යෙදුමෙන් කියවන්න

දුක‍්ඛලඞ‍්කණසුත‍්තං

2. 4. 5.

2. 4. 5.

දුක‍්ඛලඞ‍්කණසුත‍්තං

දුක්ඛලක්ඛණ සූත්‍රය

258. සාවත්‍ථියං–

258. සැවැත්නුවර–

පඨවීධාතු ච හිදං භික‍්ඛවෙ, එකන‍්තදුක‍්ඛා අභවිස‍්ස දුක‍්ඛානුපතිතා දුක‍්ඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා සුඛෙන, නයිදං සත‍්තා පඨවීධාතුයා සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, පඨවීධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා දුක‍්ඛෙන, තස‍්මා සත‍්තා පඨවීධාතුයා සාරජ‍්ජන‍්ති. ආපොධාතු ච හිදං භික‍්ඛවෙ, -පෙ- තෙජොධාතු ච හිදං භික‍්ඛවෙ, -පෙ- වායොධාතු ච හිදං භික‍්ඛවෙ, එකන‍්තදුක‍්ඛා අභවිස‍්ස දුක‍්ඛානුපතිතා දුක‍්ඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා සුඛෙන, නයිදං සත‍්තා වායොධාතුයා සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, වායොධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා දුක‍්ඛෙන, තස‍්මා සත‍්තා වායොධාතුයා සාරජ‍්ජන‍්ති.

මහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන්ම දුක් වූවක්, දුකෙහි පතිත වූවක්, දුකෙහි වැද ගත්තක්, සුවයෙහි නො වැද ගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුව සුඛ (හේතු) ද, සුඛයෙන් යුක්තද, සුඛාවතීණි ද, දුඃඛාවතිණි නො වේ ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි ඇලෙති. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුව ද ඒකාන්තයෙන් දුක් වූවක්, දුකෙන් යුක්ත වූවක්, දුකෙන් අවතීර්‍ණ වූවක්, සුවයෙන් අවතීර්‍ණ නො වූවක් වී නම්, මේ සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුව සුඛ ද, සුඛයෙන් යුක්ත ද, සුඛයෙන් අවතීර්‍ණ ද, දුඃඛයෙන් අවතීර්‍ණ නො නොවේ ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි ඇලෙත්.

පඨවීධාතු ච හිදං භික‍්ඛවෙ, එකන‍්තසුඛා අභවිස‍්ස සුඛානුපතිතා සුඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා දුක‍්ඛෙන, නයිදං සත‍්තා පඨවීධාතුයා නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, පඨවීධාතු දුක‍්ඛා දුක‍්ඛානුපතිතා. දුක‍්ඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා සුඛෙන, තස‍්මා සත‍්තා පඨවීධාතුයා නිබ‍්බින්‍දන‍්ති. ආපොධාතු ච හිදං භික‍්ඛවෙ, -පෙ- තෙජොධාතු ච හිදං භික‍්ඛවෙ, -පෙ- වායොධාතු ච හිදං භික‍්ඛවෙ, එකන‍්තසුඛා අභවිස‍්ස සුඛානුපතිතා සුඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා දුක‍්ඛෙන, නයිදං සත‍්තා වායොධාතුයා නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, වායොධාතු දුක‍්ඛා දුක‍්ඛානුපතිතා දුක‍්ඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා සුඛෙන, තස‍්මා සත‍්තා වායොධාතුයා නිබ‍්බින්‍දන‍්තීති.

මහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි කළකිරෙත්. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුවද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක්වී නම් මේ සත්‍වයෝ වායෝධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුයෙහි කළකිරෙති යි.