5. දිට්ඨිවග්ගො අට්ඨකථා
5. දිට්ඨි වර්ගය
1-9. අජ්ඣත්ත සුත්තාදිවණ්ණනා
1-9. අජ්ඣත්ත ආදි සූත්ර වර්ණනා
දිට්ඨිවග්ගස්ස පඨමෙ කිං උපාදායාති කිං පටිච්ච. දුතියෙ කිං අභිනිවිස්සාති කිං අභිනිවිසිත්වා, පච්චයං කත්වාති අත්ථො. තතියාදීසු දිට්ඨීතිආදීනි පුග්ගලජ්ඣාසයෙන වුත්තානි. පඨමාදීනි.
දිට්ඨි වර්ගයේ පළමු සූත්රයේ - “කිං උපාදාය” යනු කුමක් නිසා යනුයි හේතුකරගෙන. දෙවැනි සූත්රයේ “කිං අභිනිවිස්ස” යනු කුමක් ආශ්රය කොට, කුමක් ප්රත්යකොට යන අර්ථයි. තෙවැනි ආදී සූත්රවල “දිට්ඨි” යනාදිය පුද්ගල අදහස් අනුව දේශනා කරන ලදී.
10. ආනන්ද සුත්තවණ්ණනා
10. ආනන්ද සූත්ර වර්ණනාව
දසමෙ උපසඞ්කමීති අඤ්ඤෙ භික්ඛූ පඤ්චක්ඛන්ධකම්මට්ඨානං කථාපෙත්වා යුඤ්ජිත්වා ඝටෙත්වා අරහත්තං පත්වා සත්ථු සන්තිකෙ අඤ්ඤං බ්යාකරොන්තෙ දිස්වා “අහම්පි පඤ්චක්ඛන්ධකම්මට්ඨානං කථාපෙත්වා යුඤ්ජන්තො ඝටෙන්තො, අරහත්තං පත්වා අඤ්ඤං බ්යාකරිස්සාමී”ති චින්තෙත්වා උපසඞ්කමි. සත්ථා පන අත්තනො ධරමානකාලෙ ථෙරස්ස උපරිමග්ගත්තයවජ්ඣානං කිලෙසානං පහානං අපස්සන්තොපි “ඉමස්ස චිත්තං ගණ්හිස්සාමී”ති කථෙසි. තස්සාපි එකං ද්වෙ වාරෙ මනසි කත්වාව බුද්ධුපට්ඨානවෙලා ජාතාති ගන්තබ්බං හොති. ඉතිස්ස චිත්තං සම්පහංසමානො විමුත්තිපරිපාචනීයධම්මොව සො කම්මට්ඨානානුයොගො ජාතොති. දසමං.
ආනන්ද සූත්රයේ - “උපසංකමී” යනු අනිකුත් භික්ෂූහු පංචස්කන්ධය පිළිබඳ කමටහන් ලබාගෙන් ගොස්, එහි යෙදී, ඒහා ගැටී රහත්බවට පත්වී ශාස්තෲන් වහන්සේ ඉදිරියේ ‘රහත්බව’ ප්රකාශ කරනු දැක “මම ද පංචස්කන්ධ කමටහනක් දේශනා කරවාගෙන, එහි යෙදී-ගැටී රහත් බවට පත්වී රහත් බව ප්රකාශ කරන්නෙමි”යි සිතා බුදුපියාණන් වහන්සේ වෙත එළඹියේය. ශාස්තෲන් වහන්සේ තමන්වහන්සේ ජීවත්ව සිටියදී ආනන්ද තෙරුන්ගේ මතු මාර්ගත්රය අවබෝධවීමක් හෝ කෙලෙස් ප්රහාණයක් නොදක්නා සේක්, එනමුදු “මොහුගේ සිත සතුටු කරන්නෙමි”යි මේ සූත්රය දේශනා කළ සේක. ආනන්ද හිමියෝද මේ කමටහන එක්වරක් දෙවරක් සිහිපත් කොට, දැන් බුද්ධ උපස්ථාන වේලාව යැයි යායුතු වේ. මෙසේ උන්වහන්සේගේ සිත සතුටු කරවමින් විමුක්තිය මුහුකුරා යන ධර්මයක්ම උන්වහන්සේට කමටහන් ලෙස ලැබුණේයැයි දතයුතුයි.
දිට්ඨිවග්ගො පන්නරසමො.
පස්වන දිටඨි වර්ගයයි.
උපරිපණ්ණාසකො සමත්තො.
චූළපණ්ණාසකය සමාප්ත විය.
ඛන්ධසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
ඛන්ධ සංයුත්තය නිමියේය.