යෙදුමෙන් කියවන්න

මාර සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 3. 1.

2. 3. 1.

මාර සුත‍්තං.

මාර සූත්‍රය

182. සාවත්‍ථියං:

182. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, මාරො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, මාරො :

රාධය, යමෙක් මාර ද, එහි තොපගේ ඡන්‍දය (දුර්‍වල රාගය) දුරු කටයුතු යැ. රාගය (බලවත් රාගය) පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය මාර කවරේ ද යත්:

රූපං ඛො රාධ, මාරො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං මාරො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, මාරො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධ, රූපය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහ කටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. රාධය යමෙක් මරු ද එහි ඡන්‍දය පහකටයුතුය, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 2.

2. 3. 2.

මාරධම‍්ම සුත‍්තං.

මාරධම්ම සූත්‍රය

183. සාවත්‍ථියං:

183. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ... නිවන් පිණිස යොමුකළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දෙසනසේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, මාරධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, මාර ධම‍්මො: රූපං ඛො රාධ, මාරධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං මාරධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, මාරධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් මරණධර්‍ම (මැරෙනසුලු) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කවරෙක් මරණධර්‍ම වේ ද යත්: රාධය, රූපය මරණධර්‍ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතුයැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මරණධර්‍ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් මරණධර්‍ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 3.

2. 3. 3.

අනිච‍්ච සුත‍්තං.

අනිච්ච සූත්‍රය

184. සාවත්‍ථියං:

184. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච රාධ, අනිච‍්චං? රූපං ඛො රාධ, අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යං ඛො රාධ, අනිච‍්චං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළ යුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. රාධය, කිමෙක් අනිත්‍ය ද යත්: රාධය, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළ යුතු යි. රාධය යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි.

2. 3. 4.

2. 3. 4.

අනිච‍්චධම‍්ම සුත‍්තං.

අනිච්චධම්ම සූත්‍රය

185. සාවත්‍ථියං:

185. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, අනිච‍්චධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො.

රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු ය, රාගය පහකළයුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.

කො ච රාධ, අනිච‍්චධම‍්මො: රූපං ඛො රාධ, අනිච‍්චධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, අනිච‍්චධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධ, කිමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.

2. 3. 5.

2. 3. 5.

දුක‍්ඛ සුත‍්තං.

දුක්ඛ සූත්‍රය

186. සාවත්‍ථියං:

186. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යං ඛො රාධ, දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කිං ච රාධ, දුක‍්ඛං: රූපං ඛො රාධ, දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, දුක‍්ඛං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුක් ද යත්: රාධය, රූපය දුක් යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.

2. 3. 6.

2. 3. 6.

දුක‍්ඛධම‍්ම සුත‍්තං.

දුක්ඛධම්ම සූත්‍රය

187. සාවත්‍ථියං:

187. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, දුක‍්ඛධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, දුක‍්ඛධම‍්මො: රූපං ඛො රාධ, දුක‍්ඛධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං දුක‍්ඛධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, දුක‍්ඛධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් දුක්ඛ ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුඃඛස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාරය … විඥානය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් දුඃඛස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 7.

2. 3. 7.

අනත‍්ත සුත‍්තං.

අනන්ත සූත්‍රය

188. සාවත්‍ථියං:

188. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් යහපතැ යි.

යො ඛො රාධ, අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, අන‍්තතා: රූපං ඛො රාධ, අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ද යත්: රාධය, රූපය අනාත්ම යැ ; එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 8.

2. 3. 8.

අනත‍්තධම‍්ම සුත‍්තං.

අනත්තධම්ම සූත්‍රය

189. සාවත්‍ථියං:

189. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “…: නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවැ”යි.

යො ඛො රාධ, අනත‍්තධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, අනත‍්තධම‍්මො: රූපං ඛො රාධ, අනත‍්තධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, අනත‍්තධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනාත්ම ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්මස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමක් අනාත්ම ස්වභාවය ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 9.

2. 3. 9.

ඛයධම‍්ම සුත‍්තං.

ඛයධම්ම සූත්‍රය

190. සාවත්‍ථියං:

190. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරනසේක්වා”යි.

යො ඛො රාධ, ඛයධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච රාධ, ඛයධම‍්මො: රූපං ඛො රාධ, ඛයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං ඛයධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, ඛයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් ක්‍ෂය වනසුලු ද යත්: රාධය, රූපය ක්‍ෂය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ක්‍ෂය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 10.

2. 3. 10.

වයධම‍්ම සුත‍්තං.

වයධම්ම සූත්‍රය

191. සාවත්‍ථියං:

191. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, වයධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො.

රාධය, යමෙක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.

කො ච රාධ, වයධම‍්මො:

රාධය, කිමෙක් වැය වනසුලු වේ ද යත්:

රූපං ඛො රාධ, වයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං වයධම‍්මො. තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, වයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, රූපය වැය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය වැය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.

2. 3. 11.

2. 3. 11.

සමුදය ධම‍්ම සුත‍්තං.

සමුදයධම්ම සූත්‍රය

192. සාවත්‍ථියං:

192. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච : සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකත් පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.

යො ඛො රාධ, සමුදයධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො.

රාධය, යමක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි.

කො ච රාධ, සමුදයධම‍්මො: රූපං ඛො රාධ, සමුදයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං සමුදයධම‍්මො තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො ඛො රාධ, සමුදයධම‍්මො, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.

රාධය, කිමෙක් හටගන්නාසුලු වේ ද යත්: රාධය, රූපය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.