ගඞ්ගාසුත්තං
3. 1. 8.
3. 1. 8.
ගඞ්ගාසුත්තං
ගඞ්ගා සූත්‍රය
271. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච. කීවබහුකා නු ඛො භො ගොතම, කප්පා අබ්භතීතා අතික්කන්තාති.
271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.
බහුකා ඛො බ්‍රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වාති. සක්කා පන භො ගොතම උපමං කාතුන්ති? සක්කා බ්රාහ්මණාති භගවා අවොච. සෙය්යථාපි බ්‍රාහ්මණ යතො චායං ගඞ්ගානදී පහොති, යත්ථ ච මහාසමුද්දං අප්පෙති, යා තස්මිං අන්තරෙ වාලිකා, එසා න සුකරා සඞ්ඛාතුං එත්තකා වාලිකා ඉති වා, එත්තකානි වාලිකාසතානි ඉති වා, එත්තකානි වාලිකාසහස්සානි ඉති වා, එත්තකානි වාලිකාසතසහස්සානි ඉති වා.
බමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සුකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතෙක් වැලි සියදහසැයි හෝ ගිණීමට සුකර නො වේ.
තතො බහුතරං ඛො බ්‍රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං බ්‍රාහ්මණ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
බමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
එවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි.