2. දුතිය මාරවග්ගො
2. දුතිය වර්ගය
2. 2. 1.
2. 2. 1.
මාර සුත්තං
මාර සූත්‍රය
170. සාවත්ථියං:
170. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : ‘මාරො මාරො’ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ මාරොති?
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘මාර, මාර’යි කියනු ලැබෙයි. වහන්ස, ‘මාර’ නම් කවරෙ යැ?
රූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ්ඤා මාරො, සඞ්ඛාරා මාරො, විඤ්ඤාණං මාරො. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය මාර යැ, වේදනාව මාර යැ, සංඥාව මාර යැ, සංස්කාර මාර යැ, විඥානය මාර යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි. වේදනා යෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (පස්කඳින්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි පස්විකුම් නැණ වෙයි, දැය ගෙවිණැ, මහබඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද, මේ රහත් බව සඳහා කළ යුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
2. 2. 2.
2. 2. 2.
මාරධම්ම සුත්තං
මාරධම්ම සූත්‍රය
171. සාවත්ථියං:
171. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “මාරධම්මො මාරධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, මාරධම්මොති?
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල, සැලකළහ: වහන්ස, ‘මාරධම්ම, මාරධම්ම’ යි කියනු ලැබෙයි. වහන්ස,‘මාර ධම්ම’ නම් කවරෙ යැ?
රූපං ඛො රාධ, මාරධම්මො, වෙදනා මාරධම්මො, සඤ්ඤා මාරධම්මො, සඞ්ඛාරා මාරධම්මො, විඤ්ඤාණං මාරධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය මාරධම්ම යැ, වේදනාව මාරධම්ම යැ, සංඥාව මාරධම්ම යැ, සංස්කාර මාරධම්ම යැ, විඥානය මාරධම්ම යි. රාධ, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
2. 2. 3.
2. 2. 3.
අනිච්ච සුත්තං
අනිච්ච සූත්‍රය
172. සාවත්ථියං:
172. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනිච්චං අනිච්චන්ති” භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, අනිච්චන්ති?
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, අනිත්‍ය යැ, අනිත්‍ය’යි කියනු ලැබෙයි, වහන්ස, අනිත්‍ය නම් කිමෙක් දෝ”යි?
රූපං ඛො රාධ, අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ. විඥානය අනිත්‍ය යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 4.
2. 2. 4.
අනිච්චධම්ම සුත්තං
අනිච්චධම්ම සූත්‍රය
173. සාවත්ථියං:
173. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනිච්චධම්මො අනිච්චධම්මො”ති භන්තෙ වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනිච්චධම්මොති?
එකත්පසෙක හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, “අනිච්ච්‍ධම්ම යැ, අනිච්ච්‍ධම්ම”යි කියනු ලැබෙයි, වහන්ස, අනිච්ච්‍ධම්ම කිමෙක් දෝ යි?
රූපං ඛො රාධ, අනිච්චධම්මො වෙදනා අනිච්චධම්මො සඤ්ඤා අනිච්චධම්මො සඞ්ඛාරා අනිච්චධම්මො, විඤ්ඤාණං අනිච්චධම්මො. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය අනිත්‍ය ස්වභාවය ඇත්තේ යැ. වේදනාව අනිත්‍ය ස්වභාවය ඇත්තී යැ. සංඥාව අනිත්‍යස්වභාවය ඇත්තී යැ. සංස්කාරයෝ අනිත්‍ය ස්වභාවය ඇතියහ. විඥානය අනිත්‍යස්වභාවය ඇත්තේ යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 5.
2. 2. 5.
දුක්ඛ සුත්තං
දුක්ඛ සූත්‍රය
174. සාවත්ථියං:
174. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “දුක්ඛං දුක්ඛ”න්ති භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, දුක්ඛන්ති?
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.: වහන්ස, දුක්ඛ, දුක්ඛ යි කියනු ලැබෙයි, වහන්ස, දුක්ඛ නම් කිමෙක් දෝ”යි?
රූපං ඛො රාධ, දුක්ඛං, වෙදනා දුක්ඛා සඤ්ඤා දුක්ඛා සඞ්ඛාරා දුක්ඛා විඤ්ඤාණං දුක්ඛං. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. රාධය මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 6.
2. 2. 6.
දුක්ඛධම්ම සුත්තං
දුක්ඛධම්ම සූත්‍රය
175. සාවත්ථියං:
175. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “දුක්ඛධම්මො දුක්ඛධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, දුක්ඛධම්මොති?
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: “වහන්ස, “දුක්ඛධම්ම දුක්ඛධම්ම” යි කියනු ලැබේ” වහන්ස, දුක්ඛධම්ම කිමෙක් දෝ හෝ යි?
රූපං ඛො රාධ, දුක්ඛධම්මො වෙදනා දුක්ඛධම්මො සඤ්ඤා දුක්ඛධම්මො සඞ්ඛාරා දුක්ඛධම්මො විඤ්ඤාණං දුක්ඛධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය දුඃඛස්වභාවය ඇත්තේ ය, වේදනාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංඥාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංස්කාරයෝ දුඃඛස්වභාවය ඇතියහ. විඥානය දුඃඛස්වභාවය ඇත්තේ යි. මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 7.
2. 2. 7.
අනත්ත සුත්තං
අනන්ත සූත්‍රය
176. සාවත්ථියං:
176. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනත්තා අනත්තා”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනත්තාති?
එකත් පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්ම යැ. අනාත්ම යැ’ යි කියනු ලැබේ, වහන්ස, අනාත්මය නම් කිමෙක් දෝ?යි.
රූපං ඛො රාධ, අනත්තා වෙදනා අනත්තා සඤ්ඤා අනත්තා සඞ්ඛාරා අනත්තා විඤ්ඤාණං අනත්තා. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
“රාධය, රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්ම යි. රාධය, මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 8.
2. 2. 8.
අනත්තධම්ම සුත්තං
අනත්තධම්ම සූත්‍රය
177. සාවත්ථියං:
177. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනත්තධම්මො අනත්තධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනත්තධම්මොති?
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්මස්වභාව යැ, අනාත්මස්වභාව යැ’යි කියනු ලැබෙයි, වහන්ස, අනාත්මස්වභාවය ඇත්තේ කිමෙක් දෝ”යි.
රූපං ඛො රාධ, අනත්තධම්මො වෙදනා අනත්තධම්මො සඤ්ඤා අනත්තධම්මො, සඞ්ඛාරා අනත්තධම්මො, විඤ්ඤාණං අනත්තධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
“රාධය, රූපය, අනාත්මස්වභාව යැ, වේදනාව අනාත්මස්වභාව යැ, සංඥාව අනාත්ම ස්වභාව යැ, සංස්කාර අනාත්මස්වභාව යැ, විඥානය අනාත්ම ස්වභාව යැ. රාධය මෙසේ දක්නා … ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
2. 2. 9.
2. 2. 9.
ඛයධම්ම සුත්තං
ඛයධම්ම සූත්‍රය
178. සාවත්ථියං:
178. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “ඛයධම්මො ඛයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, ඛයධම්මොති?
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “වහන්ස, ‘ඛයධම්ම, ඛයධම්ම (නැසෙන සුලු)“යි කියනු ලැබේ. වහන්ස කිමෙක් ඛයධම්ම වේ දැ යි.
රූපං ඛො රාධ, ඛයධම්මො, වෙදනා ඛයධම්මො, සඤ්ඤා ඛයධම්මො, සඞ්ඛාරා ඛයධම්මො, විඤ්ඤාණං ඛයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය ඛයධම්ම යැ, වේදනාව ඛයධම්ම යැ, සංඥාව ඛයධම්ම යැ, සංස්කාර ඛයධම්ම යැ. විඥානය ඛයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
2. 2. 10.
2. 2. 10.
වයධම්ම සුත්තං
වයධම්ම සූත්‍රය
179. සාවත්ථියං:
179. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “වයධම්මො වයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, වයධම්මොති?
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “වයධම්ම, වයධම්ම (වැනසෙන සුලු) යි කියනු ලැබෙයි, ‘වහන්ස කිමෙක් වයධම්ම වේ දැ”යි?
රූපං ඛො රාධ, වයධම්මො වෙදනා වයධම්මො සඤ්ඤා වයධම්මො සඞ්ඛාරා වයධම්මො, විඤ්ඤාණං වයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය වයධම්ම යැ, වේදනාව වයධම්ම යැ, සංඥාව වයධම්ම යැ, සංස්කාර වයධම්ම යැ විඥානය වයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 11.
2. 2. 11.
සමුදයධම්ම සුත්තං
සමුදයධම්ම සූත්‍රය
180. සාවත්ථියං:
180. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “සමුදයධම්මො සමුදයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, සමුදයධම්මොති?
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘සමුදයධම්ම, සමුදයධම්ම (හටගන්නාසුලු)’යි කියනු ලැබෙයි, වහන්ස, කිමෙක් සමුදය ධම්ම වේ දැ යි?
රූපං ඛො රාධ, සමුදයධම්මො වෙදනා සමුදයධම්මො සඤ්ඤා සමුදයධම්මො සඞ්ඛාරා සමුදයධම්මො විඤ්ඤාණං සමුදයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
රාධය, රූපය සමුදයධම්ම යැ. වේදනාව සමුදයධම්ම යැ. සංඥාව, සමුදයධම්ම යැ. සංස්කාර සමුදයධම්ම යැ. විඥානය සමුදයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 12.
2. 2. 12.
නිරොධධම්ම සුත්තං
නිරෝධධම්ම සූත්‍රය
181. සාවත්ථියං:
181. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “නිරොධධම්මො, නිරොධධම්මො”ති භන්තෙ වුච්චති. කතමො නු ඛො භන්තෙ, නිරොධධම්මොති.
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘නිරෝධධම්ම, නිරෝධධම්ම (නිරුද්ධ වනසුලු)’ යි කියනු ලැබෙයි. වහන්ස, කිමෙක් නිරෝධධම්ම වේ දැ”යි.
රූපං ඛො රාධ, නිරොධධම්මො වෙදනා නිරොධධම්මො සඤ්ඤා නිරොධධම්මො, සඞ්ඛාරා නිරොධධම්මො විඤ්ඤාණං නිරොධධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
“රාධය, රූපය ‘නිරෝධධම්ම යැ, වේදනාව නිරෝධධම්ම යැ, සංඥාව නිරෝධධම්ම යැ, සංස්කාර නිරෝධධම්ම යැ, විඥානය නිරෝධධම්ම යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනීයි.
දුතිය මාරවග්ගො
දුතිය මාරවර්ග යි
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
මාරො ච මාරධම්මො ච අනිච්චෙන’පරෙ දුවෙ දුක්ඛෙන ච දුවෙ වුත්තා අනත්තෙන තථෙව ච ඛයවයසමුදයධම්මා නිරොධධම්මෙන ද්වාදසාති.
මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනික් අනිච්ච සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ සූත්‍ර දෙකෙක් ද කියන ලද යැ. එසේ ම අනත්ත සූත්‍ර ද දෙකෙකි. ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍රයෝ ද වෙති. නිරෝධධම්ම සූත්‍රයෙන් (ඔහු) දොළසෙක් වෙත්.