යෙදුමෙන් කියවන්න

අස‍්සාදපරියෙසනසුත‍්තං

2. 4. 3.

2. 4. 3.

අස‍්සාදපරියෙසනසුත‍්තං

අස්සාදපරියේසන සූත්‍රය

256. සාවත්‍ථියං–

256. සැවැත්නුවර–

පඨවීධාතුයාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො පඨවීධාතුයා අස‍්සාදො, තදජ‍්ඣගමං. යාවතා පඨවීධාතුයා අස‍්සාදො, පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. පඨවීධාතුයාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො පඨවීධාතුයා ආදීනවො, තදජ‍්ඣගමං. යාවතා පඨවීධාතුයා ආදීනවො, පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. පඨවීධාතුයාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං පඨවීධාතුයා නිස‍්සරණං, තදජ‍්ඣගමං. යාවතා පඨවීධාතුයා නිස‍්සරණං, පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං.

මහණෙනි, මම පඨවීධාතුවෙහි ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම් එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි ආදිනවපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි නිස්සරණපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.

ආපොධාතුයාහං භික‍්ඛවෙ -පෙ- මෙ තං සුදිට‍්ඨං. තෙජොධාතුයාහං භික‍්ඛවෙ -පෙ- මෙ තං සුදිට‍්ඨං. වායොධාතුයාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො වායොධාතුයා අස‍්සාදො, තදජ‍්ඣගමං. යාවතා වායොධාතුයා අස‍්සාදො, පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. වායොධාතුයාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො වායොධාතුයා ආදීනවො, තදජ‍්ඣගමං. යාවතා වායොධාතුයා ආදීනවො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. වායොධාතුයාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං වායොධාතුයා නිස‍්සරණං. තදජ‍්ඣගමං. යාවතා වායොධාතුයා නිස‍්සරණං, පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං.

මහණෙනි, මම ආපෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම තේජෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආදීනවය පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කළෙමි. වායෝධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමාසං චතුන‍්නං ධාතූනං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං, නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙව මනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං.

මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නොම පිළිණ කෙළෙමි.

යතො ච ඛොහං භික‍්ඛවෙ, ඉමාසං චතුන‍්නං ධාතූනං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි: “අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති. අයමන‍්තිමා ජාති. නත්‍ථිදානි පුනබ‍්භවො”ති.

මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත්, තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනයද මට පහළ වීය.