2. දුග්ගතවග්ගො අට්ඨකථා
2. දුග්ගත වර්ගය
1. දුග්ගතසුත්තවණ්ණනා
1. දුග්ගත සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ දුග්ගතන්ති දලිද්දං කපණං. දුරූපෙතන්ති දුස්සණ්ඨානෙහි හත්ථපාදෙහි උපෙතං.
දෙවන වර්ගයේ පළමු සූත්‍රයේ “දුග්ගතං” යනු දිළිඳු බවයි. බැගෑපත් බවයි. “දුරුපෙතං” යනු නපුරු නුසුදුසු තැන්වල අත්පා පිහිටි-විරූප වූ යනුයි.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. සුඛිතසුත්තවණ්ණනා
2. සුඛිත සූත්‍ර වර්ණනාව
දුතියෙ සුඛිතන්ති සුඛසමප්පිතං මහද්ධනං මහාභොගං. සුසජ්ජිතන්ති අලඞ්කතපටියත්තං හත්ථික්ඛන්ධගතං මහාපරිවාරං.
දෙවන සූත්‍රයේ “සුඛිතං” යනු සැපෙන් යුක්ත වූ යනුයි. මහත් ධනය ඇති, මහත් භෝග ඇති. “සජ්ජිතං” යනු අලංකාරව පිළියෙල කරන ලද ඇත් කඳට නැගුණු මහත් පිරිවර සහිත වූ යනුයි.
දුතියං.
දෙවන සූත්‍රය යි.
3. තිංසමත්තසුත්තවණ්ණනා
3. තිංසමත්ත සූත්‍ර වර්ණනාව
තතියෙ පාවෙය්යකාති පාවෙය්යදෙසවාසිනො. සබ්බෙ ආරඤ්ඤිකාතිආදීසු ධුතඞ්ගසමාදානවසෙන තෙසං ආරඤ්ඤිකාදිභාවො වෙදිතබ්බො. සබ්බෙ සසංයොජනාති සබ්බෙ සබන්ධනා, කෙචි සොතාපන්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො. තෙසු හි පුථුජ්ජනො වා ඛීණාසවො වා නත්ථි. ගුන්නන්තිආදීසු සෙතකාළාදිවණ්ණෙසු එකෙකවණ්ණකාලොව ගහෙතබ්බො. පාරිපන්ථකාති පරිපන්ථෙ තිට්ඨනකා පන්ථඝාතචොරා. පාරදාරිකාති පරදාරචාරිත්තං ආපජ්ජනකා.
තෙවන සූත්‍රයේ - “පාවෙය්යකා” යනු පාවෙය්‍ය (පාවා) නුවරවාසීය. “සබ්බෙ ආරඤ්ඤතා” යනාදියෙහි ධුතාංග සමාදන්වීම් වශයෙන් ඔවුන්ගේ ආරණ්‍ය බව වටහාගත යුතුයි. “සබ්බෙ සසංයෝජනා” යනු සියලු බන්ධනයෝය. කිසිවෙක් සෝවාන්ය. කිසිවෙක් සකෘදාගාමී වේ. ඇතමෙක් අනාගාමීය. ඔවුන’තර රහත් තෙරනමක් හෝ පුහුදුන් තෙරනමක් නොවිණි. “ගුණ්ණං” යනාදියේ සුදුවීම, කළුවීම ආදී වර්ණ ගැනීම්හි එක් වර්ණයක් පැවති කාලයම ගතයුතුයි. “පාරිපන්ථකා” යනු උවදුරු සහිත මාර්ගයේ සිටින මංපහරණ සොරුය. “පාරිදාරිකා” යනු අනුගේ අඹුවන් ඇසුරු කිරීමට පැමිණියෝය.
තතියං.
තෙවන සූත්‍රය යි.
4-9. මාතුසුත්තාදිවණ්ණනා
4-9. මාතු ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථාදීසු ලිඞ්ගනියමෙන චෙව චක්කවාළනියමෙන ච අත්ථො වෙදිතබ්බො. පුරිසානඤ්හි මාතුගාමකාලො, මාතුගාමානඤ්ච පුරිසකාලොති එවමෙත්ථ ලිඞ්ගනියමො. ඉමම්හා චක්කවාළා සත්තා පරචක්කවාළං, පරචක්කවාළා ච ඉමං චක්කවාළං සංසරන්ති. තෙසු ඉමස්මිං චක්කවාළෙ මාතුගාමකාලෙ මාතුභූතඤ්ඤෙව දස්සෙන්තො යො නමාතාභූතපුබ්බොති ආහ. යො නපිතාභූතපුබ්බොතිආදීසුපි එසෙව නයො. චතුත්ථාදීනි.
සිවුවන සූත්‍රයේ සිට නවවන සූත්‍රය දක්වා - ලිංග නියමයෙන් මෙන්ම සක්වල නියමයෙන් අර්ථ දතයුතුයි. පුරුෂයන් ස්ත්‍රීන්ව ඉපදීම, ස්ත්‍රීන් පුරුෂයන්ව ඉපදීම යන මෙය ලිංග නියමයයි. සත්වයෝ මේ සක්වලින් අන්‍ය සක්වලකට ද අන්‍ය සක්වලකින් මේ සක්වලට ද පැමිණෙති. සැරිසරති. ඔවුනතුරින් මේ සක්වලෙහි ස්ත්‍රියක් ව ඉපිද මවක් වූ අවස්ථාව ම දක්වනුයේ “යො න මාතාභූත පුබ්බො” යනාදිය දේශනා කළ සේක. “යොන පිතා භූත, පුබ්බො” යනාදියේද මේ පිළිවෙල දතයුතුයි.
10. වෙපුල්ලපබ්බතසුත්තවණ්ණනා
10. වෙපුල්ලපබ්බත සූත්‍ර වර්ණනාව
දසමෙ භූතපුබ්බන්ති අතීතකාලෙ එකං අපදානං ආහරිත්වා දස්සෙති. සමඤ්ඤා උදපාදීති පඤ්ඤත්ති අහොසි. චතූහෙන ආරොහන්තීති ඉදං ථාමමජ්ඣිමෙ සන්ධාය වුත්තං. අග්ගන්ති උත්තමං. භද්දයුගන්ති සුන්දරයුගලං. තීහෙන ආරොහන්තීති එත්තාවතා කිර ද්වින්නං බුද්ධානං අන්තරෙ යොජනං පථවී උස්සන්නා, සො පබ්බතො තියොජනුබ්බෙධො ජාතො.
දසවන සූත්‍රයේ - “භූතපුබ්බං” යනු අතීතකාලයේ සිදුවූ එක් චරිත කථාවක් ගෙනහැර දක්වයි. “සාමඤ්ඤා උදපාදි” යනු පැණවීමක් විය. “චතුහෙන ආරොහන්ති” යනු මෙය වීර්යය මධ්‍යම කිරීම සඳහා කියන ලදී. “අග්ගං” යනු උතුම් වූ යනුයි. “භද්දයුගං” යනු සුන්දර යුවලකි. “තීහෙන ආරොහන්ති” යනු මෙපමණකින් මේ බුදුවරයන් වහන්සේලා දෙනම පහළ වූ කාලය අතර දී පොළව යොදුනකින් උස්විය. ඒ පවුව යොදුන් තුනක් උස්විය.
අප්පං වා භිය්යොති වස්සසතතො උත්තරිං අප්පං දස වා වීසං වා වස්සානි. පුන වස්සසතමෙව ජීවනකො නාම නත්ථි, උත්තමකොටියා පන සට්ඨි වා අසීති වා වස්සානි ජීවන්ති. වස්සසතං පන අප්පත්වා පඤ්චවස්සදසවස්සාදිකාලෙ මීයමානාව බහුකා. එත්ථ ච කකුසන්ධො භගවා චත්තාලීසවස්සසහස්සායුකකාලෙ, කොණාගමනො තිංසවස්සසහස්සායුකකාලෙ නිබ්බත්තොති ඉදං අනුපුබ්බෙන පරිහීනසදිසං කතං, න පන එවං පරිහීනං, වඩ්ඪිත්වා වඩ්ඪිත්වා පරිහීනන්ති වෙදිතබ්බං. කථං?
“අප්පං වා භියෙය්‍යා” යනු වර්ෂ සීයෙන් ඉහලට අල්ප වූ දසවසක් හෝ විසිවසකි. නැවත තවත් අවුරුදු සීයක් සිටින්නෙක් නම් නැත. උතුම් සත්ත්වයෝ පමණක් තව වසර හැටක් හෝ අසූවක් ජීවත් වෙති. වර්ෂ සීයට නොපැමිණ වසර පහේදී හෝ දහයේදී මියදෙන්නෝම බහුල වෙති. මෙහි දැක්වෙනුයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර හතලිස්දාහක් පරමායුෂ වූ කාලයේත්, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පහළවීම වසර තිස්දහසක් වූ කාලයේත් ලෙස අනුපිළිවෙලින් ආයු පිරිහීම දැක්වෙන දේශනාවකි. මෙවැනි පිරිහීමක් නොවිණි. එම කාල දෙක අතර දී ආයු පිරිහී ගොස් වර්ධනය වූ බව දතයුතුයි. ඒ කෙසේද?
කකුසන්ධො තාව භගවා ඉමස්මිංයෙව කප්පෙ චත්තාලීසවස්සසහස්සායුකකාලෙ නිබ්බත්තො ආයුප්පමාණං පඤ්ච කොට්ඨාසෙ කත්වා චත්තාරො ඨත්වා පඤ්චමෙ විජ්ජමානෙයෙව පරිනිබ්බුතො. තං ආයු පරිහායමානං දසවස්සකාලං පත්වා පුන වඩ්ඪමානං අසඞ්ඛෙය්යං හුත්වා තතො පරිහායමානං තිංසවස්සසහස්සායුකකාලෙ ඨිතං, තදා කොණාගමනො නිබ්බත්තො. තස්මිම්පි තථෙව පරිනිබ්බුතෙ තං ආයු දසවස්සකාලං පත්වා පුන වඩ්ඪමානං අසඞ්ඛෙය්යං හුත්වා පරිහායිත්වා වීසවස්සසහස්සකාලෙ ඨිතං, තදා කස්සපො භගවා නිබ්බත්තො. තස්මිම්පි තථෙව පරිනිබ්බුතෙ තං ආයු දසවස්සකාලං පත්වා පුන වඩ්ඪමානං අසඞ්ඛෙය්යං හුත්වා පරිහායිත්වා වස්සසතකාලං පත්තං, අථ අම්හාකං සම්මාසම්බුද්ධො නිබ්බත්තො. එවං අනුපුබ්බෙන පරිහායිත්වා වඩ්ඪිත්වා වඩ්ඪිත්වා පරිහීනන්ති වෙදිතබ්බං. තත්ථ ච යං ආයුපරිමාණෙසු මන්දෙසු බුද්ධා නිබ්බත්තන්ති, තෙසම්පි තදෙව ආයුපරිමාණං හොතීති.
කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයෙහිම මිනිසුන්ට පරමායුෂ වසර හතලිස්දහක් වූ කාලයේම උපන් සේක. උන්වහන්සේ එම ආයු ප්‍රමාණය පස් කොටසකට බෙදා, ඉන් සතර කොටසක් ගෙවූ සේක්, පස්වන කොටස ඉතිරිව තිබියදීම පිරිණිවි සේක. එසේ ක්‍රමයෙන් ආයු පිරිහී ගොස් පරමායුෂ වසර දහයක් විය. නැවත ආයු වර්ධනය වනුයේ පරමායුෂ අසංඛ්‍ය දක්වා වැඩිවිය. නැවත එය පිරිහෙමින් අවුත් පරමායුෂ වසර තිස්දාහක් වූ කාලයේදී කෝණාගම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ ද ඉහත කී ලෙසම ආයු ගෙවා පිරිනිවි කල්හි, ආයු අඩුවෙමින් ගොස් පරමායුෂ වසර දහයක් විය. නැවත ක්‍රමයෙන් ආයු වැඩි වීගෙන ගොස් පරමායුෂ වසර අසංඛ්‍යයක් විය. නැවත ආයු පිරිහෙනුයේ පරමායුෂ වසර විසිදාහක් වූ කාලයේදී කස්සප ලොවුතුරු බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේද පෙර කී ලෙසම පිරිනිවි කල්හි පරමායුෂ වසර දහය දක්වා පැමිණ නැවත වර්ධනය වී අසංඛ්‍ය දක්වා ගොස්, නැවත පිරිහෙනුයේ පරමායුෂ වසර සීයක් වූ කාලයට පැමිණියේය. එකල්හි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. මෙසේ අනුපිළිවෙලින් ආයු පිරිහීම හා වැඩීම පුන පුනා සිදුවන බව දතයුතුය. එහිදී යම් ආයු ප්‍රමාණයක් පරමායුෂ වූ මිනිස් සමාජයක ලොවුතුරු බුදුරජාණන් වහන්සේලා පහළවෙත් ද උන්වහන්සේලාට ද ඒ ආයු ප්‍රමාණය ම වේ.
දසමං.
දසවන සූත්‍රයයි.
දුතියො වග්ගො.
දෙවන වර්ගය නිමියේය.
අනමතග්ගසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
අනමතග්ග සංයුත්තය නිමාවට පත්විය.