පුබ්බසුත්තං
2. 4. 2.
2. 4. 2.
පුබ්බසුත්තං
පුබ්බ සූත්‍රය
255. සාවත්ථියං–
255. සැවැත්නුවර–
පුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කො නු ඛො පඨවීධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො ආපොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො තෙජොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො වායොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණන්ති?
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්මාසම්බුද්ධ නො වූ බෝසත් වූ ම මට මේ අදහස විය. පඨවීධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? ආපෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? තෙජොධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? වායෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: යං ඛො පඨවීධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පඨවීධාතුයා අස්සාදො, යං පඨවීධාතු අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං පඨවීධාතුයා ආදීනවො. යො පඨවීධාතුයා ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහාණං, ඉදං පඨවීධාතුයා නිස්සරණං. යං ආපොධාතුං පටිච්ච -පෙ- යං තෙජොධාතුං පටිච්ච -පෙ- යං වායොධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වායොධාතුයා අස්සාදො. යං වායොධාතු අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වායොධාතුයා ආදීනවො. යො වායොධාතුයා ඡන්දවිරාගවිනයො ඡන්දරාගප්පහාණං, ඉදං වායොධාතුයා නිස්සරණං.
මහණෙනි, ඒ මට මේ අදහස විය: පඨවීධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ පඨවීධාතුවේ ආස්වාදය යි. යම් හෙයෙකින් පඨවීධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව ඇත්තේ ද, මේ පඨවීධාතුහුගේ ආදීනවය යි. පඨවීධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ පඨවීධාතුහුගේ නිස්සරණ ය යි. ආපෝධාතුව නිසා යම් ... තේජෝධාතුව නිසා යම් ... වායෝධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වායෝධාතුවෙහි ආස්වාදය යි. යම් හෙයකින් වායෝධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරලෙනසුලු ද, මේ වායෝධාතුවෙහි ආදීනවය යි. වායෝධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ වායෝධාතුවෙහි නිස්සරණය යි.
යාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි.
යතො ච ඛොහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: “අකුප්පා මෙ චෙතොවිමුත්ති අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවො”ති.
මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්හත් ඵලවිමුක්තිය අකෝප්‍ය ය (නිශ්චලය). මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්භවයෙක් නැතැ” යි ඥානදර්ශනය ද (=ප්ස්විකුම් නුවණද) මට පහළ වී ය.