යෙදුමෙන් කියවන්න

ආනන්‍ද සුත‍්තං

1. 3. 5. 10.

1. 3. 5. 10.

ආනන්‍ද සුත‍්තං

ආනන්‍ද සූත්‍රය

159. සාවත්‍ථියං:

159. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: සාධු මෙ, භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍ය”න‍්ති.

එ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ, එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වෙර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරණ සේක් නම් මැනවි”යි.

තං කිං මඤ‍්ඤසි ආනන්‍ද, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,

ආනන්‍දය, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. වහන්ස, අනිත්‍ය ය.

යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි. වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ,

යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය”යි දක්නට සුදුසු දැ”යි? වහන්ස, තෙල නො වේ මැ යැ .

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ,

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.

තස‍්මාතිහ ආනන්‍ද, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කා චි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම -පෙ-

ආනන්‍දය, එ හෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ විවසුන්නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, ...

එවං පස‍්සං ආනන්‍ද, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති, ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

ආනන්‍දය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයෙහිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි, ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරණ ලදී. මේබැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.

දිට‍්ඨිවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි දිට්ඨි වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

අජ‍්ඣත‍්තිකං එතං මම සො අත‍්තා නො ච මෙ සියා, මිච‍්ඡා සක‍්කාය අත‍්තානුද‍්වෙභිනිවෙසා ආනන්‍දෙනාති.

අජ්ඣත්තික, එතං මම, සො අත්තා, නොච මෙ සියා, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, අත්තානුදිට්ඨි යන සූත්‍ර සත යැ, අභිනිවේස සූත්‍ර දෙක යැ, ආනන්‍ද සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.

උපරිපණ‍්ණාසකො සමත‍්තො.

උපරි පණ්ණාසකය නිමියේ යි.

තත්‍ර වග‍්ගුද‍්දානං:

එහි වර්‍ග නාමාවලිය:

අන‍්තො ධම‍්මකථිකාවිජ‍්ජා කුක‍්කුලො දිට‍්ඨිපඤ‍්චමං, තතියො පණ‍්ණාසකො වුත‍්තො නිපාතො තෙන වුච‍්චතීති

අත්ත වර්‍ග යැ, ධම්මකථික වර්‍ග යැ, අවිජ්ජා වර්‍ග යැ, කුක්කුල වර්‍ග යැ, පස්වැනි වූ දිට්ඨි වර්‍ග යයි තුන් වන පණ්ණාසකය කියන ලද්දේ ය. එහෙයින් නිපාත යයි කියනු ලැබේ යි.

ඛන්‍ධකවග‍්ගස‍්ස නිපාතකෙ තිපණ‍්ණාසකං සමත‍්තං.

ඛන්‍ධකවර්‍ගය පිළිබඳ නිපාතයෙහි පණ්ණාසක තුන සමාප්ත යැ.

ඛන්‍ධසංයුත‍්තං නිට‍්ඨිතං.

ඛන්‍ධසංයුත්තය නිමියේ යි.