ඡන්දරාග සුත්තං
2. 1. 9.
2. 1. 9.
ඡන්දරාග සුත්තං
ඡන්දරාග සූත්‍රය
168. සාවත්ථියං:
168. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච :
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. වෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තෙ සඞ්ඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
“රාධ, රූපයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එ දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (සහමුලින් උදුරා හළ තල්ගස ඇති තැන මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය. වේදනායෙහි යම්, ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලා වස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්න වුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.