යෙදුමෙන් කියවන්න

දණ‍්ඩසුත‍්තං

3. 1. 9.

3. 1. 9.

දණ‍්ඩසුත‍්තං

දණ්ඩ සූත්‍රය

272. සාවත්‍ථියං–

272. සැවැත්නුවර–

අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බාකොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික‍්ඛවෙ, දණ‍්ඩො උපරි වෙහාසං ඛිත‍්තො සකිම‍්පි මූලෙන නිපතති, සකිම‍්පි මජ‍්ඣෙන නිපතති. සකිම‍්පි අග‍්ගෙන නිපතති, එවමෙව ඛො භික‍්ඛවෙ අවිජ‍්ජානීවරණා සත‍්තා තණ‍්හාසංයොජනා සන්‍ධාවන‍්තා සංසරන‍්තා සකිම‍්පි අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡන‍්ති. සකිම‍්පි පරස‍්මා ලොකා ඉමං ලොකං ආගච‍්ඡන‍්ති. තං කිස‍්ස හෙතු? අනමතග‍්ගොයං භික‍්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච‍්චිතුන‍්ති.

මහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්‍වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.