සමණබ්රාහ්මණසුත්තං
2. 4. 8.
2. 4. 8.
සමණබ්රාහ්මණසුත්තං
සමණබ්රාහ්මණ සූත්රය
261. සාවත්ථියං–
261 සැවැත්නුවර–
චතස්සො ඉමා භික්ඛවෙ, ධාතුයො. කතමා චතස්සො? පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි.
යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි අරුත (සිවුමග) හෝ බමුණුබැව්හි අරුත (සිව්පල) හෝ මේ අත්බැව්හි ම තුමූ ම දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ නො ම වෙසෙති.
යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ච ඛොමෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණ සම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ චතුධාතූන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණ බැව්හි පලයත්, බමුණු බැව්හි පලයත් මේ අත්බැව්හි ම තුමූ දැන ඊට එළබ වෙසෙති යි.