යෙදුමෙන් කියවන්න

මාර සුත‍්තං

2. 1. 1.

2. 1. 1.

මාර සුත‍්තං

මාර සූත්‍රය

160. සාවත්‍ථියං:

160. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා රාධො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : මාරො මාරොති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, මාරොති.

එ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මාර මාර” යි කියනු ලැබෙයි, වහන්ස කොපමණෙකින් මාර වේ දැ”යි?.

රූපෙ ඛො රාධ සති මාරො වා අස‍්ස මාරෙතා වා යො වා පන මීයති. තස‍්මාතිහ ත්‍වං රාධ රූපං මාරොති පස‍්ස, මාරෙතාති පස‍්ස, මීයතීති පස‍්ස, රොගොති පස‍්ස, ගණ‍්ඩොති පස‍්ස, සල‍්ලන‍්ති පස‍්ස, අඝන‍්ති පස‍්ස, අඝභූතන‍්ති පස‍්ස. යෙ නං එවං පස‍්සන‍්ති තෙ සම‍්මා පස‍්සන‍්ති. වෙදනාය සති මාරො වා අස‍්ස මාරෙතා වා යො වා පන මීයති. තස‍්මාතිහ ත්‍වං රාධ, වෙදනං මාරොති පස‍්ස මාරෙතාති පස‍්ස මීයතීති පස‍්ස -පෙ- යෙ නං එවං පස‍්සන‍්ති තෙ සම‍්මා පස‍්සන‍්ති. සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති මාරො වා අස‍්ස මාරෙතා වා යො වා පන මීයති. තස‍්මාතිහ ත්‍වං රාධ සඞ‍්ඛාරෙ මාරො’ති පස‍්ස මාරෙතාති පස‍්ස මීයතීති පස‍්ස -පෙ- යෙ නං එවං පස‍්සන‍්ති තෙ සම‍්මා පස‍්සන‍්ති. විඤ‍්ඤාණෙ සති මාරො වා අස‍්ස මාරෙතා වා යො වා පන මීයති. තස‍්මාතිහ ත්‍වං රාධ, විඤ‍්ඤාණං මාරොති පස‍්ස, මාරෙතාති පස‍්ස, මීයතීති පස‍්ස, රොගොති පස‍්ස, ගණ‍්ඩොති පස‍්ස, සල‍්ලන‍්ති පස‍්ස, අඝන‍්ති පස‍්ස, අඝභූතන‍්ති පස‍්ස. යෙ නං එවං පස‍්සන‍්ති, තෙ සම‍්මා පස‍්සන‍්තීති.

රාධය, රූපය ඇති කල්හි මරු (මරණය) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි රූපය මරු යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු, රෝග ය යි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසන යයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැ යි දකිවු. යම් කෙනෙක් එය (රූපය) මෙ සේ දකිත් ද ඔහු මැනවින් දකිති. වේදනාව ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි වේදනාව මරණ යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු ... යම් කෙනෙක් එ වේදනාව මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි සංස්කාර මරු යයි දකිවු, මැරිය යුත්තා ය යි දකිවු, මැරෙන්නා ය යි දකිවු ... යම් කෙනෙක් මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. විඥානය ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි විඥානය මරු යයි දකිවු, මැරිය යුත්තා යි දකිවු, මැරෙන්නා යි දකිවු, රෝග යයි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසනයයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැයි දකිවු. යම් කෙනෙක් එ විඥානය මේ සේ දකිත් ද, ඔහු මොනොවට දකිත් යි.

සම‍්මාදස‍්සනං පන භන‍්තෙ, කිමත්‍ථියන‍්ති?

වහන්ස, මොනොවට දැක්ම කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?

සම‍්මාදස‍්සනං ඛො රාධ, නිබ‍්බිදත්‍ථං.

රාධය, මොනොවට දැක්ම නිර්වේදය අර්‍ත්‍ථකොට ඇත.

නිබ‍්බිදා පන භන‍්තෙ, කිමත්‍ථියාති?

වහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?

නිබ‍්බිදා ඛො රාධ, විරාගත්‍ථා.

රාධය, නිර්වේදය විරාගය අර්‍ත්‍ථකොට ඇත.

විරාගො පන භන‍්තෙ කිමත්‍ථියොති?

වහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථකොට ඇත ද?

විරාගො ඛො රාධ, විමුත‍්තත්‍ථො.

රාධය, විරාගය විමුක්තිය අර්‍ත්‍ථකොට ඇත.

විමුත‍්ති පන භන‍්තෙ කිමත්‍ථියා’ති?

වහන්ස, විමුක්තිය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?

විමුත‍්ති ඛො රාධ, නිබ‍්බානත්‍ථා.

රාධය, විමුක්තිය නිවන අර්‍ත්‍ථකොට ඇත.

නිබ‍්බානං පන භන‍්තෙ, කිමත්‍ථියන‍්ති?

වහන්ස, නිවන කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?

අච‍්චසරා රාධ, පඤ‍්හං. නාසක‍්ඛි පඤ‍්හස‍්ස පරියන‍්තං ගහෙතුං. නිබ‍්බානොගධං හි රාධ, බ්‍රහ‍්මචරියං වුස‍්සති නිබ‍්බානපරායනං නිබ‍්බානපරියොසානන‍්ති.

රාධය, ප්‍රශ්නය ඉක්මැවූයෙහි, ප්‍රශ්නයේ කෙළවර ගන්නට අසමත් වූයෙහි. නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති මඟබඹසර වෙසේ යි.