යෙදුමෙන් කියවන්න

චන්‍දූපමසුත‍්තං

4. 1. 3.

4. 1. 3.

චන්‍දූපමසුත‍්තං

චන්‍දූපම සූත්‍රය

286. සාවත්‍ථියං–

286. සැවැත්නුවර–

චන්‍දූපමා භික‍්ඛවෙ, කුලානි උපසඞ‍්කමථ අපකස‍්සෙව කායං, අපකස‍්ස චිත‍්තං, නිච‍්චනවකා කුලෙසු අප‍්පගබ‍්භා. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො ජරූදපානං වා ඔලොකෙය්‍ය පබ‍්බතවිසමං වා නදීවිදුග‍්ගං වා අපකස‍්සෙව කායං, අපකස‍්ස චිත‍්තං, එවමෙව ඛො භික‍්ඛවෙ, චන්‍දූපමා කුලානි උපසඞ‍්කමථ අපකස‍්සෙව කායං, අපකස‍්ස චිත‍්තං, නිච‍්චනවකා කුලෙසු අප‍්පගබ‍්භා. කස‍්සපො භික‍්ඛවෙ, චන්‍දූපමො කුලානි උපසඞ‍්කමති අපකස‍්සෙව කායං අපකස‍්ස චිත‍්තං, නිච‍්චනවකො කුලෙසු අප‍්පගබ‍්භො.

මහණෙනි, (කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහස් නගින) චන්‍ද්‍රයා වැනිව සත්‍ථවාදියෙන්) කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිති (ආගන්තුකයකු මෙන්) අලුත් ව කුලයන්හි ප්‍රගල්භ (ගැටීම්) රහිතව කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරාවැටුනු ලිඳක් හෝ කඳුබෑවුමක් හෝ ගංඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම බලන්නේ ද, මහණෙනි එසෙයින් ම චන්‍ද්‍රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව, කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, කසුප් තෙමේ සඳ වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙයි.

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, කථංරූපො භික‍්ඛු අරහති කුලානි උපසඞ‍්කමිතුන‍්ති?

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැ යි?

“භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා, භගවම‍්පටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තඤ‍්ඤෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී”ති.

“වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස, මේ භාෂිතයෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. (ඒ අර්‍ත්‍ථය) භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.

අථ ඛො භගවා ආකාසෙ පාණිං චාලෙසි. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං ආකාසෙ පාණි න සජ‍්ජති, න ගය‍්හති, න බජ‍්ඣති, එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්ස කස‍්සචි භික‍්ඛුනො කුලානි උපසඞ‍්කමතො කුලෙසු චිත‍්තං න සජ‍්ජති, න ගය‍්හති න බජ‍්ඣති “ලභන‍්තු ලාභකාමා, පුඤ‍්ඤකාමා කරොන‍්තු පන පුඤ‍්ඤානී”ති. යථා සකෙන ලාභෙන අත‍්තමනො හොති සුමනො, එවං පරෙසං ලාභෙන අත‍්තමනො හොති සුමනො. එවරූපො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරහති කුලානි උපසඞ‍්කමිතුං. කස‍්සපස‍්ස භික‍්ඛවෙ, කුලානි උපසඞ‍්කමතො කුලෙසු චිත‍්තං න සජ‍්ජති, න ගය‍්හති, න බජ‍්ඣති “ලභන‍්තු ලාභකාමා, පුඤ‍්ඤකාමා කරොන‍්තු පුඤ‍්ඤානී”ති. යථා සකෙන ලාභෙන අත‍්තමනො හොති සුමනො, එවං පරෙසං ලාභෙන අත‍්තමනො හොති සුමනො. එවරූපො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරහති කුලානි උපසඞ‍්කමිතුං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙයි අත සැලූහ. මහණෙනි, යම් සේ මේ අත අහසෙහි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, මහණෙනි, එසෙයින් ම කුලයන් වෙත එළඹෙන යම් කිසි මහණකුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් එසේ ම මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය. මහණෙනි, කුලයන් වෙත එළඹෙන කසුප්හුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලෙයි. නො ගැණෙයි. නො බැඳෙයි. තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, කථංරූපස‍්ස භික‍්ඛුනො අපරිසුද‍්ධා ධම‍්මදෙසනා හොති, කථංරූපස‍්ස භික‍්ඛුනො පරිසුද‍්ධා ධම‍්මදෙසනා හොතීති? “භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා භගවම‍්පටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තඤ‍්ඤෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී”ති.

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම අපිරිසිදු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු දැ යි? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.

තෙන හි භික‍්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යො හි කොචි භික‍්ඛවෙ, භික‍්ඛු එවඤ‍්චිත‍්තො පරෙසං ධම‍්මං දෙසෙති: “අහො වත මෙ ධම‍්මං සුණෙය්‍යුං, සුත්‍වා ච පන ධම‍්මං පසීදෙය්‍යුං, පසන‍්නා ච මෙ පසන‍්නාකාරං කරෙය්‍යු”න‍්ති. එවරූපස‍්ස ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො අපරිසුද‍්ධා ධම‍්මදෙසනා හොති.

මහණෙනි, යම් කිසි මහණෙක් “මගේ දහම් අසන්නාහු නම්, අසාත් පහන් වන්නාහු නම්, පහන් වූවාහුත් මට පහන් අයුරු (ප්‍රකාශ) කරන්නාහු නම් ඉතා මැනැවැ” යි මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම් දෙසුම අපිරිසිදු වෙයි.

යො ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවඤ‍්චිත‍්තො පරෙසං ධම‍්මං දෙසෙති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. අහො වත මෙ ධම‍්මං සුණෙය්‍යුං, සුත්‍වා ච පන ධම‍්මං ආජානෙය්‍යුං, ආජානිත්‍වා ච පන තථත‍්තාය පටිපජ‍්ජෙය්‍යු”න‍්ති. ඉති ධම‍්මසුධම‍්මතං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. කාරුඤ‍්ඤං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. අනුද‍්දයං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. අනුකම‍්පං උපාදාය පරෙසං ධම‍්මං දෙසෙති. එවරූපස‍්ස ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො පරිසුද‍්ධා ධම‍්මදෙසනා හොති.

මහණෙනි, යම් කිසි මහණෙක් මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසාද- “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමන් තමන් විසින් ම දත යුතු යි. මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසා ද, කරුණාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු වේ.

කස‍්සපො භික‍්ඛවෙ, එවංචිත‍්තො පරෙසං ධම‍්මං දෙසෙති: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. අහොවත මෙ ධම‍්මං සුණෙය්‍යුං, සුත්‍වා ච පන ධම‍්මං ආජානෙය්‍යුං, ආජානිත්‍වා ච පන තථත‍්තාය පටිපජ‍්ජෙය්‍යු”න‍්ති. ඉති ධම‍්මසුධම‍්මතං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. කාරුඤ‍්ඤං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. අනුද‍්දයං පටිච‍්ච පරෙසං ධම‍්මං දෙසෙති. අනුකම‍්පං උපාදාය පරෙසං ධම‍්මං දෙසෙති.

මහණෙනි, කාශ්‍යප තෙමේ මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලිකය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යි මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසයි. කරුණාව නිසා මෙරමාහට දහම් දෙසායි අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසායි. අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසයි.

කස‍්සපෙන වා හි වො භික‍්ඛවෙ, ඔවදිස‍්සාමි, යො වා පනස‍්ස කස‍්සපසදිසො. ඔවදිතෙහි ච පන වො තථත‍්තාය පටිපජ‍්ජිතබ‍්බන‍්ති.

මහණෙනි, ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ ද තොප විසින් ඒ පිණිස පිළිපැදිය යුතු යි.