යෙදුමෙන් කියවන්න

1. පඨම මාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. පඨම මාර වර්ගය

1. මාර සුත‍්තවණ‍්ණනා

1. මාර සූත්‍ර වර්ණනාව

රාධසංයුත‍්තස‍්ස පඨමෙ මාරො වා අස‍්සාති මරණං වා භවෙය්‍ය. මාරෙතා වාති මාරෙතබ‍්බො වා. යො වා පන මීයතීති යො වා පන මරති. නිබ‍්බිදත්‍ථන‍්ති නිබ‍්බිදාඤාණත්‍ථං. නිබ‍්බානත්‍ථාති ඵලවිමුත‍්ති නාමෙසා අනුපාදානිබ‍්බානත්‍ථාති අත්‍ථො. අච‍්චයාසීති අතික‍්කන‍්තොසි. නිබ‍්බානොගධන‍්ති නිබ‍්බානෙ පතිට‍්ඨිතං. ඉදං මග‍්ගබ්‍රහ‍්මචරියං නාම නිබ‍්බානබ‍්භන‍්තරෙ වුස‍්සති, න නිබ‍්බානං අතික‍්කමිත්‍වාති අත්‍ථො. නිබ‍්බානපරියොසානන‍්ති නිබ‍්බානං අස‍්ස පරියොසානං, නිප‍්ඵත‍්ති නිට‍්ඨාති අත්‍ථො.

රාධ සංයුත්තයේ පළමු සූත්‍රයේ - “මාරො වා අස්ස” යනු මරණයක් හෝ වන්නේය යනුයි. “මාරෙතා වා” යනු මැරිය යුත්තෙක් හෝ වන්නේය යනුයි. “යො වා පන මීයති” යනු යමෙක් මරයි ද යනුයි. “නිබ්බිදත්‍ථං” යනු නිබ්බිදා ඥානය සඳහාය. “නිබ්බාණත්‍ථා” යනු ඵල විමුක්තිය නම්වන මෙය උපාදාන රහිත නිර්වාණයයැයි දතයුතුයි. “අච්චසරා” යනු ඉක්මවූයෙහි යනුයි. “නිබ්බාණොගධං” යනු නිවනෙහි පිහිටි යනුයි. මෙය මාර්ග බ්‍රහ්මචරිය නම් වේ. නිවනට බැසගෙන වෙසේ. නිවන නොඉක්මවා යන අර්ථයි. “නිබ්බාණපරියොසානං” යනු මොහුගේ අවසානය නිවනයි. සසර ගමන අවසන් වූ නිෂ්පත්තිය නිවනයි. පරම නිෂ්ඨාවයි යන අර්ථයි.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. සත‍්ත සුත‍්තවණ‍්ණනා

2. සත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ සත‍්තො සත‍්තොති ලග‍්ගපුච‍්ඡා. තත්‍ර සත‍්තො තත්‍ර විසත‍්තොති තත්‍ර ලග‍්ගො තත්‍ර විලග‍්ගො. පංස‍්වාගාරකෙහීති පංසුඝරකෙහි. කෙළායන‍්තීති කීළන‍්ති. ධනායන‍්තීති ධනං විය මඤ‍්ඤන‍්ති. මමායන‍්තීති “මම ඉදං, මම ඉද”න‍්ති මමත‍්තං කරොන‍්ති, අඤ‍්ඤස‍්ස ඵුසිතුම‍්පි න දෙන‍්ති. විකීළනියං කරොන‍්තීති “නිට‍්ඨිතා කීළා”ති තෙ භින්‍දමානා කීළාවිගමං කරොන‍්ති.

දෙවැනි සූත්‍රයේ - “සත්තො සත්තො” යනු ඇලුණු ප්‍රශ්නයයි. “තත්‍රසත්තො තත්‍ර විසත්තො” යනු එහි ඇලුණු යනුයි. එහි දැඩිව ඇලුණේය යනුයි. “පංස්වාගාරතො” යනු පස් වැලි ගෙවල්වල යනුයි. “කෙළායන්ති” යනු ක්‍රීඩා කරති. “ධනායන්ති” යනු ධනය මෙන් සිතත් යනුයි. “මමායන්ති” යනු “මෙය මගේ”, “මෙය මගේ” යනුවෙන් මමත්‍වය කරති. අනිකකුට ස්පර්ශ කිරීමට ද නොදෙති යනුයි. “විකීළනිකං කරොන්ති” යනු “ක්‍රීඩාව නිමාවීයැ’යි ඔවුහු එම වැලිගෙවල් බිඳ දමමින් ක්‍රීඩාව අවසන් කරති යනුයි.

දෙවැනි සූත්‍රයයි.

3. භවනෙත‍්ති සුත‍්තවණ‍්ණනා

3. භවනෙත්ති සූත්‍ර වර්ණනාව

තතියෙ භවනෙත‍්තීති භවරජ‍්ජු. චතුත්‍ථං උත‍්තානමෙව.

තෙවන සූත්‍රයේ - “භවනෙත්ති” යනු භවයට බැඳතබන රැහැනයි.

තෙවැනි සූත්‍රයයි.

4-10. පරිඤ‍්ඤෙය්‍ය සුත‍්තාදිවණ‍්ණනා

4-10. පරිඤ්ඤෙය්‍ය ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමාදීසු චතූසු චත‍්තාරි සච‍්චානි කථිතානි, ද‍්වීසු කිලෙසප‍්පහානන‍්ති.

සිවුවන සූත්‍රයේ අර්ථ ප්‍රකටය. පස්වන සූත්‍රයේ සිට ඇති සිවු සූත්‍රයේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ වේ. අවසන් සූත්‍ර දෙකෙහි ක්ලේශ ප්‍රහාණය කියැවේ.

පඨමො වග‍්ගො.

පළමු වර්ගයයි.