකතෙනාති නිම්මරියාදිකතෙන. තත්ථ දුවිධා මරියාදා කිලෙසමරියාදා වට්ටමරියාදාති. තත්ථ ච යස්ස උපඩ්ඪා කිලෙසා පහීනා, උපඩ්ඪා අප්පහීනා, වට්ටං වා පන උපඩ්ඪං පහීනං, උපඩ්ඪං අප්පහීනං, තස්ස චිත්තං පහීනකිලෙසෙ වා වට්ටං වා සන්ධාය විමරියාදිකතං, අප්පහීනකිලෙසෙ වා වට්ටං වා සන්ධාය න විමරියාදිකතං. ඉධ පන උභයස්සාපි පහීනත්තා “විමරියාදිකතෙන චෙතසා”ති වුත්තං, මරියාදං අකත්වා ඨිතෙන අතික්කන්තමරියාදෙන චෙතසාති අත්ථො. ඉති තීසුපි ඉමෙසු සුත්තෙසු චතුසච්චමෙව කථිතං.
සිවුවන සූත්‍රයේ - “නිස්සටා” ආදියේ මුලදී කියන ලද වැලැක්වීම (ප්රතිශේඨාර්ථය) යොදා නොනික්මුණහ.”, “වෙන් නොවූහ”, “නොමිදුනහ”. “කෙලෙස් සීමා ඇති සිතින් යුතුව නො විසූහ.” යනුවෙන් දතයුතුයි. දෙවැනි ක්රමයෙහි. “විමරියාදිමකතෙන” යනු ඉක්මවූ සීමා ඇති සිතින් කරන ලද යනුයි. එහි සීමාවන් දෙකකි. කෙලෙස් සීමාව හා සංසාරික පැවතුම් සීමාව යනුවෙනි. එහිද යමකුගේ හරි අඩකින් කෙලෙස් ප්‍රහීන වූයේ, අඩකින් ප්‍රහීන නොවූයේ වේද සංසාරික පැවැත්ම අඩකින් ප්‍රහීන වූයේ, අඩකින් ප්‍රහීන නොවූයේද ඔහුගේ සිත ප්‍රහීන වූ කෙලෙස්වල හෝ සංසාරික පැවැත්ම නිසා ඉක්ම වූ සීමා ඇත. මෙහිදී මේ දෙකම ප්‍රහීන කළ බැවින් “ඉක්මවූ කෙලෙස් සීමා ඇති සිතින්” යැයි කියන ලද සීමාවක් නොකර සිටි, “ඉක්ම වූ සීමා ඇති සිතින්” යන අර්ථයි. මෙලෙස මෙම සූත්‍ර තුනෙහි ම චතුරාර්ය සත්‍යය ම පවසන ලදී.
චතුත්ථං.
සිවුවන සූත්‍රය යි.
5. දුක්ඛලඞ්කණසුත්තවණ්ණනා
5. දුක්ඛලක්ඛණ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ එකන්තදුක්ඛාති අතික්කමිත්වා ඨිතස්ස තත්තකාරො විය එකන්තෙනෙව දුක්ඛා. දුක්ඛානුපතිතාති දුක්ඛෙන අනුපතිතා. දුක්ඛාවක්කන්තාති දුක්ඛෙන ඔක්කන්තා ඔතිණ්ණා. සුඛාති සුඛවෙදනාය පච්චයභූතා. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. ඉමස්මිං සුත්තෙ දුක්ඛලක්ඛණං කථිතං.
පස්වන සූත්‍රයේ - “එකන්ත දුක්ඛා” යනු ඉක්මවා දුරුකළ. නූල් බර මෙන් ඒකාන්තයෙන් ම දුක් සහගත යනුයි. “දුක්ඛානුපතිතා” යනු දුකින් පෙළුණු. “දුක්ඛාවක්කන්තා” යනු දුකින් බැසගත්. දුකින් මැඩුණු. “සුඛා” යනු සැප වේදනාවෙන් ප්‍රත්‍ය වූයේ මෙසේ සැමතන්හිම අර්ථ දතයුතුයි. මේ සූත්‍රයේ ලක්ෂණ පවසන ලදී.
පඤ්චමං.
පස්වන සූත්‍රය යි.
6-10. අභිනන්දනසුත්තාදිවණ්ණනා
6-10. අභිනන්ද ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨසත්තමෙසු විවට්ටං, අවසානෙ තීසු චතුසච්චමෙවාති. ඡට්ඨාදීනි.
සයවන, සත්වන සූත්‍රවල සසර නැවැන්ම සිදුවන අයුරු පැවසේ. අවසන් සූත්‍ර තුනෙහි (8, 9, 10) චතුරාර්ය සත්‍යයම දැවේ. විස්තර වේ.
චතුත්ථො වග්ගො.
ධාතුසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
ධාතු සංයුත්තය නිමාවිය.