නොචෙදංසුත්තං
2. 4. 4.
2. 4. 4.
නොචෙදංසුත්තං
නෝචේදං සූත්රය
257. සාවත්ථියං–
257. සැවැත්නුවර–
නො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා අස්සාදො අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා අස්සාදො, තස්මා සත්තා පඨවීධාතුයා සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා ආදීනවො අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා ආදීනවො, තස්මා සත්තා පඨවීධාතුයා නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා නිස්සරණං, තස්මා සත්තා පඨවීධාතුයා නිස්සරන්ති.
මහණෙනි, ඉදින් මේ පඨවීධාතුයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ පඨවීධාතුයෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ පඨවීධාතුවෙහි ආදීනවයෙක් නො වී නම් සත්වයෝ පඨවීධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් පඨවීධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ පඨවීධාතුයෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් පඨවීධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්වයෝ පඨවීධාතුයෙන් නො නික්මෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ පඨවීධාතුයෙන් නික්මෙති.
නො චෙදං භික්ඛවෙ, ආපොධාතුයා අස්සාදො අභවිස්ස -පෙ- නිස්සරන්ති. නො චෙදං භික්ඛවෙ, තෙජොධාතුයා අස්සාදො අභවිස්ස -පෙ- නිස්සරන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා අස්සාදො අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා අස්සාදො, තස්මා සත්තා වායොධාතුයා සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා ආදීනවො අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා ආදීනවො, තස්මා සත්තා වායොධාතුයා නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා නිස්සරණං, තස්මා සත්තා වායොධාතුයා නිස්සරන්ති.
මහණෙනි, ඉදින් මේ ආපෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ තේජෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ වායෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම්, සත්වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ, වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙහි ආදීනවයෙක් නො වි නම්, සත්වයෝ වායෝධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ වායෝධාතුවෙහි කළකිරෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්වයෝ වායෝධාතුයෙන් නො නික්මෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්වයෝ වායෝධාතුවෙන් නික්මෙති.
යාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසුං, නෙව තාවිමෙ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදිකතෙන චෙතසා විහරිංසු.
මහණෙනි, සත්වයෝ යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්වයෝ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු, ඉක්මවූ කෙලෙස් සීමා ඇති සිතින් යුක්ත ව නො ම විසූහ.
යතො ච ඛො භික්ඛවෙ, සත්තා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසුං, අථ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදිකතෙන චෙතසා විහරන්තීති.
මහණෙනි, යම් කලෙක සත්වයෝ මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය අදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ කළාහු ද, මහණෙනි, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්වයෝ, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු ඉක්මවූ කෙලෙස් සීමා ඇතී සිතින් යුතු ව වෙසෙති යි.