දුතිය ඡන්දරාග සුත්තං
2. 1. 10.
2. 1. 10.
දුතිය ඡන්දරාග සුත්තං
දුතිය ඡන්දරාග සූත්‍රය
169. සාවත්ථියං:
169. සැවැත්නුවර:
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච :
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං.
රාධය, රූපයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් (හෝ සහමුලින් උදුරාහළ තල් ගස ඇති තැන මෙන්) මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
වෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තෙ සඞ්ඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
වේදනායෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්නවුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තණ්හාවක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
මාරවග්ගො පඨමො.
පළමුවැනි මාර වර්ග යි
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
මාරො සත්තො භවනෙත්ති - පරිඤ්ඤෙය්යා සමණා දුවෙ, සොතාපන්නො අරහා ච - දුවෙ ච ඡන්දරාගියාති.
මාර, සත්ත, භවනෙත්ති, පරිඤ්ඤෙය යන සූත්‍ර සතර ය, සමණසූත්‍ර දෙක ය, සෝතාපන්න සූත්‍ර ය අරහන්ත සූත්‍රය ඡන්දරාගසූත්ර දෙක ය යි සූත්‍ර දශයෙකි.