යෙදුමෙන් කියවන්න

පඨම අභිනිවෙස සුත‍්තං

1. 3. 5. 8.

1. 3. 5. 8.

පඨම අභිනිවෙස සුත‍්තං

පඨම අභිනිවේස සූත්‍රය

157. සාවත්‍ථියං:

157. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස උප‍්පජ‍්ජන‍්ති සඤ‍්ඤොජනාභිනිවෙසවිනිබන්‍ධාති?

“කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේස විනිබන්‍ධයෝ (සංයෝජනයෝ ය අනිත්‍යාදියෙහි නිත්‍යාදි වශයෙන් දැඩිව පිවිස ගන්නෝය සිත තදින් බැඳගන්නා විනිබන්‍ධයෝ ය යන කෙලෙස්හු) උපදිද්දැ” යි.

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-.

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස උප‍්පජ‍්ජන‍්ති සඤ‍්ඤොජනාභිනිවෙසවිනිබන්‍ධා, වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස උප‍්පජ‍්ජන‍්ති සඤ‍්ඤොජනාභිනිවෙසවිනිබන්‍ධා.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදිත්.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,

යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍යුං සඤ‍්ඤොජනාභිනිවෙසවිනිබන්‍ධාති? නො හෙතං භන‍්තෙ,

යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ.

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,

යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය උප‍්පජ‍්ජෙය්‍යුං සඤ‍්ඤොජනාභිනිවෙසවිනිබන්‍ධාති. නො හෙතං භන‍්තෙ,

යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි .

එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.