අභිනන්‍දනසුත‍්තං
2. 4. 6.
2. 4. 6.
අභිනන්‍දනසුත‍්තං
අභිනන්‍ද සූත්‍රය
259. සාවත්‍ථියං–
259. සැවැත්නුවර–
යො භික‍්ඛවෙ, පඨවීධාතුං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ආපොධාතුං අභිනන්‍දති -පෙ- යො තෙජොධාතුං අභිනන්‍දති -පෙ- යො වායොධාතුං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති, අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.
මහණෙනි, යමෙක් පඨවීධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව පතා ද ... යමෙක් තේජෝධාතුව පතා ද, ... යමෙක් වායෝධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි.
යො ච ඛො භික‍්ඛවෙ, පඨවීධාතුං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො ආපොධාතුං -පෙ- යො තෙජොධාතුං -පෙ- යො වායොධාතුං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමීති.
මහණෙනි, යමෙකුන් පඨවීධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙ තෙමේ දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව ... යමෙක් තේජෝධාතුව ... යමෙක් වායෝධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙතෙමේ දුකින් මිදුනේ ය යි කියමි යි.
2. 4. 7.
2. 4. 7.
උප‍්පාදසුත‍්තං
උප්පාද සූත්‍රය
260. සාවත්‍ථියං–
260. සැවැත්නුවර–
යො භික‍්ඛවෙ, පඨවීධාතුයා උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො. යො ආපොධාතුයා -පෙ- යො තෙජොධාතුයා -පෙ- යො වායොධාතුයා උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො, රොගානං ඨිති, ජරාමරණස‍්ස පාතුභාවො.
මහණෙනි, පඨවීධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයාගේ පහළ වීමය. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයේ පහළ වීම ය.
යො ච ඛො භික‍්ඛවෙ, පඨවීධාතුයා නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථඞ‍්ගමො. යො ආපොධාතුයා -පෙ- යො තෙජොධාතුයා -පෙ- යො වායොධාතුයා නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස‍්ස අත්‍ථඞ‍්ගමොති.
මහණෙනි, පඨවීධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි.